Blog Archives

ලෝකයේ පෙනහැල්ල සිදුරු වෙයි…. තවමත් අපි බලා සිටිමු.


Amazon FIres

අපි බොහෝ දෙනෙකු නිවාඩුවක් එනතුරු බලා සිටින්නේ කොහේ හෝ විනෝදගමනක් යාමටයි. ඒ විනෝද ගමන් යන බොහෝ දෙනෙකුම පාහේ සොයා යන්නේ එක්කෝ දිය ඇල්ලක්, වනාන්තරයක්, කඳුපන්තියක් හෝ එවැනි උස් බිමක්, මුහුදු වෙරලක් ආදී ස්වභාව සෞන්දර්යයෙන් අනූන පෙදෙසක් විනා, කොන්ක්‍රීට් පිරුණු නගරය නොවේ. ඒ අප සියළුම දෙනා තුළ ජීවත්වන සත්ත්‍වයාගේ අවදි වීමයි. කවුරු කෙසේ කීවත් අප තවමත් කැමැත්තක් දක්වන්නේ ස්වභාවික පරිසරය හා බද්ධව ජීවත් වීමටයි. ඉඩක් ඇති තැනක් හෝ අවම වශයෙන් නිවස තුළ හෝ ගසක් පැලයක් වවන්නේ අප පරිසරයට දක්වන ඇල්ම බැල්ම මෙපමණක් කළක් ගියත් නොවෙනස්ව පවතින නිසායි.

වනාන්තරයකට හෝ ගස් වැල් පිරි කුඩා වනරොදකට වුවත් පිවිසුන විට අපට දැනෙන්නේ සුවදායී හැඟීමක්. වනරොදෙහි වූ තෙතමනය, සෙවන, තුරුලතා අතර ජීවත්වන සතුන්ගේ කිචිබිචිය, වෙහෙස වූ මනස සුවපත් කරනවා. ඒ වගේම තුරුලතා පිරිමැද හමන පිරිසිදු වායුව, අපේ පෙනහළු පුරවනවිට, වාතයේ ඇතිවන ධන ආරෝපිත අංශු අප සිරුර සුවපත් කරනවා. මේ නිසායි අපි මෙවැනි ස්ථානයකට ගියවිට ඉතාමත් සුවදායී හැඟීමක් ඇතිවන්නේ. කුඩා වනරොදක අසිරිය එවැනි නම්, අප රට මෙන් අසූපස් ගුණයක් පමණ සුවිසල් වනාන්තරයක ඇති ගාම්භීරත්‍වය, ගුප්ත බව, මහේශාක්‍ය බව කෙසේ විස්තර කරම්ද ?

දකුණු ඇමරිකාවේ රාජ්‍යයන් නවයක් පුරා පැතිරෙන, වර්ග කිලෝමීටර 5,500,000 ක් පුරා පැතිරුණ ඇමසන් වනය ලොව ජෛව විවිධත්‍වයෙන් වැඩිම වනාන්තරය වේ. එයින් සියයට 60 ක්ම බ්‍රසීලයටයි අයත් වන අතර ලොවෙහි අන් සියළුම වනාන්තර එක්ව ගත් කළ පවා ඇමසන් වනයට වඩා කුඩා වීම ඇමසන් වනයේ මහේශාක්‍ය බව මැනවින් කියාපායි. මේ නිසාම ශාක විශේෂ 16000 කට අයත් ශාක බිලියන 390 කින් සමන්විත මේ වනාන්තරයේ වටිනාකම පිළිබඳ කිසිදු විවාදයක් අනවශ්‍යය. ලොව ජීවත් වන සත්ත්‍ව විශේෂවලින් සියයට 10 ක්, කුරුළු විශේෂවලින් සියයට 20 ක්, කෘමී විශේෂ මිලියන 2.5 ක්, ක්‍ෂීරපායි විශේෂ  සහ කුරුළු විශේෂ 2000 කට අධික සංඛ්‍යාවක් මෙන්ම ඇමසන් වනය වාසස්ථානය කරගෙන සිටින විවිධ ගෝත්‍ර දහස් ගණනක් ද මෙයින් ජීවය ලබනවා.

ඇමසන් නිවර්තන වැසි වනාන්තරය ලෝකයේ නිවර්තන කලාපීය වැසි වනාන්තර තීරුවේ ප්‍රධානතම වැසි වනාන්තරයයි. ලෝකයේ වායුගෝලීය සමතුලිතතාවය, පෘථිවියේ උෂ්ණත්‍වය යාමනය මෙන්ම ජීව විවිධත්‍වයට මූලිකවම බලපාන මෙය නිර්මාණය වී ඇත්තේ ඉයෝසීන යුගයේ  (වසර මිලියන 55-33.9 අතර කාළයේ) යැයි ගණන් බලා තිබෙනවා. මුලින් මෙය වනාන්තරයක් ලෙසින් පැවතුනත්, ලොවෙහි ඇතිවූ අධික ශීත කාලයෙන් පසුව ක්‍රමයෙන් සැවනා වනාන්තර ගති ලක්‍ෂණ ද මේ වෙත එකතු වුනා. ඩයිනෝසරයන් වඳවී යාමත් සමගම ඇමසන් වනාන්තරය විශාලව පැතිරුණු අතර දේශගුණ විපර්යාස සමග වනාන්තරයේ ශාක සංයුතිය ද වෙනස් වුනා.

ඇමසන් වනය වයෝවෘධ වනාන්තරයක් වන අතර එහි වර්ධනය සිදු වන්නේ ඉතා සෙමින්, එසේම දීර්ඝ කාලයක් පසින් පෝෂක ලබා ගැනීම නිසාත් එහි පසෙහි වූ සමහර පෝෂක වර්ග ක්‍ෂය වී යාමක් දකින්නට පුළුවන්. මේ නිසාම ලෝකයේ සමබරතාවය මනාවට ඔප්පු කරමින් ඇමසන් වනයට අවශ්‍ය පෝෂණයෙන් 56% ක්ම, විශේෂයෙන්ම වනාන්තරයෙන් ඉවත් වන පොස්ෆරස් 100% ක්ම ලබා දීමට සැතපුම් 2600 ක් නැගෙනහිරින් පිහිටි සහරා කාන්තාරය ඉදිරිපත් වී තිබෙනවා. සහරා කාන්තාරයේ වූ දූවිලි අංශු අහසට එක් වී සුලං ධාරා හරහා අත්ලාන්තික් සාගරය තරණය කර අවසානයේ ඇමසන් වනාන්තරයට පතිතවන බව සොයාගෙන තිබෙනවා. එය චන්ද්‍රිකා ඡායාරූප වලින් ගණනය කර ඇති පරිදි සෑම වසරකම දූවිලි ටොන් මිලියන 182 ක් මෙසේ හුවමාරු වන අතර ඉන් ටොන් මිලියන 28 ක් ඇමසන් වනාන්තරය පෝෂණය කරමින් ඒ වෙත පතිත වන අතර ඉතිරිය අත්ලාන්තික් සාගරය, කැරිබියන් දූපත් ඒ අවට මුහුද පෝෂණය කරනවා. ඒ බව රසායනික සහ ද්‍රව්‍යමය සංයුතිය මනිනු ලබන පරීක්‍ෂණවලින් පවා තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව ලෝකයේ සමබරතාවය එය විසින්ම ඇතිකරගෙන ඇත්තේ එසේයි.

මෙසේ වසර මිලියන ගණනාවක් ලෝකයේ සමබරතාවය රැකගනිමින් අනේකවිධ සත්ත්‍ව විශේෂවලට සෙවණ සහ ජීවය ලබාදෙමින් සෙත සලසන ඇමසන් වනය මිනිසාගේ ආත්මාර්ථකාමීත්‍වය නිසාම දිනෙන් දින ලෝකයෙන් සමුගනිමින් පවතිනවා. විශේෂයෙන්ම දැව සඳහා වනාන්තරය එළි කිරීම නිසා දැනටමත් ඇමසන් වනයෙන් සියයට 20 ක් අහිමිව ගොස් තිබෙනවා. වසරකට වර්ග සැතපුම් 20,000 ක් අහිමි වන ඇමසන් වනයෙන් කපා ඉවත් කරන මහා වෘක්‍ෂයන් සංඛ්‍යාව බිලියන 7 ක් පමණ වනවා.  එනම් ලෝක ජනගහනයට වඩා තරමක් කුඩා ප්‍රමාණයක්. මෙසේ වන විනාශය සිදු වන්නේ 1960 න් පසු ඇමසන් නිම්නයේ ඛණිජ තෙල් සොයාගැනීමත් සමගයි. ඉන්පසු ලොව විශාලතම ඛණිජ තෙල් ගවේශක සමාගම්, කෙමෙන් කෙමෙන් වනය තුළට පිවිසෙන්නට වුනා. 1991 සිට 2000 දක්වා කාළය තුළ පමණක් වන විනාශය වර්ග සැතපුම් ලක්‍ෂ හයකට ආසන්නයි. විශේෂයෙන්ම ගව පාලනයට ඉඩ සලසමින් කිරිපට්ටි හිමියන් වනය ගිණිතබමින් වනය තණ බිමක් බවට පරිවර්තනය කිරීමේ උත්සාහය නිසා  සහ සෝයා බෝංචි වගාව සිදුකිරීමට අවශ්‍ය භූමිය සකසා ගැනීමට ඇමසන් වනය විනාශ කරමින් සිටිනවා. ලෝකයේ දෙවන විශාලතම සෝයා බෝංචි නිෂ්පාදකයා වන්නේ බ්‍රසීලයයි. නමුත් මෑතකදී කළ පර්යේෂණයකට අනුව ඇමසන් විනාශය නිසා සෝයා වගාවට ස්වභාවිකව ලැබෙන වැස්ස අඩු වී තිබෙන අතර ඵලදාව වර්ධනය වීමක් සිදු වී නැහැ.

ඇමසන් වනයේ හෝ වෙනත් වනාන්තරයක ලැව්ගිණි ඇතිවීම ස්වභාවිකයි. නමුත් ඇමසන් වැනි නිවර්තන වැසි වනාන්තරයක මෙපමණ කාළයක් දැවෙන, විශාල වපසරියක් පුරා විහිදී පැතිරෙන ගින්නක් අස්වාභාවික බවයි පරිසර විශේෂඥයින්ගේ මතය. මේ ගින්න අද ඊයේ ඇතිවූවක් නොවෙයි. ඇමසන් වනයේ ගිණි ගැනීම් පටන් ගත්තේ 2019 වසරේ ජනවාරි මාසයේ පමණ, නමුත් එය නිසි පාලනයකට යොමු කිරීමේ දේශපාලනික අපොහොසත්භාවය සහ බ්‍රසීල ජනාධිපති Jair Bolsonaro ගේ පරිසර හිතකාමී නොවන ප්‍රතිපත්ති නිසා මේ ගින්න පාලනය කළ නොහැකි තත්ත්‍වයට පත් වී ඇති බව පරිසර විද්‍යාඥයින්ගේ මතයයි. මේ වනවිට බ්‍රසීලය තුළ විවිධ ප්‍රමාණයන්හි ලැව්ගිණි 80,000 ක් වෙන් වෙන්ව පැතිරෙමින් පවතිනවා. ඉන් අඩක්ම ඇමසන් වනයේ ඇතුලත සිදු වනවා. එය ගිය වසරට වඩා 83% ක වැඩිවීමක්.

ඇමසන් වනාන්තරයේ ඇති ශාක ප්‍රමාණය මගින් ලෝකයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් සියයට 20 ක් ලබා දෙන බවට මතයක් තිබෙනවා. එය සත්‍ය වශයෙන්ම ලොව ඇති කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් ශක්තිය වශයෙන් තිර කිරීමක් සිදු වන අතර කාබන් සංචිතය යාමනයට සිදු කරන ඉමහත් පිටිවහලක්. මේ නිසයි ඇමසන් වනාන්තරය ලෝකයේ පෙනහළු ලෙසින් නම් දරා සිටින්නේ…නමුත්, මේ වනවිට මේ ඔක්සිජන් නිකුත් කිරීම නැවතී, වන දහනය නිසා පිටවන කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් වායුගෝලයට නිරන්තරයෙන් එකතු වෙමින් පවතිනවා. ඇමසන් වනයේ පිහිටි ස්වභාවික සදාහරිත තෙත් ස්වභාවය නිසාම එය නිරායාසයෙන් ගිණි ගැනීමට ප්‍රතිරෝධයක් දක්වයි. නමුත් දැන් දැන් සැවනා තත්ත්‍වය වර්ධනය වීම නිසාත්, සෝයා වගාව සහ ගව පාලනය වෙනුවෙන් සිදු කරන ගිණිතැබීම් පාලනයකින් තොරව සිදුවීම නිසාත් මේ ගිණිගැනීම දැන් ව්‍යසන තත්ත්‍වයකට පත් වී ඇති බව පැහැදිලියි.

මෙසේ ඇමසන් වනය ගිණි ගැනීම දකුණු ඇමරිකාවට පමණක් බලපාන සංසිද්ධියක් විය හැකි බවට කිසිවකුට තර්ක කළ නොහැක්කේ, මුළු ලෝකයම එකම වායුගෝලයකින්, ජලගෝලයකින් ආවරණය වී ඇති නිසායි. එයින් වායුගෝලයට මුදාහැරෙන කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් ඉහළ වායුගෝලයට මුසු වී දැන් දැන් වර්ෂාව මගින් පොළව මතුපිටට වැටෙමින් පවතින අතර, එය පහළ වායුගෝලයට ද එක් වී හමාරයි. චන්‍ද්‍රිකා ඡායාරූප මගින් සනාථ වන කාබන් දූවිලි වලාව මුළු බ්‍රසීලයත්, ආජන්ටිනාව සහ වෙනත් රටවල් කරා ද පැතිරෙමින් පවතිනවා. මෙය ලෝක වායුගෝලයට මුසුවන්නට සුවිසල් කාලයක් ගත වන්නේ නැහැ. මෙසේ පාලනයකින් තොරව ඇමසන් විනාශය සිදු වුවහොත් තවත් වසර විස්සකින් ඇමසන් වනාන්තරය අපට අහිමි වීමේ අවදානමක් ඇති බවට පරිසර විශේෂඥයින් අනාවැකි  පළකර තිබෙනවා.

මෙසේ පරිසරයට එකතුවන කාබන් ඩයොක්සයිඩ් සහ මොනොක්සයිඩ් ක්‍ෂණිකව ඉන් ඉවත් නොවන නිසා සමහරවිට සුළු ප්‍රමාණයක කාබන් ඩයොක්සයිඩ් සංයුතියේ ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකියි. එසේම මෙම ගින්න නිසා ඉහළ වායුගෝලයට යන කාබන් අංශු ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු මතට පතිත වීම නිසා එමගින් පරාවර්තනය වන ආලෝක ප්‍රමාණය අඩුවී අයිස් තට්ටු උණුසුම්වීම පවා සිදුවිය හැක. මේ නිසා ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීම ද සීඝ්‍රවීමේ අවදානමක් පවතී, දැනටමත් ලෝකයේ සමුද්‍ර ජලමට්ටම මිලිමීටර දශම ගණනකින් ඉහළට යමින් පවතින අතර, මේ දියවීම වේගවත් වුවහොත් නැවතිය නොහැකි චක්‍රයක් බවට මෙය පත්විය හැකියි. දැනටමත් බටහිර ඇන්ටාක්ටික් අයිස් තට්ටුව මානව ක්‍රියාකාරකම් නිසා දියවෙමින් පවතින බවට සාක්‍ෂි මගින් තහවුරු වී තිබෙනවා.

වැසි වනාන්තර ගිණිගැනීම ස්වභාවික මෙන්ම ඒවා නැවත වර්ධනය ද ස්වභාවික ය. සාමාන්‍යයෙන් වැඩුනු පැරණි වනාන්තරයක තිර කරන කාබන් ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් නව, වැඩෙමින් පවතින වනාන්තරයක තිර වනවා. ඒ ශාක වර්ධනයට අවශ්‍ය ශක්තිය, අමුද්‍රව්‍ය ඉක්මනින් තිර කිරීම නිසා. සමහරවිට මේ තත්ත්‍වය නිසා මේ වැඩි වූ කාබන් ප්‍රමාණය ඉක්මනින්ම වායුගෝලයෙන් අවශෝෂණය වී ඇමසන් වනාන්තරය නැවතත් කාබන් තිර කිරීමේ බැංකුවක් බවට පත් විය හැකියි. නමුත් වසරකට සිදුවන වන විනාශය යම් තරමකට හෝ නවතාලිය හැකි නම් මෙහි ආචරණ වැඩියෙන් ලබාගත හැකියි. කෙසේ නමුත්, අප සිදු කළ පරිසර විනාශයෙන් සහ දැනටමත් සිදු කරමින් පවතින විනාශයන් නිසා වනාන්තර ප්‍රමාණය අඩුවීම, කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාම, ග්ලැසියර දියවීම, මුහුදු මට්ටම ඉහළ යාම, දැඩි ස්වභාවික විපත්, ආහාර හිඟයක්, ජල හිඟයක් ඇති වීම ආදිය විෂමාකාර චක්‍රයක් මෙන් අපටම බලපෑම් කරනු ඇත. පරිසරයට අනුවර්තනය විය හැකි වුවත්, මේ සිදුවන වෙනස්වීම් වලට අනුගත නොවිය හැකි සතුන් සදහටම පරිසරයෙන් තුරන් වී අන්තර්ජාලය බිත්තියක එල්ලී සිටින සතුන් පිරිසක් පමණක් වනු ඇත.

අපි… කුමක් කරමුද ?

Advertisements

අව්ව සැරයි – විජලනයට පිළියම් යොදන්න…


පසුගිය දස වසර තුළ දේශගුණයේ දැඩි වෙනස් වීමක් සිදුව ඇති බව සියල්ලෝම අවිවාදයෙන් යුතුව පිළිගන්නා කරුණක්. වර්ෂාපතන රටාවේ වෙනස්කමක්, සුළං රටාව වෙනස් වීම්, උෂ්ණත්‍වය ඉහළ යාම, නියං තත්ත්‍වයන් වර්ධනය ආදිය ඉතා දැඩිව අපට දැනෙන කාළයක්. අප්‍රේල් මාසය කොහොමත් ලංකාවට රස්නය අධික කාළයක්. දක්‍ෂිණාර්ධගෝලයේ සිට උත්තරාර්ධගෝලය වෙත සූර්යයාගේ ගමනේදී ලංකාවට කෙළින්ම හිරු මුදුන් වෙන කාළය මේ කාළයයි. ඍජු වර්ෂාපතනයක් නොමැති වීම නිසාත්, මේ කාළයේ සාමාන්‍යයෙන් පතිත වන සංවහන වැසි නොවැටෙන නිසාත්, ලංකාවේ පවතින්නේ අධික රස්නයක්. මෙය උණුසුම් වායු තරංගයක් (Heat Wave)  එකක් ලෙසින් හැඳින්වීම වරදක් නැහැ.

Image result for heat stroke prevention

මේ ආකාරයේ කාළගුණ තත්ත්‍ව ඍජුවම පරිසරයට බලපානවා. සතුන්ට සහ ගහකොළවලට මේ වෙනස බලපෑවත්, ඔවුන් ස්වභාවයෙන්ම පරිසරයට අනුවර්තනය වන නිසා කෙසේ හෝ එයින් මිදීමට අවකාශ සළසා ගන්නවා. ඒ මිනිසුන්ට මෙන් සංකීර්ණ ජීවන රටාවක් ඔවුනට නැති නිසා. මිනිසුන්ට අවශ්‍යතා අධිකයි. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයා අවුරුදු සමයේ ඔවුන් ක්‍රියාකාරී වන්නේ අවුරුද්ද ඔවුන්ට සංස්කෘතිකව ඉතා වැදගත් නිසා. ඒ නිසාම මේ අධික රස්නයත් ඔවුන්ට අමතකයි…. මෙය තරමක් දරුණු තත්ත්‍වයක්. ඒ නිසාම මේ වෙනුවෙන් විවිධ පිළියම් යෙදිය යුතුයි. රස්නය පාළනය කිරීමට අපට කල නොහැකක්කක්. නමුත් අප පරෙස්සම් වීම කළ හැකියි.

health care infographics about heat stroke

හැකි තාක් සිසිල් ස්ථානයක සිටින්න.

දවසේ උෂ්ණත්‍වය අධිකම කාළය වන්නේ උදෑසන 11.00 – 3.00 අතර කාළයයි. මේ කාළය ඇතුලත හැකි නම් සිසිල් සෙවන සහිත ස්ථානයක සිටිය හැකි නම්, ඉතා හොඳයි. නමුත් පවතින අධික වැඩ රාජකාරි සමඟ ඔබට එසේ කළ නොහැකියි. ඒ නිසාම විටින් විට සෙවනක් කරා යාම කළ හැකියි. නිවසක නම් පහත මාලය සිසිල් බවින් වැඩි නිසා දිවා කාළය පහත මාලයක ගත කළ හැකියි.

හොඳින් ජලය පානය කරන්න.

තාපයට ඔරොත්තු දීමට අවශ්‍ය එකම අවිය වන්නේ ජලයයි. අපේ ශරීරයෙන් 75% කට අධික ප්‍රමාණයක් ජලයෙන් සමන්විත නිසාම සහ සියළු ජීව ක්‍රියාකාරීත්‍වයේ මූලිකම මාධ්‍යය ජලය නිසාම අපට කිසිම විටක ජලයෙන් තොර ජීවයක් නැහැ. එසේමයි විජලනය ඇති වූ විට අපේ ජීව පද්ධතියම අඩපණ වෙනවා. මේ නිසයි අපට ආහාර නොමැතිව දින ගණනක් ජීවත් විය හැකි වුවත්, ජලය නොමැතිව ජීවත් විය නොහැක්කේ. උණුසුම් කාළයකදී සිදු කළ යුතු ප්‍රධානම දේ විජලනයෙන් වැලකීමයි. ඒ නිසා සෑම විටම සිසිල් ජලය පානය කළ යුතුයි. වෙනදාටත් වඩා වැඩියෙන් ජලය පානය කළ යුතුයි. සිසිල් බීම වලින් පිපාසය සංසිඳවූවත්, විජලනය වැඩි කරනවා. සිසිල්බීම වල අඩංගු සීනි සාන්ද්‍රණය අධික නිසා අපට ජල අවශ්‍යතාවය වැඩි වනවා.

Image result for heat stroke prevention poster

කපු අැඳුම් භාවිතා කරන්න – සුදු නම් වඩාත් සුදුසුයි

අධික තාපය අැති දිනවල භාවිතයට වඩාත්ම සුදුසු වන්ෙන් සුදු කපු අැඳුම්. කපු අැඳුම් දහඩිය ෙහාඳින් උරා ගැනීම සහ පිට කිරීම සිදු කරන නිසා ශරීරයට සිසිලක් ලබා ෙදනවා. කළු පැහැති ෙහා් වර්ණ අැඳුම් හිරු කිරණ උරා ගන්නවා… සුදු සියල්ල පරාවර්තනය කරනවා. ෙම් නිසා ශරීරය මතුපිට උෂ්ණත‍වය ඉහළ යාම අඩු වනවා.

මද්‍යසාර පානය අවම කරන්න

අධික තාපය අැති දිනවල මද්‍යසාර භාවිතයෙන් වැලකී සිටිනවා නම් හොඳයි. මද්‍යසාර අැත්තෙන්ම ශරීරය විජලනයකට ලක් කරනවා. ෙම් නිසා හැකි තරම් මත්පැන් භාවිතෙයන් වැලකී සිටිනවා නම් හොඳයි.

සැහැල්ලු අාහාර වේලක් ගන්න

අධික ප්‍රෝටීන් සහිත බර අාහාර වේල් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්‍වය වැඩි කරනවා. මේ නිසා ශරිර උෂ්ණත‍වය ඉහළ යනවා… නිතරම සැහැල්ලු සමබල අාහාර වේලක් ලබා ගැනීම තාපයට ඔරොත්තු දෙනවා වගේම ශරීර සෞඛ්‍යයටත් හොඳයි. ඔබ අධිකව දහඩිය දමන පුද්ගලෙයකු නම්, ලුණු භාවිතය සහ සීනි භාවිතය අඩු කරන්න… මෙවැනි අාහාර වේල් ගැනීම නිසා අධික දහඩිය දැමීමේදී ශරීරයේ ලවණ සාන්‍ද්‍රණය වැඩි වී විජලනය අැති වීමට පුළුවනි.

කුඩයක් භාවිතා කරන්න – Sunscreen භාවිතා කරන්න

අවුවේ යනවා නම් කුඩයක් භාවිතා කළාට වරදක් නෑ. සමාජය මොනවා කිව්වත්, තාපයට නිරාවරණය වන්නේ ඔබයි. ඔබට අහිතකර යමක් සිදු වුනොත් ඔබට හිනාවෙන සමාජය ඔබව බේරගන්න එන්නෙ නෑ… ඒ් වගේමයි, Sunscreen ආලේප කළහොත් සමේ ලාමක ස්ථානවලට වැඩිපුර අාරක‍ෂාවක් ලබා දිය හැකියි. මෙමගින් සමේ පිළිකා තත්ත්‍වයන් පවා පාලනය කළ හැකියි.

පරිසරයට නිරාවරණය වන ස්ථානයක වාහන ගාල් කිරීමේදී…. 

ඔබ සමහරවිට වාහනයේ ඔබේ දරුවන්, අාදරණීයයන්, සුරතල් සතුන් තබා සුළු වේලාවකට හෝ පිටතට යාමට ඉඩක් අැති. මේ සුළු වේලාව සමහරවිට ඔවුන්ගේ ඉරණම තීරණය කළ හැකියි. වාහන අැතුලත වාතය ඉතාම ඉක්මනින් රත් වනවා. මේ නිසා සමහරවිට වාහනය අැතුලත උෂ්ණත්‍වය අංශක 50- 70 දක්වා වුවද විය හැකියි. මෙය සිරුරකට දරාගත නොහැකියි. පිටරටවල කුඩා දරුවන් වාහනය තුළ මිය යන්නේ මේ වැනි අතපසුවීම් තුළින්. කිසිවෙකු වාහනයේ නවත්වා යා යුතු නම් වාහනය පණගන්වා වායුසමන යන්ත්‍රය ක්‍රියාත්මක කරවන්න. එසේත් නැතිනම් සියළුම ජනේල විවෘතකර තබන්න. හදිසියක් වූවොත් ඔවුනට ඉන් පැන යාමට හෝ පිටත සිටින කෙනෙකුට උදවුවක් හෝ කිරීමට හැකියි.

Image result for heat stroke prevention poster

ජනේල දොරවල් හිරු එළිය නිවස තුළට ගෙන ඒ් නම් ඒ්වා අාවරණය කරන්න 

වීදුරු ජනේල දොරවල් අැති නිවාසවලට හිරු රැස් පතිත වීමත් සමග හරිතාගාර තත්ත‍වයක් අැති විය හැකියි. මේ නිසා අැතුලත උෂ්ණත්වය වැඩි විය හැකියි. මෙය වලක්වා ගැනීමට ජනේල සහ දොරවල් අැලුමිනියම් වැනි පරාවර්තක ද්‍රව්‍යයකින් අාවරණය කිරීම මගින් නිවස තුළට පැමිණෙන හිරු රැස් ප්‍රමාණය අවම කරගත හැකියි.

රෝග ලක‍ෂණ හදුනා ගන්න

අධික තාපයට නිරාවරණය වීම නිසා පහත අනතුරුදායක සංඥා ශරීරෙයන් නික්මිය හැකියි. මේ ගැන අවධානය යොමු කිරීෙමන්හා් බොහෝ අනතුරු වලක්වාගත හැකියි

  • අධික දහඩිය දැමීම
  • මහන්සිය
  • කරකැවිල්ල හෝ ක්ලාන්ත ගතියක්
  • කෙණ්ඩා පෙරළිම්
  • හිසරදය
  • අධික උණ
  • වමනය
  • ඇඟේ හිරිගඩු පිපීමක්
  • ඉර අවුවට පිච්චීම නිසා සමෙහි රතු පැහැති ලප
  • හෘද ස්පන්දනය ඉහළ යාම

 

Image result for symptoms of heat strokeමේ රෝග ලක‍ෂණ පැමිණි වහාම හොඳින් වාතාශ්‍රය අැති වියලි තැනකට ගොස් හොඳින් ජලය පානය කරවන්න. සාමාන්‍යයෙන් සෑම පැයකටම අවම වශයෙන් වතුර වීදුරු 4 ක් වත් පානය කිරීම සිදු කළ යුතුයි. හැකි නම් අැඳුම් බුරුල් කර සිසිලස ලබා දෙන්න. ශරීරය ජලයෙන් තෙත මාත්තු කර සිසිලස ලබා දෙන්න. ශරීරයේ  කිහිලි – ඉකිලි බෙල්ල සහ පිට ප්‍රදේ්ශවලට අයිස් තබා ඉක්මන් සිසිලස ලබාදෙන්න

විශේෂයෙන්ම කුඩා දරුවන්, මහළු උදවිය සහ ගැබිණි මවුවරුන් අධික තාපෙයන් ප්‍රවේශම් විය යුතුයි. එසේම තාපය නිසා අැතිවන කම්පනය හෘදයාබාධ සහ අාඝාත තත්තවයනට මග පාදන්න පුළුවන්.

 

අවසාන වශයෙන් අප පමණක් නොවෙයි අපේ සුරතල් සතුන්ද මේ තාපයෙන් අාරක‍ෂා කර ගත යුතුයි. ඔවුනට හොඳින් ජලය පානය කිරීමට ලබා දීම සහ සිසිල් ස්ථානයක රඳවා තැබීම මගින් ඔවුන් අාරක්ෂා කර ගත හැකියි.

Related image

සෑම විටම පෙර සූදානම ප්‍රතිකාරයට වඩා යෝග්‍යයි. ඒ් නිසා යමක් වීමට ෙපර එය වලක්වා ගැනීම ඔෙබ් යුතුකමක්.

සුබ අළුත් අවුරුද්දක් වේවා….

 

 

2011 ජනවාරි 18 : වැහි දවස් වලටවත් අනුන් ගැන පොඩ්ඩක් හිතමු…..


අද උදේ ඇහැ ඇරෙන විට හතර වටේටම අයිස් වැටිලා…. හිම වැටෙනවාට වඩා අයිස් වැටෙන එක භයානකයි. හිම වැටෙනකොට පොළව ලිස්සනවා අඩුයි, නමුත් අයිස් වැටෙනකොට පොළව මත ලිස්සනසුළු අයිස් තට්ටුවක් බැඳෙනවා. මේ නිසා අනතුරු සිදු වෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි. විශේෂයෙන්ම අයිස් මත ලිස්සා ගිහිල්ලා වාහන අනතුරු ගොඩක් වෙනවා .

අද පාරවල් මෙන්න මේ වගේ

ගිය සතියේ ඔළුවට වෙච්චි අනතුරට පස්සේ පුතු ඉස්සෙල්ලාම පාසලට යන්නේ අද.. ඉතින් පොඩි එකාව පන්තියට අරගෙන ගියාම ඒ පන්තියේ ඉන්න පැටවු ටිකට හරි සන්තෝසයි යාළුවා ආයෙම ආපු එකට… ඒ අයටත් කතා කරලා ගුරුතුමියො දෙන්නටත් කතා කරලා හිම කැට වැටෙන වැස්සේ රසායනාගාරයට ආවා…

ඒ එනකොට තමයි දැක්කේ, මට ඉදිරියෙන් ගිය වාහනය වතුර එකතු වුන තැනකින් තරමක් වේගයෙන් යනකොට, පාරේ අයිනෙන් ගිය යුවතියට හොඳටම නෑවෙන්න වතුර පාරක් වැදුනා… වාහනේ වේගය අඩු කරලා ඇයට වතුර ඉසෙන එක නැවැත්තුවත්,  ඇයව නෑවුව වාහනය අයිති පුද්ගලයාට මැදඟිල්ල ඔසවා කළ ප්‍රතිචාරයෙන් පස්සේ මටත් සිනහා ගියා, එක අතකට ඇගේ ඒ ප්‍රතිචාරය හරි කියලා…

මට මතක් වුනේ මම පාසල් යන දවසක සිදු වූ සිදුවීමක්. මම ගමන් කළ වාහනය දිනක් මඩ වලක වැටී ඒ අසලින් ගමන් ගත් පාසල් යුවතියකගේ සුදු ගවුම සම්පූර්ණයෙන්ම මඩින් නැහැවුනා… ඇයගේ මුහුණේ තිබුණ අසරණකම මටත් රථයේ රියැදුරාටත් බොහොම සිතට වද දුන්නා.. අප වාහනය නවතා ඇයට කතා කරන්නට හැදුවත් ඈ මිතුරියන් රෑනක් සමඟ සිදු වූ අකරතැබ්බයට පිළියම් කරමින් සිටියා. (අපට හොඳහැටි බණින්න ඇති ඔක්කෝම එකතු වෙලා) ඇත්තටම සිදු වුනේ අප ඒ මඩවල නොදැකීමයි…

ඇය නැහැවුනේ නම් මෙවැනි මඩ ගොඩක් නොවෙයි....

දුටුවා නම් අපේ අතින් එවැනි වැරැද්දක් සිදු වෙන එකක් නැහැ. එදායින් පසු මම නම් කිසිම දවසක වැහිදාට අනවශ්‍ය ලෙස වේගයෙන් වාහන පදවන්නේ නැහැ. ඒ වගේම කිසිවෙකු පාරේ ගමන් කරනවා නම් ඒ අය ගැන සළකා බලා සෙමෙන් ධාවනය කරනවා… මේ නිසාම මගේ අතින් අනෙක් අය නැහැවෙනවා බොහොම අඩුයි.

ලංකාවෙත් මේ දවස්වල හරි වැස්ස.. ඔබත් වාහනයක හිමිකාරයෙක් හෝ රියැදුරෙක් නම්, ඔබත් සිතා බලන්න: සීතලේ පාරේ ගමන් කරනවිට ඇඟ පුරාවට නාගෙන යන්න වතුර පාරක් ඔබට වැදුනොත් ඔබට දැනෙන හැඟීම කුමක් ද කියා…. එසේ නම්… අනෙක් අය ගැනත් එසේම සිතන්න… අනෙක් අයත් කැමති නැහැ වැදගත් ගමනක් යනවිට හෝ කාර්යාලයට හෝ පාසලට යනවිට මඩ නාගෙන යන්න…

ඉතින්… වැස්ස වෙලාවට හෙමින් වාහන පදවන්න.. ලංකාවෙ පාරවල්වල ඇති අලි නාවන තඩි වලවල් බේරලා පරිස්සමින් යන්න. සමහර විට එය ඔබේ වාහනයට මෙන්ම ඔබ අනතුරකට පත් වීමට ඇති ඉඩකඩ ද වළකා ලන්නට පුළුවන්…

අපි අනුන් ගැනත් පොඩ්ඩක් හිතමු…..

%d bloggers like this: