Blog Archives

2011 ජනවාරි 28 : පිරිසිදු පරිසරයක වැඩ කරනවිට කාර්යක්‍ෂමතාවය වැඩි ද ?


හිම පතනයෙන් පස්සේ පාරවල් තරමක් සුද්ද කරලා… වාහන යන්න පුළුවන්…. මිනිස්සු නැවතත් පුරුදු පරිදි වැඩට බැහැලා.

අද අපේ රසායනාගාරයට අළුතෙන් කැබිනට් දෙකක් ලැබුනා. බොහෝ කාලයක් තිස්සේ සැපයුම් අංශයේ හිරවෙලා තිබිලා අද තමයි ගෙනාවේ. මම මේ ගැන නිතරම මතක් කරමින් සිටියේ. මොකද කියනවා නම් සමහර රසායන ද්‍රව්‍ය තවමත් තබා ඇත්තේ රසායනාගාරයේ මේස මත. එය එතරම් ආරක්‍ෂාකාරී දෙයක් නෙවෙයි. සෑම දෙයටම නියමිත තැනක් තියෙනවා. මේ නිසා අපට කැබිනට් දෙකක් ලැබෙනවා නම් හොඳයි කියලා අපි ගොඩක් කල් ඉඳලා ඉල්ලලා සිටියේ.

මේ නිසාම දැන් අපේ රසායනාගාරය නැවත සුද්ද කරලා, නියමිත දෑ නියමිත තැන්වල තියලා පිළිවෙලක් කරන්න පුළුවන්. කැබිනට් දෙක බිත්ති වලට සවි කරන්න සඳුදා වෙනකල් බලන් ඉන්න වුනත්, ශිෂ්‍යයෙක් එක්ක මම බොහොමයක් රසායන ද්‍රව්‍ය යම් පිළිවෙලකට තැබුවා. කැබිනට් සවි කළාට පස්සේ එය අඩුක්කු කරන එක විතරයි දැන් තියෙන්නේ…

යම් තැනක ඇති දේවල් පිළිවෙලට තිබෙනවා නම් සොයාගන්න හරිම ලේසියි. මේ නිසා ඒ දේවල් සොයාගන්න අමතර කාළයක් වැය කරන්න ඕන වෙන්නේ නැහැ. 5S කියන ක්‍රමයෙන් හඳුන්වා දී තිබෙන්නේ මෙයයි. බොහෝ පෞද්ගලික අංශයේ සේවා ස්ථානවල මෙම එස් 5 සහ එයටත් වඩා ගැඹුරුව විහිදුන ප්‍රමිතිකරණ ක්‍රම උපයෝගී කරගෙන කාර්යක්‍ෂමතාවය සහ ඵලදායීතාවය වැඩි කරගන්නවා.

  1. Seiri – Sorting – වෙන්කිරීම
  2. Seiton – Straightening or Setting in Order – පිළිවෙලකට තැබීම
  3. Serso –  Systematic Cleaning – ක්‍රමාණුකූල පිරිසිදුකිරීම
  4. Seiketsu – Standardizing – ප්‍රමිතිකරණය
  5. Shitsuke – Sustaining discipline – විනයක් ඇතිව පවත්වාගෙන යාම

මෙසේ එස් 5 වැඩ පිළිවෙලට අනුව කටයුතු කරන විට කිසිදු දෙයක අපිළිවෙලක්, අස්ථානගත වීමක් ආදිය සිදු වන්නේ නැහැ. සෑම දෙයක්ම ක්‍රමාණුකූලව කරන්න පෙළඹෙනවා. එපමණක් නොවෙයි, ඉක්මනට යමක් කරන්නත්, එමඟින් කාර්යක්‍ෂමතාවය, ඵලදායීතාවය ඉබේම වැඩි වෙනවා……. මුලදී තරමක් අමාරුයි හැඩ ගැහෙන්න.. නමුත් කාළයක් යනවිට ඉබේම පුරුදු වනවා…

මේ නිසාම

6. Safety – අනතුරු රහිත හෝ අඩු වීම

7. Security – ආරක්‍ෂාව

8. Satisfaction – සන්තෝෂය

ඇතිවෙනවා… මේ නිසා සේවා ස්ථානය ප්‍රියජනක තැනක් වෙනවා.

මමත් හිතන් ඉන්නේ මෙම එස් 5 වැඩපිළිවෙලින් ටිකක් හෝ රසායනාගාරයට ඇතුලත් කරන්න… බලමු, මගේ උත්සාහය සාර්ථක වේද කියලා….

ඔබත් පිළිවෙලකට වැඩ කරන කෙනෙක් ද ?

%d bloggers like this: