කැසිනෝ එපා…. නෑ යකෝ… කැසිනෝ ඕන…


රතන උන්නාන්සේ විරුද්දව ඡන්දය දුන්නේ කැසිනෝ අනිත් එවුන්ට නරක නිසා නොව උන්නාන්සෙට ගහන්න යන්න බැරි වුන නිසා යැයි මගේ ඔලමොට්ටල හිතට ආපු මහා අසමජ්ජාති අසික්කිත මූලධර්මවාදී අසෝභන අවලං සිතුවිල්ලත් එක්කම අාපු යටිබඩේ කැසිල්ලත් එක්ක අපට ඇත්තටම කැසිනෝ ඕන දැයි මට සිතෙන්නට පටන් ගත්තේය….

ඇත්තටම අපට කැසිනෝ එපා ය. ඕනය. කැසිනෝ එපා කියන සත්ගුණවත්, දානපති, ශීලවන්ත, චරිතවත්, අවංක, ගුණගරුක, මහත්තැන්ලාගේ ඇනලිසිස් එක වන්නේ කැසිනෝ ආපසු අපේ ධර්මද්වීපයේ ගණිකා වෘත්තිය සහ දුරාචාර වැඩි වෙන බවය….

large

යකඩෝ… මේක එහෙමත් එකක්ද ?

දවසකට ගබ්සා 800 ක් වෙන කොළඹ රටේ.

දවසකට ළමා අපචාර 5 කට වඩා වෙන මේ රටේ

ගණිකාවන් 40,000 ක් දිනපතා සේවයේ යෙදෙන මේ රටේ

දවසකට AIDS ආසාදිතයන් තුන්දෙනා බැගින් වැඩි වෙන මේ රටේ

දවසකට ස්ත්‍රී දූෂණ 10 ක් පමණ වෙන මේ රටේ

කැසිනෝ තුන හතරක් දැම්මාම ගණිකාවො 8,000 ක් වැඩි වුනා කියලා… මේ රට ධර්මද්වීපයක් වෙනවද යකෝ ?

කැසිනෝ ගහන්න යන්නේ කවුද ?

මෙන්න උදාහරණයක්….. මෙන්න මෙහෙමයි කැසිනෝ නිසා අපරාධ වැඩි වෙන්නෙ……

queen-casino2හරමානිස් කළේ පයිලට් රස්සාව…. සාමාන්‍යයෙන් රුපියල් ලක්‍ෂයක් විතර දවසකට හම්බකරගෙන, ගමේම ගලායන  ඕගැනික් දොලපාරෙන් නාලා…. කෙන්ජියා ගහන සෙන්ට් බෝතලෙන් බාගයක් හලාගෙන… ඔන්න උගේ අළුත්ම බෙන්ස් එකෙන් යනවා කැසිනෝ ගහන්න… එතැනදි හම්බ වෙනවා මරදන්කඩවල පැත්තෙන් ගෙනැල්ලා බාපු  ඉංගිරිස් කතා කරන අඟල් හයේ සායක් ඇඟ ලාපු විස්කි වගේ දහ අටේ ඉටිකිරිස් කෑල්ලක්…. ඉතිං යකෝ කාටද උදේ බීපු වැල්පෙනෙල කොක්ටේල් එකේ පවර් එක නොදැනෙන්නෙ ? ඒ ඉටිකිරිස් කෙල්ල හරමානිසාට අළුත්ම Blue Label එකක් කඩලා වීදුරුවකට අයිස් ටිකක් දාලා දෙන ගමන් අහනවා…

casino_novo

What’s youuuuuur Naime darling කියලා…

හරමානිසත් නිකං ඇරියෙ නෑ,..

My naime eeees,… Hermainis….

Wow,.. dat’s a niiiiice naime…..

යකඩෝ හරමානිසා බස බස ගාලා කඩ්ඩ දානවා…. ආශ්චර්යය ළමයෝ…. ආශ්චර්යය…. ගමට ඉංගිරිසි ගිය එකේ රඟ දැන් පේනවා නේද ?

ඔන්න ඔහොම පස්වෙනි සිල්පදේ කඩපු හර්මේනීස් ගෙන් අර ඉටිකිරිස් කෑල්ල මෙහෙම අහනවා..

Are you marrieeeeed ?

හැට පැනලා හොට බිම ඇණුනත් හර්මේනිස් ඉතිං පුරුස ධෛර්යය ඇති කොල්ලා නිසාත්,….. සාමාන්‍යයෙන් පයිලට් රස්සාව කරන අතරේ නවරත්න මුද්දයි අඟල් බාගෙ රත්තරං චේන් එකයි නොදාන නිසාම හර්මේනිස් පේන්නෙත් බැචුලර් කෙනෙක් වගේ…

No darling,…. who gets married these days ?

අම්මට සිරි… ඉංගිරිසි බඩයනවා….

ඔන්න හතරවෙනි සිලපදෙත් කඩපු හර්මේනිස්ගෙ තුන්වෙනි එක කැඩෙන්නෙ කැසිනෝ එකේ කාමරේකදි…. වැල්පෙනෙල වල ෆිට් එක දැනෙන්නෙ ඔය වෙලාවට…. එක පාරක් නෙවෙයි… දෙතුන් පාරක්ම කැඩුනා….

දැං ඉතිං හර්මේනිස්ට මේ දහ අටේ ඉටිකිරිස් කෑල්ල අයිති කරගන්නමයි හිත…. සල්ලි ටිකක් එහෙන් මෙහෙන් විසි කරලා.. හර්මේනිස් මේ කෙල්ලව පන්නගෙන ගෙදර යන්න හදන්නෙ දෙවනි සිල්පදෙත් කඩාගෙන….

ඔය යන අතරේ තමයි හෝටලේ බවුන්සරයා මේක දකින්නෙ…. ඒක දැකපු බවුන්සරයා කෙල්ල බේර ගන්න පනිනකොටම හර්මේනිස් ළඟ හිටපු එකෙක්ගෙ සෙල්ලම් පිස්තෝලෙ අරන් නිකං උළුක්කු කළේ සෙල්ලමට වගේ…

කරුමෙට බ්‍රේක් නෑ කිවුවා වගේ ඒ වෙලාවෙ එතැනින් වැඩ ඇරිලා ගෙදර යන අහිංසක කාර්යාල සේවකයෙකුගෙ ඔළුවටම ඒ සෙල්ලම් පිස්තෝලෙ පත්තු වෙන්නෙ හර්මේනිස්ගෙ කරුමෙටද නැත්තං අර අහිංසකයාගෙ කරුමෙටද කියලා දැනගන්න ලැබුණෙ නෑ… පස්පවු පහම කැඩුනා….

ඔන්න නඩු දවස ආවා…. හේමන්ත වර්ණකුලසූරිය මහත්තයා හර්මේනිස් වෙනුවෙන් පෙනී හිටිය නිසා බේරුණා… නඩුවෙ තීන්දුව වුනේ…

අවේලාවේ මේ රජයේ සේවකයා තමන්ට නුසුදුසු නොගැලපෙන ස්ථානයක් වූ ධනකුවේරයින් ගැවසෙන මේ හෝටලය ඉදිරියෙන් ගමන් කළ අවස්ථාවේ එතැන සිදු වූ සෙල්ලම් වෙඩි තැබීමකින් මිය ගිය නිසා…. ඒ අවස්ථාවේ නුසුදුසු තැනක සිටි මේ රජයේ සේවකයා වරදකරු බවත්, මේ නඩුව නිසා හර්මේනිස් මහතාට සිදු වූ චරිත හානියට වන්දි ගෙවීම පිණිස මේ මියගිය රජයේ සේවකයාගේ සේවක අර්ථසාධක අරමුදලෙන් 95% ක මුදලක් යොදා ගන්නා ලෙසත්… මේ අධිකරණය ඉදිරියේ දැනුම් දෙනු ලබන වගයි….

ඉතිං යකෝ….. මේ කැසිනෝ එක නිසා, හතර පෝයට සිල් ගනිපු හරමානිසා නිකං පවු කාරයෙක් වුනා නේද ? හේමන්ත වර්ණකුලසූරිය මහත්තයා නොහිටින්න හරමානිසා වැලිකඩ කූරු ගණන් කරනවා…

ඉතිං තවත් අහනවද කැසිනෝ ඕනද කියලා ?

 

Advertisements

Posted on අප්‍රේල් 28, 2014, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 11.

  1. කැසිනෝ ඕනෑ යකෝ… කව්ද එපා කියන්නේ?

  2. අපිට නම් කැසිනෝ එපා මේ කියන විදියට ඉටිකිරිස් කෑලි විතරක් මොකටද ඔන්න එහෙම පිටින්ම ඉටිකිරිස්ලා හිටියා නම් අපි එපා කියයි කැසිනෝ… පුහ්

  3. දැනටත් ත්‍රීවිල් රියදුරන් පවා යනව කැසිනෝ……
    මම ලංකාවට ගිය වෙලාවක චිත්‍රපට කැමරා ශිල්පියෙක් දිවිය ලෝකෙ ගිහිල්ල කියල මගදී මුන ගැසුන තවත් කැමරා ශිල්පියකු ගෙන් දැනගන්න ලැබුන…..ඔහු මිය ගිය අයගෙ මස්සිනා.මම අවමංගල කටයුතු සදහා යොදා ගන්න කියා යම් මුදලක් ඔහුට දුන්න සවස මම එන බව පොරොන්දු වෙලා.
    දැන් බයිස්කෝප් කරනව අඩු නිසා ඔහු පරණ තුං රෝද රියක් පදවනව ජිවත් වෙන්න.
    අවමගුල් නිවසට ගිය වෙලාවෙ මිය ගිය අයගෙ බිරිදට කිව්ව මල්ලිට මම මුදල් වගයක් දුන්න ඒකෙන් අඩුපාඩු සරි කරගන්න කියල…..
    ඇය කිව්වෙ ඒව ලැබෙන එක බොරු කතාවක් ….දැනටම කැසිනෝ එකට පුදල ඇති කියල….
    දැනටත් එහමයි ඇබ්බැහි වීම…….
    හෙක්…හෙක්….. කෙන්ජියගේ සෙන්ට්…. 🙂

  4. අනේ ආයිබොවන්ඩ, මට නම් ඔය ලබ්බ තිබ්බත් එකයි. නොතිබ්බත් එකයි. මම දන්න කැසිනෝ. අම්මාපල්ල මම ජිල්බෝල හැර වෙන මොන මල දානයක්වත් දන්නෙ නැහැනෙ. කරුමේ… කරුමේ… අනික කීපදෙනෙක්ගේ බඩසාගින්දර නිවන්න තියන නිසා අතේ මිටේ හිඟයි නොවැ. ලස්සයක් කජු කොස් ඇට..දෑ.. හැබෑට. ඉටිකිරිස් මොකට ද ආයිබොවන් ලාම්පු, ඉටිපන්දම් නිව්වාම ඔක්කොම එකයි නොවැ. ලයිට් වලට කොහොම ඇති ද නේහ්…
    මගේ මතය නම් ඔය කැසිනෝ දැනටත් මේකෙ තියනවා. ඕම ටිකක් පිළිවෙළට තිබ්බ නම් හොදයි. මොකෑ අපිට ඕවට යන්න ඇහැකියැ….. ඔන්න ඔහේ තිබ්බදෙන්…….

  5. මේ රට[ ]මෙතන අ යන්නක් අඩුද?? 🙂 ධර්මද්වීපයක් වෙනවද යකෝ ?

  6. කැසිනෝ එකකට යන්න ලේසී පුතයෙකුට බෑ. මේ පෙන්නන්නේ ඒකේ ඉරිසියාව. හාන්දුරුගොල්ලෝ නම් විරුද්ධ වෙන එක සාධාරනයි. ජෙප්පොත් ඕ කේ කියමුකෝ. ඒත් මේ යූ ඇන් පී එකේ උන්. මට පුකෙන් හිනා ගියාද, අධෝවාතයක් ගියාද කියන එකත් ෂුවර් නෑ මයෙ දෙයියෝ..

  7. පිස්සු ඩබල්වුනා බන් මේක කියවලා. නියම උපහාසාත්මක ලිපියක්. ටොප්.

  8. කැසිනෝ එක සම්බන්ධ ආර්ථික ගැටළුවක් තියෙනවා.කැසිනෝ දැම්මට පස්සේ ඒකට ඒකට පිටරට එකාලා එනවනේ.එතකොට ඒ අය ගේන සල්ලිවලට බාධක අයින් කරන්න වෙනවා.එතකොට අපි ඔය කියන ස්විස් බැංකුවල තියෙනවා කියන කලු සල්ලි විතරක් නෙවෙයි එල්ටීටීඊ,අල් කයිඩාවල වුනත් සල්ලි මේ කැසිනෝ මාර්ගයෙන් ලංකාවට ගේන්න පුළුවන් වෙනවා.

  9. එළ කිරි ටිකට ලියලා තියෙනවා. ඇල්කෙමියෝ මමත් බ්ලොගක් ලියනව ගිහින් බලමුද? (http://elapataha.blogspot.com/)

  1. පින්ග්කිරීම: කැසිනෝ එපා…. නෑ යකෝ… කැසිනෝ ඕන… | සතුටු වැස්ස බ්ලොග් කියවනය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: