Monthly Archives: අගෝස්තු 2013
කිරිපිටි බොන්න ඕනමද ?
ෆොන්ටෙරා සමාගමෙන් ගෙන්වන කිරිපිටිවල ඩයිසයනමයිඩ් (dicyanodiamide – ඩයි සයනො ඩයිඒමයිඩ් ) තිබෙනවාලු. ඒ මදිවට බොටුලිනමුත් තිබෙනවාලු. මේ නිසා ආණ්ඩුවේ සම-හරක් සහ වෙනත් සම-හරක්, මෙයට පක්‍ෂව සහ විපක්‍ෂව විවිධාකාර තර්ක ගෙන එනවා. රසායන විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදන්න උදවිය පවා රසායනික විද්‍යාඥයින් වෙලා විවිධාකාර දෑ පත්තරවලත්, බ්ලොග් අවකාශයෙත් ගෙනහැරපාමින් තම තමන්ගේ මතය තහවුරු කරන්න උත්සාහ කරනවා….
මම කිරිපිටි පානය නවත්වලා බොහෝ කල්. මම උදේට පානය කරන්නෙ වතුර වීදුරුවක් පමණයි. ඉන් පසු පළතුරු යුෂ වීදුරුවක්. ඒ මගේ සහ මගේ පවුලේ දින චර්යාව. උදෑසන තේ එකක් නොබිවුවා කියලා දවස කඩා වැටෙන්නෙ නැහැ.. අපි කාගෙවත්….
කිරි බොන්න අවශ්‍යම නම් හරකෙකුගෙන් දොවා ගත් නැවුම් කිරි උණු කරලා බීම තමයි හොඳම – ඒ මගේ මතය. පිටිකිරිවල තිබෙන්නෙ ඇත්තෙන්ම පෝෂණය අඩු, විජලිත කිරි. මේ කිරිවලට විවිධාකාර පෝෂණ ද්‍රව්‍ය එකතු කරන්නේ අගය වැඩි කර ගන්න. සමහර වෙලාවට මේ කිරිපිටි වලට ආගන්තුක ද්‍රව්‍ය එකතු කරනවා. ඒ තමන්ගේ කිරිපිටිවල පෝෂණ ගුණය අනෙක්වාට වඩා ඉහළින් පවත්වා ගන්න. ඩයිසයනමයිඩ් ගැන ඇත්තෙන්ම ලොකු සොයා බැලීමක් මම කළේ නැහැ. මට ඒ ගැන වෙලාව නැති නිසා. අනික ඉතින් මේ ඕනතරම් දේවල් ලියැවිලා තියෙන්නෙ… කෙසේ වුනත් මගේ මතය නම් අපට කිරිපිටි අත්‍යවශ්‍ය නැහැ. එයින් පොකට්ටුවට සහනයක් ලැබෙනවා පමණක් නොවෙයි, අනවශ්‍ය දේවල් ඇඟටත් හිතටත් වැටෙන්නෙ නැහැ.
සතියක් කිරිපිටි නොබී බලන්න…. සතිය අල්ලගෙන යන්න පුළුවන් නම් තවත් සතියක් යන්න… මාසයක් යද්දි වෙනස තේරෙයි… ඒ ඉතිරි කරගන්න මුදලින් දෙහි ගෙඩි ටිකක්, ලෙමන් ගෙඩි ටිකක් ගෙදර අරන් ඇවිත් උදේට මිරිකගෙන බීලා බලන්න… පැපොල් කෑල්ලක යුෂ බිවුවත් කමක් නෑ… සමහරවිට පුරුදු වුනාම හරි යාවි. පුරුදු වීමයි අමාරු….
ඩයිසයනමයිඩ් ගැන මෙන්න මේ ලිපියෙ හොඳින්ම ලියැවිලා තියෙනවා