Blog Archives

අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී…. හිඟා කෑම බැරි වුන තැන ලගී ගයා මර ගී….


මගේ ඇල්කෙමියාගේ රසායනාගාරය බ්ලොගයෙ මුලින්ම ලියවුන ලිපිය වුනේ “අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී” කියන ලිපියයි. එතැනින් මා අදහස් කළේ කිසියම් ජාතියක ප්‍රගමණය සඳහා අත්‍යවශ්‍ය වන සාධකය වන නව නිපැයුම් කෙරේ අවධානය යොමු කරන්නට…. මගේ ජීවිතයම බැඳිලා තියෙන්නෙ ලෝකයට යමක් අළුතෙන් එකතු කිරීම හා සම්බන්ධව…  ලංකාවට ආවට පස්සෙ ලැබුණ රැකියාවත් පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳව නිසා මගේ හීනය ඒ තරම්ම බිඳ වැටුනෙ නෑ…. ඒ අතරවාරයෙදි මගේ පැරණි සම්බන්ධකම් නිසාම රජයේ ආයතන කිහිපයක පැවැතුන වැදගත් සාකච්ඡා කිහිපයකටත් දායක වෙන්න ලැබුණා…

දේශපාලනයට මම කැමති නැත්තෙ එතැනට යන අය මෙන්ම එතැනට ගියාම ඔවුනට ඇතිවන මුග්ධ භාවය නිසා…. එතැනට යනකොටම ඔවුන්ගෙ මොළය ගලවලා දාලා ගොම එකතු කරන නිසා එතැනින් වැදගත් යමක් සිදු වෙනවා කියලා හිතන්න අමාරුයි. නමුත් මේ මෝඩ හැත්ත අතරෙ යම් පමණකට හෝ මගේ ගරුත්වයක් තිබුණ එක මිනිහෙක් ඔය අතරෙ හිටියා… ඒ තමයි විදුලි ඉංජිනේරු පාඨලී චම්පික රණවක…. මොරටුවෙ විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධියක් ගනිපු මේ මනුස්සයා යමක් කමක් දන්නා ගරු කළ හැකි පුද්ගලයෙක්.. දේශපාලනිකව මොන මතිමතාන්තර තිබුණත් අවංකව වැඩක් කරන්න හදන පුද්ගලයෙක් විදියටයි මම ඔහු දකින්නෙ.

මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස් මහත්මයාගෙ ආරාධනාවක් අනුවයි මම ජාතික විද්‍යා පදනමට මේ සාකච්ඡාව සඳහා යන්නෙ…  ඊයේ තිබුණෙ මධ්‍යම ආදායම් උගුලෙන් ගොඩ එන්නෙ කොහොමද කියන කතිකාවත….. එතැන හිටපු රුපියල් අස්සෙ මම අළුක්කාලක්… නමුත් දන්නා අඳුනන මුහුණු ටිකක් හිටපු නිසාම ඔවුන් අතරෙ මමත් අසුන් ගත්තා… එතකොටම තමයි රූපවාහිනී මාධ්‍යවලින් එතැනට ඇවිත් පෝඩියම් එකේ මයික්  ගහන්න ගත්තෙ… එතැන හිටපු විද්වතෙක් කිවුවෙ ඔය ඇමතිතුමා කියන කතාවක මොකක් හරි කෑල්ලක් අහුලගෙන යන්න හදන කට්ටිය කියලා එතකොටම තමයි ඇමතිතුමා සම්ප්‍රාප්ත වුනේ… මෙන්න අර විද්වත්තු ඔක්කෝම දඩිබිඩි ගාලා නැගිටින්න ගත්තා…. අනේ අපේ මොළ ටිකට ගිය කළක්….. මාන්නයට නෙවෙයි… මම ඔය වගේ සීන් වලට කැමති නෑ… මමත් යංතං පුක උස්සලා ආයෙම වාඩි වෙලා හිටියා….

නමුත් මනුස්සයා කියපු කතාවල සෑහෙන ඇත්තක් තිබුණා… අපි සංදර්ශනාත්මක, විනෝදාස්වාදය මුල්කොට ගත් ආයෝජන අඩු කරලා, විද්‍යාව සහ තාක්‍ෂණය පෙරදැරි කර ගත් ආර්ථික ක්‍රමයකට යාමේ අවශ්‍යතාවය ඔහු පෙන්වා දුන්නා… ඇත්තෙන්ම එතැන හිටපු හැමෝම බොහොම උගත්, ඇසූ පිරූ ඇති අය… ආචාර්ය ලලිත සිරි ගුණරුවන් බොහොම ගුණදායක දේශනයක් සිංහලෙන් කළා… මහචාර්ය එස් එස් කොළඹගේ විසින් විද්‍යාව හා තාක්‍ෂණය නිසා රටට ඇතිකර ගත හැකි සංවර්ධනය ගැන අපූරු විග්‍රහයක් කළා.. ඇමතිතුමාත් ඉතාම නිවැරදි සංඛ්‍යා ලේඛණ පාවිච්චි කරලා තැනට සුදුසු කතාවක් කළා…. ඒ වගේම එතැබ හිටපු විද්වතුන්ට කතා කරන්නට ඉඩ හැරලා තමන්ට හැකි දේ පමණක් කිවුවා…

ඒ වුනාට  පස්සෙන්දා සිරසෙන් කිවුවෙ නං ආණ්ඩුවේම ඉඳගෙන ඇමතිතුමා ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත විවේචනය කඑනවා කියලා… එතැන සාකච්ඡා වුන කිසිම හොඳ දෙයක් නොදාපු මාධ්‍යය ඒ විනාඩියේ කියපු දෑ කිහිප වතාවක් ප්‍රචාරය කළා… මුංගෙ අම්මගෙ මාධ්‍ය තමයි මේ…

පැනල් එක

පැනල් එක

කාලෙකට පස්සෙ බොහොම පළදායක දෙයක් කතා වුන තැනක්… මේ සියල්ල එක දිනකින් අවසන් වේවිද කියන පැණයත් හැමෝම ඇහුවෙ ඇමතිතුමාගෙන්… එතුමා නං කිවුවෙ මේ කතිකාවත තවත් ඉදිරියට ගෙන යන බවක්…

නමුත් අළුත් කැබිනට් සංශෝධනයෙන් පස්සෙ විද්‍යාව හා තාක්‍ෂණ ඇමති ධුරයට මොළය කළඳක් නැති කඳ බඩ විතරක් ඇති කෙනෙක් පත් වු‍නොත් ඉතිං අයියෝ සල්ලි තමයි…

එතකොට ඉතිං විදුලි බලයට වෙච්චි වින්නැහියම විද්‍යාව හා තාක්‍ෂණයටත් වේවි….. විද්‍යාව හා තාක්‍ෂණයට අබ සරණයි !

Advertisements