ලෝකප්‍රසිද්ධ පොරක් වීමට මෙන්න මහඟු අවස්ථාවක්


malaysia-planeමලයාසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඇඩ්‍රස් නැතිව අතුරුදහන් වී ඇති බව ලෝකයේ බොහෝ දෙනා දන්නා කරුණක්. ලෝකප්‍රසිද්ධ නිරීක්‍ෂණ ආයතන, රහස් ඔත්තු සේවා, නාවික හමුදා ආදී සියල්ල එකතු වී මේ ගුවන් යානය සොයන බවත් ප්‍රසිද්ධ කරුණක්.
අපේ රටෙත් ඉන්න ප්‍රසිද්ධ කට්ටියට ප්‍රසිද්ධ වෙනවා නම් ඔන්න ලෝක වීරයෙක් වෙන්න අවස්ථාවක්….
නාථ දෙයියොන්ගෙ බලෙන් ආසනික් හොයා ගන්න දෙවිවරුන්ට
බලං හිටියා වගේ සිදු විච්ච සිදුවීම් කියන ජෝතිෂ්‍ය කාරයින්ට
මාස හයෙන් සෝවාන් ඩිප්ලෝමා එක ගනිපු, අවුරුදු හයෙන් රහත් කරන සමන්තභද්‍රට
රත්තරං පොරවගෙන ඉන්න ගලේ දේවාලෙ කපුවට
රජතුමාගෙ දෛවඥ සුමනදාස අබේ ගූ උණ වර්ධනට
පලාත් සභා මන්ත්‍රී රත්තරං කපුවට
වෙන ඕනම පුද්ගලයෙකුට
ලෝක ප්‍රසිද්ධ පොරක් වෙන්න මෙන්න අවස්ථාව…

මලයාසියානු ප්ලේන් එක දැන් ඇති GPS ඛණ්ඩාංක කියලා පොරක් වෙන්න

පලි. A4 කොළවල ඛණ්ඩාංක ලියා පෙන්වීම තහනම්… (දන්නෝ දනිති)

Advertisements

Posted on මාර්තු 11, 2014, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 10.

  1. රාත්‍රී 9 පසුව , සුදු සරමක් “පමණක්” හැඳ , වෙල් එළියකට ගොස්, කතා නොකර , බටහිර දෙසට මුහුණලා හිඳ, ඇඳ සිටි සරම ගලවා හිසේ බැඳගෙන , විදුලි පන්දමක් දල්වා ,නැවී , දෙපා අතරින් නැගෙනහිර දෙස බැලූ කල ගුවන් යානය දිස්වේ…..අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. (බුකියේ දැම්මේ නෑ . හරි නැනේ.)

  2. හෙහ් හෙහ් අන්න කරනවනම් වැඩ… කවුද මන්ද ඩයල් එකක් MH370.com කියන ඩොමේන් එක අරගෙන දැන් විකුනන්න දාල ඩොලර් 5000ක ට… නියම බිස්නස් කාරයෝ…

  3. A4 GPS පාවිච්චි කරන්න බැරිනං ඔට්ටු නෑ
    මොකද අපේ රටෙන් බිහිවෙච්චි ඒ තරම් දියුනු තාක්ශනයක් අපිට පාවිච්චි කරන්න බැරිනං තේරුමක් නෑනෙ

  4. ඒක හොයන එක අපේ පොලීසියට භාර දීලලු..

  5. මෙ දවස්වල සැටලයිට් ප්‍රශ්නයක් හින්ද ඔයගොල්ලංගෙ සිග්නල් රටෙං පිටට යන්නෙ නෑලු.

    ප්ලේන් එක හොයන් ඉස්සෙල්ල A4 අයිය හොයන්න වෙනව. මිනිහත් අතුරුදං. 😀

  6. අපේ පොලිසියට දුන්න නම් උපරිම දවසයි ඕක හොයන්න යන්නේ.

  7. හිටපු ගමන් මතුවෙලා දවස්ගානක් කල්පනා කරන්න යොමු කළා. දැනට ඇවිත් තියන කොමෙන්ටුත් ඒ වාගේමයි

  8. කලකට පස්සේ වෙලකට බැහැල තියෙන්නෙ.කීප දෙනෙක්ව මගහැරිල නේද? කතරගම දෙයියො එනව කියපු හාදයා එහෙම.

  9. අපේ සෙට් එක එකතුවෙලා ෆ්ලයිට් එක හොයලා දුන්නාට පස්සේ ඒලියන්ත වයිට් ඉස්පැස්ලිස්ට් තුමා යනවාලු අමාරු අයට බෙහෙත් කරන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: