Blog Archives

සෙත් ශාන්ති මොකුත් නැතිව දියුණු වෙන්න සැකක් නැතිව…. රිවිනෙත මෙවර ලිපිය


බ්ලොග් ලෝකයෙන් පත්තර ලෝකයට තියපු පා සටහන තව දුරටත් ඉදිරියට යනවා. මේ දෙවන පියවරේ ප්‍රතිපලය. මගේ ලිවීම ගොඩක් තාක්‍ෂණික බව මටම පේනවා. නමුත් ඒක තමයි මගේ ක්‍රමය – ඉට්ටැයිල් එක.

සාමාන්‍ය ව්‍යවහාරයට පුළුවන් තරම් ලං වෙන්න ලියන්නයි උත්සාහය… මේකට රිවිරේ රිවිනෙත කතෘතුමා ලොකු උදව්වක් දෙනවා. එතුමටත් සාධාරණයක් කරන අතරේ මමත් දිගටම ලියන්නයි උත්සාහය…

ලිපිය කොපි කරලා පළ කරන්න නම් අවසර නෑ…

නමුත් මේ තියෙන්නෙ ලිපියට සබැඳිය…

ඉස්සර බ්ලොග් එකේ වගේම මේ ලිපි ගැන විවේචන කරන්න තවමත් ඔබට අවස්ථාව තියෙනවා. එය මට තව තවත් දියුණු වෙන්න උපකාරයක් වේවි.

http://www.rivira.lk/online/2017/06/24/115286

 

Advertisements

සීමාවන් නැති වැට කොටු බැමි නැති ලෝකයක් ?


සීමාවන් මහ පුදුමාකාරයි. ඉපදීමටත් පෙර සිටමයි අපි සීමාවන්ට යටත්ව ඉන්නෙ… මාස නවයක්ම අප සීමා වී ඉන්නේ මවගේ ගර්භාෂය වපසරියට…. ඒක ඇතුලෙ දෙකට තුනට නැවිලා ඉඳලා බොහොම අමාරුවෙන් රිංගලා තෙරපිලා එලියට එන අපි, ජාතිය – ආගම – කුළය – දෙමාපියන්ගෙ නිලබලය – ආච්චිලා සීයලාගෙ විවිධාකාර මති මතාන්තරවලට කොටු වෙලා ජීවත් වෙන්න පටන් ගන්නවා… නම තියන්නත් උපදින වෙලාවට අනුව අකුරු හොයනවා… කොණ්ඩය කපන්න, බත් කන්න, අකුරු කියවන්න, ඉස්කෝලෙ යන්න, විබාගෙට යන්න, විවාහ වෙන්න…. මෙකී නොකී හැම දේටම සීමා බාධක යොදාගෙන ජීවත් වෙනවා… සමහර දරුවොන්ගෙ කොණ්ඩෙ කපන්නෙ නෑ බහ තෝරන වයසෙදි ගොළු වෙනවා කියලා… උන්ට හිස නිදහස් නෑ…

සමාජයට ගියාම අපි සමාජයීය සීමා මායිම් වලට යටත් වෙනවා… සංස්කෘතිකමය සීමා බැඳීම් වලට යටත් වීම සාධාරණයි… නිදහස හොයා ගෙන යනවා කියලා ප්‍රසිද්ධියේ නිරුවත් වෙන්න වත්, අන් අය අපහසුතාවයට ලක් වන විදියේ හැසිරීම් වලටවත් නොයා යුතුයි කියන මතයේ මම සිටිනවා.. නමුත් බොහෝ දෙනා හිතන්නෙ ඒ නිදහස කියන්නෙ අර වල්බූරු නිදහස කියලා. නීතිමය රාමු පද්ධතිය ඇතුලත වූ සියළුම සීමාවන්ට අපි යටත් විය යුතු වන්නේ ගෞරවාන්විත පුරවැසියන් විදියට සමාජයීය සහ සංස්කෘතිකමය සීමාවන්ට අපි සියළුම දෙනා එකඟව සිටිය යුතු නිසා.

අනිවාර්යයෙන්ම බැඳීමට හෝ යටත් වීමට සිදු වන සමාජමය සහ සංස්කෘතිකමය සීමා මායිම්, බැඳීම් වෙන් කළ විට අපි අපිම කොයි තරම් මානසිකව සීමා කරගෙන සිටිනවාද කියා ඔබ මොහොතකටවත් සිතුවාද ? අපි අපිටම කොයි තරම් සීමා පණවාගෙන ද ඉන්නෙ ? යමක් කරන්න පුළුවන් කියන සිතුවිල්ල එන්න පෙර අපේ සිතට නැගෙන්නෙ කොයිතරම් බාධක තියෙනවද කියන එක නේද ?

“ඇයි මට මේ දේ කරන්න බැරි ?” යන සිතිවිල්ල ඔබට කී වතාවක් සිතට ඇවිත් තිබෙනවාද ? ඒ කී වතාවක ඔබ ජය අරගෙන තියෙනවද ? මේ සියල්ලම තියෙන්නෙ තමන් තමන්ටම පණවා ගන්නා සීමා තුළ සිට ක්‍රියාත්මක වන නිසා….

Image result for rocket take off

අපි බොහෝ දෙනෙක් උපකල්පන රාශියක් මත ඉඳගෙන, අපිටම සීමා බොහොමයක් පනවාගෙන ඉන්නවා… යමක් කරන්න අවශ්‍යතාවය තිබුණත්… ඒ නිසාම අපි බොහොමයක් අවස්ථා අතහැර ගන්නවා… මටත් එහෙම අහිමි වූ දෑ බොහොමයි… ලෝකයේ බොහොමයක් සාර්ථක වූ මිනිස්සු මෙන්න මේ ස්වයංව පණවාගෙන තිබූ සීමාවන් බිඳ දමාගෙන ඉදිරියට ගියපු එවුන්…

අපට මේක කරන්න බෑ.. කවුරුවත් මේක කරලා නෑ.. ඒ නිසා අපටත් බෑ…. කියන දේ තමයි සිතට එන පළමු සිතිවිල්ල… අපි ඒ දේ කරන්න එක වතාවක් හෝ උත්සාහ කරලා නැතිවම, අපි එය උපකල්පන රාශියක් මත ඉඳගෙන පටන් නොගෙනම අවසන් කරනවා… පළමු උත්සාහය බොහෝ දුරට අසාර්ථ වෙන්න පුළුවනි, නමුත් එයින් අපට ඉගෙන ගන්න තියෙන පාඩම් බොහොමයි… දෙවන වතාවේ එම දුර්වලතා මඟ හරවාගෙන නැවත උත්සාහ කරන්න පුළුවනි… නමුත් අපි කීයෙන් කී දෙනාද නැවත නැවතත් යම් දෙයක් කරන්න උත්සාහ කරන්නෙ ? අපි නිතරම උත්සාහ කිරීම අත හැර දමන්න සූදානම්… මොකද කියනව නම් ලේසිම දේ ඒ නිසා… Try and Try again, one day you can fly කියලා සුද්දා කිවුවෙ මෙන්න මේ නිසා…

Image result for millionaire quotes

මේක අපි අපිටම නොදැනුවත්වම පනවා ගන්නා සීමාවක්… මමත් කාළයක් මේ උපකල්පනයෙ හිටං … අහිමි කරගත් දේ බොහොමයි. සමාජයීය ජීවිතයෙ වගේම වෘත්තිමය ජීවිතයෙදි….  ජයගන්න හෝ පරාජය වෙන්න අපි උත්සාහ කරලා බලන්න ඕන… ජීවත්ව ඉන්නකල් පරාද කරන්න බෑ කියපු හිටපු ජනාධිපතිතුමාව වර්තමාන ජනාධිපති තුමා  විසින් පරාජය කළේ මෙන්න මේ සංකල්පය මත පිහිටු කටයුතු කිරීම නිසා වෙන්න ඇති.

Image result for break your limits motivational

අපි අපිටම පණවා ගත් සීමා සියල්ලම බිඳ දමන්න අවශ්‍යයි… නැතිනම් අපි හැමදාම එකම තැන හිරවෙලා, හැමදාම එකම දේ එකම විදියට….

කොහොමද අපි සීමා බිඳ දමන්නෙ ? අළුත් විදියට හිතන්නෙ ?

E + R = O

Event + Response = Outcome

සිද්ධිය + ප්‍රතිචාරය = ප්‍රතිඵලය

අපි වටා ගොඩනැගෙන සියළුම දේ සිදු වෙන්නෙ මෙන්න මේ හේතු නිසා.. අපි ඉදිරියට යන්න හෝ පිටුපසට යන්න.. නැතිනම් ජීවත් වෙන්න හෝ මිය යන්න පවා මේ හේතු බලපානවා…

ඔබ ඕනෑම අවස්ථාවක් හෝ සිද්ධියක් ගන්න… උදාහරණයක් ලෙස ඔබේ උසස් පෙළ සමත් වීම/අසමත් වීම – ඔබ ඒ සඳහා නිසි ලෙස උනන්දු වුනා නම්, ජයග්‍රහණය උදෙසාම කැප වූවා නම්, ඒකායන පරමාර්ථයෙන්ම පාඩම් කළා නම්, බොහෝ දුරට ප්‍රතිඵලය වන්නේ සමත් වීමක්… ඔබ රාජකාරියේදී කිසියම් අවශ්‍යතාවයකට දක්වන ප්‍රතිචාරය අනුව, ඔබ සාර්ථක වීම හෝ අසාර්ථක වීම රඳා පවතින්න පුළුවනි.

ඔබ මගතොටදී දකින/මුහුණපාන සිදුවීමකට දක්වන ප්‍රතිචාරය අනුව ඔබේ දවස තීරණය වන්නට පුළුවන්…. මේ උදාහරණ කීපයක් පමණයි… ඔබටම පුළුවනි මේ සූත්‍රය යොදාගෙන ඔබ මුහුණපාන සිද්ධි, ඔබ මුහුණ පෑ සිද්ධි විශ්ලේෂණය කරන්න…

Image result for break your limits motivational

සමහරවිට ගේ දොර සිදු වන සිදුවීමක් වුනත් උදාහරණයකට ගෙන බලන්න… ඔබට කිසිවෙකු පවසන යමකට ඔබ දක්වන ප්‍රතිචාරය අනුව එක්කෝ ගුටිකන්න හෝ සාමදානයෙන් ඉන්න ලැබෙන සම්භාවිතාවය රඳා පවතිනවා…

ජීවිතය සරළ කරගන්න හරිම ලේසියි…. අපි බොහෝ දෙනෙකු ජීවිතය විඳිනවා වෙනුවට විඳවනවා…. ලබන ලිපියකින් ජීවිතය සරළ කර ගන්න මම උපයෝගී කරගන්නා Flow Chart එක ප්‍රසිද්ධ කරන්නම්…

අද ඉඳලා… තමන් තමන්ට පණවාගෙන තිබූ දියුණුවට දොර වසන සීමාවන් බිඳ දමන්න පුරුදු වෙන්න…. මුලදි අමාරු වෙයි… පුරුදු වෙනකොට හරියයි……

2012 දෙසැම්බර් 28 : මගේ නත්තල් තෑග්ග……..


නෑ නෑ... මේක නෙවෙයි...අප බෞද්ධ වුවත්, කුඩා කළ නත්තල් සීයා තෑගි අරන් එනතුරු මඟ බලා සිටියෙමු… 24 වනදා රාත්‍රියේ නිදා ගන්නා අපේ කොට්ටය අසල කිසියම් හෝ සෙල්ලම් බඩුවක් තැබීමට දෙමාපියන් උත්සාහ කළේ ඒ නිසාමය.. අගහිඟ කාලයේ අවම වශයෙන් ටොපියක් හෝ තබා අප සැනසූයේ අප නත්තල් සීයාගෙන් කිසියම් දෙයක් බලාපොරොත්තුවෙන් සිටිනබව අපේ දෙමාපියන් හොඳින්ම දැන සිටි නිසාය… ක්‍රම ක්‍රමයෙන් කල් ගතවෙද්දී නත්තල් සීයා යනු හිතළුවක් බවත්, එය කුඩා දරුවන් තරමකට හෝ විනයානුකූල කිරීමේ එක් මනෝ විද්‍යාත්මක පියවරක් බවත් අපට වැටහෙන්නට විය. එසේ වුවත් ඒ පුරුදු අඛණ්ඩව පවත්වාගනිමින් කිසියම් දෙයක් හුවමාරු කර ගැනීම බොහෝ දෙනා සිදු කරන කටයුත්තකි. එය සමහරවිට ආගමික නොවුවත්, සාම්ප්‍රදායිකව සිද්ධ වන දෙයකි. ගම්වල නම් මේ කිසිවක් සිදු නොවන අතර එදා වේල ගැට ගසා ගැනීමේ යුද්ධය නිසා නත්තල් සීයා ඒ ගම් පෙදෙස්වලට නොඑන බව පෙනේ.

ඒ නත්තල් කාලය දැන් ඉකුත්ව බොහෝ කල් ය.. දැන් නත්තල වාණිජකරණය වී ඇත.. නත්තලේ සැබෑ අරුත වූ බෙදා හදාගෙන සියල්ලන් සමඟ සමඟියෙන් සාමයෙන් ජීවත් වීම වෙනුවට සියල්ලා බදාගෙන  අනෙකා මරාගෙන තමන් ජීවත් වීම දක්වා වෙනස් වී ඇත. තමන් වැපිරූ බීජවල පල ලබන්නේ ද තමුන්මය…

පසුගිය කාළයේ ලංකාවේ සිටි කාලයේ මම ද පාත්තියක් දැමූවෙමි… මල්පාත්තියක්ම නොවූ ඒ පාත්තියේ විවිධාකාර මල් මෙන්ම සුවිශාල රුක් සේ වැඩේ යැයි උපකල්පනය කළ හැකි විවිධාකාර ගස් වැඩෙමින් තිබුණි. ලද ඇසිල්ලේ මම ඒ ගස්වලටත් මල්පැලවලටත් පෝර දමා ඉදිරියේ වර්ධනය වියහැකි ආකාරයත් ඒ පිළිබඳ මඟපෙන්වීමකුත් සිදු කරන වැඩමුළුවක් සංවිධානය කළෙමි. මගේ ජීවිතයේ දැක්ම පවා වෙනස් වූයේ එතැන් සිටය.. මෙතෙක් කල් අන්තර්ජාලයට සීමා වූ මගේ කාර්යභාරය සත්‍ය වශයෙන්ම හිතළුවක් නොවන බව ඒත්තු ගැන්වූයේ ඔවුන්ය.. මීට පෙරද මා මේ සම්බන්ධව ලියා ඇතිමුත්, ඒ ඔවුන්ගේ අවසාන ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථමයෙනි.. මේ ඔවුන් සමහරකගෙන් මට ලැබුණ පණිවුඩයි… මං උන්ට මට සෑර් කියා නොකියන්නැයි කොතෙක් කීවද උන් මට කියන්නේම සෑර් කියාය.. (හිතං ඉන්නේ මම හරි නාකියි කියාය)

Hello sir,
Hope you are doing good..
Our final results were out and I got an A- for the research. And we both got 1st classes.. Thank you very much for your guidance, valuable advises and wishes..

මේ එයාගෙම සහෝදරියගෙ පණිවුඩය..

Hello sir,
Finally we got the results for our four years of hard work. I’m happy to tell you that I got a first class and I was qualified for that from the results of the research methods which was an A. So the credit must go to you as I believe that your effort on making us good presenters brought all of us into this level  so here is a big thank you for what you have done to make us the best among others.

මේ තවත් සිසුවියක්,

Dear Sir,

I want to give big thank for you sir.. Because I got a A+ for research performance and I`m the one who got best results for research. So you played a major role in that. Even though I have completed my research successfully it would not be the best one without your part sir.

So thank you very much for helping me to do the best. There is no words to thank you sir.

Again thank you Sir!!!

සිසුවියන් පමණක් නොවෙයි ඒ වැඩමුළුවෙ සිටියෙ..

Dear sir,

Wish u merry Christmas. I’m really happy to say that I’ve got a second upper class and also I’ve got an ”A” for my research project. So I need to thank u sir. Because of You, we were able to get such good results for our research projects. And we faced our oral test well, because of the knowledge and the experience that we have gathered from you. Thank you again sir.

තවත් සිසුවියක් මෙහෙමත් ලියලා තිබුණා.

Dear Sir,

Dear Sir,
Finally……. after a lot of delays and postpones we got our results today. I’m so glad that i got an ”A” for my research which feels so amazing after all the hard work.for other subjects I did, i got A A- B+ B. Will get a 2nd upper for sure but I’m short of few ”A”s for a 1st class. Wanted to thank you again & let you know how we did sir you did a great support for all of us………..Still I didn’t come to know about all your 10 kids results. N….. got a ”B” while C……… got a ”B+” for the research…..others will let you know about their results as well. I sent my research for the National Journal of Science Foundation for publication,hopefully they’ll accept my manuscript. The role u played made a huge impact in our researches as well as the way we think…!

Thanks a lot & we really are happy 2 make u proud!

Wish you all the very best sir. Take care and may God Bless you…..

මේ මම පෝර දාපු පාත්තියෙ පළදාව… මම කළේ ඔවුන්ගෙ සැඟවුන දක්‍ෂතා එලියට ගැනීමත්, තමන්ගෙ පර්යේෂණ සභාවක් ඉදිරියේ ඉදිරිපත් කරන ආකාරයත් කියා දීම පමණයි… මම ඊට වඩා ලොකු දෙයක් කළේ නැහැ… මේ පැල මහා වෘක්‍ෂ වෙලා කවදා හරි ලෝකය එළිය කරාවි… මීට පෙර මම වතුර දමාපු සමහර පැල දැනටමත් මට වඩා  ලොකු ගස් වෙලා ලෝකය පෝෂණය කරනවා… ඒ ගැන මට තියෙන්නෙ සතුටක් – ආඩම්බරයක්…

ඉදිරියෙදි තවත් පැලවලට සාත්තු කරන්න මේක මට හොඳ ඇරඹුමක්… ඉතින් මේ පැල ටික තමයි මගේ ජීවිතයේ එක හැරවුම් ලක්‍ෂ්‍යයක් ඇති කළේ…. මට වැරදුනොත් ඉතිං මේ අය තමයි වගකියන්න ඕන… හරිද ! ඒ අතරෙ බොහොම කුඩා පැළයක් වගේ (ලොකුවට) අපේ බ්ලොග් අවකාශයේ ඉන්න තනි අලියාත් පැත්තකින් හිටියා.. එයාට මේක තවත් අත්දැකීමක් වුනත්, ඉදිරියට හොඳ දැක්මක් එයින් ලැබුණා කියලා හිතනවා..

මේ වගේ අත්දැකීම් හැමෝටම ලැබෙන්නෙ නැහැ.. නමුත් තමන්ට ලැබෙන අවස්ථාවකින් අනුන්ට යහපතක් කරන්න සිතනවා නම්, අවම වශයෙන් තමන් යමක් ලෝකයට/අනුන් වෙනුවෙන් කළා කියන සුවදායී හැඟීම හිතට දැනෙනවා.. ඉතිං මේ නත්තල් තෑග්ග මට ලැබුණ අනෙක් තෑගි වලට වඩා වෙනස් වුනත් මට බොහොම සන්තෝෂයක් ගෙන දුන්න තෑග්ගක්….

මේ ඉන්නේ ඒ කට්ටිය.

මේ ඉන්නෙ...

මේ ඉන්නෙ…

2011 දී අළුතෙන් සිතමු…..


සුබ නව වසරක්....

ඔන්න අදම මම දිනපොත ලියන්න ගත්තා….

අද 2010 වසරේ අවසාන දිනය, ලංකාවෙ අයට නම් අවසාන පැය කීපය. කොළඹ නම් බොහෝ දෙනෙක් ලොකු ලොකු සාද වලට යයි රුපියල් දස දහස් ගණනක් වියදම් කරලා. ගම්වල අය නම් ගෙදර පොල් තිබුනොත් හෙට උදේට කිරිබතක් උයලා ගෙදර ඉන්න අයත් එක්ක කාවි.

මට නම් අළුත් අවුරුද්දත්, පරණ අවුරුද්දත් වෙනත් දිනක්, එක හා සමානයි. දවසක් මාරු වෙන්න දින දර්ශනය දිහා බලනවා ඇරෙන්න සුවිශේෂ දවසක් මගේ දින දසුනේ නැහැ. මේ ඔක්කෝම දේ යම් යම් අය සිතින් මවාගත් දේ සහ වෙළඳ උපක්‍රම. මේ ගැන Richard Brodie ලියපු Viruses of Mind කියන පොතේ හොඳට විස්තර කර ගියෙනවා.

මම කියන්නේ නැහැ සාදවලට යන්න එපා කියලා. ඒක තම තමන්ගේ සමාජයීය ආර්ථික තත්ත්‍වය සහ කැමැත්ත.  අපි හෙට සිට අනුන් ගැනත් තරමක් හෝ සැලකිලිමත් වෙමු. ඒ කියන්නේ දකින දකින හිඟන්නාට සල්ලි දෙන්න කියලත් නෙමෙයි. ඒ අනුන් ගැන සැලකිලිමත් වීම මම ඔබටම බාර කරනවා. ඒ මොකද කියනවා නම් සමහරු මුදලින්, සමහරු ශ්‍රමයෙන්, සමහරු දැනුමින් අනිත් අයට උපකාර කරන්නට පුළුවන් නිසා. ඔබට ගැලපෙන ක්‍රමය ඔබම තීරණය කරන්න.

ඒ වගේමයි. මොහොතක් නැවතිලා බලන්න; ඔබේ ජීවිතය ගිය අවුරුද්දේ සාර්ථකද ? අසාර්ථකද ? ඹබ කරන්නට හිතා සිටි දේ සියල්ල කරගත්තාද ? ඔබ ඉදිරියට ගිහින් ද – පසු පසට ගිහින් ද ? හෙට ලබන අවුරුද්දේ ඔබ කරන්නට හිතාගෙන සිටින්නේ කුමක්ද කියා….

ඒ අතරෙම අනෙක් අයට සුබ නව වසරක් කියන්නත් අමතක කරන්න එපා. එය හදවත පත්ලෙන්ම කියන්න.. හිනා වෙලා කියන්න… හෙට, කාටහරි පොඩි උදවුවක් කරන්න… වයසක කෙනෙකුට බස් එකට නගින්න උදවු කිරීම වගේ සුළු දෙයක් වෙන්න පුළුවන්… ඒත් ඒකෙන් ඒ මනුස්සයගේ මූණේ ඇඳෙන හිනාව ඔබට අවුරුද්ද පුරා මතකේ තියේවි…..

අද ඉඳලා අපි අළුත් විදියට සිතමු…

සුබ නව වසරක් වේවා…..

%d bloggers like this: