Blog Archives

සෙත් ශාන්ති මොකුත් නැතිව දියුණු වෙන්න සැකක් නැතිව…. රිවිනෙත මෙවර ලිපිය


බ්ලොග් ලෝකයෙන් පත්තර ලෝකයට තියපු පා සටහන තව දුරටත් ඉදිරියට යනවා. මේ දෙවන පියවරේ ප්‍රතිපලය. මගේ ලිවීම ගොඩක් තාක්‍ෂණික බව මටම පේනවා. නමුත් ඒක තමයි මගේ ක්‍රමය – ඉට්ටැයිල් එක.

සාමාන්‍ය ව්‍යවහාරයට පුළුවන් තරම් ලං වෙන්න ලියන්නයි උත්සාහය… මේකට රිවිරේ රිවිනෙත කතෘතුමා ලොකු උදව්වක් දෙනවා. එතුමටත් සාධාරණයක් කරන අතරේ මමත් දිගටම ලියන්නයි උත්සාහය…

ලිපිය කොපි කරලා පළ කරන්න නම් අවසර නෑ…

නමුත් මේ තියෙන්නෙ ලිපියට සබැඳිය…

ඉස්සර බ්ලොග් එකේ වගේම මේ ලිපි ගැන විවේචන කරන්න තවමත් ඔබට අවස්ථාව තියෙනවා. එය මට තව තවත් දියුණු වෙන්න උපකාරයක් වේවි.

http://www.rivira.lk/online/2017/06/24/115286

 

ඇබ්බැහිවීම හොඳයි…… වෙනස් වීමට….


ලංකාව අපූරු රටකි….. මිනිසුන් අපූරු ජාතියකි…. සිරිලංකාවේ මිනිසුන් අපූරුම ජාතියකි…

අපට අවුරුදු 2500 ක ඉතිහාසයක් ඇතැයිද , අනිකුන්ට නොදෙවනි සංස්කෘතියක් ඇතැයිද, ඉතාමත් ඉහල ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන්නේද, මනරම් භාෂාවක් හිමි යැයිද, ලෝකයම හොල්ලන්නට පුළුවන් මොළ, දැනුම් සම්භාරයක් ඇතැයි උදම් අනන්නේද , අපමය… එය එසේ නොවන්නේයැයි තර්කයක් නැත්තේමය…

සුද්දා සතුන් මරා ගල්ගුහාවල සිටින කාලයේ අපේ ඇත්තන් වෙහෙර කර්මාන්ත කරවා, සැතපුම් ගණනක ඇල මාර්ගයක ආතතිය සැතපුමකට අඟලක් වනසේ සැකසූවේද, මහකළුගල් මනරම් පිළිම කලේද, සුද්දා වනයේ මළපහ කරත්දී  විද්‍යාඥයින් දැනුදු මවිත කරවන වැසිකිළි කැසිකිලි තැනුවේද, ජලවිද්‍යා තාක්‍ෂණය උපයෝගී කරගෙන මනරම් ජල උද්‍යාන තැනුවේද, වැව-දාගැබ- ගම- පන්සල සංකල්පයෙන් ස්වංපෝෂිත ඉහළ සංස්කෘතික ශිෂ්ඨාචාරයකට මග පෙන්වූයේද අපේ මුතුන් මිත්තන්මය…

මුලින් පෘතුගීසීන්ටද, දෙවනුව ලන්දේසීන්ටද, අවසන ඉංග්‍රීසීන්ටද යටත්ව සිට 1948 දී නාමික නිදහස ලබා ගත්තද, 69 වන නිදහස් සමරුව පසුකර මාසයක් ගත වූවත්, අප තවම ආකල්පමය වශයෙන් කිසියම් හෝ කොටුවක සිරවී සිටින බව මගේ හැඟීමයි. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ගේ සිහිනය වූයේ සිංගප්පුරුව  කොළඹ වැන්නක් කිරීමට වුවත්, අද සිංගප්පූරුව කොළඹ අභිබවා ගවු සිය ගණනක් දුර ගොස් ඇත්තේ, ඒක පුද්ගල ආදායම, ජාත්‍යන්තර වෙළඳාම, ආකල්පමය පරිණත බව, විනය, නීතිගරුක බව ආදී සියළුම අංශ වලින් ලෝකයටම ආදර්ශයක් සපයමින්… කොළඹත්, සිංගප්පූරුවේත්, කොරියාවේත්, ඇමරිකාවේත් සිටින්නේ එකම, Homo Sapiens Sapiens නම් සත්ත්‍ව විශේෂය නමුත්, ඔවුන්ගේ ආකල්ප, හැසිරීම් රටා, වටපිටාවේ සිදුවීම් වලට දක්වන ප්‍රතිචාර ආදිය ගත් කළ ලාංකිකයාගේ පැහැදිලි වෙනසක් දක්නට ලැබෙනවා….

සාමාන්‍යයෙන් අප, කිසියම් හෝ වෙනසකට ලක්වීමට ඉතා අකැමැත්තක් දක්වනවා. ඒ අපි ජීවත්වන රාමුවෙන් පිටතට පැනීමට සිදු වන නිසා. අපි සියළුම දෙනා ජීවත් වන්නේ කිසියම් රාමුවක කොටු වෙලා…. පෙට්ටියක් ඇතුලේ… ඒ පෙට්ටිය තුළ අපි සියළුම දෙනා බොහොම සුවසේ ජීවත් වෙනවා. එ්කයි අපේ සුව කලාපය (comfort zone). මේ කලාපයෙන් ඉවතට යනවිට හෝ ගෙනයනවිට අපට මහත් අපහසුතාවයක් දැනෙනවා… පිට ගෙදරක නවාතැන් ගැනීම, පිටරටකට යාම, නව සේවා ස්ථානයකට යාම, අළුත් සබඳතාවයන්, ආදී සියල්ල අපේ comfort zone එකෙන් ඉවත දේවල්, අවම වශයෙන් ස්වල්ප දිනක් වත්, මේ කාළය තුල අපේ මනසේ, ශරීරයේ මහා වෙනස්කම් සිදු වෙනවා… ශාරීරික වෙනස්කම් කෙසේ වෙතත්, මානසික වෙනස්නම් බොහොමයි. සාර්ථකත්‍වය වන්නේ මෙන්න මේ වෙනස්කම් වලට අවම ප්‍රතිචාරයක් සහිතව හැඩ ගැසීමයි… නමුත් කියන්න ලේසියි – කරන්න අමාරුයි.

අපි බොහොමයක් දෙනා තවමත් ක්‍රියා කරන්නෙ හැඟීම් වලට ඉඩ දීලා මිසක්… බුද්ධියෙන් සිතා බලා නෙවෙයි… ඉංගිරිසියෙන් ෆේස් බුක් භාවිතා කළත්, මානසිකත්‍වය මැඩගස්කරයටත් අන්නයි…කවුරු හරි මොකක් හෝ දෙයක් පළකළොත්, සිතා බලන්නෙ නැතිව අපි කී දෙනෙක් ඒක බෙදා හදා ගන්නවද ? වික්ටර් රත්නායක මහත්මයා නැවත විවාහයක් කර ගත්ත එක තමන්ගෙ තාත්තා බැන්දා වගේ ෆේස්බුක් රැල්ලක් වුනෙත් ඒකයි… ඒකම විතරක්මත් නෙවෙයි… අපි ප්‍රතිරූප වන්දනාව තවමත් කරන නිසයි… මේ ගැනත් මම ලිපියක් ලියලා තිබුණා… මටත් ඒකෙන් පහරක් වැදුනා.. මට මොකෝ ඉතිං…

Image result for Change

ආයෙම ලියන්න ටිකක් ඉඩක් ලැබීගෙන එන හැඩක් තියෙනවා… සමහර විට ඇල්කෙමියාගේ දිනපොත පුවත්පතක තීරුවක් වෙන්නටත් ඉඩ තියෙනවා… දැන්ම අනාවැකි කියන්න බැරි වුනත්, අපි බලමු….

බ්ලොගයේ පළමු ලිපියෙන් කතා කළේ අළුත් අළුත් දෑ නොතතන ජාතිය ලොව නොනඟී කියලයි… අළුතෙන් නොසිතනවා නම් ජාතියක් නොවෙයි… පුද්ගලයෙකු වුනත් දියුණු වෙන්නෙ නෑ…. අනුන් අපට කරලා දෙනතුරු බලන් හිටපු කාළය ඉවරයි… අපි අපේ දියුණුවට ආත්මාර්ථකාමී විය යුතුයි….

අපි වෙනස් විය යුතුමයි… හැමදාම හිතන විදියට වඩා වෙනසක් දැකිය යුතුයි… මුලින්ම සාලයේ පුටු සැකැස්ම පොඩ්ඩක් වෙනස් කරලා බලන්න… කොච්චර වෙනසක් දැනෙයිද කියලා… කාර්යාලයේ මේසය පොඩ්ඩක් වෙනස් කරන්න…. මුලින් අපහසු වේවි..

නමුත් දැනගන්සෑන සෑම පුරුද්දක්ම ඇබ්බැහිවීමක් බවට පත්වන්න යන්නෙ දවස් 45 යි.