Daily Archives: මාර්තු 11, 2014

ලෝකප්‍රසිද්ධ පොරක් වීමට මෙන්න මහඟු අවස්ථාවක්


malaysia-planeමලයාසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඇඩ්‍රස් නැතිව අතුරුදහන් වී ඇති බව ලෝකයේ බොහෝ දෙනා දන්නා කරුණක්. ලෝකප්‍රසිද්ධ නිරීක්‍ෂණ ආයතන, රහස් ඔත්තු සේවා, නාවික හමුදා ආදී සියල්ල එකතු වී මේ ගුවන් යානය සොයන බවත් ප්‍රසිද්ධ කරුණක්.
අපේ රටෙත් ඉන්න ප්‍රසිද්ධ කට්ටියට ප්‍රසිද්ධ වෙනවා නම් ඔන්න ලෝක වීරයෙක් වෙන්න අවස්ථාවක්….
නාථ දෙයියොන්ගෙ බලෙන් ආසනික් හොයා ගන්න දෙවිවරුන්ට
බලං හිටියා වගේ සිදු විච්ච සිදුවීම් කියන ජෝතිෂ්‍ය කාරයින්ට
මාස හයෙන් සෝවාන් ඩිප්ලෝමා එක ගනිපු, අවුරුදු හයෙන් රහත් කරන සමන්තභද්‍රට
රත්තරං පොරවගෙන ඉන්න ගලේ දේවාලෙ කපුවට
රජතුමාගෙ දෛවඥ සුමනදාස අබේ ගූ උණ වර්ධනට
පලාත් සභා මන්ත්‍රී රත්තරං කපුවට
වෙන ඕනම පුද්ගලයෙකුට
ලෝක ප්‍රසිද්ධ පොරක් වෙන්න මෙන්න අවස්ථාව…

මලයාසියානු ප්ලේන් එක දැන් ඇති GPS ඛණ්ඩාංක කියලා පොරක් වෙන්න

පලි. A4 කොළවල ඛණ්ඩාංක ලියා පෙන්වීම තහනම්… (දන්නෝ දනිති)

%d bloggers like this: