Daily Archives: ජූනි 20, 2017
අන්තර්ජාලයෙන් පත්තරයකට සංක්‍රමණය..
මේ වැඩ අස්සේ ලියන්න වෙලාවක් හොයා ගන්නවා කියන්නෙ යහපාලනයට ඡන්දෙ දීපු කෙනෙක් හොයා ගන්නවටත් වඩා අමාරු වැඩක් (ඒකට මම නම් කරන්නෙ කණ්නාඩිය ඉස්සරහට යන එකයි). ඒ වුනත් කිසියම් මෝටිවේෂන් එකක් තියෙනවා නම් කරන්න බැරි දේකුත් නෑ…
හැමදාම ලියන එක කල් දාපු මටත් ඒ වගේම මෝටිවේශන් එකක් ලැබුණා… පසුගිය මාසයක රිවිර පත්තරේ මගේ විස්තරේ ගියාට පස්සෙ ආරාධනාවක් ලැබුණා පත්තරේට ලිපි කිහිපයක් ලියන්න…. මුලින් අදිමදි කළත්, පසුව වෙලාව හොයාගෙන, ඒ කියන්නෙ සමහර දවස්වල උදේ දෙක තුන වෙනකල් නිදි මරාගෙන ලිපි දෙකක් ලියුවා… දැන් ඒ ලිපි සතිපතා පළවෙන කොට ලැබෙන පොඩි මෝටිවේශන් එකේ ආනුභාවයෙන් ආඥාවෙන් තව තවත් ලිපි ලියැවෙනවා.
බොහෝ ලිපි විද්‍යා සන්නිවේදනය කරන්න දායක වේවි. ඉතිං පළවන හැම ලිපියක්ම, සතියකට පසු බ්ලොග් එකේ පළ කරන්නත් අවසර ගත්තා කතෘ තුමාගෙන්…
මේ ලිපි පළවන්නේ රිවිනෙත කලාපයේ…. සමහරවිට ඉදිරියට පිටුවක්ම මගේ ලිපිවලින් සරසන්න ඉඩ ලැබේවි….
මේ ගිය සතියේ පළ කළ ලිපිය… අමු අමුවෙන්ම පත්තරෙන් අරන් දාන්නෙ කම්මැලිකමට….
http://www.rivira.lk/online/2017/06/17/114178