Monthly Archives: මාර්තු 2014
ආශියාන්තරේට මුක්කුද අප්පා උණේ ?
මැලේශීයා ආශියාන්තරේ අන්තරස්දාන වෙලා තවම දවස් ටිකයි නෙ… මමත් මෝඩකමට දැම්මා පොරවල් වලට අභියෝගයක්… කියපල්ලකෝ තියෙන තැන කියලා… කියලා කට ගන්න ලැබුණෙ නෑ ආයිබොවං…. අර ගියපාර 20/20 කුසලානෙ අපි අනිවාර්යයෙන්ම ගන්නවයි කියපු බණ්ඩාර හ්උත්තමයා ටක්කෙටම හරි යන්න කිවුවෙ නැතෑ මෙන්න මෙහෙම…
මේක හරියන්නෙ නැති නිසා මම අපේ රටට නම්බුවක් ලබා දෙන්න කියලා දන්න කියන කීප දෙනෙක්ගෙන් ආශියාන්තරේට වුනේ මුක්කුද අප්පා කියලා හැවුවා….
රනිල් වික්‍රමසිංහ : මේක ඇවිල්ලා මැලේසියානු ආණ්ඩු පක්‍ෂයේ කුමන්ත්‍රණයක්… මේ පාඩු පිට දුවන සුදු අලියෙක් වෙච්චි මැලේසියානු එයාර් සමාගමේ පාඩු පියවගන්න කරන කුමන්ත්‍රණයක්… මොනවා වුනත් මේ පාර අපි ආණ්ඩුව ගෙදර යවන සටන ආරම්භ කරනවා මයි.
ආචාර්ය මර්වින් සිල්වා : ඔන්න මම අද කිවුවයි කියලා හිතා ගන්නවලා… ඕක කරන්න ඇත්තෙ ඔය පෑලියගොඩ ප්‍රාදේශීය සභාවෙ උන් ටික තමයි.. මුං දන්නෙ නෑ ප්‍රභාකරන්ට වුනේ මොකද කියලා…. අපිත් දුටු ගැමුණු පරපුරේ සිල්වලා තමයි… හරිද ?
විමල් වීරවංශ : සහෝදරවරුනි… මේක පැහැදිලිවම බටහිර බලවේගවල කුමන්ත්‍රණයක්… අධිරාජ්‍යවාදී ඇමරිකන් ආණ්ඩුවෙන් හයිජැක් කරලා…. ඔන්න බලන්න… තව ටික දවසකින්… ඡන්දෙ ඉවර වුනාම ඕක එලියට එනවා…
සරත් ෆොන්සේකා : මේක පැහැදිලිවම ආණ්ඩුවෙ වැඩක්… ඒකෙ ඉන්න කළවැද්දෙක් එන්ජිම ඇතුලට රිංගවලා කරපු වැඩක්… ආණ්ඩුවෙන් අපට ගැහුවට මේ යානාව ගැන ප්‍රකාශ නිකුත් කරන එක අපි නවත්වන්නෙ නෑ…
අනුර කුමාර: දැන් බලන්න අම්මෙ තාත්තෙ… මැලේසියානු අහස් යානාව හොයා ගන්න නෑ… මේකෙන් මොකද්ද අපි තේරුම් ගන්න ඕන. ? මේ පවුල් සංස්ථාවයි, රාජපක්‍ෂ ආණ්ඩුවයි එකතු වෙලා.. අහිංසක මැලේසියානු ජනතාවට යන්න තිබුණ ප්ලේන් එකත් අතුරුදහන් කරලා…. ඉතිං කොහොමද දුප්පත් මිනිහෙක් ප්ලේන් එකක යන්නෙ ?
සජිත් ප්‍රේමදාස : හිතවතුනි… ඔන්න බලන්න….. අද මත්තල ගුවන් තොටුපල තිබුණට…. නැති වෙච්ච ප්ලේන් එකක්වත් බාන්නෙ නෑ….. ඕක තමයි ආසියාවෙ ආශ්චර්යය….
දයාසිරි ජයසේකර : අද ඔය ප්ලේන් එක තිබුණ නං…. හම්බන්තොට වරායට ගොඩ බාන්නෙ කොහොමද ? ඒකෙ ගලක් තියෙනවා… (කවුදෝ යමක් රහසින් කිවුවා…) මම කියන්නේ….. අන්න ඒ ගල උඩට තමයි ගොඩ බාන්නෙ… ඒකයි මහින්ද චින්තනයේ ආශ්චර්යය… (හරි නේද ?)
කෙහෙළිය රඹුක්වැල්ල : මම හිතන්නෙ නං ඔය ප්ලේන් එකේ නියමුවාට නින්ද ගිහින් හීනෙන් ඇවිදගෙන ඇවිත් දොරත් ඇරගෙන පැනලා… ආයෙම මිනිහා උඩට යනකල් ප්ලේන් එක අහසෙ එකතැන නැවතිලා තියෙන්නෙ… ඒකනෙ රේඩාර් එකත් නැවතිලා තියෙන්නෙ….
රෝහිත රාජපක්‍ෂ : අපි යවපු සැටලයිට් එක ආධාරයෙන් ඕක හොයා ගන්න එක බොහොම සුළු දෙයක්…. වැඩේ තියෙන්නෙ ඒ සැටලයිට් එක තියෙන තැන අපි දන්නෙත් නැති එකයි…
පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා : ඔය ප්ලේන් එක ඇත්තටම ප්ලේන් එක විසින්ම පුපුරවාගෙන ඇති බවට සාධක අපට ලැබී තියෙනවා…. (මාධ්‍ය වේදියෙක් : එතකොට කෑල්ලක්වත් නැත්තෙ ?) ආ… ඒ පුපුරවා ගැනීමත් සමඟම ප්ලේන් එක මුහුදට පැනලා ඕස්ට්‍රේලියාව දෙසට පීනලා තියෙනවා… දැන් ඒක ෆිජී දූපත අසල නැංගුරම් දාලයි තියෙන්නෙ….
ආසනික් ආචාර්ය නලින් සිල්වා : මේ දවස්වල අපේ නාථ දෙයියො ජිනීවා වලට වැඩලා නිසා මුකුත් කියන්න අමාරුයි… සියළුම සම්‍යහ්දෘෂ්ඨික දෙවිවරු මේ දවස්වල ඉන්නෙ ජිනීවා වල… ඒ නිසා ඒ අයට මේ ගැන කියලා හොයන්න ටිකක් අමාරු වෙයි…
ජනාධිපතිතුමා…: බං… පොඩ්ඩක් කට වහලා හිටු… විසි නව වෙනිදට පස්සෙ ඕක මත්තල තියේවි හොඳේ… මේ ජිනීවා ඡන්දෙ ඉවර වෙනකල්… ජාත්‍යන්තර අවධානෙ පොඩ්ඩක් වෙන පැත්තකට යොමු කරන්න තියෙන අවස්ථාව කන්න හදන්න එපා හොඳේ…. (හා හා…. තව කොළ අතු ටිකක් කඩලා දාලා ඕක වහලා දානවා…. කැලේ පැත්තට කාටවත් යන්න දෙන්න එපා… මල්ලිට කියනවා ආරක්‍ෂාව හොඳට දෙන්න කියලා)
ඔන්න ඔහොමලු ඒකත් වුනේ….
ලෝකප්‍රසිද්ධ පොරක් වීමට මෙන්න මහඟු අවස්ථාවක්
මලයාසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඇඩ්‍රස් නැතිව අතුරුදහන් වී ඇති බව ලෝකයේ බොහෝ දෙනා දන්නා කරුණක්. ලෝකප්‍රසිද්ධ නිරීක්‍ෂණ ආයතන, රහස් ඔත්තු සේවා, නාවික හමුදා ආදී සියල්ල එකතු වී මේ ගුවන් යානය සොයන බවත් ප්‍රසිද්ධ කරුණක්.
අපේ රටෙත් ඉන්න ප්‍රසිද්ධ කට්ටියට ප්‍රසිද්ධ වෙනවා නම් ඔන්න ලෝක වීරයෙක් වෙන්න අවස්ථාවක්….
නාථ දෙයියොන්ගෙ බලෙන් ආසනික් හොයා ගන්න දෙවිවරුන්ට
බලං හිටියා වගේ සිදු විච්ච සිදුවීම් කියන ජෝතිෂ්‍ය කාරයින්ට
මාස හයෙන් සෝවාන් ඩිප්ලෝමා එක ගනිපු, අවුරුදු හයෙන් රහත් කරන සමන්තභද්‍රට
රත්තරං පොරවගෙන ඉන්න ගලේ දේවාලෙ කපුවට
රජතුමාගෙ දෛවඥ සුමනදාස අබේ ගූ උණ වර්ධනට
පලාත් සභා මන්ත්‍රී රත්තරං කපුවට
වෙන ඕනම පුද්ගලයෙකුට
ලෝක ප්‍රසිද්ධ පොරක් වෙන්න මෙන්න අවස්ථාව…
මලයාසියානු ප්ලේන් එක දැන් ඇති GPS ඛණ්ඩාංක කියලා පොරක් වෙන්න
පලි. A4 කොළවල ඛණ්ඩාංක ලියා පෙන්වීම තහනම්… (දන්නෝ දනිති)