Blog Archives

2011 ජනවාරි 02 : වාසනාව දොර ඇරලා බලනවා…..


“අනේ ඔයාලා හරිම වාසනාවන්තයි” කියලා ඊයේ පන්සලට ආපු කෙනෙක් – තවත් කෙනෙකුට කියනවා ඇහුනා…. මට ඒ වෙලාවෙ ආපු සිතිවිල්ල තමයි, වාසනාව කියන්නේ හරියටම මොකක්ද කියලා…  නිතැතින්ම මතකයට ආවේ “වාසනාව යනු ඕනෑකමයි” යනුවෙන් ගාල්ල “ඉගෙනුම” පෞද්ගලික ඉගැන්වීම් ආයතනයේ බිත්තියක ලියා තිබූ වැකියයි.

වාසනාව යනු ඕනෑකමද ? වාසනාව විග්‍රහ කරන මේ අර්ථ දැක්වීමට අනුව,

Luck or fortuity is good or bad fortune in life caused by accident or chance, and attributed by some to reasons of faith or superstition, which happens beyond a person’s control.

වාසනාව හෝ අවාසනාව කියන්නේ අහඹුතාවයක්.  යමෙකු, යමක් සිද්ධවන අවස්ථාවේ එතැන සිටීමේ අහඹුතාවය (right person in the right place at the right time) තමයි වාසනාවට/ අවාසනාවට හේතු වෙන්නේ….

උදාහරණයක් ලෙස කිසිවෙකු ලොතරැයියක් ජයග්‍රහණය කිරීමේ අවස්ථාව ගනිමු.ලොතරැයිය ජයග්‍රහණය කිරීම සඳහා එය මිලදී ගත යුතු අතර ඒ සඳහා සිතිවිල්ලක් පහළ විය යුතුයි. එසේ පහළවන සිතිවිල්ල මෙහෙයවා යම් ස්ථානයකට ගොස් ලොතරැයිය මිල දී ගත යුතුයි. මෙසේ මිලදී ගන්නා ලොතරැයිය දිනුම් අදින අවස්ථාවේ සියළු සම්භාවිතාවයන් එකිනෙකට පෙළගැසී ඒ අංක සියල්ල පැමිණිය යුතුයි. මෙය සාමාන්‍යයෙන් දුර්ලභ අවස්ථාවක්. ලොතරැයි ඇදෙන්නේ බොහොම කළාතුරකින්….

එසේමයි අනෙක් වාසනාවන්ත / අවාසනාවන්ත අවස්ථා: කෙනෙකු මරණයෙන් බේරීම, තවත් කෙනෙකු අනතුරකට පත්වීම, කෙනෙකු හමුවීම,  ආදී මව්කුස පිළිසිඳ ගැනීමේ අවස්ථාවේ සිට මරණය දක්වා අපේ ජීවිතයේ සියළුම කරුණු මෙන්න මේ අහඹුතාවයේ ප්‍රතිඵලයන්….

මේ අහඹුතාවයන් මෙසේ පෙළ ගැසෙන්නේ ඇයි ?  ඒ එක් එක් පුද්ගලයාගේ කර්ම ශක්තිය අනුවයි. මේ අහඹුතාවයන් වෙනස් කිරීමට කිසිදු අයෙකුට නොහැකියි. එසේ වෙනස් කිරීමට සිතීමත් කර්මය අනුව බලපවත්වන්නක් නොවේද ? මට සිතෙන විදියට අපේ ජීවිතයේ සෑම අවස්ථාවක්ම මේ කර්ම ශක්තිය මත බලපවත්වන අහඹුතාවයේ ප්‍රතිඵලයයන්.

Is it ?

ඔබට කොහොමද හිතෙන්නේ ඒ ගැන ?….. අපි සාකච්ඡා කරමු….

%d bloggers like this: