ලැම්බෝගිනි සහ සංචාරකයින් මත යැපෙන ආර්ථිකය යහපත් එකක් වීමට නම් හෙවත්…. Sigiriya You Rock !


පසුගිය සතියක පළවුන ලිපියක් ආශ්‍රයෙන් බොහෝ දෙනෙක් විවිධ මත පළ කරලා තිබුණා. ඒ අතරේ ඉස්සර විදුසරේ වීරයෝ වෙලා හිටපු නාලක ගුණවර්ධන, චානුක වත්තෙගම දෙපළත්, ආර්ථික විද්‍යාව ගැන බොහෝ මත පළ කරන අරුණි ශපිරෝ අක්කත් මූලිකව සිටියා… මේ අතරෙයි චම්පික රණවක මහතා බලය සහ බලය පොත එළි දක්වන්නෙ. මට ඒ පොත කියවන්නට නොහැකි වුනත්, ඒ පොතට ප්‍රතිචාරයක් ලෙස පළකළ චානුකගෙ ‘ලැම්බෝගිනි ආර්ථිකය’ සැබෑ ආර්ථිකයක් නොවන්නේ නම් ඒ ඇයි? – Is Lambogini economy not real? ලිපිය නම් කියවන්න අවස්ථාවක් ලැබුණෙ මට පියෙකු මෙන් සැලකූ මහාචාර්ය විලියම් රැම්බින් සමඟ ලංකාවේ සමහර වැදගත් ස්ථාන කිහිපයක සංචාරය කරන අතරතුරේ දීයි.

මම රසායන විද්‍යාඥයෙක් මිස ආර්ථික විද්‍යාඥයෙක් නෙවෙයි. නමුත් රසායන විද්‍යාව හෝ කර්මාන්ත ආශ්‍රයෙන් රටට යමක් සිදු විය යුතුය කියන ස්ථාවරයේ තදින්ම එල්බගත් මිනිහෙක් තමයි මම. මේ ලිපිය චානුකගෙ ලිපියට පිළිතුරක් නම් නොවෙයි. නමුත් අපි බොහෝ දෙනෙකු ඉන්න සංචාරක බුබුලේ ඇත්ත තත්ත්‍වය දැක්වෙන ලිපියක් වෙයි කියලයි මම හිතන්නෙ. මේ ලිපියට පාදක වෙන්නෙ මම පසුගියදා මගේ මහාචාර්යවරයා සමඟ ලංකාවේ ඓතිහාසික ස්ථාන නරඹන්නට ගිය ගමන….. සංචාරක ක්‍ෂෙත්‍රයේ ඇති අපමණක් අඩුපාඩු  පමණක් නොවෙයි ඒ අඩුපාඩු හදාගන්නත් මේ ලිපිය කාට හෝ උපකාරයක් වේවි යැයි මම විශ්වාස කරනවා… නැතිනම් රෑ නිදි මරාගෙන මේ ලිපිය ලියන්න මට අමාරුවක් නෑ…

අපි මුලින්ම ගියේ දඹුල්ලේ ලෙන් විහාර නරඹන්නට. දඹුලු ලෙන් විහාර කියන්නෙ ලෝකයාගෙම අවධානය දිනා ගනිපු, සංචාරක පොත්පත්වල හොඳින් විස්තර ලියැවුන තැනක්. සංචාරකයෝ බොහෝ දෙනෙක් මඟපෙන්වන්නන් සමඟ පැමිණියත්, තවත් සමහරුන් පැමිණෙන්නෙ එක්කෝ තනියම, එසේත් නැතිනම් දන්නා හඳුනන ශ්‍රී ලාංකිකයින් සමඟ. දඹුලු ලෙන් විහාරවලට ඇතුළු වීමේ විදෙස් සංචාරක ප්‍රවේශ පත්‍රයක්  රුපියල් 1500 ක්, නමුත් එතැන රුපියල් 1500 කට සරිලන්න සේවයක් ලැබුණ බවක් නම් පෙනෙන්න තිබුණෙ නැහැ. මුල්ම අඩුපාඩුව තමයි ප්‍රවේශපත්‍ර නිකුත් කරන ස්ථානය තිබෙන්නෙ ගොඩනැගිල්ලෙ පිටුපසට වීම… එය ඉදිරියක තිබුණා නම් එතැනින් ප්‍රවේශපත්‍ර ලබා ගන්න එන අයට කීප දෙනෙකුගෙන් අහන්න අවශ්‍ය වෙන්නෙ නෑ… දඹුල්ලෙ ගමන ගැන නම් ඒ තරම් කියන්න අඩුපාඩුවක් නැහැ.

නමුත් සීගිරියෙ සංචාරකයින්ට සිදු වුන අපහසුතා එමටයි… මුලින්ම ප්‍රවේශපත්‍ර ලබා ගන්න තියෙන්නෙ ඇතුළුවීමේ දොරටුවෙන් මීටර දෙසීයක් පමණ ඈතට – විරුද්ධ පසට වෙන්න… ඇයි මේ ඇතුළුවීමේ දොරටුව අසළම ප්‍රවේශපත්‍ර කවුළුවක් තනන්න අපහසු ? ඒ වගේමයි දේශීය සංචාරයකයින්ට වාහන ගාල් කරන්න තැනක් නැති ලු. එතැන හිටපු ආරක්‍ෂක නිලධාරියෙකු තමයි ඒ කතාව කිවුවෙ… විදේශීය සංචාරක ටිකට්පතක් රුපියල් 3000 ක් විතර වෙනවා.. ටිකට් නිකුත් කරන ස්ථානයේ අපූරු දැන්වීමක් අලවා තිබුණා.. එතැන සිටි සංචාරකයින් කිහිප දෙනෙකුම ඒ දැන්වීම කියවා බොහොම වික්‍ෂිප්ත භාවයට පත් වුනා.

949

මොන භාෂාවක්ද ? මොන විදියට කියලා තියෙනද කියලා හිතා ගන්න අමාරුයි. දහස් ගණනක් විදේශ සංචාරකයින් එන තැනක ලියපු දැන්වීක වගකීම් සහිත භාවය තමයි මේ.

ටිකට් පත් ගැනීම නිසා සීගිරියේ විදේශ සංචාරකයින් ගෙන එන වාහන ගාල් කිරීමේ ස්ථානයේ වාහනය නැවැත්වීමට පහසුකම ලැබුණා. නමුත් එතැන තියෙන්නෙ රථ ගාලක් නොවෙයි… එතැන විවිධ ස්ථානවල ගස් අස්සෙ ඉඩක් තියෙන තැනක වාහනය ගාල් කරනවා.. දැඩි තදබදයක් මැදින් සීගිරි බිතුසිතුවම් නරඹා සිංහ පාදය අසළටත් අපි තමන් කළා.

_MG_0378

මේ මහාචාර්ය විලියම් රැම්බින්

_MG_0342

උඩට යන්න පෝලිම

_MG_0351

සීගිරි සුකුමාලියෝ

_MG_0354

_MG_0362

ඉන්පසුව අපි ගියේ අනුරාධපුරයට… බලන්න දේ එමටයි… ජේතවන කෞතුකාගාරයේ ඇති දෑ විශ්මය ජනකයි… එතැන හිටපු අයගෙ වැඩ නම් අපිලිවෙලයි…. සංචාරයකින්  එතැන වූ රූපවාහිනියේ ජේතවනය පිළිබඳ වාරතා වැඩසටහන නරඹත්දී එතැන සේවයට හිටපු කිහිප දෙනෙක් මහ හයියෙන් කතාව… අන්තිමට එතැන හිටපු සංචාරකයෝ නැගිටලා ගියේ අප්‍රසාදය පළ කරමින්… සෙනඟ ගැවසෙන තැනක එසේ වාර්තා වැඩසටහන පෙන්වීමට ඉඩ වෙන් නොකර එය වෙනම කාමරයක සිදු කළා නම් එවැනි බාධා ඇති වන්නෙ නැහැ.

ලංකාවෙ සංචාරක කර්මාන්තය සහ සංචාරකයින්ට පහසුකම් සැලසීම අනිවාර්යයෙන්ම මීට වඩා කිහිප ගුණයකින් ගුණාත්මකව වැඩි දියුණු කළ යුතුයි. ඒ ඒ ස්ථානවල සේවය කරන්නවුන්ට මනා ඉංග්‍රීසි දැනුමක්, ආචාර ධර්ම ආදිය ඉගැන්විය යුතුයි. එවිටයි ආගන්තුක සත්කාරය සහ පාරිභෝගික සේවය පිළිබඳ සංචාරකයින්ගෙ සිත් තුළ යහපත් ආකල්පයක් ඇති වන්නෙ.

එසේ නැතිනම් අපි සංචාරකයෝ එනවා කියා උන් ඇවිත් වියදම් කරලා යනවා කියලා උඩ බලාගෙන සිටියොත් සංචාරකයින් නැවත පැමිණීම (Tourist Returns) අවම වෙන්න පටන් ගන්නවා.. වරක් පැමිණි කෙනෙකු නැවතත් එතැනට එන්නෙ හොඳ සැලකීමක් තිබුණොත් විතරයි.

නමුත් තුන්මුල්ල හන්දියේ ඇති ලක්සලේ නම් ඉතාම විශිෂ්ඨ සේවයක් සිදු කළා… එතැන හිටපු බොහෝ දෙනෙක් චතුරව ඉංග්‍රීසි කතා කළ හැකි තරුණ පිරිසක්, ඔවුන්ගේ පාරිභෝගික සේවාවත් අති විශිෂ්ඨයි… එවැනි තරුණ තරුණියන් සීගිරියේ, ජේතවන කෞතුකාගාරයේ වැනි ස්ථානවල සේවයට යොදන්න පුළුවන් නම් අපේ සංචාරක සේවාව මීට වඩා ගැම්මක් ඇති දෙයක් වෙනවා නොඅනුමානයි…

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on සැප්තැම්බර් 6, 2014, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , , , . Bookmark the permalink. ප්‍රතිචාර 17.

  1. පින්තූර ටික නියමයි!

    රසායන විද්‍යාව සහ කර්මාන්ත ආශ්‍රයෙන් රටට ‘යමක්’ නෙමෙයි රටට යහපතක් සිදුවිය නොයුතු යැයි මම කියන්නෙත් නැහැ මල්ලි කියලත් නැහැ. ආණ්ඩුවකට එය කරන්න දැනුමක් සහ හැකියාවක් ද නැහැයි කියනවා පමණයි.

    කෙටියෙන් කිව්වොත් අර්තාපල් ගොවියන්ට අලාබ නොවෙන්න මේ දවස්වල අර්තාපල් ආනයන නවතා දමලා තියෙනවා වගේ වැඩක් තමයි ඔය දුර බැහැර පළාත්වල සංචාරක සේවා සපයන ස්ථාන වලත් වැඩ කෙරෙන්නෙ. අර ඉටිපන්දම් හදන්නන්ගේ පෙත්සම වගේ!!! කොළඹට කිරි ගමට කැකිරි කිව්වට ගමේ ඉංග්‍රීසි චතුර ලෙස හසුරුවන්න දන්න කෙනෙක් ඉන්නවා නම් එයාට කොළඹ දී කරන රස්සාවකින් වැඩි පඩියක් හොයාගන්න පුළුවන්. ආණ්ඩුවක් කොච්චර මැදිහත්වීම් වැඩි කරලා වෙළඳපොලක් ක්‍රියා කරන ආකාරය mimic කරන්න දන්නවා කියල හිතුවට සැපයුම සහ ඉල්ලුම අනුව වැඩ සිද්ධ වීම වෙනස් කරන්න බැහැ.

    කැමතියි

    • ආණ්ඩුවට හැකියාවක් සහ දැනුමක් නැතැයි කියන්න බැහැ… නැත්තේ ඕනෑකම විතරයි. උදාහරණයක් විදියට අපට පරන්තන් රසායන ද්‍රව්‍ය නිෂ්පාදන කම්හග නැවත අරඹන්න පුළුවන් නම් ඒ ආශ්‍රිතව කළ හැකි දෑ අනන්තයි. පුල්මුඩේ ඉල්මනයිට් නිධිය අපට නිසි ආකාරව අගය එකතු කළ නිෂ්පාදන ලෙස වෙළඳපොලට යැවිය හැකියි… ඒක මිල අධික මූලද්‍රව්‍ය වලින් සමන්විත ඛණිජ නිධියක්,
      එප්පාවල පොස්ෆේට් නිධියෙන් මීට වඩා වැඩක් ගන්න පුළුවන්…
      මේ තුන හරියට කළමණාකරණය කළොත් අපට වසරකට සංචාරක කර්මාන්තයෙන් උපයන මුදලට වඩා කීප ගුණයක් උපයන්න පුළුවන්… ඒ වගේම ඒක දීර්ඝකාලීන – අවදානම් රහිත ආදායමක්….

      කැමතියි

  2. ගිය අව්රුද්දෙ මම වර්ණනා කරලා කරලා මෙහෙ කට්ටියක් එව්වා සිගිරිය බලන්න ….. උන්ට වෙලා තියෙන කරදර ටික කොච්චරක්ද කියනවනම් අදටත් මට ඒ මිනිස්සුන්ට මුණ දෙන්න බැරි තත්වයක් තියෙන්නේ….. බලහත් කාරයෙන් විස්තර කියාගෙන ආපු මග පෙන්වන්නෙක් ඩොලර් සියක් මේ මිනිස්සුන්ගෙන් අරගෙන තියෙන්නේ මංකොල්ල කනවා වගේ

    කැමතියි

  3. විදේශීය විතරක් නෙමෙයි දේශීය සංචාරකයන්ටත් බලු විදිහට තමයි ඔය තැන්වල ඉන්න එවුන් කතා කරන්නෙ.

    අනික පොදු ස්ථාන වෙච්චි පන්සල් වගේ තැන්වලට යන්න ටිකට් ගන්න වෙන එක නම් හරිම අසාධාරණයක්. එතකොට මුං සූරකන්නෝ කියලා හිතුනම ආයෙ මනුස්සයෙක් එයිද මේ රටට. තව මනුස්සයෙක්ට කියයිද ලංකාව හොඳයි ගිහින් එන්න කියලා.

    සීගිරියෙ පින්තූර ගන්න තහනම් නේද?

    කැමතියි

    • ඇත්තෙන්ම දළදා මාලිගාවට මුදල් අය කිරීම අසාධාරණයි කියලයි මමත් හිතන්නෙ… නමුත් ලොකෙ වටේම මෙවැනි ස්ථාන නඩත්තු වෙන්නෙ මේ වගේ අරමුදල් වලින්.. ඒත් ඒවා නිසි පරිදි කෙරෙනවා… මෙතැන් වෙන්නෙ අරමුදල් අරන් නිසි සේවාවක් නොලැබීම
      සීගිරියේ පින්තූර ගන්න පුළුවන්. Flash එක නොදා.

      කැමතියි

  4. මේ ගැන ලියනවනම් පොතක් ලියන්න පුළුවන්.. ගෙවන මුදලට කිසිම තැනක වටිනාකමක් ලැබෙන්නේ නෑ.. දළදා මාලිගාවෙ ඇතුලේ හැම තැනම බිම ඉඳගෙන, ඇතුල් වෙලා පිටවෙන්න ලයින් එකක් හදනවනම් කොච්චර වටිනවද? බොහොම සුළු දේවල්.. නමුත් අවශ්‍ය නෑ.. පුදුම මහන්තත්වයක් තියෙන ගොබ්බ ජාතියක්.. හැම විදේශිකයම කළකිරිලා ආයෙත් යන්නේ.. සුළු පිරිසක් තමයි උපරිමය දෙන්නේ.. ඒත් අර දිවයින ඉරිදා සංග්‍රහයේ තිබුන ඒවා නම් අමූලික බොරු.. ඒ ඇවිත් ගිහින් තියෙන්නෙ ඇමරිකන් පවුලක් වෙන්න බෑ.. කොහේ හරි බූරූ පවුලක්.. ඇමරිකන් කාරයෝ ඒ විදියට අන්දන්න බෑ සංසාරෙදි..

    කැමතියි

  5. මේ ගැන ලියනවනම් පොතක් ලියන්න පුළුවන්.. ගෙවන මුදලට කිසිම තැනක වටිනාකමක් ලැබෙන්නේ නෑ.. දළදා මාලිගාවෙ ඇතුලේ හැම තැනම බිම ඉඳගෙන, ඇතුල් වෙලා පිටවෙන්න ලයින් එකක් හදනවනම් කොච්චර වටිනවද? බොහොම සුළු දේවල්.. නමුත් අවශ්‍ය නෑ.. පුදුම මහන්තත්වයක් තියෙන ගොබ්බ ජාතියක්.. හැම විදේශිකයම කළකිරිලා ආයෙත් යන්නේ.. සුළු පිරිසක් තමයි උපරිමය දෙන්නේ.. ඒත් අර දිවයින ඉරිදා සංග්‍රහයේ තිබුන ඒවා නම් අමූලික බොරු.. ඒ ඇවිත් ගිහින් තියෙන්නෙ ඇමරිකන් පවුලක් වෙන්න බෑ.. කොහේ හරි බූරූ පවුලක්.. ඇමරිකන් කාරයෝ ඒ විදියට අන්දන්න බෑ සංසාරෙදි..

    කැමතියි

    • එතැන හිටපු කිසිම කෙනෙක් කිසිම ප්‍රසාදයකින් කතා කළේ නැහැ… මමත් මේ වැරදි දකින්න ඇත්තෙ වෙන එටවල සංචාරය කරලා ඒවගේ ගුණාත්මකභාවය දැකපු නිසා වෙන්න ඇති…
      ලිං මැඩියොන්ට ලිඳෙන් එහා ලෝකයක් නෑ…. ඒක නිසා බොහෝ දෙනෙක් හිතනවා අපි තමයි ආගන්තුක සත්කාරයයි සංචාරකයින්ට සැලකීමයි හොඳටම කරන්නෙ කියලා…

      අපේ මිනිස්සු දහ දෙනෙක් සුද්දියෙක් එක්ක කතා කළොත් නව දෙනෙක්ම හදන්නෙ ඒකි එක්ක නිදිවදින්න… ඒකයි මානසිකත්‍වය…..

      කැමතියි

  6. මේ වගේම දෙයක් කරලා තියෙනවා දුන්හිඳ , ඉස්සර දුන්හිඳ බලන්න යන්න ප්‍රවේශ පත්‍ර අවශ්‍ය වුනේ නෑ . ඒවගේම යන්න තිබුනේ ස්වාභාවික මාර්ගය දිගේ , ග්ල්ස් ගල් මුල් උදුන් පැනගෙන , ඇත්තටම ඒ ගමන හරිම ආශ්වාදජනකයි , දැන් ඒ තැන්වල යකඩ පඩි දාලා අත් වැටවල් ගහලා , ගමන් පහසු කරලා , අර ආශ්වාදය විඳින්න නෑ.
    හැබැයි කිසිම ආකාරයක පිරිසිදු වැසිකිලි පහසු කමක් නෑ. ඒ ප්‍රශ්නය වැදගත් වෙන්නේ මෙතන දේශීය වගේම විදේශීය සංචාරකයෝ එන නිසා, අර ගහපු පඩි , අත් වැටවල් ගැහුවට පස්සේ කිසිම නඩත්තුවක් කරලා නෑ. ඒ නිසා මේ වෙනකොට තිබබ්ට වැඩ ගමන අනතුරු දායක වෙලා . හැබැයි විදේශීය සංචරකයෝන්ගෙන රුපියල් හයසීයක් වගේ ගානක් ගන්නවා මතක් විදිහට . නමුත් අඩු ගානේ ඉංග්‍රීසි වචනයක් කතා කරන්නපුලුවන් එක්කෙනෙක් වත් එතන නෑ.
    හැබැයි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා

    කැමතියි

  7. කොහොමත් ඔය දේශීය/විදේශීය නැතිව සංචාරයකයන් සිත් ගන්නා ස්ථානවල….රජය විසින් එම ස්ථාන වල ඇති පුරාණ වටිනාකම සහ දැනට ලෝකයෙ …එම ස්ථානයට ඇතිව තිබෙන තත්වයත්…..සංචාරකයන් එම කාලය තුල ආරක්ෂා කරන ආකාරයත් ඇතුළු වීමට ප්‍රථම …විනාඩි ගානක කෙටි චිත්‍රපට රාමු තුලින් පෙන්විය යුතුයි….. එය 25 දෙනෙකුගෙන් විතර සමන්විත භාෂා තුනකින් සමන්විත කණ්ඩායම් වලට නැරඹීමට සැලැස්විය යුතුයි…..
    සිද්ධස්ථාන වල ට ලැබෙන ආධාර වලින් දවස් 365 පුරා එන බැතිමතුන් & සංචාරකයන් වෙනුවෙන් කෑම /සාමාන්‍ය නැවතීමේ පහසුකම් කර දිය යුතුයි…..
    කොහෙද….දේශපාලුවොයි …. අම්මලට හැමිනෙන නායක සාධුලයි…. නිලෙමෙලයි ….කරන මගුල්….
    මට නම් දුන්නොත් මාස 3 නෙන් නැගිට්ටල ගන්නව අපේ සංචාරක වියාපාරේ ….
    අර නංගිල 40’000 ටත් දෙනව ….මාස 3 සැරයක් විදගෙන …කාඩ් එක තියාගෙන සේවය සපයන්න….
    හෙක්….හෙක්….

    කැමතියි

  8. හික්කඩුවයි උණවටුනයි ඇර වෙන කිසිම නගරයක ට්‍රැවලර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නෑ. ට්‍රින්කො කියන්නෙ මොනතරම් සුන්දර නගරයක්ද, හරි රටක තිබ්බනං කොහොමට තියේවිද! ඒත් ඒකට අපි.

    මේපාර ආවම ට්‍රින්කො වල අලුතෙන් සාගර මුහුදු කෞතුගාරෙ බලන්න ගියා. ඉන්නෙ කැම්පස් එකේ පුරාවිද්‍යාව ඉගෙනගන්න/ ගත්තු කොල්ලො. උන් මෙලෝ දෙයක් දන්නෙ නෑ ප්‍රදර්ශණය කරල තීන ජල ජීවියොන්ගෙ සැකිලි, පින්තූර ගැනවත් ලංකාවෙ ලංකාවෙ නාවික ඉතිහාසෙ ගැනවත්. ඉංග්‍රීසි දැණුම අන්තිමයි. සුද්දෙක් ගියානං ඉතින් යෙස් දෙකයි නෝ පහයි තමා.

    මාතලං, ඒ දිවයින සීන් එක ඇත්ත. උංව එවපු අය මටත් මෙහෙදි හම්බු උනා. ඇමරිකාව කිව්වම ඔක්කොම එක වගේ නෑනෙ බං. ඒ විතරක් නෙමේ, ඔහොම සීන් එකක් වෙච්චි බ්‍රිටිෂ් ෆැමිලි එහෙකුත් ඉන්නව මෙහෙ අපි දන්න. අනික් පැත්තෙන් ඔයිට කිට්ටු දේවල් කීපයක් පුද්ගලිකව මටත් වෙලා තීනව. මම මේ පාර ට්‍රින්කො හිටපු හෝටලේ මුලින් කිව්වෙ නෙට් රූම් රේට් එක xx කියල. යන දවසෙ බිල ගෙවත්දි තව ගානක් දාල සර්විස් චාර්ජ් වලට කියල. අන්තිමේ පරණ මේල් පෙන්නල, ගේමක් දීල තමා බේරුනේ.

    ලය රිසෝර්ට් එකේ හිටිය. බ්‍රෙක්ෆස්ට් එකට පානුයි මාලු හොදියි පරිප්පු එවල තිබ්බ උදේ රූම් එකට. බුෆේ එක නෑලු සෙනග අඩු නිසා. ඩිලුක්ස් රූම්, කූඹි ඇඳන් වල, මෙට්ට අස්සෙ. දෙපරක් රූම්ස් මාරු කරා.

    තව කෝටියක් තීනව ලංකාවෙ හෝටල් වල ගුණ සහ ස්ංචාරක කරුමාන්තෙ වරුණාව ගැන කියනවනං. හරි හමං සල්ලි තීන මිනිහෙක් මේ රටට් එක පාරක් ආවොත් ආයි එන්නෙ නෑ. එනවනං එන්නෙ, ඔය සුද්දොම කරන බුටික් හොටෙල් එහෙක ඉඳල උන්ගෙ පැකේජ් ටුවර් යන්න මිසක් අපේ උන් එක්ක චාටර් වෙන්න නෙමෙයි.

    කැමතියි

  9. සේයා සටහන් වගේම ඔබේ විස්තරයෙන් අවධාරණය වන පණිවුඩයත් ඉතාම වැදගත් මේ මගින් කාගෙවත් ඇස් හැරේ යයි බලාපොරොත්තු වීම අපහසු වුනත් මෙහෙමවත් පැවසෙන එක හෝ ලොකු දෙයක්.

    කැමතියි

  10. මල්ලි අර්ථ ශාස්ත්‍රය නොදන්නා රසායන විද්‍යාඥයෙක් නිසයි ලෝකයේ ඕනෑම ආණ්ඩුවකට කොච්චර අවංක ඕනෑකමක් තිබුනත් හැකියාවක් සහ දැනුමක් නැත යන සත්‍යය අවබෝධයට නොහැකි. සෑම පුද්ගලයාගේම ජීවිතයට බලපාන අර්ථ ශාස්ත්‍රය නම් වූ ‘dismal science’ එක වටහා ගන්නට නම් ඕනෑකමක් බොහෝ අයට නැහැ කියන්න පුළුවන්.

    කැමතියි

  11. කියලා තියෙන දේවල් සම්පූර්‍ණ ඇත්ත. දඹුල්ලේ ටිකක් කවුන්ටරේ ‘මිස්’ වෙන්නෙ හරියට ‘sign post’ කරලා නැතිනිසා. හුඟක් ටුවරිස්ට් ලා උඩ්ට ගිහින් තමයි දැනගන්නෙ ටිකට් ගන්නේ පහලින් කියලා. හැබැයි ටිකට් ගන්ට අමතක උන අයව මරං කන උන් ඉන්නවා අපරාදේ කියන්ට බෑ…සුටුස් ගාලා ගෙනත් දෙනවා පහලින් රුපියල් 500 ක් දුන්නාම. කොහෙන් ගේනවාද දන්නෑ. සාමාන්‍ය මිනිහෙකුට ඒතරම් ඉක්මනට ටිකට් ගෙන්ට බෑ. ‘ආස්චර්ය’ !

    සීගිරියෙ නං අමුම අමු ගසාකෑම. හරි හමන් ටොඉලට් එකක් නෑ නෙ. අඩුම ගනනෙ ලීෆ්ලට් එකක් මැප් එකක් එක්කවත් දෙන්නෙ නෑනෙ.

    කැමතියි

  12. ඇල්..අර අපූරු දැන්වීම දැක්කම හිතෙන්නෙ සුද්දන්ගෙන් ටිකට් එකට ගන්න රු. 3000/= හොඳටම මදිය කියල.. ඒක කියවල උං ගන්න ආතල් එකට තව 10% ක් ගහන්න ඕන විනෝද බද්දක් ( Entertainment Tax කියන්නෙ..අන්න ඒක )…..අපි මොකටද උංට නොමිලේ ආතල් දෙන්නෙ? නැද්ද හා?….හැම දේටම මිලක් තියෙන්න ඕන…. 🙂

    කැමතියි

  13. මටත් කිහිපවාරයක් හමු වෙලා තියනවා ආයෙත් ලංකාවට යන්නේ නැ කියූ විදේශිකයන් හා එහිදී සිදුවූ නොයෙක් බාධක සිත් තැවුල් නිසා අලුතින් යන අයට අනතුරු හැගවීම් කරන අයත්… එක් අයෙක් මාත් එක්කම් කිව්වා ආයේ කසිම කෙනෙකුට ලංකාවේ වතුර බොන්න කලින් දෙපාරක් හිතන්න කියනව කියල…

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: