Blog Archives
2012 ඔක්තෝබර් 21: සෙක්ස් ගැන ඔබ නොදන්නා දේ………..දෙවනි කොටස………….. 18-
පසුගිය ලිපියකින් මම අවධාරණය කළේ SEX පිළිබඳව… Sex කියන බල්ලා ගැන කතාවක් ලියන්න ගිහිල්ලා ප්‍රධාන මාතෘකාවෙන් බැහැරට ගිය නිසා කතා කරන්න හිතාගත්ත දේ කියලා ඉවර කරගන්න බැරි වුනානෙ…. ඉතින් මම එදා කිවුවේ SEX කියන දේ විවිධාකාරයෙන් අර්ථකතන දෙන්න පුළුවන් කියලා… ලිපියට ලැබුණ හිට්ස් ප්‍රමාණයෙන්ම හිතාගන්න පුළුවන් සිංහල පාඨකයො කෙතරම් SEX පිළිබඳ කියවන්න ආසද කියලා…. ලිංගිකත්‍වය කියන්නෙ කාටත් පොදු දෙයක්… ඒ වගේම බොහෝ දෙනෙක්ට ඒ පිළිබඳ තියෙන්නෙ කුතුහලයක්… ඒ වගේම ආසාවක්… නෑ කියලා ඔබ හිතනවා නම් ඔබම ඔබ ගැන හිතලා බලන්න… හිතට එකඟව… බොරු සුදු රෙදි ගැලවූවාම හැමෝම එයට කැමතියි… ඒ වගේම යම් යම් රටවල එය විවිධාකාරයි. සමහර රටවල බොහෝ සම්බාධක පමුණවලා තියෙනවා සංස්කෘතික බැමි මුවාවෙන්. නමුත් ඒ නිසාම මිනිසුන් ඒ සම්බාධක බිඳගෙන යනවා. එවිට සිදුවන සිදුවීම් අනන්තයි අප්‍රමාණයි. ඒ නිසාම තමයි ලංකාවෙ මිනිස්සු ලිංගික අසහනයකින් පෙළෙන්නෙ. ගැහැණු ළමයෙක් කොට සායක් ඇඳගෙන ගියොත් කීදෙනෙක් හැරිලා බලනවද ? කීදෙනෙක් ඒ ළමයව සිතින් නිරුවත් කරනවද ? කී දෙනෙක් විසිල් ගහනවද ? තවත් බොහෝ උදාහරණ තියෙනවා.. ඔබම දන්නවා ඇති අපේ සමාජය ගැන….
ඉතින් SEX කියන දේ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමත් Taboo එකක් වෙනවා.. ඒ නිසාම මමත් කැමතියි ඒ ගැන කතා කරන්න විවිධ අවසථා වල විවිධ ආකාරයට… අද කතා කරන SEX මා මුලින් කියූ පරිදි වෙනස් මාතෘකාවක්… කියවලා බලන්න….
SEX : Sustainability : Energy Conservation : eXtended work
ඇල්කෙමියාගේ රසායනාගාරයේ මගේ මුල්ම බ්ලොග් සටහන වුනේ අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී කියන මාතෘකාව. ඒ වෙනකොට ඇල්කෙමියා ගැන කවුරුත් දන්නෙවත් නෑ…. දැන් නම් ටික දෙනෙක් දන්නවා… ගිහින් බලන්න පළමු ලිපිය..
මම දිගින් දිගටම මේ බ්ලොගය මගින් ඔබට අවධාරණය කරන්නෙ අපි පරිසර හිතකාමී ජීවන රටාවකට හුරු වෙන්න ඕන කියන දේ… තවත් කියන්න තරම් දෙයක් නැහැ.. ලෝකයේ සිදු වන විවිධාකාර පරිසර හිතකාමී සංවර්ධනයන්, ක්‍රියාදාමයන් ගැන අධ්‍යයනයෙන් ඉන්න ඕන කෙනෙකුට තේරෙනවා අපි වැටී සිටින අමාරුව… ලෝකයේ සිදුවන කාලගුණ සහ දේශගුණ විපර්යාසයන් ගැන අවධානයෙන් ඉන්න අය දන්නවා අපි යන්නෙ කොහාටද කියලා.. නමුත් මිනිස්සුන්ට ඊට වඩා ප්‍රශ්න තියෙනවා… රට-ලෝකය ගැන හිතනවට වඩා…. අන්තිමටම තමයි තේරෙන්නෙ… අපිත් මේකට සක්‍රීයව දායක වුනා නේද කියලා.. නමුත් එතකොට පෙරහැර ගිහින් ඉවරයි.
Sustainability :
the quality of not being harmful to the environment or depleting natural resources, and thereby supporting long-term ecological balance: කියන්නෙ ඒකයි…. අපේ පැරණ්නො මේ ජීවන රටාවට හුරු වෙලා හිටිය නිසා තමයි ඒ අය නිරෝගීව දිගු කාළයක් ජීවත් වුනේ. එපමණක් නොවෙයි කරන හැම දෙයකම පරිසරය සංරක්‍ෂණය ගෑවිලා තිබුණා. ආච්චි කඩේට ගෙනියන පන් මල්ල දිරා යන ද්‍රව්‍යයක් වන පන් වලින් හදලා තිබුණෙ. ගෙදර නිදිය ගන්න බූරු ඇඳ ගෝනි සහ ලී වලින් හදලා තිබුණෙ… එළවලු පාත්තියෙ පතෝල, වැටකොළු වහන්න ගත්තෙ පත්තර කොළ වලින් හදපු වැසුම්. කෙසෙල් කැන වැහුවෙ පොල් අත්තක් වියා ගත් වැස්මකින්. පැණි මුලක් බැන්දෙ පුවක් කොළපොතක් නවලා හදාගෙන.. මේ වගේ අනන්තවත් උදාහරණ දෙන්න පුළුවන්… ඒ වගේමයි… ඒ මිනිස්සු අවම වශයෙන් දවසකට එක වතාවක් වත් වත්තෙ වැඩක් කළා. ටික දුරක් හෝ පයින් ඇවිද්දා.. දහඩිය හෙළුවා.. සවසට සතුටු සාමීචියෙ යෙදුනා… සුවසේ නින්දට ගියා… මේ නිසාම දියවැඩියාව, හෘද රෝග, පිළිකා කියන තුන් වැදෑරුම් මාරක දන්න කියන කිසිම කෙනෙකුට හැදෙනවා කියලා අහන්නවත් ලැබුණෙ නැහැ.
ක්‍රම ක්‍රමයෙන් මිනිස්සු සංවර්ධිත ජීවන රටාවට පුරුදු වෙන්න ගනිද්දි ඒ අය නගරයට සංක්‍රමණය වෙන්න ගත්තා… ගමේ තියෙන සරළ ජීවන රටාව වෙනුවට නාගරිකයාට තියෙන්නෙ කලබලකාරී ජීවන රටාවක්. තමන් වවාගෙන කනවා වෙනුවට කාගිල්ස් එකෙන් බඩු ගන්න පුරුදු වුනා.. සොසෙජස්, හැම් බේකන් කන්න පටන් ගත්තා.. ස්වභාවික ආහාර වෙනුවට පිළියෙල කළ ආහාර Processed food පරිභෝජනය වැඩි වුනා. ඒත් එක්කම රෝගී තත්ත්‍වයනුත් වෙනස් වෙන්න ගත්තා… ව්‍යායාම මඳ ශරීරයට දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ පෝසත් ලෙඩ ගොඩ වෙන්න පටන් ගත්තෙ මේ ඒකාකාරී අවිවේකී ජීවන රටාව එක්ක… ඇත්ත.. අද තියෙන තරඟය ජය ගන්න නොවෙයි, තරඟයේ රැඳිලා ඉන්නත් ලොකු සටනක් කරන්න වෙනවා. දරුවන් පාසල් යවන්න, දරුවන්ට අමතර පන්ති (අත්‍යවශ්‍ය නොවුනත් – රැල්ලට යන්න හරි), පිහිණුම්, සංගීතය, කරාටේ, ආදී තවත් දහසකුත් එකක් අමතර වැඩ, ශිෂ්‍යත්‍වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ.. ඉන් පසු… ආදී මේ සියල්ලට අවශ්‍ය වෙන්නෙ සල්ලි. ඒ සල්ලි හොයන්න දෙමාපියො වැඩට යා යුතුයි. එවිට ගමේ ඉන්න ආච්චි සීයා නගරයට එනවා දරුවන් බලා ගන්න… මේකයි නගරයේ ජීවන රටාව.
ඉතින් නැවතත් අපි පරිසර හිතකාමී ජීවන රටාවකට යායුතු කාළය ඇවිත් (ඇවිත් කියන්නෙ බොහෝ කළකට පෙර.. දැන් කාළය පහු වෙලා) ඇත්තෙන්ම ඒ කාළය ආවෙ මීට දශකයකටත් පෙර, නමුත් අපේම නොසැලකිල්ල නිසා අපි ඒ කිසි දෙයක් ගණන් ගත්තෙ නැහැ.. දැන් වෙලා තියෙන්නෙ ආපසු හරවන්න බැරි විනාශයක් වේගෙන යන එකයි. මිහිතලය උණුසුම් වීම වැඩි වෙලා… ඒ නිසාම ධ්‍රැවීය අයිස් දියවීම වැඩි වෙලා.. මෙහෙම ගියොත් තවත් අවුරුදු 20 ක් ඇතුලත ධ්‍රැවීය අයිස් සියල්ල දියවී යන්න පුළුවන්. එවිට සිදු වන්නෙ එක අතකට මුහුදු මට්ටම ඉහළ යාම. මේ නිසා මාලදිවයින වැනි මුහුදු මට්ටමේ ඇති දූපත්වලට ලොකු අවදානමක් ඇති වෙනවා. එපමණක් නොවෙයි පෘථිවියේ උශ්ණත්‍වය පාලනය/නියාමනය කරන්නට මේ ධ්‍රැවීය අයිස් මහඟු මෙහෙයක් කරනවා. එසේම මේ අයිස් තට්ටු නිසා සූර්යාලෝකයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් පරාවර්තනය වෙනවා. මෙය සිදු නොවීම නිසා මිහිතලයේ උණුසුම් වීම වැඩි වෙනවා. දැනට තියෙන රස්නය හොඳට දැනෙයි. මේක දාම ප්‍රතික්‍රියාවක්. මිහිතලය උණුසුම් වීම නිසා වායුගෝලය ප්‍රසාරණය වෙනවා. තැනෙන වලාකුළු ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. මේ නිසා වැසි ලැබෙන කාළෙට එපා නොකියන්න වැසි ලැබෙනවා. නොලැබෙන කාලෙට එපි නොකියන්න පායනවා. ඒ වගේම කාළගුණ රටාවන් වෙනස් වෙනවා. ඍතු වෙනස් වෙනවා. සතුන්ට දරා ගන්න බැරි වෙයි. ධ්‍රැවීය සතුන් එක්කෝ හැඩ ගැසෙයි එසේ නොහැකි එවුන් මිය යාවි.. හිම වලහා වගේ සතුන් සමහර විට පුළුන් පුරවලා කෞතුකාගාර වලදී පමණක් බලන්න පුළුවන් වේවි අනාගතයෙදී. මේ සිදුවිය හැකි අනර්ථයන්ගෙන් ස්වල්පයක් පමණයි.
ඉතින් මේ තත්ත්‍වය ආපසු හරවන්න නම් බැරිවෙයි. නමුත් දැන් තියෙන තත්ත්‍වය පාලනයට පියවර ගත හැකියි. කොහොමද ? මුලින්ම අපි ශක්ති පර්භෝජනය කළමණාකරණය කළ යුතුයි. අපේ රටේ මිනිසුන්ගෙවත්, ආණ්ඩුවේ වත්, පෞද්ගලික අංශයේ වත් දකින්නට නැති එක (ප්‍රධාන) දෙයක් තමයි බලශක්ති කලමණාකරණය. මෙය බොහෝ දෙනෙකු කියන්නෙ කල නොහැක්කක් කියලා… නමුත් මම දිගින් දිගටම කියලා තියෙනවා මේ කරුණ ගැන.
- මුලින්ම අපි සළකා බලන්න ඕන බලශක්ති ජනනය ගැන. වාසනාවකට වගේ අපට අවශ්‍ය ප්‍රමාණයට ජලාශ තිබෙනවා ජල විදුලි බලය උත්පාදනයට. නමුත්, අපි හිතලා බලලා තිබෙනවද ඒ ජලාශ පෝෂණය කරන්න අවශ්‍ය පෝෂක වනාන්තර කොපමණක් සහ අවශ්‍ය ප්‍රමාණයට ලංකාවෙ තිබෙනවද කියලා ? අපි නිතරම වැස්සට දත නියවගෙන ඉන්නවා. වැස්ස නැති කාලෙට අපි බොහොම අසරණයි. ජලාශ හිඳෙනවා, විදුලිබල අවශ්‍යතාවය පිරිමහගන්න ඩීසල් බලාගාර පාවිච්චියට ගන්නවා. -පරිසරය විනාශ වෙනවා-. අපට හැකියාවක් තිබෙනවා නම් ජලාශ පෝෂක ප්‍රදේශ නිසි ආකාරව කළමණාකරණය කරගන්න, අපට පුළුවන් වේවි ඒකාකාර ජලවහනයක් පවත්වාගන්න.. කඳුකරයේ පයිනස් ඉන්දෙවුවට ඒක කරන්න බැහැ…. එසේම තවත් ප්‍රශ්නයක් තමයි බලාගාර පෝෂක ජලාශවල රොන්මඩ තැන්පත් වීම… මේ සඳහා දැනුමැත්තන්ගෙන් උපදෙස් අරගෙන එක්කෝ රොන්මඩ ඉවත් කළ යුතුයි. නැතහොත් එසේ රොන්මඩ එකතු වීමට පිළියමක් යෙදිය යුතුයි. අපේ ජලාශ වලින් හරි අඩක්ම රොන්මඩ වලින් පිරී ගොස් ඇති නිසා අවශ්‍ය ප්‍රමාණයට ජලය එකතු කරගන්න බැහැ. ලිං වලට බදු ගැහුවට ඒක කරන්නත් බැහැ…
- අනිත් දේ තමයි අපේ බලාගාර පිහිටවීමේදී අපි බැලිය යුතු වන්නේ ඒ සඳහා යොදා ගනු ලබන ඉන්ධන. අපට අඩු මුදලට ලැබුණ ගල් අඟුරු බලාගාර වල නිසි කාර්යක්‍ෂමතාවයකින් අඛණ්ඩව විදුලි ජනනය කිරීම කළ හැකි ලෙස කළමණාකරණය කරගත හැකි නම් ගල් අගුරු උපරිම පූර්ණ දහනයකට භාජනය කරලා උඵරිම ධාරිතාවක් ජනනය කළ හැකියි. නමුත්, දැනට පවතින අඩුපාඩු නිසා අවශ්‍ය තරම් කාර්යක්‍ෂමතාවයක් ලැබෙන්නෙ නැහැ. මේ නිසා ගල් අඟුරු අපතේ යාමක් හා/හෝ බලශක්ති අපතේ යාමක් සිදු වෙනවා. මේ කෙසේ වුනත් ගල් අඟුරු දහනයෙන් කාබන් ඩයොක්සයිඩි පිට වනවා. මේ පිටවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිචක්‍රීකරණය හෝ වෙනත් දේකට නැවත පාවිච්චියට ගත හැකි නම් එය පරිසර හිතකාමී වනවා. උදාහරණයක් ලෙස සමහර රටවල් මේ කර්මාන්තශාලා වලින් පිටවන කාබන් ඩයොක්සයිඩ් සහිත වාතය මුහුදු වතුර සමඟ මිශ්‍ර කරලා සෝඩියම් සහ කැල්සියම් කාබනේට් වැනි රසායන ද්‍රව්‍ය තනා ගන්නවා… මේවා අතිශය පිරිසිදු නැති වුනත් ගොඩනැඟිලි ඉදිකිරීම් වැනි දේ වලට අවශ්‍ය ද්‍රව්‍ය තනාගත හැකි බව කියැවෙනවා. කොහොම වුනත් පිටවන කාබන් ඩයොක්සයිඩ් පරිසරයට එකතු වීමට ඉඩ නොදී භාවිතයට ගන්නවා.
- ඊලඟ කාරණය තමයි ජීව ඉන්ධන භාවිතය. ෆොසිල ඉන්ධන භාවිතයෙදී අපි කරන්නෙ කාළයක් තිස්සේ පොළව යට තැන්පත් වී ඇති කාබන් සංචිත නැවත භාවිතයට ගැනීම.. නමුත් මේ සංචිත නැවත ඇති වෙන්න කල්ප කාලාන්තරයක් යනවා. මෙසේ භාවිතයට ගැනීම නිසා පරිසරයට කාබන් ඩයොක්සයිඩ් එකතු වන වේගය ඒ සංචිත නැවත සැකසීමට ගතවන වේගයට වඩා බොහොම වැඩි නිසා පරිසරයේ එකත් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වනවා. නමුත් ජීව ඉන්ධන භාවිතා කළ විට සිදු වන්නේ පරිසරයේ ඇති කාබන් සංචිතයක් භාවිතයයි. මේ සංචිත ඉක්මනින් නැවත සැකසෙන නිසා පරිසරයට එකතු වන ශුද්ධ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය (Net CO2 ප්‍රමාණය) බිංදුවක් හෝ අවම අගයක් (ජීව ඉන්ධන සැකසීමේදී භාවිතා වන ඉනධන හෝ බලශක්තිය නිසා පිටවන CO2 ප්‍රමාණය මත) ගන්නවා. මේ නිසා ජීව ඉන්ධන භාවිතය ප්‍රචලිත කළ හැකි නම් එය ඉතා අගෙයි.
- එසේම සූර්ය ශක්තිය සහ සුලං බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය ප්‍රචලිත කිරීම.. දැනට ලංකාවෙ නම් මේ ගැන ලොකු ප්‍රවණතාවයක් දක්නට තිබෙනවා. මෙය ඉතා හොඳ ලක්‍ෂණයක්. දැනට සූර්යකෝෂ නිෂ්පාදනයෙ ඉදිරියෙන්ම සිටින්නෙ චීනය.. අපේ රටේ චීනය සමඟ ඇති මිත්‍රත්ව සබඳතා උපයෝගී කරගෙන සූර්යකෝෂ කම්හලක් ලංකාවෙ අරඹන්න පුළුවන් නම් එයින් අපේ උගත් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සැළසෙනවා වගේම අපට අපේ රට සූර්ය බලශක්තියෙන් ස්වයංපෝෂිත කරන්නත් පුළුවන් වේවි. එහෙම වුනොත් අපට ඩීසල් බලාගාර මත යැපීම අඩු කරලා අඩු මිලට විදුලිය ලබා දෙන්නත් පුළුවන් වේවි. මේ රජයක් වශයෙන් බලශක්තිය කළමණාකරණය කර ගත හැකි ආකාරය.
- රජයේ සහ පෞද්ගලික ආයතනවලටත් විවිධාකාරව බලශක්තිය කළමණාකරණය කරගත හැකියි. උදාහරණයක් වශයෙන් අවම විදුලි පහන් ප්‍රමාණයක් භාවිතය, හෝ අවම බලශක්තියක් වැය කෙරෙන LED විදුලි පහන් භාවිතය. මෙය CFL විදුලි පහන් වලටත් වඩා අතිශයින්ම කාර්යක්‍ෂමයි. වායු සමන යන්ත්‍ර අවමයෙන් භාවිතය, භාවිතයට නොගන්නා අවසථාවල විදුලි උපකරණවල පේනු ගලවා තැබීම. Energy Star සළකුණ ඇති විදුලි පිරිමසින විදුලි උපකරණ භාවිතය. ආදී දේ විදුලිය පිරිමැසීම අතිනුත්,
- අවම කඩදාසි ප්‍රමාණයක් භාවිතය- උදාහරණයක් වශයෙන් දැන් දැන් සියළුම ආයතනයන් පරිඝණකගත කර ඇති නිසා බොහෝ දෑ ඊමේල් හෝ අභ්‍යන්තර ලියැවිලි ලෙස ඉලෙක්ට්‍රොණිකව යැවීම- කඩදාසි ප්‍රතිචක්‍රීකරණය ආදී දේ සැළකීමට හැකියි.
- එසේම රජයට හැකිනම් කාර්යක්‍ෂම ප්‍රතිචක්‍රීකරණ සේවාවක් අරඹන්නට එමගින් ඉතිරි කළ හැකි බලශක්තිය ඉතා විශාලයි. මා දන්නා පරිදි දැන් දැන් ඇඹිලිපිටිය කඩදාසි කම්හල සිය නිශ්පාදන සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ කඩදාසි පාවිච්චි කරනවා. මෙය ඉතා අගයකළ යුතු වැදගත් කටයුත්තක්.
- පෞද්ගලිකවත් ඔබට බොහෝ දෑ කළ හැකියි. ඔබටත් හැකියි පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතා කරන්න. CFL විදුලි පහන් වෙනුවට LED විදුලි පහන් භාවිතා කළ හැකියි.
- LP ගෑස් වෙනුවට මෑතකදී හඳුන්වා දුන් කුණු/කාබනික අපද්‍රව්‍ය භාවිතයෙන් නිපදවෙන මෙතේන් (LP ගෑස් වලට සමාන) වායුව සකසා ගන්නා උපකරණයක් සවි කර ගැනීම : මූලික ආයෝජනය තරමක් වැඩි වුනත් වසරක් හෝ දෙකක් ඇතුලත ඒ ආයෝජනයට සරිලන ලාභයක් (break-even) ලබාගත හැකි බවයි මගේ හැඟීම.
- ප්‍රතිචක්‍රීකරණය සහ නැවත භාවිතය. බොහෝ දිරා යන ද්‍රව්‍ය තමන්ගේම වත්තේ වගාවන්ට යොදාගත හැකි කොම්පෝස්ට් ලෙස භාවිතා කළ හැකියි. දිරා නොයන ද්‍රව්‍ය කිසියම් ආකාරයකට ප්‍රතිචක්‍රීකරණය කළ හැකිනම් අගෙයි.
- නැවතත් – භාවිතයට නොගන්නා විට විදුලි උපකරණ පේනු වලින් ගලවා තැබීම. විදුලිය පිරිමසින විදුලි උපකරණ භාවිතය.
- වාහනය නිසි පරිදි භාවිතය
- නිසි පරිදි නඩත්තුව
- තනි පුද්ගලයෙකු බැගින් වාහන කිහිපයක ගමන් කරනවා වෙනුවට නිවසේ කිහිප දෙනෙකු එක වාහනයක ගමන් කිරීම – car-pooling.
- පොදු ප්‍රවාහණ සේවා භාවිතය.
- ඉන්ධන අධික ලෙස පරිභෝජනය කරන විශාල වාහන වෙනුවට තමන්ට සරිලන සාමාන්‍ය වාහනයක් භාවිතය – තමන්ගේ ආත්මාභිමානය පසෙක දැමිය යුතු අවස්ථාවක් වන මේ කැපකිරීම ලාංකිකයන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි බව මා හොඳටම දනී
- දෙමුහුන් වාහන භාවිතය (Hybrid Vehicles) නිසා භාවිතා වන ඉන්ධන වලින් සෑහෙන ප්‍රමාණයක් ඉතිරි වෙනවා. සාමාන්‍යයෙන් දෙමුහුන් වාහන සෙමෙන් ගමන් කිරීමේදී බැටරිය භාවිතා කරන නිසා කොළඹ වැනි අධික වාහන තදබදය ඇති පෙදෙසක ධාවනය වන වාහනවල සෑහෙන ඉන්ධන ඉතිරියක් වනවා. රජය මීට බදු සහන ලබා දී තිබුණත් කාගේ හෝ මුග්ධ අදහසකට අනුව ඒ වාහන වලටත් බදු අය කිරීම නිසා දැන් ඒ වාහන ගෙන්වීම අඩු වී තිබෙනවා. ඒ පුද්ගලයා දුර දක්නා නුවණකින් යුතු කෙනෙක් නම් තව වසර දහයක් දක්වා ඉදිරිය ගැන සිතා මෙවැනි වාහන ගෙන්වීම දිරිමත් කළ යුතුයි. එවැනි වාහන ගෙන්වීමෙන් අධික ඉන්ධන දහනය සිදු වන පැරණි වාහන ගෙන්වීම නතර වන අතර ඉදිරියේදී ඉන්ධන භාවිතයද අඩු වී රටටත් බරක් අඩු වනවා. කාගෙ වුනත් මොළේ තමයි මොළේ….
ඉතින් මේ කිවුවෙ SEX වල මුල හරිය පමණයි… තවත් දේ බොහෝ කියන්න තිබුණත් ලිපිය හොඳටම දිග වැඩි වුනා… EX වලින් තේරුම් යන දෑත් ඉදිරියේ දවසක ලියන්නම්….. ඇත්තෙන්ම කියන්න තියෙන්නෙ මේ වගේ ලිපියකට වෙනත් මාතෘකාවක් දැම්මා නම් මේ කියවපු ගණනෙන් බාගයක් වත් නොකියවන්න ඉඩ තිබුණ බවයි. මේකත් මගේ එක්තරා පර්යේෂණයක්…. මිනිස්සු කොතරම් SEX කියන වචනයට ඇදිලා එනවද කියලා බලන්න…. පර්යේෂණය සාර්ථකයි… .ගියවර ලිපියකිනුත් මම ඒ ගැන කිවුවා…
තරහ වෙන්න එපා.. ඔබ සියල්ලන් මගේ පර්යේෂණ නියැදීන්…. මේ ලිපියත් දිග වැඩි වුනා… කෙටි ලිපි ලියන්න උත්සාහ කරන්නම්… ලියන්න ගියාම – ලියන්න දේවල් හිතට එනකොට ලියැවෙනවා කෙළවරක් නැතිවම
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
මේ ලිපියම ඇල්කෙමියාගේ දිනපොත Blogger.com එකෙත් තියෙනවා
2012 සැප්තැම්බර් 22 : අපේ අවසානය ලඟද ? තව ටිකක් නටමුද ?
කවුද කිවුවා මේක ඇල්කෙමියාගෙ දිනපොත වුනාට දේශපාලන කතා ලියැවෙනවා වැඩියි කියලා…. මම දේශපාලන සත්‍වයෙක් ඒක නතර කරන්න බැහැ. ඉතිං අපේ කට්ටිය හිටු කියලා පිස්සු කෙළිනකොට ඇඟේ මාළු ගඟේ නටනකොට නොලියවිය යුතු දේවලුත් ඉඳලා හිටලා ලියැවෙනවා. ඒක එහෙමයි.. ඇල්කෙමිච්චිත් කට කැඩෙනකල් බණින්නෙ මේ හේතුව නිසාමයි. අනේ දෙයියනේ රටේ ලෝකෙට වැඩක් ඇති දෙයක් ලියන්න කියලා… කොයි මිනිහද දෙයියනේ තමන්ගෙ ගෑණි කියන දේ ඇහැවුවෙ ? එහෙම ඇහැව්වනං මිනිස්සු කොච්චරක් කියලා දියුණු වෙලාද ? (බොහොමයක් දෙනා අහන්නෙ ඉතිං අනිත් ගෑණි කියන දේ විතරනෙ)… මේ දවස්වල නං ඉතිං පරිසරය වෙනස් නිසා ලියන්න දේවල් ගොඩයි.. දැන්වත් කියන්න ඕන අර පිය-පුතු යුවලට පොඩ්ඩක් සද්ද නැතුව ඉන්න කියලා…. නැත්තං ආයෙම ලියන්න වෙනවනේ….
දේශපාලනය හැරුණාම මගේ ප්‍රියතම විෂයය පරිසරය…. පුංචිකාලෙ නම් 1. පරිසරය 2. ක්‍රීඩාව……… කොහොම වුනත් රසායන විද්‍යාව කරලා පරිසරයේ විනාශයට හේතු වන දේවල් ගැන අධ්‍යයනය කරන්න ගත්ත කාළෙ ඉඳලා මට මේ කාළගුණය-දේශගුණය ආදී නොයෙක් බර දේවල් ගැන අවධානය යොමු වුනා.. ඒ නිසාමයි කාබන් ඩයොක්සයිඩ් වැඩි වීම ගැන සහ ඊට කළ හැකි දේ ගැන පර්යේෂණ කරන්න යොමු වුනේ… වාසනාවකට දැනුත් පර්යේෂණ කරන්න තියෙන්නෙ ඒ ගැනමයි… සන්තෝසයි… ඉතිං මම පහුගිය ලිපි ගණනාවක අත කැඩෙනකල් ලියුවා අපි කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩුකළ යුතු ඇයිද කියලා… මේ නිසා ලෝකෙට වෙන්න පුළුවන් විනාශය අති විශාලයි… ඒත් අපි හැමෝටම ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා. රුපියල් 7500 කින් මාසයක් ගත කරන එක ලෝකෙ කාබන් ඩයොක්සයිඩ් වැඩි වීමට වඩා ප්‍රශ්නයක්. දරුවන්ට පාසලක් – පාසැල් ගිය දරුවොන්ට උසස් පාසැලක් – උසස් පෙළ සමත් දරුවොන්ට විශ්ව විද්‍යාලයට යන්න හැකියාවක්, ආදී නොයෙක් දේවල් නිසාම අපිට ලෝකයක් තියෙනවාද කියලා හිතෙන්නෙවත් නැහැ… ඒක ලෝක ස්වභාවය… අපිට අපි ගැන විතරයි මතක් වෙන්නෙ… වැරැද්දක් කියන්න කොහොමටවත් බෑ… බුදු හාමුදුරුවොත් තමන් බුදු වෙලා තමයි අනිත් අයට නිවන් යන පාර කිවුවෙ…. ප්‍රශ්නෙ තියෙන්නේ අපට ඒ තමන් බුදු වෙන මාර්ගය හොයා ගන්න ලේසි නැති එක.. ඒ නිසාම අනුන් වෙත කරුණාව පතුරන්න වෙලාවක් නෑ… එහෙම වැරදිලාවත් හිතෙන්නෙවත් නෑ…
පහුගිය මාස එකහමාරෙ ලංකාවෙ ගත කළ කාළයෙදි මට තේරුණේ ලංකාවෙ මිනිස්සු කොච්චර ආත්මාර්ථකාමී වෙලාද කියලා.. ඉස්සර තිබුණ අනුන් ගැන සිතීම දැන් NGO වලට පමණක් දීලා අපේ මිනිස්සු තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නවද කියලා හිතුනා. පාරේ වාහන එළවන්නෙ තමන් යනවා කියලා හිතාගෙන විතරයි… අනිත් අය තමන්ට ඉඩ දීලා යන්න ඕන… පාරේ එක පැත්තක ඉඳලා අනෙක් පැත්තට යන්න සිග්නල් ඕනම නෑ… දවසක් අපේ වාහනයෙ පිටි පස්සෙ මෝට බයිසිකලයක් හප්පලා.. අන්තිමට බයිසිකල් කාරයා බැණගෙන ගියා වාහනේ ට්‍රැෆික් එක මැද්දෙ වේගය අඩු කළා කියලා.. දෙයියනේ හෙමින් තමයි ගියේ… නැතුව ඉස්සරහ වාහනේ පෙරළගෙන යන්නයෑ… ඔන්න ඔහොමයි.. තවත් දවසක නෝනා කෙනෙක් ලොකු ජීප් එකක මහ දවල් යූ ටර්න් එකක් දානවා පාර හරහා…. අපි ඔක්කොම එයා දෙතුන් පාරක් ඉස්සරහට පස්සට අරගෙන කහ ඉරි දෙක කපාගෙන යූ ටර්න් දානවා බලන් ඉන්න ඕන… ටිකක් ඈතින් සුදුපාට අත් දිගට දාපු ට්‍රැෆික් පොලිස් රාලහාමිලා දෙන්නෙකුත් ඉන්නවා… අනේ කාලේ කියලා හිතුනා… ඒ එක පැත්තක්…
ඉතිං මේ ගැන කතා නොකර ඉන්න එක ඇඟට ගුණයි… ඉතින් කාටත් වැදගත් දෙයක් කතා කරමු…
දැනට ගෝලීය උෂ්ණත්‍වය පමණක් ෆැරන්හයිට් 1.33 කින් එහෙමත් නැතිනම් සෙන්ටිග්‍රේඩ් 0.79 කින් වැඩි වෙලා. මේ වැඩි වීමෙ ලොකුම අගය වාර්තා වෙලා තියෙන්නෙ 1979 න් පසුව එනම් බාගයකට වැඩි ප්‍රමාණයක්. තවත් වෙනසකම් බොහොමයක්.. සතුන් සිය චර්යා වෙනස් කරගෙන, ශාක සිය චර්යාවන් පරිසර වෙනස්වීමට අනුව වෙනස් කරගෙන, මල් හට ගන්න ගෙඩි හට ගන්න වකවානු වෙනස් වෙලා… සතුන්ගේ සිරුරු වල DNA වෙනස් වෙමින් පවතිනවා…අළුත්ම සොයා ගැනීම් අනුව හිමාලයේ ග්ලැසියර් හිතුවට වඩා වේගයෙන් දියවෙනවලු… මෙච්චර කල් වැඩි සද්දයක් බද්දයක් නැතුව තිබුණ ඇන්ටාක්ටිකාවත් දියවෙන්න පටන් අරන්.. උත්තර ධ්‍රැවය ගැන දැන් කතා කරන්න දෙයක් නැහැ… දියවෙලා පොළව මතු වෙන කොටස් වල ඇමරිකාවයි, රුසියාවයි තෙල් හාරන්නත් පටන් අරන්… තව ටික දවසකින් කට්ටිය Santa Clause Resort කියලා උත්තර ධ්‍රැවයෙ ලොකු ව්‍යාපෘතියක් පටන් ගනීවි… කොහොම වුනත් ඉදිරි කාළයේ මේ හිම දියවීම වැඩි වෙන්න ගන්නවා.. මම කියන්නෙ තව වසර පහක් ඇතුලත.. මේ කාළය ඇතුලත ලෝකයේ කාළගුණයෙ බොහොමයක් වෙනස්කම් සිදු වේවි… කොහොමද අපි අවම වශයෙන් මේක පාලනය කරන්නවත් උත්සාහ කරන්නෙ ?
ලෝකයේ උෂ්ණත්‍වය ඉහළ යාමට ප්‍රධාන හේතු වන්නේ වැඩිවන ජනගහනය විසින් බලශක්තිය වැඩිපුර භාවිතා කිරීම. ඒ නිසා වායුගෝලයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් වායුව සහ අනෙකුත් හරිතාගාර වායූන් නිසා වායු ගෝලය රත් වෙනවා.. එවිට බොහෝ විපර්යාස සිදු වෙනවා. අපට කරන්න තියෙන්නේ දැන් දැන් බලශක්ති පරිභෝජනය සීමා කිරීම.. ඒක අපි තනි තනි පුද්ගලයින් වශයෙන් කළ හැක්කක්. එපමණක් නොවෙයි එය අපේ වියදම අඩු කිරීමටත් උදවුවක්. මේ ගැන මම මීට පෙරත් කතා කරලා තිබෙනවා.
- CFL විදුලි බල්බ වෙනුවට හැකි නම් LED විදුලි බල්බ භාවිතා කළ හොත් අපට 80% කින් විදුලි පරිභෝජනය අඩු කරගන්න පුළුවනි.
- LED විදුලි බල්බවල මිල තරමක් වැඩි වුනත් ඒවා දීර්ඝකාලීනව වාසිදායකයි.
- භාවිතා නොකරන අවස්ථාවල විදුලි උපකරණවල විදුලි පේනු ගලවා තැබීම.
- බොහෝ දෙනා නොදන්නවා වුනාට විදුලි පේනු විදුලියට සම්බන්ධ කර ඇති විට යම් විදුලි ප්‍රමාණයක් එය පරිභෝජනය කරනවා. මෙසේ ගලවා තැබීමෙන් විදුලි බිලෙන් 10% ක් පමණ ඉතිරි කරගන්නට පුළුවන්.
- වායු සමන යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිතය.
- රෙදි මැදීම වැනි අධික විදුලි පරිභෝජනය වන දේ භාවිතා කරන අවස්ථා අවම කිරීම. උදාහරණයක් ලෙස නිවසේ සියළුම දෙනාගේ සතිය පුරා අඳින ඇඳුම් ඉරිදා වැනි දිනයක සියල්ලම මැදීම වැනි සුළු කළමණාකරණයකින් බොහෝ විදුලිය ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකියි.
- විදුලි උදුන් වෙනුවට දහයියා උදුන් භාවිතය.
- ජල පරිභෝජනය කළමණාකරණය.
- වැසි ජලය එකතු කර භාවිතයට ගැනීම.
- ගමන් බිමන් කළමණාකරණය – විශේෂයෙන් මෝටර් රථයක් භාවිතයේදී
- මෝටර් රථයේ වීදුරු වසාගෙන ගමන් කිරීම – මෙමගින් ඉන්ධන ඉතිරි කිරීම වැඩි කරගන්න පුළුවන් : වාත ප්‍රතිරෝධය අඩු වන නිසා.
- මෝටර් රථය නිසි ලෙස සර්විස් කර නිසි ටයර් පීඩනය රඳවා භාවිතා කිරීම මගින් ඉන්ධන ඉතිරි කර ගන්න පුළුවන්.
- පොදු ප්‍රවාහනය භාවිතය වැඩි කිරීම
- සිය ආහාර සිය වත්තේම වගා කර ගැනීම සහ භාවිතය
- අඩුවෙන් භාවිතය, නැවත භාවිතය, සහ ප්‍රතිචක්‍රීකරණය, (Reduce, Reuse & Recycle)
- හැකි නම් සූර්ය කෝෂ දෙක තුනක් වහලේ සවි කරගෙන එය තමන්ගෙ විදුලි මීටරය හරහා ප්‍රධාන පද්ධතියට සම්බන්ධ කර ගන්න (Smart metering system) පුළුවන් සැලැස්මක් කර ගත්තොත්, තමන් නිවසේ නැති අතරේ ජනනය වන විදුලි බලය නිසා අමතර වියදම් පිරිමැස්මක් කර ගන්නත් පුළුවන්… නමුත් මෙය මුලින් තරමක් වියදම් අධිකයි.. ප්‍රතිලාභ ලැබෙන්නෙ පහු වෙලා…
මේ කරන්න පුළුවන් දේ වලින් බොහොම පොඩ්ඩක්… ඇත්තෙන්ම සරළව පොඩ්ඩක් හිතලා බැලුවොත් හැම දෙනාටම කරන්න පුළුවන් දෙයක්… දවසකට එක්කෙනෙක් කිලෝ වොට් එකක් ඉතිරි කළොත් රටට බොහොමයක් බලශක්තිය ඉතිරි කරගන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි ගෙදර වියදමත් ඉතිරි වෙනවා..
මම ජර්මනියෙ දුටු එක දෙයක් තමයි බලශක්තියට උපරිම අයකිරීමක් කරනවා.. මේ නිසා මිනිස්සු බලශක්තිය පාවිච්චි කරන්නෙ හරිම අර පරිස්සමින්… මම හිතන්නෙ අපේ රටෙත් විදුලි බිල වැඩි කළොත් ඒක සිදු වෙයි සමහරවිට… ඒත් විදුලි බිල වැඩි කරන්න ඉස්සර විදුලිබල මණ්ඩලයේ නාස්තිය සහ දූෂණය නැති කරලා ඉන්න වෙයි.. අන්න එතකොට අපිට විදුලිය ඉතාමත් අඩු මුදලකට දෙන්නත් පුළුවන් වේවි… ඉස්සර කිවුවා වගේ නොරොච්චෝලෙ තාප විදුලි බලාගාරය හදලා ඉවර වුනාම විදුලි බිල සෑහෙන අඩු වෙයි.. ඒක හදලා ඉවර වෙනකල් ඉන්න වෙනවා….
මේ ආකාරයට පාලනයක් නැතිව ගියොත් අපට වැඩි දවසක් නොගොස් ඒකෙ පළවිපාක දකින්නට පුළුවන් වේවි. දැනටමත් අප අත් දකින විවිධ කාළගුණ රටා වෙනස් වීම් මේ විනාශයේ පෙර නිමිති. ටික කාළයකින් අපට වෙරළබඩ තීරයෙන් ලොකු කොටසක් අහිමි වෙන්න පුළුවන්.. ඉතින් ජීවිත පූජ කරලා සටන් කරළා බේර ගත්ත ප්‍රදේශ අපට අහිමි වෙනවා කියලා ලොක්කො දන්නෙ නැතුව ඇති… නැත්නම් අනිත් ප්‍රශ්න වලදි වගේම නොදන්නවා වගේ ඉන්නවා ඇති…
ඉතිං අර ලිපගිණි මොළවන තෙක් හැලියට කෙළිය කකුළුවා වගේ අපි හැමෝම නට නටා ඉන්නවද ? එහෙමත් නැතිනම් අනාගත පරපුර ගැන හිතලා තම තමන්ගේ පමණින් ලෝකය ආරක්‍ෂා කරන්න තමන්ගෙ දායකත්‍වය දෙනවද කියන දේ නැවතත් හිතා බලන්න කාළය ඇවිත්….
තීරණය ඔබේ අතේ.
2012 මැයි 03: ඇල්කෙමියාගේ රසායනාගාරය දැන් වැඩ…. මෙන්න පළමු ලිපිය.
ඇල්කෙමියාගේ රසායනාගාරය නැවත විවෘත කරන බවට ඔබට දුන් පොරොන්දුව ඒ අයුරින්ම ඉටු කරමින් Population Boom and the Future of Energy Crisis. යන මාතෘකාවෙන් ලියැවුන ලිපිය ඇල්කෙමියාගේ රසායනාගාරයේ පළ වී ඇත.
වැඩිදුර විස්තර සඳහා මෙතැනින් බලන්න.
ලිපිය දිගු වැඩි වන නිසා කෙටි ලිපි කිහිපයකට කඩා ලියන්නට අදහස් කළෙමි.
ඉදිරියේදී තවත් ලිපි ලියැවේවි.