රථවාහන දඩය රුපියල් 25,000 කළ රජයට අපගේ ප්‍රණාමය…. Seriously… No Joke….


I Love You,..

හැමදාම කිවුවත්, හදවතින් කියන්නෙ නැතිනම් බොහොම සරළව ලාබෙට හුවමාරු වන වචන පෙළක් තමයි… I Love You… ඒ වගේමයි බොහෝ ස්ථානවල දක්නට ලැබෙන Safety First යන්න… මේ ගැන බොහෝ දුරට සැළකිළිමත් වන්නෙ ඇත්තෙන්ම අවදානම් කාර්යයක නියැලෙන පුද්ගලයා නොවෙයි… එක්කෝ ආයතනයේ හිමිකරු, මානව සම්පත් කළමණාකරු, එහෙමත් නැතිනම් ආරක්‍ෂාව පිළිබඳ කළමණාකරු.. (සිංහලෙන් සේෆ්ටියා කියන්නෙ… අන්න ඌ…) ඒ මොනවා වුනත් තම තමන්ගේ ආරක්‍ෂාව තම තමන් සළකා ගත යුතුය කියලා  ජේ ආර් උන්නැහේ කිවුවෙත් කට කහනවට නෙවෙයි. මොකද කියන්නෙ, තමන්ට කෙළවුනාම කිසිම කෙනෙක් එන්නෙ නෑ කියලා ඒ උන්නාන්සෙ දැන උන්න නිසා…

ගිය වසරේ හදිසි අනතුරු ප්‍රමාණයට වඩා මේ වසරේ අනතුරු ප්‍රමාණය අඩුයි කියලා ඔන්න  කවුද කට ඉස්සර කරගෙන තිබුණා.. දැන්වත් කට්ටිය ක්‍රියාත්මක වෙලා ගිය වසරේ රෙකෝඩ් එක කැඩුවොත් හොඳයි.. කොහොම වුනත් පාරේ යන එන අතරේ අවධානයෙන් බැලුවොත්, කිලෝමීටරයක් දුර යත්දි අපි කොපමණ අනාරක්‍ෂිත කටයුතු දකිනවද කියලා බලා ගන්න පුළුවනි. මේ සඳහා බොහොමයක් දායක වෙන්නේ මෝටර් බයිසිකල් සහ ත්‍රීරෝද රථ.වමෙන් ඉස්සර කිරීම, ධාවන පථ (Lane) මාරු කිරීමේ අවදානම් සහගත අවස්ථා, නිසි ප්‍රමාණයට වඩා සෙනඟ පැටවීම, මෝටර් බයික්වල අම්මත් තාත්තත් හෙල්මට් දාගෙන දරුවන්ට කිසිම ආරක්‍ෂාවක් නැතිව ගමන් කිරීම ආදිය බහුලව දැකිය හැකි අනාරක්‍ෂිත කටයුතු.

ඇත්තෙන්ම මේ අනාරක්‍ෂිත බව කර පින්නාගෙන අපි යන්නෙ කොහාටද ? මේ කලබලයෙන් ගියත් වැඩිම වුනොත් අපි විනාඩි 5 ක් නැතිනම් 10 ක් ඉක්මනින් ගමනාන්තයට ලඟා වේවි. නමුත් ඒ අතරේ අනතුරක් වුනොත් ? ඊටත් ඉක්මනින් සුරලොව හෝ අපාය කරා ලඟා වේවි… නමුත් මේ හදිසියට, විනය නොමැතිකමට විසඳුමක් ලැබිලයි තියෙන්නෙ…

රථවාහන වැරදි 6 ක දඩ මුදල රුපියල් 25,000 දක්වා ඉහළ දමලා… මේක බොහෝ දෙනෙකු ලොකු වැරැද්දක් ලෙසිනුයි දකින්නෙ….

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය…

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව කිසිම කෙනෙකුට නීත්‍යානුකූලව රිය පදවන්න බැහැ. රිය පැදවීමේ හැකියාව තිබුණත් එය නීතිමය වශයෙන් ඔප්පු කරන්නත් බැහැ… ලඟකදී රියදුරු බලපතක් නැතිව රිය පැදවූ අවුරුදු 16 ක ළමයෙක් කහ ඉර මතදීම මවක් සහ දියණියක් යටකරදමා තිබුණා…

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනයට අනුබල දීම…

මේකත් දැන දැන කරන වැරැද්දක් නෙ..නුසුදුසු කෙනෙකුට රිය ධාවනයට ඉඩ දීම ඇත්තෙන්ම කළ යුත්තක් නොවෙයි.

රක්‍ෂණ සහතිකය නොමැතිව ධාවනය…

අනිවාර්ය දෙයක්. තර්කයක් නෑ….

බීමත්ව රිය පැදවීම.

බීමත්ව රිය පැදවීම නිසා සිදුවන අනතුරුවලින් මිය යන බොහොමයක් දෙනා අනෙක් පාර්ශවයේ උදවිය… අනතුරු වලින් මියගිය මා දන්නා බොහෝ දෙනෙකුගේ මරණවලට හේතුව අනෙක් පාර්ශවය බීමත්ව සිටීම නිසා… බීමත් නම් එක්කෝ රියදුරෙක් ගන්න ඕන… නැත්නම් ත්‍රීවිල් එකක් හරි අරන් යන්න ඕන… නැත්නම් නොබී ඉන්න ඕන….

අධික වේගය…

මෙය මමත් කරන වැරැද්දක්… නමුත් අධික වේගය අනතුරු වලට හේතුවක් බව තර්කයක් නැහැ… බොහොමයක් දෙනා පාලනය කරගත නොහැකි වේගයෙන් පදවනවා.. වේග සීමාවට වඩා කිලෝ මීටර 5 ක සහන වේගයක් දුන්නට කමක් නැහැ… එසේමයි, වේග සීමා ගණනය කරන පොලීස් මහත්වරු ලඟ කැමරාවක් සහ නිසි රේඩාර් උපකරණ තිබිය යුතුයි. එසේම ඒ උපකරණ බිමට සවි කර (ත්‍රිපාද රඳවනයක් මත) තිබිය යුතුයි.. එවිට කිසිම තර්කයක් නොමැතිව වේගය හරියටම මැනිය හැකියි… මෙය පුළුවන් තරම් නිවැරදිව කළ යුත්තක්… සමහරවිට බොරු ගනන් පවා පෙන්විය හැකියි…

දුම්රිය හරස් මාර්ග නීති උල්ලංඝනය… 

මෙය උල්ලංඝනය කිරීම මරුවාට අත වැනීමක්. සියදිවි නසා ගැනීමක් පමණක් නොව වාහනයේ අනෙක් අය ඝාතනයක්….

වම්පසින් ඉස්සර කිරීම.

බොහොමයක් ත්‍රී වීල් මහත්වරු සහ බයිසිකල් මහත්වරු කරන ලොකු වැරැද්දක්.. මෙය විනය සහ ඉවසීම අතර ගැටුමක් පවතින තැනක්… ඉඩ නැතිනම් වමෙන් හෝ දාගෙන යන්න ඕන… ඕකයි තර්කය… මෙය ද දෘෂ්‍ය සාක්කි සහිතව ඔප්පු කළ යුත්තක්… පින්තූර වලින් සමහරවිට ඔප්පු කරන්න බැරි නිසා වීඩියෝ දර්ශන වලට යන්න සිදු වේවි… වමෙන් ඉස්සර කිරීම නිසා අනතුරු සිදු වනවා සේම මාර්ග තදබදයද ඇති වෙනවා…

 

මේ නීතිවලට විරුද්ධ වන බොහොමයක් දෙනාගෙ තර්කය තමයි පොලීසිය මේ මගින් අයථා ලෙස මුදල් උපයන බව…. කොහාමත් ඉස්සර රුපියල් 550 ක් දීලා ශේප් වුන අයට දැන් 10,000 ක් වත් දීලා ගැලවෙන්න බැරි වෙයි.. මේ නිසා කල යුතු හොඳම දේ කොපමණ පරක්කු වුනත් නීතිගරුකව වාහනය පැදවීම.

පොලීසිය අල්ලස් ගන්නවා නම් කළ යුත්තේ එසේ අල්ලස් ගන්නා පොලිස් නිලධාරීන් උපක්‍රම මගින් අල්ලස් දැලට හසු කර ගැනීම. උදාහරණයක් ලෙස Undercover කණ්ඩායමක් හිතාමතාම වැරදි සිදුකර, අල්ලස් දීමට උත්සාහ කළ යුතුයි.. නිලධාරීන් අල්ලස් ගන්නේ නම්, ඒ අවස්ථාවේදීම නීතියේ රැහැනට හසු කර ගත හැකියි…

ඊලඟ ප්‍රශ්නය වන්නේ VIP කට්ටියට මේ නීති වලංගු නැතිද යන්නයි. නීතිය සැමට පොදු විය යුතුයි.. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හැරුණු කොට අන් කිසිවකුට මාර්ගයේ ගමනාගමනය හදිසි විය යුත්තක් නොවෙයි. සමහරවිට වෛද්‍යවරුන්ට හදිසියේ යා යුතු වනවා. ඒ හැරෙන්නට කිසිම කෙනෙකුට හදිසියක් තිබිය යුතු නැහැ.. මේ නිසා මේ සියළු නීති හැම දෙනාටම පොදු විය යුතුයි.. එවිටයි නීතිය අර්ථවත් වන්නෙ….

දඩ එකක් දෙකක් වදිනවිට නිතැතින්ම අපි විනය ගරුක වේවි… මම හිතන විදියට මුදල් ඇමති සහ ප්‍රවාහන ඇමති දෙපළම මිනිසුන්ගේ ඇඟට වදින ආකාරයෙන් මේ නීති ගෙනැත් තිබෙනවා… පොකට් එකට තට්ටු වනවිට ඉබේම නීති ගරුක වෙයි… නමුත් බස් මාෆියාවට හෝ ත්‍රීවිල් මාෆියාවට බයේ මේ නීති අකුලා නොගත යුතුයි… බස් වර්ජනය කළොත් සතියක් වර්ජනය කළ හැකි වෙයි… බොහොමයක් බස් හිමියෝ වාරික ගෙවන්නේ බසයේ එදිනෙදා ආදායම එකතු කරලයි… බස් නොදිවුවොත් පාඩුව ඔවුන්ට.. ඒ නිසා සතියකට පසු ඉබේම බස් එක දෙක පාරට වැටේවි…

දියුණු රටවල පවා මාර්ග නීති උල්ලංඝණයට දෙන දඩය ඉතා ඉහලයි…. මගේ නම් අදහස මෙය ඉතාම හොඳ කරුණක්…

දඩය වැඩිනම් නීතිගරුක වන්න… එවිට කිසිම දඩයක් නොවදිනු ඇත.

 

 

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on නොවැම්බර් 21, 2016, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 3.

  1. මාත් අත් දෙකම ඔසවනවා. දඩය මීටත් වඩා වැඩි උනත් කමක් නෑ. මේ වගේ දඩ නියම කළ රජයට පාඩමක් උගන්වන්නට නම් නීතිගරුකව රිය පැදවීම තමයි හොඳම විදිහ.

    කැමතියි

  2. මේ වැරදි වලට මේ දඩය මේ ආකාරයෙන් අයකරගන්න එක ගැන මාත් කිසිම වැරැද්දක් දකින්නෙ නෑ. විශේෂයෙන්ම වමෙන් ඉස්සර කරන ත්‍රීවීල් සහ මෝටර් සයිකල් නිසා පාර පනින අයට සිද්දවෙන අනතුරු කීපයක්ම මාත් දැකල තියෙනව.
    අවුල තියෙන්නෙ අධික වේගය ගැන තීරණය කරන ආකාරයෙ තමයි. වේග සීමා පුවරු හයි කළාට පස්සෙ ඒ වේග සීමාව අවසාන වෙන ස්ථානයේ අදාල පුවරු හයි කරන්න ඕන උනාට මමනං පොතේ ඇරෙන්න කිසිම තැනක එහෙම එකක් දැකල නෑ.

    ඔය වගේම ජංගම දුරකථන කනේ ගහගෙන යන අයටත් ඔය දඩය ක්‍රියාත්මක කළ යුතුයි.

    කැමතියි

  3. මේ තියන වහන තදබදය නිසා පැය ගනන් පාරවල්වල තපින්න වෙලා කොහොම හරි ඉඩ තියන තැනකින් දාලාඉක්මනින් ගෙදර එන්න හැමොම කැමතියි අපේ රටේ මිනිස්සු නහය ගාවට විතරයි බලන්නේ මෙවා අනුමත කරන පොරවල් පොඩ්ඩක් හිතන්න ඔනි මෙවාඅපටආදරයට දාන එවා නෙවේ ආංඩුවේ බදුවැඩිකරගන්න දාන එවා මොඩ විදියට කොමන්ට් දාන්න එපා බං

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: