අපි නොදන්න APP: නොදන්නා දුරකථන අංක සොයා දෙන Truecaller


Truecaller-iPhone-Update

නොදන්නා දුරකථන අංකයකින් සමහරවිට කිසිවකු ඔබට අනවශ්‍ය ලෙස දුරකථන ඇමතුම් ලබා දෙන අවස්ථා අපමණ සිදුවන්නට ඇති. සමහරවිට එය ඔබට කරදරයක්, නැතහොත් බියජනක සිදුවීමක් වන්නටත් පුළුවන්. ඒ වගේම බොහොම අනතුරුදායක තත්ත්‍වයකටත් ඔබ පත්වන්නට ඉඩ තිබෙන්නට පුළුවනි. මෙන්න මේ කරදර කාරයන් හඳුනාගන්න, නවත්වන්න සහ ඔබගේ අංකයට නිසි වලංගුභාවයක් ලබා දෙන්නට දැන් ජංගම දුරකථන සඳහා Truecaller  නම් ඇප් එක මගින් පුළුවන්.

Truecaller ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් යන දුරකථන මාදිලි දෙවර්ගයම සඳහා වලංගු වන ඇප් එකක්. මෙම ඇප් එක සාදනු ලැබුවේ Alan Mamedi සහ Nami Zarringhalam යන දෙදෙනා විසින්. ඇත්තෙන්ම තමන්ට ලැබෙන දුරකථන ඇමතුම් කාගෙන් ලැබෙන්නේදැයි සොයා ගැනීම පිණිස මේ දෙදෙනා මෙය මුලින්ම අන්තර්ජාලයට මුදා හැරියා. ඒ වනවිට අන්තර්ජාලයේ තිබූ දුරකථන අංක සොයා ගැනීමේ ක්‍රම සියල්ල අභිබවමින් මේ ඇප් එක සතියක් ඇතුලත බාගත කිරීම්10,000 පසුකර ගියා. මේ නිසා ඔවුන් එය ජංගම දුරකථන සඳහා සැකසුවත්, එයට අවශ්‍ය යටිතල පහසුකම් තිබුණේ නැහැ. කෙසේ වුවත් 2010 දී මෙම ඇප් එක ජනප්‍රිය වන්නට පටන් ගත් විට මේ දෙදෙනා සිය රැකියාවලින් සමුගෙන පූර්ණකාලීනව මේ සඳහා කැපවුනා.

මෙහිදී ඔබ කළයුතු වන්නේ Truecaller ඇප් එක බාගත කළ පසු ඔබේ දුරකථන නාමාවලිය එය වෙතට ලබා දීමයි. එසේම මෙහිදී ඔබේ දුරකථන අංකය නිසි අනන්‍යතාවයකින් යුතුව Save කිරීම මගින් ඔබේ දුරකථන අංකයට වලංගුභාවයක් ලැබෙනවා. ඔබ දුරකථන නාමාවලිය ලබා දුන් පසු, සාමාන්‍ය දුරකථන ඇමතුම් ලබා ගන්නා ඇප් එක වෙනුවට Truecaller ඇප් එක මාරුකරගන්න. එවිට ඔබේ දුරකථනය Truecaller ජාලයට සම්බන්ධ වෙනවා. ඔබ වැනිම Truecaller භාවිතා කරන වෙනත් කෙනෙකු Save කළ දුරකථන අංක ද ජාලයේ සටහන්ව තිබෙනවා. ඔබ නොදන්නා, එහෙත් වෙනත් කිසිවෙකු විසින් Save කළ අංකයකින් දුරකථන ඇමතුමක් ලැබේ නම්, එම අංකය සහ අදාල තැනැත්තා Save කළ නමින් එය ඔබේ තිරයේ දිස් වෙනවා. එවිට ඒ පුද්ගලයා ඔබේ දුරකථන නාමාවලියේ නැතත්, කවුරු ඔබට දුරකථන ඇමතුම් දෙනවාදැයි ඉතාම ලෙහෙසියෙන් සොයාගත හැකියි.

එසේම කිසිවෙකු අනවශ්‍ය දුරකථන ඇමතුම් ලබාදෙන්නේ නම් එය කරදරකාර අංකයක් ලෙස නම් කිරීමෙන් එය අගරු ලේඛණයකටද ඇතුලත් වෙනවා. එසේම කිසියම් කෙනෙකුගේ අනන්‍යතාවය පැහැදිලිවම මෙමගින් බලාගැනීමට පුළුවනි. උදාහරණයක් වශයෙක් කිසිවෙකු ඔබට බැංකුවකින් අමතා පෞද්ගලික විස්තර විමසුවොත්, එය එම බැංකුවෙන්ද, එසේත් නැතිනම් වෙනත් පුද්ගලයෙක්ද යන්න ඉබේම සටහන් වනවා. බොහෝ ව්‍යාපාර දැන් සිය වලංගුභාවය ස්ථාපිත කරන්නේ ද මෙම ඇප් එක හරහායි. එවිට සිය පාරිභෝගිකයන් කිසිදු සැකයකින් තොරව ඔවුන් හා සම්බන්ධ වෙනවා.

මීට අමතරව, සමහරවිට ඔබට කිසිවෙකු දුරකථන අංකයක් ලබා දුන්පසු එහි වලංගුභාවය ද මේ මගින් සොයාගත හැකියි. එනිසා කෙනෙකුට වැරදි දුරකථන අංක ලබාදිය නොහැකියි. මෙම ඇප් එක වඩාත්ම පළදායී වන්නේ එය ජාලගතව ඇති නිසයි. දැන් දැන් වැඩි දුරකථන ග්‍රාහකයින් ප්‍රමාණයක් මෙම ඇප් එක පාවිච්චි කරන නිසා, කිසියම් කෙනෙකුගේ දුරකථන අංකයක් මේ ජාලයේ සඳහන් නොවී තිබීමට ඇති හැකියාව ඉතා අල්පයි. ලොව පුරාම ඇති දුරකථන අංක බොහොමයක් කුමන ක්‍රමයකින් හෝ මෙම ජාලයට සම්බන්ධයි. මේ නිසා ලොව කොතැනකින් දුරකථන ඇමතුමක් ලැබුණත්, ඒ කවුදැයි දැනගැනීම ඉතාම පහසුයි.

මෙම ඇප් එක ඉතාමත් වැඩදායී සහ ආරක්‍ෂාකාරී ඇප් එකක්. මේ නිසා කෙනෙකුගේ දුරකථන භාවිතයේ ආරක්‍ෂාව තහවුරු වන අතර අනවශ්‍ය දුරකථන ඇමතුම්වලින් මඟහැර සිටීමට පුළුවන්. මෙය කෙටිපණිවුඩ සේවාවට ද එසේම වැදගත් වනවා. ඔබ වෙනත් දුරකථන ඇප් බාගත කරන අවස්ථාවේ මෙවැනි වැඩදායී ඇප් එකක් පාවිච්චි කිරීමට පෙළඹීමෙන් ඔබේ ආරක්‍ෂාව මෙන්ම දුරකථන භාවිතයේදී පහසුවත් නිතැතින්ම ලැබෙනවා.

වැඩි විස්තර https://www.truecaller.com/

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on අගෝස්තු 15, 2017, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , . Bookmark the permalink. ප්‍රතිචාර 2.

  1. truecaller කියන්නේ එක්තරා විදියකට ඔයාගේ මුළු දුරකතන නාමාවලියම කොපි කරගන්න ඇප් එකක්. ඒකේ භයානකම තැන කියන්නේ මගේ දුරකතන අංකය ඔබේ දුරකතන නාමාවලියෙන් මගේ අවසරයකින් තොරව ලබාගන්න එක. එතැනදී ඔබ එම ඇප් එකට ඔබේ නාමාවලියට පිවිසීමට හා ප්‍රයිවසී සඳහා අවසර දුන්නත් මම ඔබට මගේ දුරකතන අංකය එසේ ෂෙයාර් කරගැනීමට අවසර නොදී තිබීමයි. කොහොම හරි අපේ දත්ත හොරා කමින් එකතු කිරීමක් කරන්නේ. ලබා දෙන සේවා වලින් spam සහා අනවශ්‍ය කෝල්ස් මැසේජස් එහෙම අයින් කරලා දෙන එක හොදයි.
    නිවැරදි කිරීම truecaller ඇප් එක ඔයාගේ Call ගන්න පාවිච්චි කරන default ඇප් එක කරන්න අවශ්‍යම නෑ. ස්ථාපනය සහා ලියාපදිංචි වී සිටීමම ප්‍රමාණවත්

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: