GMOA දොස්තරලා කියන්නේ අලිපුකෙන් ආපු ජාතියක්ද ?


පසුවදන මුලින්ම: පසුගිය දිනක මහමෝදර රෝහල වෙත පැමිණි  ත්‍රිරෝද රථයක ගෙන ආවේ හිස පොඩිපට්ටම් වී ගිය දරු ප්‍රසූතියට ආසන්නව සිටි මළකඳකි. ඒ අවස්ථාවේ රෝහලේ සිටි වෛද්‍යවරු තිදෙනෙකු මළගෙදරකට යාම සඳහා පිටත්වීමට සූදානමින් සිටියා. මළ සිරුර දුටු වහාම ඔවුන් සිදු කර තිබුණේ කුස තුළ සිටි දරුවා ජීවත්ව සිටී දැයි නිගමනය කිරීමයි. දරුවා තවමත් ජීවත්ව සිටින බව දැනගත් ඔවුන් වහාම කළේ මියගිය රෝගියාගේ භාරකරුවන්ගෙන් අවසර ලබාගෙන රෝහලේ කොරිඩෝවේදීම සිසේරියන් සැත්කමක් කර පණ යමින් සිටි දරුවා බේරා ගැනීමයි, ඉන්පසු දරුවා අදාල ඥාතීන්ට භාර දී තිබේ.

මේ වෛද්‍යවරු අතර සිටින දෙවියන් බඳු වූ මිනිසුන් පිළිබඳ කතාවකි.. ඔවුන්ගෙන් එකෙකු මගේ මිතුරෙකි… මම ඔහු ගැන ආඩම්බර වෙමි, ගරු කරමි, … අපි ඔවුනට හිස නමා ආචාර කරමු, දෑත් බැඳ, වැඳ නමස්කාර කරමු…

ඊට පෙර: දරු ප්‍රසූතියට ආසන්න මවක් උණවටුන රජයේ රෝහලට පැමිණ ඇත්තේ ප්‍රසූත වේදනාව උත්සන්න වීම නිසාය. රෝහලේ වෛද්‍ය පහසුකම් නැති නිසා හෝ ඒ අවස්ථාවේ යමක් සිදු කල නොහැකි නිසා ඥාතීන් ප්‍රසූතියට ආසන්න මව ත්‍රීරෝද රථයක දමාගෙන මහමෝදර රෝහල වෙත රැගෙන එන ලෙස ඔවුනට දැනුම් දී තිබේ.. එසේ රැගෙන එත්දී ප්‍රසූත වේදනාව දරාගත නොහැකිව මව සිහිමඳ ගතියකින් පසුවෙද්දී ඇගේ හිස  ත්‍රීරෝද රථයෙන් එළියට පැමිණ තිබේ. ඒ අවස්ථාවේ පැමිණි රථයක හිස ගැටී ඇය එතැනම මියගොස් තිබේ. කෙසේ නමුත් ඥාතීන් ඇයව මහමෝදර රෝහල වෙත රැගෙන ගොස් ඇත.

මේ කතාන්දරය දොස්තර දෙවිවරු අතර සිටින ශයිලොක්ලා ගැනයි…

දෙවනුව ලියමි: හැමෝටම ඇති- කවුරුත් කතා කිරීමට අකමැති, බොහෝ පිරිමින්ගේ ඇස නිති යොමු වන : පුක යනු කුණුහරුපයක් නොවන බව  ගුරු ජී කකා ජී විසින් පෙර කළක සාධනය කර ඔප්පු කරන ලදී.

අවවාදයයි : මේ කරුණට අදාල සියල්ල එකතැනකම සාකච්ඡා කරන නිසා මේ ලිපිය අතිශය දිග ලිපියක් විය හැක.

දෙමාපියන් කවුරුත් තම දරුවාට ලබා දෙන්නට අදහස් කරන්නේ උසස්ම අධ්‍යාපනයක්, උසස් පාසැලක්, හොඳ ඇඳුම් පැළඳුම්, කටට රසට ආහාර ආදියයි. එය සෑම දෙමාපියෙකුගේම සිහිනයක්. අපේ දෙමාපියෝ තමන්ට කන්න නැතත් තම දරුවන්ට එක බත් කටක් හෝ උයා දෙන්නේ, තමන්ට අඳින්න ඇඳුමක් නැතත්, තම දරුවන්ට හොඳ ඇඳුමක් ලබා දෙන්න වෙර දරන්නේත්, අනෝරා වැහි වහිද්දී තමන් තෙමි තෙමී තම දරුවන් ආරක්‍ෂා කරන්නේත්, තමන් මියෑදුනත් තම දරුවන් බේරා ගන්නට ගින්දරට, වැවට, පාරට, පනින්නේත් මේ අපරිමිත ස්නේහය නිසාමය… එය අප කිසිදු විටක ප්‍රශ්න කරන්නට සූදානම් වන කරුණක් නොවේ.

මේ දෙමාපියන් අතරේ තවත් දෙමාපියෝ වර්ගයක් සිටී…. ඒ තම දරුවන්ට ජනප්‍රිය පාසැල් අවශ්‍ය යැයි කියමින් අධ්‍යාපන අමාත්‍යාංශය අත්පත් කර ගත් GMOA ශයිලොක්ලාය..

තමන්ට ඩියුටි ෆ්‍රී කාර් නොදුන්නොත් රෝගීන් මිය ගියත් වර්ජනය කරනවා යැයි තර්ජනය කළේ ද මේ සෙට් එකමය… සීමා වාසික වෛද්‍යවරුන්ගේ තත්ත්‍වය ඉහළ දැමුවහොත් රෝගීන් මිය ගියත් වර්ජනය කරනවා යැයි තර්ජනය කළේ ද මේ සෙට් එකමය… නර්ස්ලාට අළුත් ඇඳුමක් දුන්නොත් රෝගීන් මිය ගියත් වර්ජනය කරනවා යැයි තර්ජනය කළේ ද මේ සෙට් එකමය… නර්ස් කෙනෙකු තමන්ගේ එකෙකුට බැන්නා යැයි කියා රෝගීන් මිය ගියත් වර්ජනය කරනවා යැයි තර්ජනය කළේ ද මේ සෙට් එකමය… පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා යැයිද, නමුත් පෞද්ගලික රෝහල්වල චැනල් කරන්නට දුවන්නේද, ඒ චැනල් බලයෙන් සහ ඖෂධ සමාගම් වලින් දෙන සන්තෝසම් වලින් ලංකාවේ හැමටම වඩා මුදල් හොයන්නේද, වාහනයේ ගසා ඇති රතුපාට කතිරයේ බලයෙන් බොහෝ අවස්ථාවල මාර්ග නීති කඩ කළත් ගැලවී යන්නේද, රජයේ ආයතනයක හෝ පෞද්ගලික ආයතනයකට ගියත් තමන් දොස්තර කෙනෙකු යැයි කියූ පමණින් ප්‍රමුඛතා ලයිස්තුවේ ඉදිරියට ගෙන අවශ්‍ය දෑ සිදු කර දෙන්නේ ද, මේ සෙට් එකේ අයටමය… ඒ… අපේ රටේ මහජනතාව තම බදු මුදල්වලින් දුන් නිදහස් අධ්‍යාපනයෙන් අවුරුදු 4-6 ක් වෛද්‍ය විද්‍යාලයක අමාරුවෙන් ඉගෙනගෙන, රටේ දුෂ්කර පලාතක අවුරුදු කිහිපයක් සේවය කර, නැවත කොළඹ/ගාල්ල/නුවර පැමිණ, රෝගීන් ප්‍රාණ ඇපයට තබාගෙන තම ඉල්ලීම් දිනා ගන්නට වලිකන… දොස්තර සෙට් එකමය…

Image result for grey's anatomy

මේ ඉන්නේ මගේ ප්‍රියතම දොස්තර සෙට් එකය.. උන් ඉන්නේ Grays Anatomy සෙට් එකේ විතරමය

දොස්තරලා සුවිශේෂි ද? පිළිතුර වන්නේ ඔවු සහ නැත යන දෙකමය…පිළිතුර වෙනස් වන්නේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන පුද්ගලයාගේ මානසික ස්වභාවය, දේශපාලනික සබැඳියාව, සමාජ තත්ත්‍වය, ආදී දේ අනුවය. දැන් දැන් මෙය මෛත්‍රී ද මහින්ද ද යන තත්ත්‍වය දක්වා වර්ධන වන අයුරක් ද දකින්නට ලැබේ.

දොස්තරලා සුවිශේෂීය‍:

ලෝකයේ මියෑදීමට ආසන්න හෝ රෝගීව සිටින හෝ අනතුරකට පත්වූ කෙනෙකුට අසන්නට කැමති එකම වදන තමන් අසළ වෛද්‍යවරයෙකු සිටින බවයි. ඒ, සිය ජීවිතය කෙසේ හෝ බේරා ගනීවි යැයි විශ්වාසය වෛද්‍යවරයා යන වදනේ ගැබ් වී ඇති නිසාය. ඈත කාළයේ පවා ගම්, නගරවල වෙද මහතාට සමාජයේ සුවිශේෂී ස්ථානයක් හිමිව තිබුණේ, ඒ මහඟු ජීව ගුණය නිසාය… සත්‍යයක් හෝ නැති වුවත්, බුද්ධදාස රජතුමාට  තම සැරව ගෙඩිය පෙන්වූ නාගයා පවා, විශ්වාස කර තිබුණේ බුද්ධදාස රජුගේ සුපතල වෙදකමේ බල මහිමයයි. අපි අසරණ වූ විට – වෛද්‍යවරු පෙනෙන්නේ දෙවිවරු මෙනි.. සත්‍යය එයයි.

දොස්තරලා සුවිශේෂීය, උසස් පෙළින් ජීව විද්‍යා අංශයෙන් ඉහළම ප්‍රතිඵල ලබා වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වී වසර කීපයක් අමාරුවෙන් උගෙන : (ඇත්තෙන්ම අන් සියළු විෂය ක්‍ෂෙත්‍ර වලට වඩා අපහසු සහ නිවැරදිව උගෙන ගත යුතු විෂය වෛද්‍ය වෘත්තිය බව සැලකේ) වෛද්‍යවරයෙකු/වරියක ලෙස සමාජයට පැමිණීමට පාසැල් සිසුන් බොහෝ දෙනෙකුගේ, ඔවුනගේ දෙමාපියන්ගේ එකම සිහිනය විය හැකිය. එය බොහෝ විට එසේම වේ. මා ද ඒ ආකාරයේ සිහිනයක් තිබූ කෙනෙකි.. දොස්තරලාට සමාජයේ ලැබෙන වරප්‍රසාද සහ තත්ත්‍වය දකින අයද, තම තමන්ගේ දරුවන් දොස්තරලාම කරන්නට සිහින දකින බවද සැබෑය. ඒ තමන්ට නොලැබුන තත්ත්‍වයක් තම දරුවනට ලබා දීමේ මිනිස් ස්වභාවයයි.

දොස්තරලා සුවිශේෂීය: සමහර දොස්තරලා දිවා රෑ නොබලා මහන්සි වෙති, රෝගියෙකුගේ ජීවිතය ගොඩ දාන්නට අපරිමිත වෙහෙසක් ගෙන කටයුතු කරති, සමහර දොස්තරලා රෝගියෙකු මිය ගිය පසු දුකින් හඬති, ආහාර වේලක් දෙකක් නොකා සිටිති – එහෙමත් දොස්තරලා ලංකාවේ සිටිති. පෞද්ගලිකව රෝගීන්ට වෙදකම් කරන සමහර දොස්තරලා දුප්පත් මිනිසුන්ගෙන් මුදල් අය නොකරති, බෙහෙත් පවා මිනිසුනට අරන් දෙති, එහෙමත් දොස්තරලා ලෝකයේ සිටිති.

දොස්තර හොඳහිත ලා අතර දොස්තර ගඳහිත ලා ද ඇත.

දොස්තරලා සුවිශේෂීය – ඒ නිසාම තමන්ට සියළු වරප්‍රසාද ලැබිය යුතුයැයි සිතන පිරිසක් ද සිටිති. ඒ – අර කියූ අලි පුකෙන් ඇවිත් යැයි සිතා සිටින කොටසයි… සියළුම දොස්තරලා ඒ ගණයටද නොවැටෙති. ඒ මෙන්න මේ ලිස්ට් එකේ ඉන්න කට්ටිය වන්නට පුළුවන… මෙම ලිස්ට් එක මා උපුටා ගත්තේ අන්තර්ජාලයේ හුවමාරු වන පෝස්ට් එකකිනි. 100% ක සත්‍ය අසත්‍යභාවය නොදන්නා නමුත්, අදාල පුද්ගලයා එය සත්‍ය බව පවසා තිබුණි.

ඒ අනුව බොහොමයක් දෙනා ඉල්ලන්නේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් ගණයේ පාසැල් වේ.. මෙම ලිස්ට් එකට දැනට දරුවා ඉගෙන ගන්නා පාසැල ඇතුලත් කළා නම් එය වඩා අර්ථවත්ව විශ්ලේෂණය කළ හැකිව තිබුණි. උදාහරණයක් ලෙස 13 සහ 18 ඉල්ලීම් සසඳන විට වෛද්‍යවරුන් දෙදෙනාම මාරුවී පැමිණ ඇත්තේ කළුබෝවිල රෝහලටයි… නමුත් 13 පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඉල්ලුම් කරන විට 18 ඉල්ලන්නේ ඩී එස් සේනානායක විද්‍යාලයයි. අංක 41 කරාපිටියේ සිට බලපිටියට මාරු වන විට රිච්මන්ඩ් විද්‍යාලය ඉල්ලා සිටී. කරාපිටියේ සේවය කරන විට මෙම දරුවා ගිය පාසැල කුමක්ද ? එවිට මෙම ප්‍රශ්නය පැන නැඟී නැත්තේ මන්ද ?   මෙම ලැයිස්තුව හොඳින් අධ්‍යයනය කළහොත් මෙම ඉල්ලීම්වල සාධාරණත්‍වය පෙනී යයි. ඒ අතරම, අතිශය සාධාරණ ඉල්ලීම් ද මේ ලැයිස්තුවේ නැතිවාම නොවේ…..

දොස්තරලා ද මනුශ්‍යයෝය… උන් ද අපි මෙන්ම සාමාන්‍ය ය….

ප්‍රජාතන්ත්‍රවාදීව අපි සැවොම එක හා සමාන සැලකුම් ලැබිය යුතුය. නියමාකාරව නම් ජනාධිපතිතුමා සිට අන්ත දුගී පුද්ගලයා දක්වා අයිතිවාසිකම් සාමානව ලැබිය යුතුය. නමුත් මිනිස් වර්ගයා සතු පන්ති-කුළ-ජාති-ආගම්-පාට-පක්‍ෂ පරතර නිසා අපි සැවොම විවිධාකාර සමාජ ස්ථරවල ජීවත් වෙමු. මේ තත්ත්‍වය කිසිදා වෙනස් කළ හැක්කක් ද නොවේ. මෙය අප රටට ආවේණික ලක්‍ෂණයක් ද නොවේ. වැඩි වශයෙන් ආසියානු රටවලද, අඩු වශයෙන් අනෙකුත් රටවල ද පොදුවේ දැකගත හැක්කකි.

මා ලංකාව හැර වෙනත් රටවල් දෙකක ජීවත්ව  සිටි පුද්ගලයෙක් වන නිසා ඒ ඒ රටවල වෛද්‍යවරුන්ට ඇති තත්ත්‍වය හොඳින්ම දැක ඇත. ඇමරිකාවේ නම් වෛද්‍යවරයෙකු වීමට ලංකාවේ තරම් ලේසියෙන් බැරිය. පාසැලේදී උසස්ම GPA අගයක් පවත්වාගෙන යන සිසුන් විශ්ව විද්‍යාලයේ ද ඒ අයුරින්ම අති උසස් GPA අගයයක් (4.0 හෝ ඊට දශම කිහිපයක් අඩුවෙන්) පවත්වාගෙන යා යුතුය. ඒ අවුරුදු 4 ඉගෙන ගන්නා ඔවුන් නැවතත් වෛද්‍ය විද්‍යාලයේ ද ඉගෙන ගත යුතුය. මා දන්නා පරිදි සියළුම වෛද්‍ය විද්‍යාල මුදල් ගෙවා ඉගෙන ගත යුතු ඒවා වේ.. (යකෝ මෙන්න ඇමරිකාවෙ Private Medical Schools තියෙනවලු..) ඉන්පසුවද ඔවුන් Residencies, Internships ආදියෙන් හෙම්බත්ව වසර ගණනාවක් යනතුරු Bar Exams ආදිය සිදු කර කිසියම් තත්ත්‍වයකට ආ යුතුය. ඒ පැමිණියද, අද ලංකාවේ වෛද්‍යවරුන් ගත කරන සුඛෝපභෝගී හෝ අර්ධ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමේ භාග්‍යය ඔවුනට නොලැබේ. සිය කාර්යය අකුරට ඉටු කළ යුතු මෙන්ම තමන් රෝගියාගේ ජීවිතය පිළිබඳ අසීමාන්තික වගකීමක් ඔවුනට පැවරී ඇත. ලංකාවේ නම් පළමු උපාධිය වූ MBBS නිම වූ පසු වෛද්‍යවරයෙකු සේ පත්වීමක් ලැබේ. නමුත් අමෙරිකාවේ BS වලින් පසුව Medical School හි අධ්‍යාපනය නිම කළ යුතුය. ඒ අනුව ඔවුන් වැඩි කළක් මුදල් ගෙවා ඉගෙන ගත යුතු වේ… බොහෝ සිසුන් මේ අධ්‍යාපනය නිම කරන විට ඩොලර් මිලියනයක් පමණ ණය වී අවසානය.. ඉන්පසු ඔවුන් කරන්නේ මුලින්ම ණය ගෙවා නිම කිරීමයි. ඇමරිකාවෙ එහෙම වුනත් – ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ..

වැරදිලාවත් දකුණු කකුල කපනවා වෙනුවට වම් කකුල කැපුවෝතින් සේසතම ඉවර වෙනකල් අර රෝගියාට වන්දි ගෙවන්නට වෙයි. රෝගියාට නොකිවයුතු යමක් හෝ අයුතු බලපෑමක් කළහොත් ලයිසන් එකම ඉවර වෙයි. මේ නිසා ඔවුනට වසරකට ඩොලර් ලක්‍ෂ ගණනක ආරක්‍ෂණ සහතිකයක් ලබා ගත යුතුය. එසේම මෙඩිකල් රෙප් ලා කියන පදමට බෙහෙත් නිකුත් කිරීම ද තහනම් ය. මේ නිසා  ඖෂධ සමාගම් වලින් සන්තෝෂම් ලබා ගැනීමද අපහසුය.. වෛද්‍යවරයෙකු වූ පලියට වාහන පර්මිට් ලැබෙන්නේ ද නැත… ඔවුන් සමාජයේ තවත් එක් කොටසක් පමණි. එසේ නමුත් ආසියාතික රටවලින් අමරිකාවට යන බොහෝ වෛද්‍යවරු, තම රටේදී තිබූ තත්ත්‍වයම ඒ රටවල ද තම වර්ගයා ඉදිරියේ තබා ගැනීමට උත්සාහ කරති. අපේ දූපත් මානසිකත්‍වයට ගැලපෙන සේම පිටරට සිටින අපේ එවුන්ද උන්ට ඒ විදියටම වැඳගෙන සලකති.

කෙසේ නමුත් පාසැලකට දරුවන් ඇතුලත් කිරීමේදී, රජයේ ආයතනයකට ගොස් යමක් කරවා ගැනීමේදී හෝ බැංකුවකින් ණයක් ගැනීමේදී වැනි අවස්ථාවලදී වෛද්‍යවරුන්ට තරමක සුවිශේෂී ස්ථානයක් ලැබේ. ඒ උගත්කමට සහ වෘත්තීය ස්ථාවරභාවයට ගරු කිරීමක් ලෙසින්. එසේ නමුත් ඒ ගරු කිරීම ම, ආචාර්ය උපාධිධරයන්ට, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට, ගණකාධිකාරීවරුන්ට, නීතීඥයින්ට ආදී සමාජයේ අනෙකුත් උගත් යැයි සම්මත කොටසට ද ඒ අයුරින්ම ලැබේ. ඒ නිසා  ඒ රටවල වෛද්‍යවරු අලිපුකෙන් ඇවිත් නැත.

ලංකාවේ මූලික අධ්‍යාපනය ලැබ, ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය නම් පෞද්ගලික උපාධි කඩයක මූලික උපාධි තත්ත්‍වය ලබාගෙන, ඇමරිකාවේ විශ්ව විද්‍යාල දෙකක පශ්චාත් විද්‍යාවේදී උපාධිය සහ ආචාර්ය උපාධි ලැබ, විශ්ව විද්‍යාලයක අවුරුදු දෙකක් පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ සහ ඉගැන්වීම් සිදු කර, ජර්මනියේ BASF ආයතනයේ විද්‍යාඥයෙකු ලෙස සේවය කර ලංකාවට පැමිණි මා, දරුවාට කිසිදු රජයේ පාසැලක් සෙවීමට උනන්දු වූවෙකු නොවේ. මගේ පදිංචිය අනුව රාජකීය, ඉසිපතන, තර්ස්ටන් යන විදුහල් තුනටම ඇල්කෙමි පැටියා ඇතුලත් කර ගැනීමට තරම් “ලකුණු” තිබුණි. එකළ සිටි දේශපාලුවෙකුට රුපියල් ලක්‍ෂ දහයක් දුනහොත් පැටියාව රාජකීය විද්‍යාලයට ඇතුලත් කර දෙන බවට මගේ සමීපතම මිතුරෙකු ද මට පොරොන්දු විය…. නමුත් මා ඌව දැම්මේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසැලටයි. කිසිවෙකු මට ඌව ඒකට දැම්මාය කියා දොස් පැවරුවේවත්, අපරාදෙ රාජකීය විද්‍යාලයට දාන්න තිබුණ චාන්ස් එක මිස් කර ගත්තා යැයි උපදෙස් දෙන්න ආවේවත් නැත. ඒ සමහරවිට මගේ ගැන දන්නා නිසා වෙන්නට පුළුවන.

හිතවත් වෛද්‍යවරුනි,

මේ ගැන කතා කළ මගේම සමහර වෛද්‍ය මිතුරන් පැවසූයේ අපි මේ කතන්දරයට විරුද්ධ වන්නේ අප තුළ පවතින හීනමානය නිසා ය කියාය. මට නුඹලා ගැන කිසිම තරහක් හෝ හීන මානයක් නැත. වෛද්‍යවරයෙකු වීමේ සිහිනය මටද නොතිබුණා නොවේ… ඒ සිහිනය සැබෑ කරගන්නට නොහැකි වූවා කියා මට ඉරිසියාවක් හෝ වෛරයක් ද නැත. මම නුඹලාට වඩා කිහිප ගුණයක් නීත්‍යානුකූලව- සහ සාධාරණව කිසිවෙකු ප්‍රාණ ඇපයට තබා නොගෙන මුදල් උපයන කෙනෙකි. මම ද සමහරුන්ට දොස්තර (Dr.) කෙනෙකි. නුඹලාගේ තත්ත්‍වය භාවිතා කර නුඹලාට ඇති සමාජ තත්ත්‍වය නිසා වරදවා වටහාගෙන සිටින පුද්ගලයින්ට කියා යම් යම් දේ කරවාගත් බව නම් සැබෑය. ඒ සමාජයේ Ignorance බව සාර්ථකව වාසියට හරවා ගැනීමකි. ඇල්කෙමිච්චී ඉගැන්නුවේ Pre-Med සිසුන්ටය… ඒ නිසා ඇයට ද හීන මානයක් නොමැත… කොටින්ම කියනවා නම් නුඹලාගේ තත්ත්‍වය පිළිබඳ දශමයක හෝ හීනමානයක් අපට නොමැත. මෙය හීනමානයකින් ලියන ලද්දක් නොවේ.

මේ පිළිබඳ සක්‍රීයව කතා කරන බොහෝ දෙනාට නුඹලාගේ දරුවන් හොඳ පාසැල්වලට දැම්මාද නැද්ද යන්න ප්‍රශ්නයක් නොවනු ඇත. ප්‍රශ්නය වන්නේ නුඹලා ඒ ඉල්ලීම් ඉල්ලූ ආකාරයයි. උඹලා ඒ ඉල්ලීම් ඉල්ලුවේ ශයිලොක් මස් රාත්තලම ඉල්ලුවාටත් වඩා අමානුෂික ආකාරයටය…. මේවා ප්‍රසිද්ධියේ රෙදි ගළවා නොගෙන හීන් සැරයෙන් කරගත යුතු දේවල්ය.. නුඹලා පමණක් නොව, අන් සියළුම වෘත්තිකයින්ට සමාන අයිතිවාසිකම් සහ සමාන අභිමානයක් තිබේ.. රටක් වශයෙන් ඉදිරියට යන්නේ එවිටයි….

බොහෝ විට නුඹලා කරන හොඳ දේ ප්‍රචාරණය වනවා අඩු විය හැක… මාධ්‍ය බොහොමයක් රස කර කර විකුණන්නේ කුණු මාළු විනා සුවඳ හමන මල් නොවේ… ඒ උන්ගේ සදාචාරයයි. සමාජයේ වැදගත් යැයි සම්මත, බොහෝ දෙනා Role Models ලෙස සළකන නුඹලා යම් වැරැද්දක් කළවිට එය දස ගුණයකින් රැල්ලක් වී නුඹ වෙතම ආපසු එන්නේ සමාජය නුඹලා පිළිබඳ මවා ගෙන ඇති ප්‍රතිරූප බිඳී යාමේ වේදනාව නිසාය… අපේ සිරි ලාංකිකයාට ප්‍රතිරූප වන්දනාව ඉතා තදින් මුල් බැසගෙන ඇත. ජීවිතයට දෑසින් නොදුටු අය පවා ප්‍රතිරූප මවාගෙන වන්දනා කරන ඔවුන්, එය බිඳී ගිය පසු මරා ගන්නට ඉදිරියට කඩාගෙන පනී,.. ඉඳහිට සමහර බ්ලොග්කරුවන් තම හිට්ස් ප්‍රමාණය වැඩි කර ගනු වස්, පෝස්ට් දෙක තුනක් ද ඒ අතරට රිංගවා ගනිති.

සමාජයේ සුවිශේෂී පිරිසක් යැයි කියා කොටසක් නොමැත.

සිදු විය යුත්තේ මෙයයි. වෛද්‍යවරු, නීතීඥයින්, ගුරුවරු, ආචාර්ය-මහාචාර්යවරු, ලිපිකරුවන්, කුලීකරුවන්, වැසිකිලි පවිත්‍රකරන්නන්, සහ දේශපාලුවන් යන සියල්ලට එකම වරප්‍රසාද, එකම පිළිගැනීම තිබිය යුතුමය. නමුත්, දූපත් මානසිකත්‍වයක වැඩවසම් සමාජ ක්‍රමයක දිවි ගෙවන අපි, කවදාවත් කිසිවෙකුට වෙනස් තත්ත්‍වයක් දීමට මැලි වනවා සේම, තමන්ට හිමි තත්ත්‍වය නැති වනවාට ද අම්බානක බය පිරිසක් වේ. මේ නිසා බොහෝ දෙනෙකු අනුන්ට කෙළවෙනවා බලා සිට ස්වයං වින්දනයකට පත්වීමට කැමති ය. මේ නිසාම තැලන යකඩය උඩ පැන පැන තලන්නාක් මෙන් අනුන් කියන ඕනෑම මගුලක් මුහුණු පොතේ බෙදා ගන්නවා සේ, වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය අරභයාද ක්‍රියා කරති. එයට විරුද්ධව තම කුලකයේ එවුන් – එනම් වෛද්‍යවරු – ද විවධාකාර පෝස්ට් ලියති.

මෙම ප්‍රශ්නය කෙසේ නිරාකරණය කළ යුතුදැයි ඇත්තෙන්ම මට පැවසීමට හැකියාවක් නැත. ඒ තරම් සුවිශාල රාජ්‍ය තාන්ත්‍රික දැනුමක් හෝ මේ ප්‍රශ්නය නිරාකරණය කිරීම පිළිබඳ පුළුල් දැනුමක් මට නොමැත. ඒ නිසා ඒ පිළිබඳ ගොඩ පෙරකදෝරු කම් කිරීමෙන් වැලකී සිටිමි.

නමුත්, රජයක් ලෙසින් කළ යුත්තේ, මෙයට සාධාරණ විසඳුමක් ලබා දීමයි. තම සේවා ස්ථානය හෝ රැකියා ස්ථානය අනුව පාසැලක් ලබා දීම, එක්තරා කෝටා ක්‍රමයක් සැලසීම, ආදිය කඩිනම් විසඳුම් ලෙසින් සැලකිය හැකිය. නමුත් ප්‍රධානව සිදු විය යුත්තේ සෑම පාසැලකම පහසුකම් එක හා සමාන කිරීම මගින් ජනප්‍රිය පාසැල් තරඟය අවම කර මෙම තරඟය අඩු කිරීමයි.

වෛද්‍යවරුන් ද, මස් රාත්තලම නොඉල්ලා… තම දරුවන්ගේ පාසැල් ප්‍රශ්නය නොව, තම දරුවන්ට ද යා හැකි ආකාරයට සෑම පාසැලක්ම එක හා සමානව දියුණු කරන ලෙස ඉල්ලා වර්ජනය ආරම්භ කළේ නම්, සමහරවිට ඔබ වටා සමස්ථ සමාජයම එක් රොක් වන්නට ඉඩ තිබුණි. නමුත් ඔබේ ආත්මාර්ථකාමී ඉල්ලීම නිසාම, ඔබ තව තවත් සමාජයේ වෛරයට පාත්‍රවනවා විනා, අන් යමක් සිදු නොවේ…FUTA  කළ දේ කුමක් වුවත්, ඔවුන්ගේ පා ගමනට බොහෝ දෙනා ආශීර්වාද කළේ, ඔවුන් අධ්‍යාපනය නැංවීමට 6% ක් ඉල්ලීම කළ නිසාය…

මින් පසුව වත්, සමාජයේ හද ගැස්ම හඳුනාගෙන, තමන්ගේ ප්‍රශ්නය එයට සමපාත කර සමාජය හා එක්ව එය ලබාගන්නට කටයුතු කරන්නේ නම්, සමස්ථ සමාජයම ඔබ හා එක්වනු නොඅනුමානය….

මේ ඔබ කළ කී දෑ නිසා සමාජයේ පිළිකුල අන්තර්ජාලයේ සටහන්වන ආකාර කිහිපයකි….

වෛද්‍යවරුනි, නුඹලා අලිපුකෙන් ඇවිත් නැත, නමුත් නුඹලා කරන රාජකාරියේ සුවිශේෂී බව නිසාම වෘත්තීයමය වශයෙන් ගරු කටයුතුව සැලකේ… එම ගරුත්වය මෙවැනි සාහසික ක්‍රියා මගින් කෙලෙසා ගන්න එපා…. සමාජය සමඟ එක්ව ගමනක යමු… එවිට සාමාන්‍ය ජනතාව පවා ඔබේ ඉල්ලීමට එකඟ වනු ඇත…

නුඹලා අලි පුකෙන් ඇවිත් නැත.

පසුව ලියමි: ග්‍රාම්‍ය ව්‍යවහාරයේදී, කෙනෙකු තම තත්ත්‍වය හෝ බලය නිසා අසාමාන්‍ය දෑ, වරප්‍රසාද ඉල්ලයි නම් අසන්නේ, “ඇයි ? උඹ අලිපුකෙන් ඇවිත් ද ?” කියායි… මාතෘකාවට නිමිත්ත වූයේ එයයි…

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on සැප්තැම්බර් 17, 2016, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , , . Bookmark the permalink. ප්‍රතිචාර 13.

  1. ඉඋමථිඑ අදිකාරීINDUMATHIE ADIKARI

    සාධාරණ විවේචනයක් .ඔබේ බ්ලොගය කියවන්ට ආවේ අද .එය විශිෂ්ටයි .

    කැමතියි

  2. //මේ වෛද්‍යවරු අතර සිටින දෙවියන් බඳු වූ මිනිසුන් පිළිබඳ කතාවකි.. ඔවුන්ගෙන් එකෙකු මගේ මිතුරෙකි… මම ඔහු ගැන ආඩම්බර වෙමි, ගරු කරමි, … අපි ඔවුනට හිස නමා ආචාර කරමු, දෑත් බැඳ, වැඳ නමස්කාර කරමු//

    1. අපි ඔය ගොන් පාට් එක කරන නිසා තමයි මුන්ගේ ඔලුව මෙච්චර ඉදිමිලා තියෙන්නේ. ඔවුන් කරන්නේ ඔවුන්ගේ වෘත්තීය ආචාරධර්ම මගින් බැඳී සිටින සේවයක් පමණයි. එය විශ්වකර්ම ප්‍රාතිහාර්යයක් නෙවෙයි.

    2. GMOA එක අවම වශයෙන් දෙකට කැඩුවොත් ප්‍රශ්නේ ඉවරයි. ඒ සඳහා මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් කරන්න ඕනේ. අනේ මන්දා මේ ආණ්ඩුවවත් ඒ ගැන නොහිතන්නේ ඇයි කියලා.

    3. සයිටම් එක හරියට පිහිටුවා ගත්තොත් එයින් පිටවන වෛද්‍යවරුන් GMOA එකට එන්නේ නැහැ. මුන්ට ඒ භීතිකාව බරපතල විදිහට තියනවා. ඒ නිසා සයිටම් එක ස්ථාවර කරගත යුතුයි.

    කැමතියි

  3. ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙකුට උනත් ඔවුන්ගේ ළමයි ඕනෑම පාසලකට ඇතුලත් කරන්න පුළුවන්.
    ඒ ගැනත් අපි කතා කල යුථුඉ.
    ඔවුනට විතරක් විශේෂ සැලකිලි.

    කැමතියි

    • කතා කරමු…. මම කිවුවා වගේ උන් කරන්නෙ ඕක හීන් සැරේ දාගන්නවා මිසක්, අපේ ලමයි දැම්මෙ නැතොත් ජනතාවට සේවය කරන්නෙ නෑ කියලා පොර ටෝක් දෙන එක නෙවෙයි… අවුල තියෙන්නෙ එතැනයි.
      කිසිම කෙනෙකුට විශේෂ සැලකිළි අවශ්‍ය නෑ… ජනාධිපතිත් – කසළ ශෝධකයත් දෙන්නම එක හා සමාන අයිතිවාසිකම් භුක්ති විඳින අය විය යුතුයි

      කැමතියි

  4. දැන් ඉතින් මහජන මුදලින් ඉගෙනුම ලබන අනිත් උපාධිදාරීන් රට හැරදා යන්නේ වරප්‍රසාද (ඉහල වැටුපත් වරප්‍රසාදයකි ) අඩු නිසා මිස වෙන කුමකටද?

    මුලින්ම කිව යුත්තේ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය ඇමරිකාවේ එකට වඩා වෙනස් බවයි. අපේ එක අභාෂය ලබා ඇත්තේ UK ක්‍රමයෙනි.

    එක්සත් ජනපදය ගැන කියන්නේ නම් එය සැලකෙන්නේ වෛද්‍යවරුන්ට ඉහලම වැටුප් ගතහැකි, ජනතාව සෞඛ්‍ය වෙනුවෙන් වැය කරන මුදලට තරම් ප්‍රගතියක් නැති රටක් ලෙසය.

    එහි (එක්සත් ජනපදය ) වෛද්‍ය වැරදි ගැන දැන ගැනීමට නම් පහල ලින්කුවට ගොස් බලන්න.

    https://www.google.com/search?q=us+medical+deaths+malpractice&ie=utf-8&oe=utf-8&client=firefox-b&gfe_rd=cr&ei=DHTmV7CaDY2BogOj94jQCA

    එසේම වෛද්‍ය වැරදි සඳහා වෛද්‍යවරුන්ට රක්ෂන තිබෙන අතර ඒවායේ සාර්ථක අසාර්ථක අනුපාතය ගැන ඔබටම කියවා බලා ගත හැක.

    http://www.medicalmalpractice.com/national-medical-malpractice-facts.cfm#

    http://www.theglobeandmail.com/life/health-and-fitness/health-navigator/patients-odds-of-winning-medical-malpractice-suits-in-canada-arent-good-says-new-book/article10812604/

    https://en.wikipedia.org/wiki/Medical_malpractice_in_the_United_States#Damages

    අනිත් අතට ලංකාවේ වුවද වැරදි සඳහා දඩුවම් ලැබේ. ලමා හා මාතෘ රෝග බොහෝ අවදානම් ලෙස නම් දරා ඇත. වැරදිකරුවන්ට SLMC සමාජිකත්වය අහෝසිවීම හෝ රැකියාවේ ඉදිරියට යාමට ඇති හැකියාව නැති වේ.

    “මා ලංකාව හැර වෙනත් රටවල් දෙකක ජීවත්ව සිටි පුද්ගලයෙක් වන නිසා ඒ ඒ රටවල වෛද්‍යවරුන්ට ඇති තත්ත්‍වය හොඳින්ම දැක ඇත. ”

    මේ ගැන නම් මට සෑහෙන සැකයක් ඇත. මන්දයත් අපහාස, උපහාස, බැනුම්, ගුටි, ටොකු යනාදිය ලංකාවේ වෛද්‍ය සිසුන්ට නම් සාමාන්‍ය දේවල් වේ. රෝහල් වාට්ටු හෝ සායන තුල ලෙඩ්ඩු හෝ අනිත් සේවකයන් මැද්දේම මේ ව්දින්නට සිදු වේ ( මේ ලඟදී වාට්ටුව මැද දන ගස්සා තිබූ වෛද්‍ය සිසුවෙක් ගැනත් අසන්නට ලැබුනි ). එසේම ඉතාමත් සුලු කාරනයකට පවා “ෆේල්” (repeat) කිරීම මෙහිදී කරනු ලැබේ.

    ඇනුම් බැනුම හා ෆේල් කිරිලි කෙසේ වෙතත් ඇමරිකාවේ සිසුන්ට ගුටි කන්නට වෙනවාද යන්න නම් මම නොදනිමි.

    ලංකාවේ වෛද්‍යවරුන්ට ඇති “සුඛෝපභෝගී හෝ අර්ධ සුඛෝපභෝගී ජීවිතය” ගැන වැඩි දුරටත් කතා කිරීමේ උදාහරනයක් ලෙස ගත හොත් ලංකාවේ internලා බොහෝ විට ඒ අවුරුද්ද තුල සතියේ දින 6 හෝ 7ම රෝහලේ ගෙවිය යුතුය. පැය 24 සේවා මුර එක දිගට ලැබෙන අතර ඒ කාලය රෝහලේම ගෙවිය යුතුය. ඇමරිකා එක්සත් ජනපදයේ එය සතියට පැය 80 සීමා වී ඇත. UK වලනම් මෙය ඊටත් අඩුය.එසේම එහල සිට පහල වැටුප් (සියලු දීමනා සහිතව ) ලක්ෂ 14 සිට 25 පමනට ඇත. ඇමරිකාවේ නම් ලක්ෂ 70න් පමන පටන් ගෙන කෝටි 2-4 දක්වා ලැබේ. ඕස්ට්‍රේලියාවේ නම් ලක්ෂ 50 සිට කෝටි 1.5-2 පමන ඇත (නමුත් වැඩ කල යුතු කාලය සතියට පැය 40 අඩුය. OTවලට වෙනම ගෙවනු ලැබේ ).

    https://en.wikipedia.org/wiki/Medical_resident_work_hours#American_regulation

    (මේ දොස්තර රුවන් ජයතුංග ඔවුන් ගත කල සුඛෝපභෝගී/අර්ධ සුඛෝපභෝගී ජීවිතය ගැන ලියා තිබෙන ඒවාය. )
    http://transyl2014.blogspot.com/2016/07/blog-post_11.html

    http://transyl2014.blogspot.com/2016/09/blog-post_23.html

    සාමන්‍ය මිනිහෙක් ලෙස පාදෙනියගේ ඕනෑ තරම් වැරදි ඇති. නමුත් රජය හිතුමතේ ඇති කල රජරට වෛද්‍ය පීඨයට අවශ්‍ය කථිකාචාර්යවරුන් රජයෙන් නොලැබෙන විට කථිකාචාර්යවරුන් සොයා දීමටත්, තමන්ට PP කිරීමට හෝ විවේකයෙන් ගත කල හැකි කාලය වැය කරමින් සෑම සතියකම අනුරාධපුරයට පැමින සිසුන්ට ඉගැන්වීමත් ගැන නම් මම ඔහුට ගෞරව කරමි.

    අන්තිමට කියූ කාරනය ගැන නම් 100% එකඟ වෙමි. GMOA විසින් මේ වැඩය අනා ගත් බව කිව යුතුය. GMOA කල යුතුව තිබ්බේ FUTA බොරු 6% කින් තම වැඩි වැටුප් ඉල්ලීම වසා මෙවැනි දේවලට ලේසියෙන්ම මුරුන්ගා අත්තට නැන්විය හැකි ජනතාව ගොනාට අන්දා ගේමක් දුන්නා මෙන් ගේමක් දීමය.

    මහජනතාව ගොනාට අන්දවා කුලප්පු කර හෝ තමන්ගේ වරප්‍රසාද දිනා ගැනීමට කටයුතු කිරීම වෘත්තීය සමිතීයකට කල හැකි වටිනා වැඩකි.

    PS: වෛද්‍ය වර්ජන ගැන කියන්නේ නම් ඒ කාලයේ වෛද්‍යවරු ගෙදර වී නොසිටිති. රෝහලට ඇතුලත් කරගතයුතු සියලු රෝගීන් (නවතාගතයුතු තරම් රෝගී වි පැමිනෙන ) ඇතුලත් කරගන්නා අතර හදිසි සැත්කම්, ප්‍රතිකාර ලබා දෙනු ලැබේ. නේවාසික රෝගීන්ටත් මැරෙන්නට හැර ප්‍රතිකාර නවත්වා දැමීම කරනු නොලැබේ.

    කැමතියි

  5. මේ අර පිටස්තරයා කතාව කොටස් 27 ඉවරද???????….

    කැමතියි

  6. මේ අර පිටස්තරයා කතාව කොටස් 27 න් ඉවරද???????….

    කැමතියි

  7. මේ අර පිටස්තරයා කතාව කොටස් 27 න් ඉවරද???????

    කැමතියි

  8. දොස්තරලා වර්ජනය කරනකොට අසරන වෙන්නේ රොගින් එහෙම නැතුව වෙන මොකේක්වත නෙවෙ ඔවුන්ගේ සේවය නිසිපරිදි කරගෙන යන්න අවස්තාව තිබිය යුතුයිදේශපාලකයොට විතරක් නෙවේ සියලුදෙම තිබිය යුත්තේ මේ වගේප්‍රකාශ කරනකොට අපි ටිකක් හිතා බලන්න ඔනී පසුගියදශක ගනනාවකමදේශපාලකයෝ කරපු දෙවල් නිසා අපේ රට ගොඩ දාන්න බැරි තැනට පත්වෙලා ඉවරයි තව දුරටත් ඔබ අපි මෙහෙම හිතන්ට ගියොත් අපේ රටට දෙයියන්ගේ පිහිටවත් නැති වෙයි

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: