Blog Archives

දයා සිරි – ඔයා හරි


හිතවත් දයාසිරි,

හිතවත් දයාසිරි කිවුවෙ තමුන්නාන්සෙ අපේ අයියගෙ යාළුවෙක් නිසා. ඉතිං තමුන්නාන්සෙත් අපට පුක පෙන්නලා අනිත් පැත්තට පැන්නා නෙ.  පාරෙ ඉඳලා බස් එකට නැගලා අමූලික බොරු කියලා අපෙන් කීයක් හරි කඩාගන්න හිඟන්නෙකුට වඩා වෙනස්කමක් මම දේශපාලනඥයෙකුගෙන් දකින්නෙ නැති නිසා තමුන්නාන්සෙ ආණ්ඩුවට නෙවෙයි, එල් ටී ටී ඊ එකට එකතු වුනත් අරුමයක් නෙවෙයි. අපි දන්නවා තමුන්නාන්සෙ රනිල්ට වලි දැම්මා තමයි. ඒ පක්‍ෂය දියුණු කිරීම කියන බැටළුහම පොරවගෙන තමුන්නාන්සෙට තැනක් ගන්න තමයි කියලා දන්න මිනිස්සු දන්නවා. රනිලුත් දන්නවා – මහින්දත් දන්නවා. ඒත් අපේ ජරා ගතියට ඒ කිසිම දෙයක් නොදන්න ගානට අපි ඉන්නවා. ඕකම තමයි අපට කෙළවෙන්න ප්‍රධාන හේතුව. තමුන්නාන්සෙට ඔතැන කිසිම තැනක් ලැබුණෙ නැති නිසා දවසක් හොටු පෙරාගෙන ඇඬුවත් නෙ… ඒ ඔක්කොම දැන් ඉවරයි.

මෙච්චර කලක් තමුන්නාන්සෙ ආණ්ඩුවටයි මහින්දටයි පලු යන්න බැණ බැණ හිටියා. දැන් තමුන්නාන්සෙ ජනාධිපතිතුමාගෙ දෑත් ශක්තිමත් කරන්න කියලා කොහොම කොහොම හරි ආණ්ඩුවට ගොඩ වුනා. තමුන්නාන්සෙ හරි. එජාපෙ කියන ගිලෙන නැවේ ඉඳගෙන ආතක් පාතක් නැතුව ඉන්නවට වඩා, කෝටි විසිපහකට ආත්ම ගරුත්‍වය පාවා දුන්නා කියන ලේබලේ ගහ ගත්තත්, පලාබබා මැතිවරණෙ ආවම තමුන්නාන්සෙට බැණපු එවුන්ම මල් මාලා දාලා පිළිගන්නවා. අපේ හැටි එහෙමයි අනාගත මහ ඇමතිතුමා… අපේ එවුන්ට ලැජ්ජාවක් නෑ.. උන් ලැජ්ජ බිමින් තියන්න හරි දක්‍ෂයො..

ඉතිං තමුන්නාන්සෙ කීයක් අරන් ගියත්, මට නං ඇති ලබ්බක් නෑ… තමුන්නාන්සෙට සල්ලි ලැබුණද, බලේ ලැබුණද අරවා – මේවා ලැබුණද මට සත පහක් හම්බ වෙනවා කියලා යෑ.. ඔන්න අයියට නං මොනවා හරි සෙට් කරගන්න පුළුවන් වේවි.. පුළුවන් නං මොනවා හරි කරලා දෙන්න.. මම දන්නවා ඒ මනුස්සයා තමුන්නාන්සෙ වෙනුවෙන් ලොකු කැපවීමක් කරලා තියෙනවා. අමතක කරන්න එපා..

තමුන්නාන්සෙ මොනවා කළත් සාමාන්‍ය මිනිහට සෙතක් නෑ,..තමුන්නාන්සෙ ඔතැනට ගියා කියලා බඩු මිල අඩු වෙනවයෑ… තමුන්නාන්සෙ නඩත්තු කරන්න තව ටිකක් වැඩි වෙන එක විතරයි… අපටමයි කෙළවෙන්නෙ… තමුන්නාන්සෙ කරගන්න දෙයක් තමුන්නාන්සෙට. තමුන්නාන්සෙ විතරක් නෙවෙයි, ඔය දියවන්නා මඩ වගුරෙ ඉන්න 225 හෙන්ම අපට කිසිම සෙතක් නෑ. උන් ඔක්කොම කරන්නෙ උන්ටයි උන්ගෙ හෙංචයියොන්ටයි කොරන එක තමයි. උන්ට හේත්තු වෙලා ඉන්න කල් කිසි ප්‍රශ්නයක් නෑ… මොනවා කළත්, නීතියක් රීතියක්, සදාචාරයක් ආත්ම ගරුත්‍වයක්, හෘදය සාක්‍ෂියක් – ලැජ්ජාවක් කියන කාරණා උන් කිසිම කෙනෙකුට අදාල නෑ…

ඔයා හරි දයාසිරි...

ඔයා හරි දයාසිරි…

ඉතිං තමුන්නාන්සෙ – තමුන්නාන්සෙගෙ අනාගතය වෙනුවෙන් ගත්ත තීරණය හරියටම හරි. බුදු හාමුදුරුවෝ හරි යේසුස් වහන්සෙ හරි දේශපාලනයට ආවත් – දූෂණය, භීෂණය, ට අහු වෙන මේ සිස්ටම් එකේ පැවැත්මක් තියෙන්න නම්, හෘදය සාක්‍ෂිය බල්ලට දාලා, ලැජ්ජා නහරය කපා දමලා, මට මතක නෑ ඕයි තියරිය දාගෙන ඉන්න ඕන.. තමුන්නාන්සෙගේ ගුරුතුමා වගේම, තමුන්නාන්සෙත් ඒක හොඳට ප්‍රගුණ කරලා තියෙනවා. මට දුක ඊයෙ වෙනකල් තමුන්නාන්සෙ රටටම කොලේ වහලා අද මාරු වෙච්ච එක ගැන… ඇත්තටම තමුන්නාන්සෙට ලැජ්ජාවක් කියලා අළුක්කාලක්වත් ඇඟේ ගෑවිලාවත් තිබුණෙ නැද්ද අම්මපා ?

ඉතිං තමුන්නාන්සෙ අද ඉඳලා සත් ගුණවත් සන්ධාන දේශපාලන‍ඥයෙක්, හැබැයි තමුන්නාන්සෙට ලොකු ලොකු දූෂණ චෝදනා ගෑවිලා නැති එක ගැන මම ටිකක් ගරු කරනවා. නමුත්, තමුන්නාන්සෙ ආණ්ඩුවට ආවට පස්සෙ ඒ රෙකෝඩ් එක තියා ගනීවිද කියලා සැකයක් තියෙනවා. මොකද කියනවා නම් ඔය විපක්‍ෂෙ ඉන්දෙද්දි තියෙන මොළෙයි කොන්දයි දෙකම හැමෝම ආණ්ඩුවට ආවට පස්සෙ ගෙදර තියලා එන නිසා. දැන් බලන්න ආපු කට්ටිය කෙළින පිස්සු… උන් විතරක් නම් මදෑ.. උන්ගෙ දරුවොත් පිස්සු නෙ කෙළින්නෙ.

දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි සන්ධානෙ ඉන්න 95% ක්ම ලොකු ලොක්කෝ ටික ඔරිම ජිනල් යූ ඇන් පී  කාරයෝ වීම.. ඒ විතරක් නෙවෙයි උන් ඔක්කෝම ලොවෙත් නැති පිස්සු කෙළීම… එක වෙලාවකට හිතෙනවා මේක රනිල් කාරයාගෙ ගේමක් ද කියලත්. මොකද කියනවා නම් ඉන්න ගොබිලෝ ඔක්කොම සන්ධානෙට එවලා – උන්ට කියලා පිස්සු කෙළවලා – රජය ජනතාව අතර අපකීර්තියට පත් කරවලා – ආණ්ඩුව පෙරළලා දැම්මාම… අර ඉස්සර යූ ඇන් පී එකෙන් ආපු සෙට් එක ආයෙම යූ ඇන් පී එකට යනව නෙ.. මොකද තමුන්නාන්සෙලා රෙදි ඇඳගෙන නෙවෙයි නෙ ඉන්නෙ.. ඔය සෙට් එකටම ආපහු හැරිලා යන එක මහ කජ්ජක් නෙවෙයි… ඉතිං මට හිතෙන්නෙ නම් මේක රනිල් ගෙ දීර්ඝකාලීන සැලසුමක් ( සිංහල වචනෙ අමතක නිසා Long Term Plan කියලම කිවුවා…) හැබැයි Sexual harassment එකක් කියලා නම් කියන්න අමාරුයි…. මොකද තමුන්නාන්සෙට ටික දවසකින් තේරෙයි යූ ඇන් පී  කාරයෝ තමුන්නාන්සෙට ඇරපු ඇරිල්ල හොඳයි කියලා. මොකද ඔය සන්ධාන කාරයෝ අරින ඇරිල්ලට අහු වුනොත් ඉතිං ආයෙ වැරදිලා  පුක හෝදගන්නවත් ගඟක මූදක බහිනවා බොරු…..

ඉතිං දයාසිරි, ඔයා හරි…. ඔයා හරි කියන්නෙ ඔයා ඔයාගෙ පැත්තෙන් හරි…

හැබැයි ඔයා හරි වුනා කියලා අපට සොරි වෙන එක නවතින්නෙත් නෑ… මෙච්චර කලක් ඔයා ජොනියට බැණ බැණ හිටියා.. දැන් ඔයයි ජොනියයි දෙන්නා එකට ජොනි වෝකර් එකක් ගහයි… දේශපාලනේ හැටි ඔහොම තමයි කියලා දෙන්නම හිනා වෙයි… ඔයාට දැන් අඩු ආචාර්ය උපාධියක් විතරයි… ඒකත් ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාට කිවුවා ම සෙට් කරලා දෙයි.. එතුමත් කියලා තිබුණෙ තමුන්නාන්සෙ ආණ්ඩුවට එනවා නම් එතුමත් සතුටුයි කියලා.. දැන් දෙන්නට ඩුවට් එකක් කියලා සී ඩී එකක් කරන්නත් පුළුවන් වේවි… විෂුවල්ස් වලට පබායි රෝසියි ගන්න… හැබෑට දැන් ඒ මනුස්සයට මොකෑ වෙන්නෙ ?

ඉතිං දයාසිරි, ඔයා විපක්‍ෂෙ ඉන්දෙද්දි ජනතාව වෙනුවෙන් කරපු අරගලේ ආණ්ඩු පක්‍ෂෙ ඉන්නකොට වඩා හොඳට කරනවා ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. අර ඉස්සර කියපු බඩු මිල අඩු කරන කතා, යහපාලනේ, ආදී ලොකු ලොකු කතා… මතකද මන්දා..

මට නං කියන්න තියෙන්නෙ එකම දෙයයි…

දයා    සිරි

ඔයා  හරි

අඬනු බැරි

අපට සොරි.

2012 ඔක්තෝබර් 24 : රජය පෙරළීමේ UNP කුමන්ත්‍රණය සාර්ථක වන ලකුණු…………


මේ කවුද ? මොනවද කොරාන්නේ ?

කාර් එක දෙක සෙමෙන් සෙමෙන් පැමිණේ.. බැලූ බැල්මට සමාජයේ සැළකිය යුතු පුද්ගලයින්ගේ වාහන බවට අනුමාන කළ හැකිය… සියල්ලෝම පැමිණෙන්නේ තමන්ගේම වාහනයෙනි … අවම වශයෙන් රියදුරෙක්වත් නොමැත……

රහස් සාකච්ඡාවක්ම විය යුතුය…….

ස්ථානය : කොළඹ නගරයේ රහසිගත ස්ථානයක්…

ප්‍රධාන පුද්ගලයා : විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ

සෙස්සෝ :

අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන,

උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක,

අභ්‍යන්තර වෙළඳ කටයුතු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු,

ජනමාධ්‍ය ඇමති සහ රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල,

සමාජ සම්බන්ධතා පිළිබඳ ඇමති මර්වින් සිල්වා,

ධීවර ඇමති රාජිත සේනාරත්න,

කම්කරු කටයුතු සහ ඵලදායීතා ඇමති ගාමිණි ලොකුගේ

රහසිගත පටිගත කිරීමක් නිසා ශබ්ධය එතරම් හොඳින් නෑසේ… කෙසේ වුවත් කෙරෙන කතා බහෙන් සිදු වන්නේ කුමක් දැයි වටහා ගැනීම අපහසු නැත… ඒ නිසා කිසිවෙකුගේ නමක් සඳහන් නොකර අදාල පටිගත කිරීමේ වූ සියළුම කාරණා මෙසේ සඳහන් කරමු.

දැන් කට්ටිය ඔක්කොම හරි නෙ… කොහොමද ප්‍රගතිය ?

සර්.. කවුරුවත් හිතුවෙ නැති දීර්ඝකාලීන ගේමක් නෙ මේක….. සර් මේක කොටින්ට දෙන්න ගිය ගේමට වඩා ලොකු ගේමක්….

හරි හරි එස් බී… කියනවකො කොහොමද අධ්‍යාපනේ..

මේකයි… දැන් ප්‍රොපෙසර් ලා ආත්මෙකට ආපහු ගන්න බෑ… උන්ට ආණ්ඩුව එපා වෙලා විතරක් නෙවෙයි හැමෝටම එපා කරවනවා.. මට තව ඇදගෙන යන්න තිබුණා.. කොහෙද අරයා ඇවිල්ලා මැදට පැනලා වැඩේ බේරුවනේ. කොහොමත් තව මොනවා හරි කිවුවාම හැමෝම ආයෙම ඇවිස්සෙනවා… ටික දවසක් සද්ද නැතුව ඉඳලා ආයෙම මොකක් හරි කියලා ඇද බානවා… අර ප්‍රයිවෙට් යුනිවර්සිටි එක ගැනත් තව මොනවහරි කියන්න ඕන…. බය වෙන්න එපා… ලොක්කා තවම සැක කරලා නෑ… අනිත් අයත් ඉතින් නාගන්න එකනෙ කරන්නෙ….

නියමයි… අනිත් එක්කෙනා මොකද ?

ආ සර්… ඉසෙඩ් ස්කෝර් එකයි උසස් පෙළයි ළමයිනුයි දෙමාපියොයි ඔක්කොම අවුල්…. දැන් අළුතෙන් විශ්ව විද්‍යාලෙට 5000 ක් ගන්න වෙනවා.. එතකොට ලබන අවුරුද්දෙ ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් යන විදියට උත්තර පත්තර බලන්නත් සෑහෙන කාළයක් යනවා… කොහොමත් මේ සෙට් එක ඇතුළට ගන්නකොට 2013 වෙනවා… ඉතිං ඔක්කොම පස්සට යනවා…. උසස් පෙළත් අවුල්… ඉස්සර හිටපු ලේකම් ගාණට වැඩේ කළා…  බැරිම තැන මිනිහා මාරු කරන්න වුනේ…. ඒ වුනාට පලාත් අධ්‍යක්‍ෂකලා නියමෙට කරගෙන යනවා…… බය වෙන්න එපා තව අවුරුද්දක් දෙකක් යනකොට ඔක්කොම අවුල්….. දැන් ඒ මදැවට ගුරුවරුත් පැටලිලා… ඔහොම යං…

සර් සර්….

ඇයි මර්වින්… පොඩ්ඩක් ඉන්න… තමන්ගෙ වාරෙ එනකල්…..

එහෙම කොහොමද සර්.. ඔන්න මට විනය පරීක්‍ෂණයක් කරන්න යනවලු…. මේ පාර නං බැරි වෙයි වගේ…

බය නැතුව ඉන්නවා… මම ඒ කාලෙ තමුන්නාන්සෙ චන්‍ද්‍රිකා මැඩම් ගාවට යැවුවෙ තමන්ට අවශ්‍ය ගානට හම්බ කරගෙන මට ඕන විදියට වැඩේ කරවගන්න… බය වෙන්න එපා…ඔයා මර්වින් ගානට රඟපානවා… මීට වඩා හොඳයි නළුවෙක් වුනා නම්..

ඇයි සර් මමත් නළුවෙක් නෙ… දුටු ගැමුණු එකේ…..

ඉතින් පොඩ්ඩක් ඉවසලා ඉන්න… මේ පාරත් තමුන්නාන්සෙ ගොඩ යනවා… කැළණිය ගානට තියාගෙන ඉන්නවකො….

කොහොමද ජාතික ඵලදායිතාවය ?

කියලා වැඩක් නෑ සර්….. දැන් නම් වැඩක් කෙරෙන පාටක්ම නෑ…. එකම ප්‍රශ්නෙ අර යහ පාළනය සංකල්පෙ නිසා සමහර ආයතන ටිකක් වැඩ කෙරීගෙන යනවා… නමුත් එහෙමත්ම කියලා ප්‍රගතියක් නෑ…..

ඔහොම කරගෙන යං…. කවුරුවත් අවිශ්වාසයක් එහෙම නෑනෙ….

කොහොම අවිශ්වාස කරන්නද සර් අපි සර්ට බණින බැණිල්ලට ?

ඒක හොඳයි…..

මොකද්ද මනුස්යො අර ටින් මාළු ෆැක්ටරියට කළේ… ? දැන් අපේ ආණ්ඩුවක් ආවම ඕක පොල් ගාන්නද ?

සර් බය වෙන්න එපා… මම ගානට චීනෙත් එක්ක ගිවිසුම ගැහුවෙ වැඩේ බංකොලොත් වෙන්න තමයි… දැන් වහලා දාලා පස්සෙ අරිමු… ඕකම තමයි වෙන්නෙ පෑලියගොඩටත්… ඒ මදිවට මාළු ගොඩ ගහනවා… ඕකටත් මොකක් හරි කතාවක් කියලා දානවා.. පස්සෙ බැරි යෑ හරිගස්සන්න…

මමත් ගානට ප්‍රකාශ ටික කරගෙන යනවා… දැන් බොහොම ඇනිලා තියෙන්නෙ… එක්කෙනෙක් එකක් කියනවා, මම කියනවා එහෙම නෑ කියලා…. මිනිස්සුන්ට ගානට එපා වෙන්න වැඩේ කරගෙනයි යන්නෙ… තව ටික කාළයක් යනකොට බලමු… මට මේ ප්‍රශ්නෙ තියෙන්නෙ කකුල තමයි…. ඉස්සර වගේ නෙවෙයි දැන් ටිකක් අමාරුයි..

දුමින්ද මොකද කියන්නෙ… ?

ආ සර් මම ඕස්ට්‍රේලියාවෙ ඉඳලා එන ගමන් බලාගෙන ආවෙ… මිනිහා හොඳට ඉන්නවා… වෙලාව ආවම එයි… කරන්න ඕන දේ හරියට කළා නෙ….

මම කිවුවෙ ඒ කාලෙම මිනිහා හොඳ මොළයක් තියෙන කොල්ලෙක්…

හැහ් හැහ්… දැන් ඉතිං මොළේ බාගයයි නෙ….

කවුද කියන්නෙ ? අර යස අගේට ඉන්නෙ…  මර්වින් දැක්කද ? නෑනෙ…

ඒත් සර්….. මේ පාරත් ඡන්දෙ පරාදයි නෙ.. ඔහොම ගියාම කොහොමද සර් මිනිස්සු අපි ගැන විශ්වාසයක් තියන්නෙ…

 එහෙම කියන්න එපා ජොන්ස්ටන්… ඒකත් ප්ලෑන් එකක්…. කවදා හරි අපිට ඕක වැඩ කරනවා… මිනිස්සුන්ට ආණ්ඩුව එපා කළාම ඊලඟට චාන්ස් එක එන්නෙ අපිට…. ජනරාලුත් දැන් වැලේ වැල් නෑ…. කොහොමද අපි අන්තිම මොහොතෙ දුන්න ගේම ? කරුත් ගාණට එයාගෙ රෝල් එක කරා… අර මෝඩයො ටික තමයි උඩ දාගෙන ගියේ.. එයාල නං නැති එකම හොඳයි…  දයාසිරි ඒ ලණුව කෑවෙ නැති එක තමයි ප්‍රශ්නෙ……….දැන් බලන්න මම දයාසිරිව ආණ්ඩුවට එවන්න කොච්චර ට්‍රයි කරනවද ? මම ඒ කරන්නෙ ආයෙම ඔයාට කුරුණෑගල අරන් දෙන්න නෙ.. කොහෙද… කොච්චර එලෙවුවත් මිනිහා යන්නෙ නෑනෙ… කරුත් එක්ක කරු ගහගෙන ඉන්නවා… ඔයා තවම දෙතුන් පාරයි නෙ වැඩ පෙන්නුවෙ… කොහොමද අර පෙට්ටි වැඩේ ? ආයෙම අදිනවද ?

දැන් ඒක හරියන්නෙ නෑ සර් දැං .. දැන් ඉතිං එළවළු වෙලෙන්දො බංකොලොත් කරලා දාන්න ඕන.. එතකොට උන් උද්ඝෝෂණ කරන්නයි එළවළු විසික් කරන්නයි යනවා.. එහෙම වුනාම එළවළු ගණන් යනවා. එතකොට ආයෙම ප්‍රශ්න… දැං බලන්න.. ලොකු ළූණු අස්වැන්න කාලෙට පිටරටින් එන ළූණු වල ටැක්ස් අඩු කළා… අල වලට කළෙත් ඒක.. දැන් බලන්න මොකද වුනේ කියලා…

ඉස්සර මම දාපු බඩු මිල සූත්‍රය දැන් ආපස්සට කැරකෙනවා… මේ කපේදි ආයෙ බඩු මිල නං අඩු කරන්න බෑ සක්කරයා තියා වයිමා ආවත්…

Bandula,.. Who is this Why-Ma guy ?

ආ…. සර් ඒ ශක්‍රයාගෙ පුතා නෙ… වයිමා වයිමා…. වයිමා දන්නැද්ද ?

මම දන්න වයිමෙක් නෑ….. එහෙනම් එච්චරද අප්ඩේට්ස් ?

ඔවු සර්… අපි හෙමින් ගේම ගෙනියන්නං… කළබල වෙලා බෑනෙ… තව අනාගන්න අරිමු…

ඔවු එහෙම හොඳයි……

සර්.. අපි දැන් එහෙනම් යන්නම්… ලොක්කට ආරංචි වුනොත් හරි නෑනෙ…

බය වෙන්න එපා මෙයා… මම ලඟදි කිවුවනේ 2014 දි අපි ආණ්ඩුව ගන්නවා කියලා… ලොක්කා හිතං ඉන්නෙ ඕවා වෙන්නෙ නෑ කියලා… ඔහොම වැඩේ කරගෙන යං… ඔයාලට කරන්න තියෙන්නෙ තව වැඩේ අවුල් කරන එක තමයි.. ඔක්කොම අවුල් කරලා ලොක්කට වැඩේ බාර දෙන්න විසඳන්න… ලොක්කා අන්තිමට පිස්සු කෙළින්න ගනීවි… දැනුත් වැඩි වෙනසක් නෑනෙ…

හරි සර්… එහෙනම් අපි යන්නම්…. අම්මේ…. සර්ගෙ මොලේ තමයි මොලේ….

මර්වින් යන්න අනේ… පස්ස මිරිකන්නෙ නැතුව…. මොලේ තියෙන්නෙ එහෙ නෙවෙයි….

බ්ර්….බ්ර්….බ්ර්….බ්ර්….බ්ර්….බ්ර්….බ්ර්….බ්ර්….බ්ර්….බ්ර්….බ්ර්….බ්ර්….බ්ර්…. ශ්…ශ්…ශ්…ශ්…ශ්…ශ්…ශ්…ශ්…ශ්…ශ්…

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේ.. ඔන්න ඔය ටී වී එක නිවලා දාලා නිදා ගන්නවා… හැමදාම කියනවා නිදි මත නං ඇඳට යන්න කියලා… හැමදාම ටීවී එක ඉස්සරහ ගොරව ගොරව නිදි….

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේ හීනෙ Blogger.com එකෙත් මෙහෙමම තියෙනවා.

%d bloggers like this: