බලන් කඩතුරා හැර දෑසේ…. කාබන් ඩයොක්සයිඩ් ශ්‍රී මහා බෝධියට අකැප නම්, කළුතර බෝධියයි බෙල්ලන්විල බෝධියයි පවතින්නෙ කොහොමද ?


පණ්ඩිත් අමරදේවත්, ටී එම් ජයරත්න මහතාත්, මහින්දයේ නැටුම් ගුරුවරයා වුන ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ මහතාත් තුන් දෙනා ඒ කාලෙ බොහොම හොඳ යාළුවො… දවසක් තුන්දෙනා කතරගම ගියේ ඒ යාළුකමට වුනත්, අලවත්තගේ මහත්තයා හීනියට පොඩ්ඩක් දාගෙන තමයි ඉඳලා තියෙන්නෙ… ඒ කාලෙ දැන් වගේ කතරගම දෙයියොන්ගෙ පිහිට පතන්න අසූහාරදාහක් සෙනඟ නොහිටිය නිසාම ඒ තුන්දෙනා කතරගම දේවාලෙ ඇතුලෙ හොඳට වාඩි වෙලා කතා කර කර උන්නලු…

කතරගම දෙයියො ආවරණය කරලා තිබුණ තිරය එකපාරටම සුළඟට සෙලවෙන්න ගනිත්දි, ටී එම් ජයරත්න මහත්මයා කිවුවලු, අන්න කතරගම දෙයියෝ අලවත්ත මහත්තයා බීපු නිසාද කොහෙද බලනවා කියලා… එතකොට තමයි අලවත්ත මහත්තයා කියලා තියෙන්නේ…. ඔය කඩතුරාව නෙවෙයි හැරලා බලන්න ඕන… දෑස වසාගෙන තියෙන කඩතුරාව කියලා…

ඒ අනුව තමයි අලවත්ත මහත්තයා මෙන්න මේ ගීය ලියලා ටී එම් ජයරත්න මහත්තයාට දීලා තියෙන්නෙ…

මිනිසා මේ ලොව බිහි වූ දා පටන්ම නොදන්න දේවල්, අමුතු දේවල් කෙරෙහි දැක්වූයේ ගෞරවයක්. ඉරට – හඳට පොළවට මිනිස්සු වැන්දෙ බයට.. ගින්දර දේවත්වයේ ලා සැලකූවේ උණුසුම දෙන නිසාම නොවෙයි…. තේරුම් ගන්න බැරි වුන නිසා…. විශාල රූස්ස ගස්වලට මිනිස්සු වෘක්‍ෂ දේවතාවො කියලා වැන්දෙ, මිනිස්සුන්ට ඒකෙන් සෙවණ, ආහාර ලැබුණ නිසාම පමණක් නොවෙයි… ඒ ගස්වල මහා බල පරාක්‍රමය මිනිස්සු දෑහින් දැකලා දරා ගන්න බැරි වුන නිසා… මේ නිසාම මිනිස්සු එක එක දේවල් දේවත්වයෙන් සැලකුවා… තමන්ට තේරුම් ගන්න හැකි- නොහැකි ආකාරය අනුව…

මේ දේවල් පාරම්පරිකව අතීතයේ සිට වර්තමානය දෙසට ඇදී ආවා.. විවිධ ස්ථානවල දේවස්ථාන පිහිටවුනා… විවිධාකාර අන්දමින්… දැනුත් සිදු වෙනවා.. තව අවුරුදු 50 කින් විතර බැලුවොත් බුදු හාමුදුරුවො වැඩ සිටියෙ ඉන්දියාවෙ නෙවෙයි… පන්නිපිටියෙ දෙවුරම් වෙහෙරේ කියලා කියවුනොත් පුදුම වෙන්න දෙයක් නැතිවෙයි… පසුගිය දවසක දෙව්රම් වෙහෙරෙ රාවණා රජ්ජුරුවොන්ටත් පූජා සිද්ද වුනා….  මහා පෙරහැරකුත් තිබුණා.. ඉස්සරහට තව තව දේ වේවි.. එදාට දෙව්රම් වෙහෙරේ බෝධීන් වහන්සෙට රාවණා රජතුමා එනවා කියලා කිවුවොත් ඒකත් පිරී ඉතිරිලා යාවි…. VVIP කට්ටියත් එනවා… දෙව්රම් වෙහෙරේ අංගම් පොර බලන්න…. සල්ලි වල බලේ…. මීට අවුරුදු 20 කට පෙර ඔතැන තිබුණෙ තනිකර කුඹුරක්… පායන කාලෙ අපි නාන්න ගියේ එතැනට…

කතරගම දෙයියන්ගෙ උපන් දිනේ සැමරුවලු… හැපි බර්ත් ඩේ කිවුවා…. ලක්‍ෂ දෙකක් විතර ගියාලු… සෙලිබ්‍රේෂන් එකටත්… ඒ වුනාට එක්කෙනකුටවත් අතට අත දීලා විශ් කරන්න බැරි වුනේ හදිසි ආරාධනාවකට කතරගම දෙයියෝ කොල්ලුපිටියෙ පැත්තෙ ගිහින් හිටිය නිසාලු…

දැන් ලංකාවෙ හිට්ම ටෙලි නාට්ටිය අත්තම්මා ලු… ඒකෙ තියෙන යන්ත්‍ර මන්ත්‍ර ගැන දැක්කාම අනේ අපි විද්‍යාව ඉගෙන ගන්නෙ මොකටද කියලා හිතෙනවා… ඇත්තෙන්ම උසස් පෙළ විෂය නිර්දේශයට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැනත් වෙනම විෂයක් දාන්න වෙයි…. ලොක්කත් ඉතිං සුරේ අල්ලෙ තියාගෙනම නෙ ඉන්නෙ… තුන්සිය හැටපස් දවසෙම…. තව මොනවද ?

කොහොමත් සාමාන්‍ය මිනිස්සු දැන් දැන් අභූත දේවල් විශ්වාස කරනවා වැඩියි… වෙන එකක් තියා මට අද අපේ මැනේජර් කෙනෙක් ෆොටෝ වගයක් පෙන්නුවා…  එළි වගයක් තියෙනවා කියලා… බැලුවාම කැමරාවෙ ලෙන්ස් එකේ දූවිලි වගේ… එහෙමත් නැතිනම් මිරර් එකේ දූවිලි…. මම ඉතිං කැමරාවෙ ඒ ඒ එළි තියෙන තැන් වල දුර ඇනලයිස් කරලා පෙන්නුවෙ ඒ හැම එලි දෙකක් අතරම දුර එක හා සමානයි කියලා… පස්සෙ තමයි කිවුවෙ කැමරාව සුද්ද කරන්න දුන්නා කියලා…

කතරගම විශ්‍රාම ශාලාවක ලොකු බූරු පිටියක් පවත්වාගෙන ගිහින් පොලීසියට අහු වෙලා…. ඔය සූදු කාරයොන්ට ඔච්චර අනුහස් තියෙන කතරගම දෙයියො දඬුවම් දෙන්නෙ නැද්ද ?

බුද්ධාගම දර්ශනයක් විදියට මම දකින දැක්ම ගැන මගේ හිතේ  කිසිම අවිශ්වාසයක් නෑ….

ශ්‍රී මහා බෝධීන් වහන්සේට වාහන දුම වදින නිසා අච්චර ශ්‍රද්ධාවෙන් මර්වින් සිල්වා මැතිතුමා කරවපු රථගාල අයින් කරලා…. නමුත් ඔය තර්කයම වෙන තැනකට ගෙනාවොත්, වාහන සිය දහස් ගණනක් දවසකට මාරුවෙන තැනක අච්චර පාර අයිනෙම වැඩ සිටින කළුතර බෝධීන් වහන්සෙයි බෙල්ලන්විල බෝධීන් වහන්සෙයි කොළ පැහැති අතු රිකිළි දාගෙන හොඳින් වැඩෙන්නෙ මොන ආශ්චර්යයක බලයෙන්ද ? මම නම් හිතන්නෙ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දිරාපත් වීමට හේතුව රජරට ඇති පාරිසරික සාධක කියලයි…

අපේ උපාසකම්මලා ඉහින් කණින් හති දාගෙන පැන් කළ හතක් වඩම්මවලා බෝධීන් වහන්සේලා ස්නානය කරවන  පැන් අහල පහල කානුවකට හෝ වැවකට යන්න සලස්වලා තියෙනවා කියලා දන්නෙ කීයෙන් කී දෙනාද ? මේ ආකාරයට බෝධිය නාවන නෑවිල්ලට උන්වහන්සෙට ජල සන්නිය හැදිලා ඉතිරි වුනොත් ඇති. මොර සූරන වැස්සෙත් කල හතක් ම නාවනවා. භක්තිය කියන්නෙ එකක්…. අන්ධ භක්තිය කියන්නෙ තව එකක්…. ඒ වගේම මේ ආගමික සංහිඳියාව පවතින මේ අවධියෙ පැන් කියලා මොන වහක් බෝධීන් වහන්සෙට දාන්න බැරිද ? ඒ නිසාම තමයි මේ ආරක්‍ෂක උපක්‍රමය අරගෙන තිබෙන්නෙ. ගමේ බෝධීන් වහන්සෙට ඔය ප්‍රශ්න නැති නිසා තමයි නාවන පැන් සියල්ල බෝධි ඝරය තුළට එකතු වෙන්නෙ.

රජරට, අනුරාධපුර පැත්තෙ ආසනික් සහිත ජලය නිසා වකුගඩු රෝගය ඇති වෙනවලු….  ඉතින් බෝධීන් වහන්සේටත් පූජා කෙරෙන්නේ ඒ ටැප් වලින්ම එන ආසනික් සහිත ජලයමද කියලා කවුද දන්නෙ ?

ගෝඩ් නාථ ම තමයි…..

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on මැයි 21, 2014, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , . Bookmark the permalink. ප්‍රතිචාර 18.

  1. //ඒ අනුව තමයි අලවත්ත මහත්තයා මෙන්න මේ ගීය ලියලා ටී එම් ජයරත්න මහත්තයාට දීලා තියෙන්නෙ…//

    මේක අමු බොරුවක්… ඉන්ග්‍රීසි සින්දුවක පූර්ණ අනුවාදයක් තමා ඔය සින්දුව….

    කැමතියි

    • ඒක මම දන්නෙ නෑ…. නමුත් අලවත්ත සර්ම තමයි මේ කතාව අපට කිවුවෙ….
      ඉංගිරිසි සින්දුවෙ ලින්කුවක් තියෙනවද ?

      කැමතියි

      • සමාවෙන්න මේකෙ ඔරිජිනල්ම සෝර්ස් එක තාගෝර්ගෙ පොයම් එකක්….. අලවත්ත සර් නම් නීල බොරුකාරයෙක්….
        Leave this chanting and singing and telling of beads!
        Whom dost thou worship in this lonely dark corner of a temple with doors all shut?
        Open thine eyes and see thy God is not before thee!

        He is there where the tiller is tilling the hard ground
        and where the pathmaker is breaking stones.
        He is with them in sun and in shower,
        and his garment is covered with dust.
        Put off thy holy mantle and even like him come down on the dusty soil!

        Deliverance?
        Where is this deliverance to be found?
        Our master himself has joyfully taken upon him the bonds of creation;
        he is bound with us all for ever.

        Come out of thy meditations and leave aside thy flowers and incense!
        What harm is there if thy clothes become tattered and stained?
        Meet him and stand by him in toil and in sweat of thy brow.

        කැමතියි

      • අඩේ… අපේ අලවත්ත සර් තාගෝර්ගෙ ගෝලයෙක් ද?
        දන්න විදියට නං සර්ට එච්චර ඉංගිරිසි බෑ … මේ වගෙ කවියක් පරිවර්තනය කරන්න නං කොහොමටවත් බෑ

        කැමතියි

  2. //ඒ අනුව තමයි අලවත්ත මහත්තයා මෙන්න මේ ගීය ලියලා ටී එම් ජයරත්න මහත්තයාට දීලා තියෙන්නෙ…//

    The lyrics was based on Rabindranath Tagore’s poem….

    කැමතියි

  3. අහේතු කාලෙට කජ්ජේ එන පුහුලන්

    කැමතියි

  4. මම මුලින්ම හිතාගෙන හිටියේ, අවුරුදු 30ක් ඉලාස්ටික් වෙච්ච සිවිල් යුද්ධය නිසා ගරා වැටුන මිනිස්සුන්ගේ ආත්ම ශක්තිය නිසා මේ වගේ මිථ්‍යා දෘෂ්ටික දේවල් වලට සමාජය නැඹුරු උනාය කියලා යුද්ධ සමයෙදි. මොකද ඒ දවස් වල උදේ ඉස්කොලෙ ගිය දුවා දරුවා, රැකියාවට ගිය සැමියා හෝ බිරින්දෑ, හවසට ගෙදර එන එක ගැන කිසිම විශ්වාසයක් තිබුනේ නෑනේ…නමුත් සිවිල් යුද්ධය අවසන් වෙලා අවුරුදු 5ක් ගිහින් අද බැලුවම තිබුනාටත් වඩා මල කෝලම් වැඩිවෙලා…
    මහරගම නගරයේ විතරක් හූනියම්, තොවිල්, ඇපනූල් ආදී මෙකී නොකී හැම කෝලමකටම අවශ්‍ය දේවල් විකුනන පොඩි පොඩි කඩ කෑලි වැහි වැහලා…
    කිව්වත් වගේ ඒ ආත්තම්මා කියන ටෙලිනලුව මොන මලදානෙකට පෙන්නනවාද කියන එක මටනම් තේරෙන්නේ නෑ…මේ ලඟදි දවසක කිතුල්ගල සයිට් එකකට ගිහින් එනකොට ආප්පයක් කන්න කියලා නැවත්තුව පොඩි කඩේක,,,,, ඕක යනවා TV එකේ…ඒක ෆැමිලි බිස්නස් එකක්…අම්මයි තාත්තයි දුවයි පුතයි කඩයක්..පොඩි ඈයෝ දෙන්නා මෙලෝ සිහියක් නැතුව බලනවා ආත්තම්මා..එදා තමයි මම ඉස්සරවෙලාම දැක්කේ ඕක…අර ගෑනි මතුරන මැතිරිල්ල දැකලා මම මුදලලිට කිව්වා මේවා පොඩි ඈයෝට පෙන්නන එක හොඳ නෑ නේද කියලා…ඔරවලා බැලුවා නේද මුදලාලි හාමිනේ..
    ඉතින් කොහොමද ඇල්කෙමිස්ට් කඩතුරා හරින්නේ…

    කැමතියි

  5. //මම නම් හිතන්නෙ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දිරාපත් වීමට හේතුව රජරට ඇති පාරිසරික සාධක කියලයි//

    මම හිතන්නෙ වයස නිසා වෙන්නැති. කලුතර ශාඛාව ඒ පරණ එකමමද කියල ෂුවර්ම නෑනෙ අනික!

    ඔය ශ්‍රද්ධාව ගැන මටත් හරියට දුක සහ කලකිරෙන දෙයක් දැක්ක ලඟදි. ඇත්තටම අපි ( පොදුවෙ ආසියාවෙ බොහෝ රටවල් ) යන්නෙ ආපස්සට නේද කියල හිතෙනව සමහර දේ දැක්කම.

    කැමතියි

  6. ඕක බෝ කොළයක් අරන් කරන බැරිද? පුළුවන්නම් මට ඇහැකි උදව් කරන්න. පොත්තක් ගන්න එක නම් අමාරුවෙයි.

    කැමතියි

  7. හබෑටම මටත් ඔය ධාතු ගැන නම් ඇලාට හිතිච්ච දේ කරන්න බැරිද / ඇයි නොකරන්නේ කියල ප්‍රශ්ණයක් තියනව. සමහර විට කවුරුවත් ප්‍රසිද්ධියේ ඒ ගැන අදහස් පලනොකරන්නෙ තවමත් සමාජයේ ප්‍රතිචාරය මොකක් වෙයිද කියල සැකය නිසා වෙන්න ඇති. මොකක් උනත් ආයෙ මළාට ඒක වෙන්නෙ නම් නෑ. හදිස්සියෙවත් ඒක වැරදියි කියල ඔප්පු උනොත් ආයෙ මෙතන ලංකාවක් කියල එකක් ඉතුරුවෙන එකකුත් නෑ.

    කැමතියි

  8. ඇාගෙ කටේ මසුරන් දාන්න වටිනව…

    කැමතියි

  9. සර්ධාවෙන්ලු අයියේ ප්‍රඥාව එන්නේ.. ඒ කියන්නේ කාලයක් තිස්සේ සර්ධාවෙන් හිටියම එක දවසක් උදේ පාන්දර නැගිටිනකොට ප්‍රඥාව ඇවිල්ල තියෙනවලු… ඉතින් ඔය සර්ධාව රැක ගන්න නේ මේ ඔක්කොම කරන්නේ… බැරිවෙලා හරි දත වැරදි දතක් කියල ඔප්පු උනොත් සර්ධාව නැති වෙනවා ඒ කියන්නේ කවදා හරි උදේ නැගිටිනකොට ප්‍රඥාව එන්නේ නෑ. ඒ කියන්නේ ලංකාවේ ප්‍රඥාවන්තයෝ බිහිවෙන්නේ නෑ.. ඒ නිසා දත ඔහේ තිබිච්ච දෙන්. ඔය සර්ධාවෙන් ප්‍රඥාව පහලවෙනකම් 33 කෝටියක් ඉන්නවනේ අපිව බලා ගන්න.. ඉතින් තව මොකට වොරි වෙනවද… 😀

    කැමතියි

  10. //උසස් පෙළ විෂය නිර්දේශයට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැනත් වෙනම විෂයක් දාන්න වෙයි// ඉතාම වැදගත් යෝජනාවක් !

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: