කිරිපිටි බොන්න ඕනමද ?


කිරි තියෙනවද ?ෆොන්ටෙරා සමාගමෙන් ගෙන්වන කිරිපිටිවල ඩයිසයනමයිඩ් (dicyanodiamide – ඩයි සයනො ඩයිඒමයිඩ් ) තිබෙනවාලු. ඒ මදිවට බොටුලිනමුත් තිබෙනවාලු. මේ නිසා ආණ්ඩුවේ සම-හරක් සහ වෙනත් සම-හරක්, මෙයට පක්‍ෂව සහ විපක්‍ෂව විවිධාකාර තර්ක ගෙන එනවා. රසායන විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදන්න උදවිය පවා රසායනික විද්‍යාඥයින් වෙලා විවිධාකාර දෑ පත්තරවලත්, බ්ලොග් අවකාශයෙත් ගෙනහැරපාමින් තම තමන්ගේ මතය තහවුරු කරන්න උත්සාහ කරනවා….

dicyanodiamide

dicyanodiamide

මම කිරිපිටි පානය නවත්වලා බොහෝ කල්. මම උදේට පානය කරන්නෙ වතුර වීදුරුවක් පමණයි. ඉන් පසු පළතුරු යුෂ වීදුරුවක්. ඒ මගේ සහ මගේ පවුලේ දින චර්යාව. උදෑසන තේ එකක් නොබිවුවා කියලා දවස කඩා වැටෙන්නෙ නැහැ.. අපි කාගෙවත්….

කිරි බොන්න අවශ්‍යම නම් හරකෙකුගෙන් දොවා ගත් නැවුම් කිරි උණු කරලා බීම තමයි හොඳම – ඒ මගේ මතය. පිටිකිරිවල තිබෙන්නෙ ඇත්තෙන්ම පෝෂණය අඩු,  විජලිත කිරි. මේ කිරිවලට විවිධාකාර පෝෂණ ද්‍රව්‍ය එකතු කරන්නේ අගය වැඩි කර ගන්න. සමහර වෙලාවට මේ කිරිපිටි වලට ආගන්තුක ද්‍රව්‍ය එකතු කරනවා. ඒ තමන්ගේ කිරිපිටිවල පෝෂණ ගුණය අනෙක්වාට වඩා ඉහළින් පවත්වා ගන්න. ඩයිසයනමයිඩ් ගැන ඇත්තෙන්ම ලොකු සොයා බැලීමක් මම කළේ නැහැ. මට ඒ ගැන වෙලාව නැති නිසා. අනික ඉතින් මේ ඕනතරම් දේවල් ලියැවිලා තියෙන්නෙ… කෙසේ වුනත් මගේ මතය නම් අපට කිරිපිටි අත්‍යවශ්‍ය නැහැ. එයින් පොකට්ටුවට සහනයක් ලැබෙනවා පමණක් නොවෙයි, අනවශ්‍ය දේවල් ඇඟටත් හිතටත් වැටෙන්නෙ නැහැ.

සතියක් කිරිපිටි නොබී බලන්න…. සතිය අල්ලගෙන යන්න පුළුවන් නම් තවත් සතියක් යන්න… මාසයක් යද්දි වෙනස තේරෙයි… ඒ ඉතිරි කරගන්න මුදලින් දෙහි ගෙඩි ටිකක්, ලෙමන් ගෙඩි ටිකක් ගෙදර අරන් ඇවිත් උදේට මිරිකගෙන බීලා බලන්න… පැපොල් කෑල්ලක යුෂ බිවුවත් කමක් නෑ… සමහරවිට  පුරුදු වුනාම හරි යාවි. පුරුදු වීමයි අමාරු….

ඩයිසයනමයිඩ් ගැන මෙන්න මේ ලිපියෙ හොඳින්ම ලියැවිලා තියෙනවා

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on අගෝස්තු 10, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , . Bookmark the permalink. ප්‍රතිචාර 22.

  1. පොල් කෑල්ලක යුෂ බොන්න කිවුවෙ?

    කැමතියි

  2. කොහෙද ගිහින් හිටියෙ සද්දෙ වහලා පහුගිය දවස්වල?අද දිවයිනේ තියන මනෝජ් අබේදීරගෙ ලිපිය බැලුවද? ජලයේ පී.එච්. අගය ගැන ඒකෙ තියන දේවල් බලලා ලිපියක් ලියන්න කියල ඉල්ලීමක් කරනවා .

    කැමතියි

    • අධික වැඩ… අළුතෙන් රැකියාවක් පටන් ගත්තා….
      මමත් කියෙව්වා මනෝජ් අබේදීරගෙ ලිපිය… පානීය ජලයට පී එච් අගය බලපාන්නෙ නෑ කියලා හොයාගෙන තියෙන්නෙ….
      අපි දැන් වතුර බොන එක නවත්තලා විනාකිරි බොන්න පටන් ගත්ත නං ඉවරයි…
      ඕක ගැන තමයි මම උඩින් ලිවුවෙ… හැමෝම රසායනඥයෝ වෙලා කියලා..
      ඉඩ තියෙන විදියට වතුර ගැනත් ලියන්න හිතාගෙන ඉන්නවා

      කැමතියි

  3. ඔබේ ලිපි බොහෝ දෙනෙකු කියවන්නේ ආසාවෙන්

    කැමතියි

  4. ඇත්ත තමයි ඇල්ගෙ කතාව…එක පරීක්ෂණාගාරයකින් කියනව කිසි ප්‍රශ්නයක් නෑ කියල…තව එකකින් කියනව හපොයි මාරාන්තිකයි කියල…අපි දන්නවද ඔව්වයෙ කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියල?…ලංකාවෙ කරන එව්වත් එකයි නවසීලන්තෙ කරන එව්වත් එකයි. ඔය හැම ප්‍රතිඵලයකටම බලපෑම් කරවල වෙනස් කෙරෙව්වෙ නෑ කියල කියන්න අපිට තියන සහතිකය මොකක්ද?…හොඳම වැඩේ පිටිකිරි නොබී ඉන්න එක තමයි…:)

    කැමතියි

  5. පිටිකිරි නොබී සිටීමෙන් පමණක් නොව දියර කිරි නොබී සිටීමෙන්ද කිසිවකුට යම්, අපහසුවක්, රෝගයක්, ඌනතාවයක් ඇති වී ඇති යැයි කොතනකවත් සඳහන් වී ඇතැයි මම නම් දැක නැහැ. මගේ මතයත් ඒකමයි.

    කැමතියි

  6. අමාරුවෙන් හරි දැන් මේකට පුරුදුවෙන්න වෙලා තමයි හෆ්ෆා ………!

    බොහොම ස්තූතී !

    කැමතියි

  7. ඔබගේ ලිපියේ ඇති ලින්ක් එකට අනුව ඩී.සී.ඩී. කිරිවලට කලවම්කරන බවක් කියයි. මෙය අගක් මුලක් නොදන්නා ප්‍රකාශයකි. ඩී.සී.ඩී. රසායනිකව නයිට්‍රජන් පසෙහි රඳවාගැනීමට එකතුකරන දෙයකි. අපේ රටේ පාවිච්චිකරන යුරියා 70% දියවීගොස් ජලයට එකතුවේ. ජලයේ නයිට්‍රේට් අධිකවීමෙන් ඇතිවන ලෙඩගැන වෙනම කතාකළයුතුය. කෙසේවෙතත් ඩී.සී.ඩී. තන්කොළ හරහා හරකුන්ටත් එතැනින් කිරිවලටත් යැවේ. ඉන්පසු පිටිකිරිවලට එකතුවේ. ලිපිය බහුජාතික සමාගම්වල කුමන්ත්‍රණකාරීත්වය ගැන ලියැවී ඇති බැවින් අනිකුත් කරුණුගැන කියවීම අතහැර දැමූවෙමි. බහුජාතික සමාගම් තම ලාභය වැඩිකරගැනීමට ක්‍රම දෙකක් තිබේ. පාරිභෝජකයින් ප්‍රමාණය වැඩිකරගැනීම සහ ලාභ ප්‍රතිශතය වැඩිකරගැනීම. තේරුමක්නැති වස විෂ දමා පාරිබ්හෝජකයින් මරාදැමීම එයට ප්‍රතිවිරුද්ධයැයි මට සිතේ.

    කැමතියි

    • මේ ගැන මටත් ප්‍රශ්න තිබුණා.
      නමුත්, පසට දමන DCD පසෙන් ශාක වලට උරාගෙන, ඒවා සතුන් අනුභව කර, ජීර්ණය කර, කිරි වලට එකතු වූවා නම්, මේ කියන සාන්‍ද්‍රණය කිරිවල තිබීමට කොපමණ DCD ප්‍රමාණයක් පසට එකතු කළ යුතුද ?
      මේ ප්‍රශ්නය ගැන මටත් හරි පිළිතුරක් ගන්න අමාරු වුනා…
      ඇත්තෙන්ම මට මේ ගැන නිසි ආකාරයෙන් විස්තර සොයා ගැනීමට කාළය මදි. ඒකයි මේ ලිපියේ ලින්ක් එක දැම්මෙ….
      ඔබ කියූ පරිදි ලාභ ලැබීමට කළ හැකි දේ ඒ දෙක තමයි… නමුත්, මෙතැනදී ඒක එහෙමම සිද්ධ වෙලා තියෙනවද ?
      මම මෙතැන බහුජාතික සමාගම් හොඳ හෝ නරක ලෙස මවාපාන්න අදහස් කළේ නැහැ.. මගේ තර්කය වුනේ කිරි බොන්න ඕනමද යන්න විතරයි.
      ස්තුතියි වෙනස් අදහසක් එකතු කළාට… මේ වගේ ප්‍රතිචාර වලින් තමයි සංවාදයක් ගොඩ නැඟෙන්නෙ..

      කැමතියි

      • One word – Biomagnification
        Will write more tomorrow

        කැමතියි

      • DCD ශාකවලට උරා ගන්නවායැයි මා සිතන්නේ නැහැ. සාමන්‍යයෙන් කාබනික අණු ශාකවලට උරා ගන්නේ නැහැ. බොහො විට අකාබනික අණු පමණයි ශාකවලට ඇතුළුවෙන්නේ. මම සිතන විදියට මෙම රසායන ද්‍රව්‍ය නයිට්‍රජන් පසට එකතුකිරීමට යොදනවිට තණකොළ මත මෙන්ම සතුන් බොන වතුරටද එකතුවෙනවා ඇති. එමගින් සතුන්ගේ ශරීරයට ඇතුළුවනවා ඇති.

        දෙවනි කාරනයනම් කෙසේද මෙතරම් ප්‍රමාණයක් කිරිවල අඩංගුවන්නේ කියන එකයි. ආහාර දාමයේ ඉහළට යනවිට ඕනැම රසායනික අපද්‍රව්‍යක එහි ඉහළින් සිටින සතුන්ගේ එකතුවෙනවා. ඒකට කියන්නේ Biomagnification කියායි. හරකුන් ඉතා විශාල ප්‍රමාණයක් තණකොළ අනුභව කරනවා කිරි නිපදවීම සඳහා. ආහාර දාමයේ පහළ ඇති සතුන් සහ ශාක දෙකම නිපදවන ශක්තිය ඉතා අඩුයි. එබැවින් ඉහළින් ඉන්න සතුන් මාංශ බක්ෂිකයින් වෙනවා. ඉහළ ඉන්න සතුන්ද තණකොළ බුදින්නට පටන් ගතහොත් උන් සඳහා තණකොළ නිපදවීමට අවශ්‍ය ඉඩ ප්‍රමාණය ඉතාමත් ඉහළ යනවා.මෙසේ විශාල තණකොළ ප්‍රමාණයක් මත ඇති DCD හරකුන්ගේ ශරීරයේ එකතුවී ඉන් පසු උන්ගේ කිරිවලට යනවා. ඉන් පසු කිරිපිටි නිෂ්පාදනයේදි මෙම ප්‍රමාණය තවදුරටත් සාන්ද්‍රණයෙන් වැඩිවෙනවා (පරිමාව අඩුවන බැවින්).

        කැමතියි

  8. කිරි බීම අදින් වසර දහයකට පෙර අත් හරින ලදී

    කැමතියි

  9. මුදිතගේ දෙවැනි කාරණාව සමග මා එකඟ වන්නේ නෑ…ජීවගත විශාලනය වීමට තරම් ආහාර දාමයේ එකතු වීමක් මෙහිදි සිද්ධ වෙන්නේ නෑ..හරකුන් ප්‍රාථමික භක්ශකයන්.එවිට කෙතරම් තණකොල කෑවත් එහි අඩංගු ඩි.සි.ඩි පමණයි කිරි වලට එකතු වෙන්න පුලුවන්…ලිපියේ දැක්වෙන සාන්ද්‍රණ එකතු වන්න නම් තණකොල ටොන් ගනන් ආහාරයට ගත යුතුයි.මෙහිදි මම තණකොල සියල්ලම කන්නේ හරකුන් යැයි උපකල්පනය කර ඇත.නමුත් වතුරට එකතු වී වෙනත් සතුන් හරහා ආහාර දාම ඔස්සේ ජීවගත විශාලනයක් සිදු වුනි නම් තත්වය වෙනස් වන්නට පුලුවන..කොහොම වුනත් ඩි.සි.ඩි එකතු වී ඇත්නම්, එකතු වුනේ කෙසේද යන්න මටත් ගැටලුවකි

    කැමතියි

    • හිතවත් තුශාන්
      පළමුව මෙම දත්ත ටික සැලකිල්ලට ගන්න

      ලංකාවෙ වැස්සියෙක්ය් කිරි ලිටර් 6 දිනකට නවසීලන්තයේ ලීටර් 17 දිනකට ඊශ්‍රායලයේ ලීටර් 22 දිනකට
      නවසීලන්තයේ වැස්සියෙකු දිනකට තණකොළ කිලොග්‍රම් 17ක් සහ වතුර ලීටර 50ක් පරිභෝජනය කරයි.
      ඩී.සී.ඩී සෙන්ටිග්‍රේඩ් 13දී 2.26% ජලයේ දියවේ.

      දැන් ඔබකිවූ පරිදි තණකොළ ටොන් ගණනක් වැස්සියෙකු වසරකදී කන බව ඔබට තේරෙනවා ඇති. එමන්ම කිරි දියරය පිටිකරන විට පරිමාව අඩුවීම මගීන් තවත් සාන්ද්‍රනය වැඩිවීමක් සිදුවේ.

      මේ සියල්ලටම අමතරව සාන්ද්‍රනය සඳහන් කරන විට විවිධත්වක්ද ඇත. පසෙහි එක ආකරයකටත්, ශරීරයේ තවත් ආකරකයටත්, කිරිපිටිවල තවත් ආකරයකටත් යනාදී වශයෙන්.

      කැමතියි

  10. අප නිවසෙත් සියලු දෙනා හැමදාම උදේට බිව්වේ පිරිසිඳු වතුර වීදුරුවක්.

    වෙලාව තියෙනව නම් කියවල බලන්න.රතු පසට නල ජලය

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: