ජින්ජර් බියර් ගෙදරදීම හදා ගන්නේ මෙහෙමයි…. පොලීසියට අහු වෙන්න එපා…..


පිංවත්නි…

අද මේ වප් පුන් පොහෝදා ඔබ සියළුම දෙනාට වැදගත් වෙන මට අප්‍රමාණ පින් කන්දරාවක් සිදු වෙන කාරණයක් එළි දක්වන්නයි යන්නෙ. මේ ගැම මුලින්ම  බස් රේඩියෝවෙදි කියැවුනත්, මේ පිළිබඳ වඩාත්ම උනන්දු වුනේ බස් එකේ රසික මල්ලි… ඉතිං මේ රෙසිපිය ෆාලෝ කරලා ජින්ජර් බියර් හදාගෙන සෞඛ්‍යාරක්‍ෂිත විදියට මජ්ජපමා දට්ඨානා වෙන්න කියන එක තමයි මේ උතුම් වප් පුන් පෝදා මට කියන්න තියෙන්නෙ.

අවශ්‍ය ද්‍රව්‍ය:

ඉඟුරු ග්‍රෑම් 20 ක් පමණ.

සීනි ග්‍රෑම් 100 ක් පමණ

යීස්ට් ස්වල්පයක්

තරමක විශාල භාජනයක් ( ලොකු බෝතලයක් නම් අගෙයි)

සිදුරු සිහින් රෙද්දක්

පිරිසිදු ජලය

හොඳින් කට තද කළ හැකි බෝතල කිහිපයක්.

සාදන ක්‍රමය:

මුලින්ම ඉඟුරු ග්‍රෑම් 20 හොඳින් තලා තලපයක් සේ සාදා ගන්න.

පෙර කී විශාල භාජනය උණු වතුරෙන් හොඳින් සෝදා තරමක් ජීවාණුහරණය කරගන්න. තරමක විශාල භාජනයට ඉඟුරු දමා ඉන්පසු ජලය මිලි ලීටර 200 ක් පමණ (කෝප්පයකින් එකක්) සීනි ග්‍රෑම් 20 ක් පමණ එකට දමා යීස්ට් ස්වල්පයක් දමන්න.  ඒ භාජනය සිදුරු සිහින් රෙද්දෙන් වසා දින දෙකක් පමණ තබන්න. එසේ වසා තබන්නෙ මැස්සන් බිත්තර දැමීමෙන් වලක්වා ගන්න.. නැතිනම් සමහරවිට දිලීර සහ පණුවො බොන්න පුළුවන් වේවි.

දින දෙකකට පසු සෑම දිනකම මේ ද්‍රාවණයට සීනි ග්‍රෑම් දෙකක් සහ යීස්ට් ස්වල්පයක්  බැගින් එකතු කරමින් යීස්ට් වලට ආහාර දීමේ ක්‍රියාවලිය දින 10 ක් පමණ සිදු කළ යුතුය. මේ කාළය තුළ එම භාජනය තුළ දිලීර (පුස්) සෑදී ඇත්දැයි ප්‍රවේශමෙන් සොයා බැලිය යුතුය. එසේ දිලීර සෑදි ඇත්නම් එය වහාම ඉවත දමා තැවතත් අළුත් ද්‍රාවණයක් සාදා ගත යුතුය. ආර්ද්‍රතාවය සහ උණුසුම වැඩි ඝර්ම කලාපීය රටවල මේ තත්ත්‍වය වැඩි වශයෙන් දැකිය හැකි නිසා මේ පිළිබඳ සුවිශේෂ අවධානයක් යොමු කළ යුතුය.

මෙසේ දින දහයයක් පමණ ආහාර දීමෙන් පසු, අදාල ද්‍රාවණය බෝතල කිහිපයකට පුරවා බෝතලයෙන් 2/3 ක් පමණ වන්නට ජලය පුරවා හොඳින් වසා තබන්න. බෝතලය තුළ යීස්ට් මගින් සීනි ජීර්ණය වීමේදී කාබන් ඩයොක්සයිඩ් සෑදෙන නිසා බෝතලයේ ඇතුලත පීඩනය අධික විය හැකිය. සමහර විට බෝතල් පුපුරා යාමකට ලක් විය හැකි නිසා මේ බෝතල කාඩ් බෝඩ් පෙට්ටියක දමා නිවසෙන් පිටත තැබීම ශරීරයට සහ නිවැසියන්ට හිතකර වීමට පුළුවන. නමුත් සුවඳට සතුන් මේ කරා ඇදෙන්නත් පුළුවන. ඒ ගැනත් පරෙස්සම් වෙන්න.

සතියක් පමණ මෙසේ තැබූ බෝතල්, නොසොල්වා ප්‍රවේශමෙන් විවෘත කළ යුතුය. මේ වන විට බෝතල අධික පීඩනයක් තුළ ඇති නිසා සෝඩා බෝතලයක් විවෘත කළ අවස්ථාවේ මෙන් පෙණ නැගීමක් දැකිය හැකි වනු ඇත. එවිට පිටතට පැමිණෙන පෙණ සහ බෝතලයේ අඩංගු දෑ සියල්ල වෙනත් භාජනයකට දමා ගැනීමෙන් අපතේ යාම වලක්වාගත හැක.
ginger-beer-concentrate-1
ඉන්පසු හොඳ බයිට් එකක් උයාගෙන, හොඳ මිතුරු සමාගමයක් ඇති විටෙක පානය කිරීමෙන් වා පිත් සෙම් ආදී සියල්ල සමනය වී බාර් හිමියාට වැයවන රුපියල් සිය දහස් ගණනක් නිවසේම ඉතිරි කරගෙන සෞඛ්‍යාරක්‍ෂිත ජින්ජර් බියර් පාවිච්චියේ වාසනාව ඔබට ලැබෙනු ඇත…

ඔබ සැමට සුපින්වත් වප් පුන් පෝයක් වේවා !

Advertisements

Posted on ඔක්තෝබර් 18, 2013, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 34.

  1. බොලා කොයි වල යන්ටද මේ තනන්නේ ?

    ( කොයි වල ගියත් තැන්කුයි ඔයාට )

  2. මේකට අර අල ජාතිය දාල රසායනික මෙව්වා එකක් හදා ගන්න බැරි කමක් නැතිව ඇති නේද ?

  3. කෝ පින්වත.. වාඩි උනානං පින් වාක්කිය කියලම පින් දෙන්ට….

  4. මේ කරගත්තා වූ කුසලකර්මයේ ආනුභාවයෙන්, යන එන ගමන බිමන කරන කියන රැකි රක්ෂා කටයුතු ආදිය දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා පතන ගමන්ම, තවද ඔබ නමින් මිය පරලොව ගිය සියලු ඥාති හිතමිත්‍රාදීන්ට ද, උතුම් වූ නිවන් මාර්ගය සාක්සාත් කරගැනීමට මම පින හේතු වාසනා වේවා කියලා සාආආආදු කාරයක් දෙන්න පිංවතුනි…….

  5. ඕක හදල බීල පන්සිල් ගද්දි සුරා මේරය ගාථාව කිව්වට කමක් නැද්ද දන්නෙ නැහැ.

  6. එ් කියන්නෙ සර්, ජින්ජර් බියර් වලත් alcohol තියනවද? :O

  7. ඉඟුරු වෙනුවට වෙනයම් දෙයක් පාවිච්චි කරලා හෝ මේ ක්‍රමේටම වැඩේ කරගත හැකි නේද?

  8. සික් මදැයි..ඇල්ගෙ පූර්විකාවෙ හැටියට මම හිතුවෙ අද මේ වප් පුන් පෝදාම අඩුම වශයෙන් සකෘදාගාමී තත්වෙට වත් පත්වෙන්ට ඇහැක් විදිහෙ ගිලම්පසක් හදාගන්ට උපදෙසක් දෙන්ටයි මේ දත කන්නෙ කියල..කොහෙද ඒකත් තව දවස් දාහතකිං 🙂

  9. සෑර් මේකේ මෙතනෝල් එහෙම හැදන්නෙ නැද්ද සෑර්?
    ඇස් අන්ද කොරගන්න බැහැනේ බොස්.

  10. මරු ඈ ……නිවාඩුවක් ලැබුනම මමත් හදනවා

  11. මෙ කරගත්තාවු කුසල කර්මය හෙතුවෙන් ජතියක් ජරාවක් මරනය ව්‍යාදියක් නැති අමාමහ නිවන් සම්පත්තිය ලැබෙවා කියා සාදුකාරයක් දෙන්න පින්වත

  12. ඕක තව ඩිංගිත්තක් සැරට හදාගන්න බැරිය?

  13. ඉගුරු දැම්මම සැර වැඩි නැද්ද? බොන්න පුලුවන්ද?

  14. කෝ මේකෙ ඉඟුරු දාන්න කියල නෑනෙ. 😀
    ඊස්ට් කියන්නෙත් දිලීරයක් නේද?

  15. ලංකාවේ ජින්ජර් බියර් සාදන රෙසිපිය නම්, ජින්ජර් ගෙන අසිටෝන් වලින් අඹරා, ඇසිටෝන් වාෂ්ප කර ස්පිරිට්ටුව ගනී. එය සැර මදි නිසා මිරිස් වලින් “ඔලියෝ රෙසින්” extract කර අවශ්‍ය පමණට එකතු කරගනී. ඔව්වාට අනං මනං ටිකක් එකතුකර, ගොඩක් වතුර දමා කාබන් ඩයොක්සයිඩ් ගසා බෝතල් කර විකුණයි. අල්කෙමියා හිතන්නේ CO2 ගන්නේ කොහොම කියලද? පෙට්ට්‍රෝලියම් ඉන්ධන දහනය කරලා පිටවෙන කාබන් ඩයොක්සයිඩ් තමා පාවිච්චිය,

  16. ඉගුරු දාලා තේ එකක් බොන එක මීට වඩා හොදයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: