අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී…. හිඟා කෑම බැරි වුන තැන ලගී ගයා මර ගී….


මගේ ඇල්කෙමියාගේ රසායනාගාරය බ්ලොගයෙ මුලින්ම ලියවුන ලිපිය වුනේ “අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී” කියන ලිපියයි. එතැනින් මා අදහස් කළේ කිසියම් ජාතියක ප්‍රගමණය සඳහා අත්‍යවශ්‍ය වන සාධකය වන නව නිපැයුම් කෙරේ අවධානය යොමු කරන්නට…. මගේ ජීවිතයම බැඳිලා තියෙන්නෙ ලෝකයට යමක් අළුතෙන් එකතු කිරීම හා සම්බන්ධව…  ලංකාවට ආවට පස්සෙ ලැබුණ රැකියාවත් පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳව නිසා මගේ හීනය ඒ තරම්ම බිඳ වැටුනෙ නෑ…. ඒ අතරවාරයෙදි මගේ පැරණි සම්බන්ධකම් නිසාම රජයේ ආයතන කිහිපයක පැවැතුන වැදගත් සාකච්ඡා කිහිපයකටත් දායක වෙන්න ලැබුණා…

දේශපාලනයට මම කැමති නැත්තෙ එතැනට යන අය මෙන්ම එතැනට ගියාම ඔවුනට ඇතිවන මුග්ධ භාවය නිසා…. එතැනට යනකොටම ඔවුන්ගෙ මොළය ගලවලා දාලා ගොම එකතු කරන නිසා එතැනින් වැදගත් යමක් සිදු වෙනවා කියලා හිතන්න අමාරුයි. නමුත් මේ මෝඩ හැත්ත අතරෙ යම් පමණකට හෝ මගේ ගරුත්වයක් තිබුණ එක මිනිහෙක් ඔය අතරෙ හිටියා… ඒ තමයි විදුලි ඉංජිනේරු පාඨලී චම්පික රණවක…. මොරටුවෙ විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධියක් ගනිපු මේ මනුස්සයා යමක් කමක් දන්නා ගරු කළ හැකි පුද්ගලයෙක්.. දේශපාලනිකව මොන මතිමතාන්තර තිබුණත් අවංකව වැඩක් කරන්න හදන පුද්ගලයෙක් විදියටයි මම ඔහු දකින්නෙ.

මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස් මහත්මයාගෙ ආරාධනාවක් අනුවයි මම ජාතික විද්‍යා පදනමට මේ සාකච්ඡාව සඳහා යන්නෙ…  ඊයේ තිබුණෙ මධ්‍යම ආදායම් උගුලෙන් ගොඩ එන්නෙ කොහොමද කියන කතිකාවත….. එතැන හිටපු රුපියල් අස්සෙ මම අළුක්කාලක්… නමුත් දන්නා අඳුනන මුහුණු ටිකක් හිටපු නිසාම ඔවුන් අතරෙ මමත් අසුන් ගත්තා… එතකොටම තමයි රූපවාහිනී මාධ්‍යවලින් එතැනට ඇවිත් පෝඩියම් එකේ මයික්  ගහන්න ගත්තෙ… එතැන හිටපු විද්වතෙක් කිවුවෙ ඔය ඇමතිතුමා කියන කතාවක මොකක් හරි කෑල්ලක් අහුලගෙන යන්න හදන කට්ටිය කියලා එතකොටම තමයි ඇමතිතුමා සම්ප්‍රාප්ත වුනේ… මෙන්න අර විද්වත්තු ඔක්කෝම දඩිබිඩි ගාලා නැගිටින්න ගත්තා…. අනේ අපේ මොළ ටිකට ගිය කළක්….. මාන්නයට නෙවෙයි… මම ඔය වගේ සීන් වලට කැමති නෑ… මමත් යංතං පුක උස්සලා ආයෙම වාඩි වෙලා හිටියා….

නමුත් මනුස්සයා කියපු කතාවල සෑහෙන ඇත්තක් තිබුණා… අපි සංදර්ශනාත්මක, විනෝදාස්වාදය මුල්කොට ගත් ආයෝජන අඩු කරලා, විද්‍යාව සහ තාක්‍ෂණය පෙරදැරි කර ගත් ආර්ථික ක්‍රමයකට යාමේ අවශ්‍යතාවය ඔහු පෙන්වා දුන්නා… ඇත්තෙන්ම එතැන හිටපු හැමෝම බොහොම උගත්, ඇසූ පිරූ ඇති අය… ආචාර්ය ලලිත සිරි ගුණරුවන් බොහොම ගුණදායක දේශනයක් සිංහලෙන් කළා… මහචාර්ය එස් එස් කොළඹගේ විසින් විද්‍යාව හා තාක්‍ෂණය නිසා රටට ඇතිකර ගත හැකි සංවර්ධනය ගැන අපූරු විග්‍රහයක් කළා.. ඇමතිතුමාත් ඉතාම නිවැරදි සංඛ්‍යා ලේඛණ පාවිච්චි කරලා තැනට සුදුසු කතාවක් කළා…. ඒ වගේම එතැබ හිටපු විද්වතුන්ට කතා කරන්නට ඉඩ හැරලා තමන්ට හැකි දේ පමණක් කිවුවා…

ඒ වුනාට  පස්සෙන්දා සිරසෙන් කිවුවෙ නං ආණ්ඩුවේම ඉඳගෙන ඇමතිතුමා ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත විවේචනය කඑනවා කියලා… එතැන සාකච්ඡා වුන කිසිම හොඳ දෙයක් නොදාපු මාධ්‍යය ඒ විනාඩියේ කියපු දෑ කිහිප වතාවක් ප්‍රචාරය කළා… මුංගෙ අම්මගෙ මාධ්‍ය තමයි මේ…

පැනල් එක

පැනල් එක

කාලෙකට පස්සෙ බොහොම පළදායක දෙයක් කතා වුන තැනක්… මේ සියල්ල එක දිනකින් අවසන් වේවිද කියන පැණයත් හැමෝම ඇහුවෙ ඇමතිතුමාගෙන්… එතුමා නං කිවුවෙ මේ කතිකාවත තවත් ඉදිරියට ගෙන යන බවක්…

නමුත් අළුත් කැබිනට් සංශෝධනයෙන් පස්සෙ විද්‍යාව හා තාක්‍ෂණ ඇමති ධුරයට මොළය කළඳක් නැති කඳ බඩ විතරක් ඇති කෙනෙක් පත් වු‍නොත් ඉතිං අයියෝ සල්ලි තමයි…

එතකොට ඉතිං විදුලි බලයට වෙච්චි වින්නැහියම විද්‍යාව හා තාක්‍ෂණයටත් වේවි….. විද්‍යාව හා තාක්‍ෂණයට අබ සරණයි !

Advertisements

Posted on ජූලි 31, 2014, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 9.

  1. උගත් මිනිහට මේ රටේ තැනක් නෑ.. ඒකමයි මේ පැත්තෙවත් එන්න එපාය කිව්වේ. පස්සෙ වෙලාවක බැරිය රට හදන්න.. ඊට කලින් කාළා ඇඳලා ඉන්න එපාය.. වැඩක් කරන්න පුළුවන් මිනිහට වැඩක් කරන්න දෙන්නේ නෑ.. මමත් හිතුවා චම්පිකලා දෙයක් කරයි කියලා.. ඒත් අන්තීමට ගොම්මන්පිලලා, මධුමාදවලා වගේ ජෝකර්ලා ටිකක් හදලා තියෙනවා.. එච්චරයි..

    • රාජ්‍ය අංශය ගැන නම් කියලා වැඩක් නෑ… උගත්තු පුටු රත් කරනවා… එතැන ඇවිත් හිටිය සෙට් එකත් 100 % කාර්යක්‍ෂම නෑ…
      නමුත් පෞද්ගලික අංශයෙ නම් තවම එහෙම නෑ… වලියක් දාගෙන හරි තමන්ට අවශ්‍ය විදියට වැඩේ කර ගන්න පුළුවන්….
      මම නම් අඩුම ගානෙ සතියකට එක වලියක් හරි දානවා… දාලා වැඩේ කරනවා… හැබැයි මම වලි දාන්නෙ මගේ පෞද්ගලික යහපත වෙනුවෙන් නෙවෙයි… ආයතනය හදන්න…. බලමු කොච්චර කලක් මෙහෙම යන්න පුළුවන් වෙයිද කියලා..
      මොන අංශයෙ වුනත් හැමෝම ගහන්නෙ තමන් Survive වෙන ගේමක්…. ආණ්ඩුවෙ හිටියත් විපක්‍ෂෙය හිටියත් පෞද්ගලික අංශයෙ හෝ රාජ්‍ය අංශයෙ කියලා වෙනසක් නෑ…
      The name of the game is Survival of the Fittest !

  2. සරීරෙන් ගත්තමනං ඉතිං බොලා අළුක්කාලක් වෙන්ට ඇති.. ඒත් අනිත් දේවල් අතින් ගත්තම එහෙමම කියන්ට බැහැ නෙව…

    මං දන්න එකක් තියෙනවා ඇලයියේ.. සමහර විට උඹලට මේක දිරවන්නේ නැති වෙන්න පුළුවන්.. ඒත් මගේ අදහසනං ලංකාවට මෙහෙම වෙලා උනේ නූගතුන්ගේ වරදවල්වලින් නෙවෙයි.. උගතුන්ගේ වරදවල් හින්දමයි… උගතුන්ගේ ආත්මාර්තකාමී වැඩ හින්දා කිසිම තැනක කිසිම දෙයක් නියම පීල්ලේ යවන්න බැරිව යාමේ කරුමේ තමා අපි විඳින්නේ… උවමනාව තියෙන උගතුන් පිරිසක් මේ රටේ හිටියනං.. රාජ්‍යපාලනයේ මුල් පුටුවල මොන විදියේ හරක් හිටියත් ඒ අයගේ ඇස් කන් වහලා හරි රටට හරියන වැඩ ටිකක් කරන්න පුළුවන්. ඒත් උගතුනුත් අර හරක්ටම එකතු වෙලා තමන්ගේ පුටුවයි රැක්මයි ගැන බැලීම හින්දා තමා මේකට කෙලවෙලා තියෙන්නේ… නූගතුන් දහසකට එකතු වෙලා කරන්න පුළුවන් දේට වඩා හානියක් එක උගතෙකුට මේ රටේ කරන්න පුළුවන් සහ. කරලා තියෙනවා…

  3. මීඩියා කාරයෝ ආවොත් විනාසේ. උන් කවද්ද හොඳ දෙයක් ගැන දැම්මෙ.

  4. කොච්චර වැදගත් දේවල් කතා උනත් කවුරු හරි එකෙක් ඔලුව කසනවා දැක්කොත් මීඩියා වාර්තා කරන්නෙ කියපු කිසිම දෙයක් ගැන නෙමෙයි අහවලාගේ ඔලුවේ අං එයි කියලා.මොකද මිඩියා වලට ඕනි අදහස් ප්‍රකාශ කිරීම නෙමෙයි අදහස් මාර්කට් කිරීම.මේ වගේ තත්වයක් යටතේ ජනමාධ්‍ය වලින් විස්තර දැනගන්නවට වැඩිය හොදයි රෙදි ටිකක් අරන් පොදු ලිඳකට යනවා.

  5. මා පසුවූ අවුරුදු 23නම වෘතිමය වශයෙන් ගතකලේ ඒකාධිපති සුල්තාන්වරයෙක් පාලනය කරන ඕමාන් රාජ්‍යයේ. නමුත් ඔහු දුෂ්ථ එකාධිපතියෙක් නොවෙයි. හොඳ ඉදිරිදැක්මක් ඇති තම රටට භක්තියෙන් පාලනයක් ගෙනියන ඒකාධිපතියෙක් හැටියටයි මම දකින්නේ. එම රට ගොඩනැගීමේ කර්තව්‍යයේ විශාල වගකීම සම්භාරයකට ඉදිරිපෙල සහයෝගයක් දීමට ලැබුන අවස්ථාව මා නොපිරිහෙලා ඉටුකලා, මොල‍යට ගොමපුරවා නොගෙන. එයට දිරියක් උනේ, සුල්ථාන් වරයාගේ ඉදිරිදැක්ම පස් අවුරුදු සැලසුම් ලෙස වරින් වර වෙනස්කම් වලට භාජනයවෙමින් ක්‍රියාවේ යෙදීමයි.
    එයින් ලද පන්නරයෙන්, අද මා නැවත ලංකාවට පැමිනීමෙන් පසු ලද මහඟු අවස්ථාවක් නිසා රටේ ඉදිරි අනාගතය හැඩගැස්විය හැකි සංවර්ධන යෝජනා ක්‍රම වලට උපදෙස් දීමෙන් සහයෝගය දක්වනවා.
    ඇලා කියන ආකාරයේ නිලධාරීන් මුලින් මාව ප්‍රතික්ෂේප කලත්, මාගේ පන්නරය ඔවුන්ගේ මතිමතාන්තර වෙනස් කිරීමටත්, නව ක්‍රියා පටිපාටියන්ට අනුව දේවල් කිරීමට පෙළඹවීමටත් සමත් උනා.
    මා පළමුවෙන්ම ඔවුනට දුන් අවවාදයනම් මා තුලින් ඔවුන්ව දකින්න උනන්දු වෙන්න යන්නත් සහ මා පිටරැටියෙකු ලෙස නොදකින්න යන්නත්.
    කවුරුන් හෝ මෙය කල යුතුයි. කවුරුන් හෝ මෙය ආරම්භ කල යුතුයි.
    ඇලා ඔබට ජය..සටන දිගටම ගෙනයන්න. අප ජීවත්වන්නේ උගත් සමාජ‍යක බව ඔබටම තේරේවි…

  6. //අපි සංදර්ශනාත්මක, විනෝදාස්වාදය මුල්කොට ගත් ආයෝජන අඩු කරලා, විද්‍යාව සහ තාක්‍ෂණය පෙරදැරි කර ගත් ආර්ථික ක්‍රමයකට යාමේ අවශ්‍යතාවය ඔහු පෙන්වා දුන්නා… //

    එහි ඇති වැරැද්ද කුමක්දැයි හැඳිනගන්නට බැරි වීම තමයි දුප්පත් රටවල් දුප්පත් විදියට ලගින්නේ සහ සංවර්ධනය වෙන රටවල් හැමදාම සංවර්ධනය වෙන රටවල් ලෙසට ලගින්නේ.

    රටක් දියුණු කළ යුත්තේ කුමන අංශයකින්දැයි දන්න විද්වතුන් සිටිනවා යැයි විශ්වාසය සහ ඊට සියළු ජනතාවගේ වෙහෙසෙන් උපයන මුදල් ආයෝජනය කිරීම ප්‍රශංසාවට පත්වීම. මෙම හැදියාවෙන් යාන්තමෙන් අයින් වෙද්දී පවා රටවල් හි ආර්ථිකයන් දියුණු වෙන බව ඉතිහාසය යළි යළිත් ඔප්පු කර ඇතත් ඒ ගැන අවබෝධයට උගතුන් කියාගත් අයත් කිසිම උත්සාහයක් නොගැනීම නොදියුණු රටවල හා හැමදාම සංවර්ධනය වෙන රටවල මහත් ඛේදවාචකයයි.

    • අනෙ අරුණී, ඔයාගෙ රට දියුනු වීමට වහල් ශ්‍රමය මෙන්ම, අධිරාජ්යවාදය පවා බලපෑවා (එකෙන් කියන්නෙ නෑ ඒවා විතරයි බලපෑවෙ කියලා).

      ඔයා ඔයාගෙ රට ගැන ආඩම්බර වෙන්න, හැබැයි නොදියුනු රට වලට කොචොක් දාන්න එන්න එපා ඔබෙ රටෙ වැරදි අමතක කරලා.

  7. බලන් කඩතුරා හැර දෑසේ යි පවසන්නට අවසර දෙන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: