අනාගතයේ දත්ත ලෝකය පාලනය කරන දෙවියා….. Facebook නිර්මාතෘ Mark Zuckerberg


මේ ලිපිය කියවන ඔබ සියවසේ පරපුරට අයත් නම් අනිවාර්යයෙන්ම Facebook සාමාජිකයෙක් වන්නට පුළුවනි. එසේ නොමැති අයෙක් සොයාගැනීම තරමක් අසීරු කාර්යයක්. Facebook සාමාජිකත්‍වය නොලබා සිටින්නකු එසේ නොවන්නේ යැයි ඉතා දැඩි ස්ථාවරයක සිටින අයෙක් හෝ, ස්මාට් ජංගම දුරකථනයක හිමිකරුවකු හෝ නොවිය හැකි අයෙකුයි. තවත් සමහරවිට ඒ පුද්ගලයා සමාජය සමග සබඳතා අනවශ්‍ය යැයි සිතන පුද්ගලයෙකු විය හැකියි. ඒ අය හැරුණුකොට, සමාජයේ විවිධ තලවල, විවිධ වෘතීන්වල, සහ විවිධ වයස් මට්ටම්වල සෑම දෙනෙකුම පාහේ Facebook හි සාමාජිකත්‍වය ලබා සිටිනවා.

එයින්ම ඔබට පෙනෙනවා ඇති 2004 පෙබරවාරි 04 දින ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේදී එලිදැක්වුන, ලෝකය වෙනතකට ගමන් කරවන Facebook නම් සමාජ ජාල වෙබ් අඩවිය ලෝකවාසී මිනිසුන්ගේ සිත් සතන්, ජීවන රටාව, සිතුවිලි රටාවට කළ සුසමාදර්ශීය වෙනස. The Facebook යනු ඇමරිකානු සරසවිවල සිසුන්ගේ පින්තූර එකතු කොට සැකසුන නාමාවලියක්. හාවඩ් හි දෙවන වසර සරසවි සිසුවකුව සිටියදී මාක් සකර්බර්ග් මුලින්ම Facemash නම් වෙබ් අඩවිය නිර්මාණය කළේ එකළ තිබූ Hot or Not නම් වෙබ් අඩවියට සමාන කරමින්.  මෙහිදී සිදු කළේ හාවඩ් වෙබ් ජාලයේ තිබූ සිසුන්ගේ පින්තූර තෝරාගෙන දෙදෙනෙකුගේ පින්තූර දෙකක් සසඳා දෙදෙනාගෙන් කවුරු වඩා සරාගී ද යන්න තේරීමයි. ප්‍රසිද්ධ කර මුල් පැය 4 ඇතුළත, Facemash වෙබ් අඩවිය 450 ක් නරඹා තිබු අතර එහි වූ ඡායාරූප 22,000 වතාවක් පරිශීලනය කර තිබුණා. මේ නිසාම ඔහුට හාවඩ් සරසවියෙන් දඬුවම් ලැබූයේ වෙබ් ජාලයේ ආරක්‍ෂක උපක්‍රම අවදානමට ලක් කිරීම නිසා. පසුව ඔහු එම ව්‍යාපෘතිය කලාවේ ඉතිහාසය යන විෂයානුබද්ධ ව්‍යාපෘතියක් ලෙස සකසා ඉදිරිපත් කළා. එහිදී විවිධ කලාකෘතිවල පින්තූර වෙබ් අඩවියකට ඇතුලත් කර ඒවාට Comment කිරීමේ පහසුකම ඇති කළා. එය ඉතා ඉක්මනින්ම සිසුන් අතර ප්‍රචලිත වුනා.

අනෙක් සෑම නව නිර්මාණයකටම වාගේ මෙයටත් ප්‍රශ්න නොතිබුණා නොවෙයි. මෙය එළිදක්වා දින හයකට පසුව හාවඩ් විශ්ව විද්‍යාලයේම Cameron Winklevoss, Tyler Winklevoss, සහ Divya Narendra තිදෙනා  සකර්බර්ග්ට විරුද්ධව පැමිණිලි කළේ ඔවුන්ව රවටා ඔවුන්ගේ දැනුම ලබාගෙන HarvardConnection.com නම් වෙබ් අඩවියට තරඟකාරී වෙබ් අඩවියක් නිර්මාණය කලාය පවසමින්. කෙසේ හෝ මේ පැමිණිල්ල 2008 නඩු මාර්ගයට ගොස් 2012 දී කොටස් වෙළඳපොලේ ඩොලර් මිලියන 300 ක් වටිනා කොටස් ප්‍රමාණයක් ඔවුනට ලබාදීමට එකඟවීමෙන් සමථයකට පත් කෙරුණා.

මුලින් සරසවි සිසුන්ට පමණක් විවෘතව ක්‍රම ක්‍රමයෙන් වැඩුණු Facebook වෙබ් අඩවිය 2006 සැප්තැම්බර් 26 වන දින අවුරුදු 13 ට ඉහළ සාමාන්‍ය ජනතාවට සාමාජිකත්‍වය ලැබිය හැකි වන සේ විවෘත වූ අතර 2007 අග භාගය වන විට ව්‍යාපාරික ප්‍රජාව අතරද බෙහෙවින් ජනප්‍රිය වුනා. ඒ අනුව ඒ කාළය වන විට ව්‍යාපාරික පිටු 100,000 ඉක්මවා එකතු වූවා. එපමණක් නොවෙයි, ව්‍යාපාරික දැවැන්තයන් වන මයික්‍රොසොෆ්ට් සමාගම පවා Facebook හි ආයෝජනයට එකතු වුණා. 2007 ඔක්තෝබර් වන විට Facebook හි පූර්ණ වටිනාකමින් 1.6% ක කොටස් ඩොලර් මිලියන 240 ක් මුදලක් ලබා දී මයික්‍රොසොෆ්ට් සමාගම මිලදී ගත්තේ ෆේස්බුක්හි මුළු වටිනාකම ඩොලර් බිලියන 15 ක් බවට ඉහළ නංවමින්. මේ සමගම අන්තර්ජාතිකව වෙළඳ දැන්වීම් Facebook හි පල කිරීමේ අයිතියත් ඔවුනට ලැබුණා.

2008 දී සිය ජාත්‍යන්තර මූලස්ථානය අයර්ලන්තයේ ඩබ්ලින් හි පිහිටවූ Facebook ආයතනය 2009 වන විට ලාභ ලබන තත්ත්‍වයට පත් වූයේ වඩාත්ම වැඩිපුර පරිශීලනය වන සමාජ වෙබ් අඩවිය ලෙස කිරුළු පලඳමින්. 2010 වනවිට මිලියන 500 ක සාමාජිකත්‍වයක් ඇතිකරගත් මෙය සත්තකින්ම නිහඬ විප්ලවයක් කළායැයි පැවසුවහොත් එය අසත්‍යයක් නොවන්නේ ලොව පුරා විවිධ අවස්ථාවන්හිදී රාජ්‍යබලය පවා මේ මගින් සෙලවුන නිසා.

2010 නොවැම්බර් වන විට ඇමරිකාවේ තුන්වන විශාලතම සමාගම බවට පත් වන්නට Facebook ආයතනයට හැකි වුවේ එහි අගය ඩොලර් බිලියන 41 ක් බවට පත් කරගනිමින් ඒ වනවිට ඉහළින්ම වැජඹුනේ ගූගල් සහ ඇමසොන් සමාගම් දෙකයි.  2011 වසර වනවිට ඇමරිකාවේ වැඩියෙන්ම පරිශීලනය කරන වෙබ් අඩවිය බවට Facebook  පත් වූයේ මසකට ට්‍රිලියනයක වෙබ්ගත වීම් සනිටුහන් කරමින්.

Facebook  නිර්මාතෘ මාක් සකර්බර්ග් රතු – කොළ වර්ණ අන්ධතාවයෙන් පෙළෙන නිසා ඔහු Facebook  අඩවිය නිල්පැහැයෙන් වර්ණ ගැන්වුවා. එය ඔහු ප්‍රසිද්ධියේම පවසා සිටි දෙයක්. විවිධාකාර එළිදැක්වීම් සමගින් වැඩිදියුණු වූ වෙබ් අඩවිය, පස් වසරකට පසු Like බොත්තම හඳුන්වාදුන් පසු සාමාජිකයන්ගේ අන්තර් සබඳතා වැඩිවුනා. පින්තූරයකට හෝ සටහනකට Like දැමීම මගින් එහි වටිනාකම සහ ආකර්ෂණය වැඩි කර ගන්නට බොහෝ දෙනා සමත්වූ අතර විවිධ පිටු එලිදැක්වූ සාමාජිකයින් සිය ජනප්‍රියත්වය Like වලින් මනින්නට වුනා. ලංකාවේද සමහර පිටු Like හිඟාකන්නේ සිය වෙබ්පිටුව පරිශීලනය කරන පිරිස වැඩිකරගැනීමට. මෙසේ පරිශීලකයන් වැඩිවන විට එම පිටුවලට එකතු වන වෙළඳ දැන්වීම් ප්‍රමාණය වැඩි වනවා. Facebookහි  ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය හරහා ලැබෙන ආදායමයි. මේ සඳහා විවිධ සමාගම් කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගත් පරිඝණක ක්‍රමලේඛ උපයෝගී කරගෙන එක් එක් වයස් කාණ්ඩ සහ එකිනෙකාගේ රුචිකත්‍වය මත පදනම් වූ වෙළඳ දැන්වීම් ඒ අයගේ Facebook  පිටුවල පළ කරනු ලබනවා. කෙසේ වුවත් වෙනත් වෙබ් අඩවි වලට වඩා අඩු සාර්ථකත්‍වයක් තමයි Facebook  හි පළ කරන දැන්වීම් වල තිබෙන්නේ. එනම් වෙළඳ දැන්වීම් වෙත ගොස් Click කිරීමේ ප්‍රතිශතය වෙනත් වෙබ් අඩවි වලට වඩා අඩුයි. 2015 පෙබරවාරි වන විට Facebook  හි සක්‍රීය වෙලඳ දැන්වීම් අනුග්‍රාහකයින් සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ගියා. මෙයින් වඩාත්ම වැඩි ප්‍රමාණයක් දැන්වීම් ලැබුණේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන්. එය කෙතරම් ඉක්මනින් වැඩිවූයේද කියනවා නම් 2016 මාර්තු වනවිට මිලියන තුනක සක්‍රීය වෙලඳ දැන්වීම් අනුග්‍රාහකයින් සංඛ්‍යාවක් Facebook  සමඟ රැඳී සිටියා. ඔවුන්ගෙන් 70% ක්ම ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටත ව්‍යාපාරිකයන් වීමත් විශේෂත්‍වයක්.

Facebook  හි මුහුණත එය වුවත්, ඒ හා සබැඳි ව්‍යාපාර කිහිපයක් තිබෙනවා. Whatsapp, Instagram, Messenger, සහ Oculus VR නම් Virtual Reality  සමාගමක් ද මේ හා එකතුව තිබෙනවා.

දිනෙන් දින Facebook  ආයතනය නව ප්‍රවණතා ලෝකයට හඳුන්වා දෙනවා. මෑතකදී එක් වූ Like බොත්තම සහ එහි දිගුවක් වන විවිධ හැඟීම් දනවන ඉමෝජී නිසා සාමාජිකයන්ට Like එකක් වෙනුවට ආදරය, සිනහව, විශ්මය, දුක සහ තරහ යන හැඟීම් දැක්වීමේ අවස්ථාව ලැබී තිබෙනවා. මෙයට අමතරව දැන් දැන් Facebook  ආයතනය සිය කටයුතු වලට කෘත්‍රීම බුද්ධිය එකතු කරගන්නා අවස්ථාවත් පැමිණිලා තිබෙනවා. මෙයට සමගාමීව ඔවුන් ස්වයංක්‍රීයව පාලනය වන රොබෝ ක්‍රමලේඛ හඳුන්වා දුන්නේ සති කිහිපයකට පෙර. නමුත් ඔවුන් නොසිතූ විරූ අත්දැකීමකට ලෝකයම මුහුණ දුන්නේ මේ ස්වයංක්‍රීය රොබෝ ක්‍රමලේඛ විසින් ඔවුන්ට දෙනු ලබන විධාන පසෙක ලා, ඔවුන්ටම ආවේණික භාෂාවකින් සන්නිවේදනය ඇරඹීමත් සමගයි. එවිටයි ලෝකයටම වැටහුනේ, කෘත්‍රීම බුද්ධිය ඇත්තෙන්ම භයානක බව. මේ සිද්ධියත් සමගම ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඉලොන් මස්ක් විසින් ලොවටම අනතුරු හැඟවීමක් කළා. එසේම Facebook  විසින් මෙය ඉදිරිපත් කිරීමත් නිර්දය ලෙස විවේචනය කළා. මේ නිසාම ඉලොන් මස්ක් සහ මාක් සකර්බර්ග් අතර දැඩි අදහස් හුවමාරුවක්ද සිදු වුනා. කෙසේ වෙතත් Facebook  ඉංජිනේරුවන් විසින් නව ක්‍රමලේඛයක් රොබෝ ක්‍රමලේඛ වෙත හඳුන්වා දී ස්වයං සන්නිවේදන හැකියාව අවසන් කළා. නමුත් මෙය භයානක තත්ත්‍වයක්. කවදා හෝ අනාගතයේදී කවුරුන්හෝ රොබෝ හමුදාවක් වුනත් තනන්නට හැකි බව මෙයින් ඔප්පු වුනා.

මෙපමණක් නොවෙයි, ආරංචියේ හැටියට කිසියම් කෙනෙකුගේ චිත්ත රටාවන් පවා හඳුනාගත හැකි වන ආකාරයේ කෘත්‍රීම බුද්ධිය සහිත ක්‍රමලේඛ Facebook  විසින් සකසා අවසන්. සරළම උදාහරණය වන්නේ ඔබට ලැබෙන මිතුරු යෝජනා (Friend Requests). ඔබේ පරිඝණකයේ ඇති ඊමේල් ලිපිනයන් සහ නිතර නිතර ලිපි හුවමාරු වන අයගේ Facebook  පිටු ඔබ වෙත ගෙනහැරපෑම, යම් යම් වෙලඳ දැන්වීම් ඔබ වෙත වැඩියෙන් ගෙන ඒම දක්වන්නට පුළුවන්. නමුත් වඩාත්ම ප්‍රබල උදාහරණයක් ලෙස සැලනේනේ ඉදිරියේදී පැමිණීමට නියමිත මෙවැනි ක්‍රමලේඛයි. ඔබ නිතර නිතර දුක්වන බව සහ සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවක් ඇති පුවත්, පෝස්ට්, ආදිය පළ කරන්නේ නම්, ඒ බව Facebook  හි  කෘත්‍රීම බුද්ධිය විසින් හඳුනාගෙන ඔබේ ආදරණීයයන්ට දන්වන්නට පුළුවනි. එවිට ඔවුන් ක්‍රියාකාරී වී ඔබ ඒ තත්ත්‍වයෙන් මුදවා ගන්නට හැකි වේවි.

Facebook  හුදෙක් සමාජ සම්බන්ධතා පවත්වාගෙන යන්නක් පමණක්ම නොවෙයි. එය රටක හෘද ස්පන්දනය වෙනස් කිරීමට සමත්. Facebook  විප්ලව යනුවෙන් හඳුන්වන්නේ ඒවා. රටේ තරුණ පරම්පරාව නිතරම Facebook  සමගම සිටින නිසා, ඔවුන්ට කිසියම් පණිවුඩයක් යැවීම සහ ඔවුන් ක්‍රියකාරී කර ගැනීම මේ හරහා කරගත හැකියි. බොහෝ දේශපාලන ව්‍යාපාරවලට දැන් දැන් Facebook  යොදා ගන්නේ එහි ඇති මේ ප්‍රබලතාවය නිසයි.

Facebook හි ප්‍රධාන විධායක සහ සභාපති මාක් සකර්බර්ග් (Mark Zuckerberg ) වන අතර ශෙරිල් සැන්ඩ්බර්ග් (Sheryl Sandberg ) ප්‍රධාන මෙහෙයුම් නිළධාරිණිය වශයෙන් කටයුතු කරනවා. ඩේවිඩ් වෙනර් (David Wehner ) ප්‍රධාන මූල්‍ය විධායකද, මයික් ශ්රෝෆර් (Mike Schroepfer ) විසින් ප්‍රධාන තාක්‍ෂණික විධායක කටයුත්ත මෙහෙයවනවා. 2017 ජුනි මස 30 වනදා වනවිට Facebook හි සේවය කරන සේවක සංඛ්‍යාව 20,658 ක්.

Facebook හි ප්‍රධානතම ශක්තිය වන්නේ එය සතු දත්ත ගබඩාවයි. ලෝකයේ බිලියන දෙකක ජනතාවකගේ පෞද්ගලික විස්තර, පින්තූර, පවුල් දත්ත ආදී සියල්ල මෙන්ම ඔවුන්ගේ රුචි අරුචිකම් පවා හොඳින් දන්නා මේ සමාගම ඉදිරියේදී අප සියළුම දෙනා බොහොම හොඳින් පාලනය කරන්නට පටන් ගනීවි. අප බොහෝ දෙනෙකු අවම වශයෙන් දවසකට පැයක්වත් Facebook හි ගත කරනවා. මේ කාළය ඇතුලත අපේ සිත් සතන් වෙනස් වන අවස්ථා බොහොමයි. බොහොමයක් ආදර සම්බන්ධතා ඇරඹෙන්නෙත්, අවසන් වන්නෙත් Facebook  එකෙන්. වෙනකක් තියා යෝජිත විවාහයදී කේන්දර ගලපන්නටත් පෙර දෙපාර්ශවය අහන්නේ මනාලයාගේ හෝ මනාලියගේ Facebook  ප්‍රොෆයිල් එකේ ලිපිනයයි.. එසේමයි, බොහෝ රටවල රැකියාවකට තෝරාගැනීමේදී අදාල පුද්ගලයාගේ Facebook  පිටුව හොඳින් පරීක්‍ෂා කර බලනවා. ඒ ඔවුන් සිය සමාගමට ගැලපෙන ආකාරයේ පුද්ගලයින්ද කියා සොයා ගැනීමට. එමෙන්ම සිය Facebook  පිටුවේ පළකළ දෑ නිසා රැකියාව අහිමි වූ බොහෝ දෙනෙකු ලොව සිටිනවා. ලංකාවේ නම් තවමත් ඒ තත්ත්‍වය නැහැ. නමුත් ඉදිරියේදී ඒ තත්ත්‍වය ඇතිවීමට පුළුවනි.

ඇමරිකානු වීසා අයදුම්පතේ දැන් ඔබට අයදුම් කිරීමේදී වසර පහක් තුළ භාවිතා කළ සියළුම Facebook  ප්‍රොෆයිලවල ලිපිනයන් සඳහන් කිරීමට සිදු වනවා. මේ මගින් ඔබේ හැසිරීම, කල්ක්‍රියාව, දේශපාලනික සහ සමාජයීය අදහස් සියල්ල පරීක්‍ෂාකර බැලෙනවා. ඒ නිසා ඔබ ඇමරිකාවට යාමට අදහසක් තිබේ නම් ඔබේ Facebook  කල්ක්‍රියාව හොඳින් තිබිය යුතු වෙනවා. මේ තත්ත්‍වය අනෙකුත් දෑ වලටත් එකතු වන දිනය වැඩි කල් නැහැ.

Facebook නිසාම එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් දැන් ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අතර පස්වන ස්ථානයේ වැජඹෙන්නේ ඩොලර් බිලියන 71.5 ක් සතු කරගෙන. නමුත් ඔහු නිල වශයෙන් වේතනය වශයෙන් ලබා ගන්නේ මසකට ඩොලර් එකක් පමණයි. ඒ වගේමයි ඔහු සහ ඔහුගේ බිරිය ප්‍රසිලා සකර්බර්ග් විසින් බොහෝ පුණ්‍යකටයුතු සිදු කරනවා. ඔවුන් සිය Facebook කොටස් අයිතියෙන් සියයට 99ක් සිය පුණ්‍යායතනය වෙත ප්‍රදානය කරන බවට පොරොන්දු වී තිබෙනවා. එනම් ඩොලර් බිලියන 43 ක මුදලක්. මේ නිසාම මාක් සකර්බර්ග් ලෝකයේ ඉතාම බලවත් පුද්ගලයෙකු බවට පත් වී තිබෙනවා. සිය පෞරුෂත්‍වය මෙන්ම ධනවත්කමින් ආඪ්‍ය වුවත්, ඔහු බොහොම සරළ පුද්ගලයෙක්, වෙනකක් තබා සිය ඇඳුම් පැළඳුම් පවා එකම වර්ණයකින් තබා ගන්නේ කාළය ඉතිරි කිරීමට ඉතා සරළව සහ පහසුව තෝරා ගැනීමට හැකි වන ආකාරයෙන් බවයි ඔහුම පවසන්නෙ. ඔහුගේ ජීවිත කතාව සහ මෙතෙක් පැමිණි ගමන තරුණ පරපුරට පූර්වාදර්ශයක්. Facebook ආයතනය ගොඩනැඟීම සහ පැවැත්ම පිළිබඳ කතාව චිත්‍රපටයකටත් නැංවුනා…

මේ නිසා Facebook  දත්ත ලෝකයට හරි වැදගත්, ඉදිරියේදී ලෝකයේ සියල්ල දත්ත මත පාලනය වන නිසා දත්ත ලෝකයේ දෙවියා වන Facebook  දෙවියාගේ බලපරාක්‍රමය ඉතා ඉහළ නැංවෙනවා. මේ නිසා Facebook  දේවාලයේ මනා ලෙස හැසිරෙන එක කාගෙ කාගෙත්

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on සැප්තැම්බර් 30, 2017, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , . Bookmark the permalink. ප්‍රතිචාරයක් ලබාදෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: