Blog Archives

2011 ජනවාරි 29 : පවුල් කෑම


අද සෙනසුරාදා : උදේ වැඩට ගියා..

ඇල්කෙමි පැටියා සතියේ දවස්වල ඉස්කෝලේ යන නිසා වේලාසනින් නිදි කරවනවා. හැබැයි සති අන්ත දවස්වල නම් තාත්තා ගෙදර එනකල් කොහොමහරි ඇහැ ඇරගෙන ඉන්නවා. පවුලේ ඔක්කොම එක්ක එකතු වෙලා රෑට කෑම කන්න පුළුවන් නිසා…. ඉතින් වැඩ ඇරිලා ගෙදර එනවිට ඇල්කෙමිච්චි ආප්ප හදලා…

ඔන්න ඉතිං රෑ කෑමට තුත්දෙනාම මේසයට වාඩි වුනා… ගෙදර ඉන්න කිටියත් පැත්තකින් වාඩි වුනත් එයා ආප්ප කන්නෙ නෑ… පොඩි වුනාට පොඩි එකාගෙ මුල්ම ප්‍රශ්නය වුනේ අද දවස කොහොමද කියලා.. රෑ කෑම මේසය හැම දෙනාටම කතා කරන්න විවෘතයි.. බොහෝ කතා මේ මේසයේදි සිදු වෙනවා. වැඩියෙන්ම ප්‍රශ්න නං අහන්නේ පැටියා… එයාට ලෝකේ නැති ප්‍රශ්න… ඒ ඔක්කෝටම උත්තර බඳින්නත් වෙනවා….

ඒ ඔක්කෝම ඉවර කරලා පැටියාව සෝදලා, කතා දෙකක් කියවලා, කාර් ගැනත් කතා කරලා නිදි කරවන්න අම්මාට බාර දීලා තමයි මේ සටහන ලියන්නේ….

පවුලක් වුනාම හැමෝම විවෘතව එකිනෙකාට කතා කරන්න පුළුවන් නම්, ඒක හැමෝටම හරි පහසුයි. ඒ විතරක් නොවෙයි පවුලේ බැඳීමත් වැඩි වෙනවා. මේ නිසාම දරුවන් දෙමව්පියන්ට දක්වන ඇල්මත් දෙමව්පියන් දරුවන්ට දක්වන ඇල්මත් යන දෙකම ඉතා ඉහළට යන්නේ මේ වගේ පවුලේ අවස්ථාවන් වැඩි වෙන තරමටයි.

අමෙරිකාවේ ආදර්ශවත්ම පවුල.... Modern Family

දරුවන් සමග ගතකරන අවස්ථා වැඩි කරගත්තොත් ඔබ දරුවන් නිසා හිත් කළකිරවගන්න අවස්ථා ප්‍රමාණයත් ඒ හා සමානව අඩු වෙනවා….

ඉතින් දහසක් වැඩ තිබුණත්, ලෝකේ මොන රාජකාරි තිබුණත් අපගේ ඉහළම සම්පත දරු සම්පතයි… ඔවුන් හරියට හදාගත්තොත් ආඩම්බරයත් නරකට හැදුනොත් අවමානයත් ඔබටමයි…

%d bloggers like this: