2012 මාර්තු 15 : “රිදුනද ඩාලිං” කියලා වඳුරෙක් ඇතින්නකගෙන් ඇහුවලු….. “18 + ම නොවේ…”


රිදුනද ඩාලිං....

සත්තුන්ට කතා කරන්න පුළුවන් කාලෙ එකමත් එක රටක කැලෑවක වඳුරෙක් හිටියලු… මේ වඳුරා දන්න මගුලටයි එපා මගුලටයි හැම දේටම කටයි පුකයි දෙකම දානවලු (පුක කියන්නෙ කුණුහරුපයක් කියන සුද්දවන්තයෝ මේක බලන්න එපා හොඳේ) ඉතිං මේ වඳුරා දවසක් බලාගෙන හිටියලුඉ අලියෙක් ඇතින්නකට ලිංගික කර්තව්‍යයක් කරනවා… මේ ඇතින්නත් ඉතිං ඇහැට කණට පේන කෑල්ලක් ලු.. දැන් මේ වඳුරට බලාගෙන ඉන්නම බෑලු… මේ වඳුරටත් ඇතින්නගෙ පහල ලබන්න ම ඕනලු… ඉතිං වඳුරා දන්න දහං ගැට ඔක්කෝම දාලා ඇතින්නව කොහොමහරි කැමති කරව ගත්තලු… ඔන්න ඉතිං වඳුරා දන්න සෙල්ලං ඔක්කොම දානවලු.. ඉස්සරහට ගැහින් ඇතින්නගෙ මූණ ඉඹිනවලු.. පිටිපස්සට ගිහින් ලිංගික කටයුත්තත් කරනවලු… මෙහෙම දහපාරක් විතර ඉස්සරහටයි පස්සටයි දුවන්න ගියාම වඳුරට හොඳ ගණන් ලු.. හති ලු.. ඉතිං මේ නාඩගම බලාගෙන හිටපු ඇතින්නිට හිනාවක් ගියාලු “හිකිස්” කියලා… වඳුරා හිතුවලු තමන්ගේ කර්තව්‍යයේ සැරට ඇතින්නිට රිදුනා කියලා… වඳුරා ඇහුවලු

“රිදුනද ඩාලිං” කියලා…

ඇතින්න මොනවා කියුවද කියලා දන්නෙ නෑ… මොකද කතාව ගොතපු මිනිහා හිනාවෙලා වැඩිකමට කතාවෙ ඉතුරු ටික ගොතන්න අමතක වෙලා….

මවුබිමේ පචායුධය

ඉතිං මේ අපේ දියවන්නාවෙ මඩවගුරෙත් ඉන්නවා ඔන්න ඔය වගේ වඳුරෙක්… ඌත් දන්න මගුලටයි එපා මගුලටයි දෙකටම කටයි පුකයි දෙකම දානවා.. ඉංගිරිසි අකුරක්වත් දන්නෙ නැති නිසා සුද්දොත් එක්ක කන්න තරහයි ලු… ඒ නිසාම සුද්දෙකුට පඩයක් ගියත් මූ කෑ ගහනවලු… මේ ලඟදි අපූරු කතාවක් කියලා තිබුණා…

ඇමරිකාව ලංකාවට කරන දේවල් වලට දැනෙන්න අපි ඇමරිකානු දේවල් වර්ජනය කළ යුතුයි කියලා…

ගොසිප් ලංකා එකේ දාලා තියෙන ලිපිය නෙවෙයි… කොමෙන්ටු බලන්න...

අන්වර් මනතුංග නම් කියන්නෙ මේක අරාබියෙන් අහුල ගත්ත සටන් පාඨයක් කියලා… මේ ලිපිය අවසාන කරන්න හදනකොටම පවුරු වලල්ලෙත් මේ ගැනම පළවෙලා තිබුණා… ඒකත් හොඳ ලිපියක්.

මට හිතෙන්නෙ මේක චීනෙන් අහුලගත්ත දෙයක් කියලා… නමුත් ඉතිං මේ වඳුරා ඉංගිරිසි දන්නෙ නැති නිසා CNN  එකේ පළ වුන මේ වගේ ප්‍රවෘත්තියක් කියවන්න දන්නවද දන්නෙත් නෑ…

ඇත්තටම ලංකාව ඇමරිකානු නිෂ්පාදන වර්ජනය කළොත් මොකද වෙන්නෙ ? ඇමරිකාවට අපේ නිෂ්පාදන වර්ජනය දැඩිව දැනේවිද ? වැරදිලාවත් ඇමරිකාව අපේ නිෂ්පාදන වර්ජනය කළොත්…..එතකොට අපට මොකද වෙන්නෙ ? GSP+ සහනය වගේ දේවල් නිසා MAS Holdings  වල නිපදවන වික්ටෝරියාස් සීක්‍රට් ජංගි වගේ දේවල්, GAP එකේ හදන ඇඳුම් විතරක් නෙවෙයි තව බොහෝ දේ අපි ලංකාවෙන් ඇමරිකාවට පටවනවා. ඒ වගේම ඇමරිකාවෙන් අපි ලංකාවට මොනවද ගෙන්වන්නෙ ? නාමල් බේබි ගෙ Chevy Camero එක වගේ දේවල් ඇරුණාම ලංකාවට වෙන ගෙන්වන දේවල් දන්න කෙනෙක් කියන්න.. Coca- Cola, McDonalds, KFC, Starbucks,  වගේ දේවල් ඇමරිකන් නිෂ්පාදන වුනාට ඒවා නිපදවන්නෙ මෙහේ… ඒ කියන්නෙ අපේ කොල්ලො කෙල්ලො රැකියා කරන්නේ ඒ නිසා… ඒ වගේම ඔය නිෂ්පාදන දෙක තුනක් අපි ගත්තා කියලා ඩොලර් වලට හරවලා ගන්නකොට ඇමරිකාවට ඇති ලාභයක් නෑ… ඔබාමගෙ බල්ලට මාසෙකට වියදම් කරනවා ඇති ලංකාවෙන් ඇමරිකාවට එන ඔය නිෂ්පාදනවල ලාභයට වඩා… ගූගල් ෆේස්බුක් වගේ දේවල් අපි පාවිච්චි නොකළා කියලා ඒවයෙ ලාභය අඩු වෙන්නෙත් නෑ.. ලංකාවෙ පාරිභෝගිකයො සංඛ්‍යාව ලෝකයේ ප්‍රතිශතයෙන් 1/100 ක් වත් නෑ… මේ හරකට ඒක තේරෙන්නෙත් නෑ…

චීනය මේකෙ අනිත් පැත්ත.. චීනය වගේ බලවත් රටක් ඇමරිකාවට විරුද්ධ වුනොත් ඒකෙ තත්ත්‍වය වෙනස්.. ඒ නිසා තමයි චීනය තමන්ගේ දුර්ලභ ලෝහ පිටරටට අපනයනය කරන ප්‍රමාණය අඩු කිරීමේ තීරණය ගනිත්දි ඇමරිකාවටයි යුරෝපයටයි රිදුනෙ.. දැන් නාහෙන් අඬනවා ඒ තීරණය වෙනස් කරන්න කියලා… කළේ නැත්තං ලෝක වෙලඳ සංවිධානයට පැමිණිලි කරනවා ලු.. දුර්ලභ ලෝහ අපනයනය සීමා කළ නිසා පැතලි තිර රූපවාහිනී, ජංගම දුරකථන පමණක් නොවෙයි ඇමරිකානු ආයුධ නිෂ්පාදනයටත් දැඩි පහරක් වදිනවා… මේ නිසා ඇමරිකාව බයයි චීනය මේ ලෝහ අපනයනය අඩු කිරීම ගැන.. චීනය ගත්තෙ උපායමාර්ගික පියවරක්.. එක් අතකින් තමන් කවුද කියලා ඇමරිකාවට පෙන්වන ගමන්ම, ඇමරිකානු ආධිපත්‍යය තමන්ට පාලනය කළ හැකි බව සහ තමන්ට තමන්ගේ සම්පත් පාලනය කළ හැකි බව ලෝකයටම පෙන්වන දෙයක් තමයි චීනය කළේ.. චීනය ගූගල් වත් ෆේස් බුක් වත් පාවිච්චි කරන්නෙ නෑ… තමන්ගෙම මයික්‍රොසොෆ්ට් ප්‍රෝග්‍රෑම් පවා තියෙනවා.. වෙනකක් තියා ඇමරිකාවෙ හදන හැම දෙයක්ම චීනයෙත් තියෙනවා තමන්ගෙ විදියට…

ලංකාව ඇමරිකානු ප්ලග් එක ගලවන්න තව කල්පයක් යන්න වෙනවා… මේ වගේ ගොං හරක් ඉන්නකල් ඇමරිකානු ප්ලග් එක නෙවෙයි, අපට පොඩ්ඩක් හරි දියුණු වෙන්න තියෙන අවස්ථාවත් නැති වෙනවා. අපේ ඇමති මණ්ඩලයෙ ඉන්න කට්ටියට තණකොළ කන්න දීලා එන ගොම වලින් පෝර හැදුවනං මීට වඩා හොඳ ආදායමක් ගන්න තිබුණා… අම්මපා අනිත් රටවල ඉන්න තරමක් හෝ උගත් දේශපාලනඥයන් දිහා බැලුවම අපිට ඉන්න සෙට් එක කොමඩි ෆිල්ම් එකකට යවන්න හොඳයි කියලයි මට හිතෙන්නෙ… බන්දු සමරසිංහටයි ටෙනිසන් කුරේටයි විශ්‍රාම යන්න කියලා මෙන්න මේ සෙට් එක දාලා ෆිල්ම් එකක් හැදුවනං හොඳ ගාණක් ගන්න තිබුණා… හැබැයි පාර්ලිමේන්තු සැසිවාරයන් සජීවීව රටටම පෙන්වන්න යන නිසා ඒකත් නොමිලෙම බලාගන්න පුළුවන් වේවි….

ඉතිං අපේ වඳුරු කැළත් ඇමරිකානු නිෂ්පාදන වර්ජනය කරලා ඇමරිකාවෙන් අහයි දැන්වත් උඹලා අපි කියන දේ අහනවද කියලා… හරියට “වඳුරා අර ඇතින්ගෙන් රිදුනද ඩාලිං” කියලා ඇහුවා වගේ.

කොහොම නමුත් මේ වගේ බූරුවංශලා අපේ රටේ වැදගත් තැන් පාලනය කරන තාක් කල් අපේ රට හැමදාම එකතැන… අපට තියෙනවා ගොඩක් රටවලට නැති ස්වභාවික සම්පත් ආකර බොහොමයක්… රටේ තියෙනවා තව අවුරුදු 100 කට සෑහෙන්න පොහොර සපයන්න පුළුවන් ඇපටයිට් නිධියක්, මුලතිවු වල තියෙන ඉල්මනයිට් නිධියෙන් ඕනෑතරම් ටයිටෙනියම් ඩයොක්සයිඩි නිපදවලා විදේශ විනිමය ගන්න පුළුවන්. සංචාරක කර්මාන්තය නිසි පරිදි කළමණාකරණය කළොත් එයම ඇති දියුණු වෙන්න.. මත්ස්‍ය සම්පත, ඛණිජ සම්පත්, ඒ ආශ්‍රිත රසායන ද්‍රව්‍ය කර්මාන්ත ආදිය ඇති කළොත් අපට වෙ රටවලට ණය වෙන්න අවශ්‍යතාවයක් නෑ.. අපට ඇති මානව සම්පත නිසි මගට යොමු කළොත් අපේ මිනිස්සු වැඩ නොකර ඉන්නෙ නෑ..

නමුත් මේ රට අරක්ගෙන ඉන්න ප්‍රේතයො ටික ඉන්නකල් අපේ රටට සෙතක් නෑ.. කළු චරිත දේශපාලනයට ගෙන ආ අයට දඬුවම් දෙන්න සූදානම් වෙනකොට දුමින්ද සිල්වලා මර්වින් සිල්වලා වගේ සුදු චරිත රැකපු ලොකු ලොකු නායකයොන්ටත් ඒ දඬුවම් ම ක්‍රියාත්මක කරාවිද ? රටේ ලොකු මිනිස්සුන්ට, සල්ලි සහ බලය ඇති මිනිස්සුන්ට එක නීතියකුත්, අසරණයන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක වෙනකොට ඇතිවන තත්ත්‍වය කුමක්ද ? මේවා වෙනස් කරන්න කවුරුවත් නැද්ද ? නැතිනම් වෙනස් කරන්න ඕනකමක් නැත්ද ?

අපි ඊලඟ මැතිවරණයෙදිත් මේ කට්ටියම බලයට පත් කරලා ආයෙම බැණ බැණ  ජීවිතය ගතකරනවද ?

හිතලා බලන්න….

Advertisements

Posted on මාර්තු 15, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 14.

  1. මාතලන්ගේ පෝස්ට් එක කියවන කම් මෙහෙම දෙයක් දැනගත්තේ නෑ.

    පවු වැඩේ විමලේට දාලා තියෙන වචනේ…

    මුන් වගේ හරක්ට චන්දේ දීලා පත් කර ගන්නවට ගහන්න ඕන අපිටමයි

  2. ‘ඇල්කෙමියගේ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි !!!! ඇල්කෙමියා සම්පූර්ණයෙන්ම කතාව විකෘත්ති කරලයි ලියල තියෙන්නේ . ඔය ඇල්කෙමිය කියපු කතාවේ ඇතින්නක් හිට්යට වඳුරෙක් හිටියේ නැහැ !!!! හිටියේ මද කිපිච්ච , බටු ඇටයක් විතර “කොස් ඇට මීයෙක් ” !!!! එකට මදකිපිල ඉබාගාතේ කොස් ඇට මීච්චියෙක් [ගෑනු මීයෙක් ] හොය හොයා යනකොට තමයි මේ තෙල් ඉහිරිච්ච නාඹර අතින්නිව හම්බ උනේ !!!! ඉතින් ඇල්කෙමිය කියනවා වගේ ගිහින් අතින්නිව කැමති කරගැනිල්ලක් මෙතැනදී සිද්ධ උනේ නැහැ !!!! මොකෝ ඇත් යෝනියේ පොරොන්දමට කොස් ඇට මී අහවල් එකේ පොරොන්දම් ගැලපෙනවා කියලයැ ???? ඉතින් මේකා ගරිල්ලා සටනකට සැරසෙන කොමාන්ඩෝ භටයෙක් වගේ සද්ද නොකර උඩින් උඩින් අඩිය තිය තියා ඇතින්නගේ වල්ගේ දිගේ ගිහින් වලිගෙ කෙලවර ගමනාන්තයටම ගියා කියමුකෝ !!!! ඊට පස්සේ ඇතින්නගේ වලිගෙ අස්සට රිංගලා පුරුස දහිරිය දාලා කරන්න ආව රාජකාරිය කර කර හිටියාය කියමුකෝ !!!! කැළණි ගඟ දිගේ පොල් කෙන්දක් ගියාට ගඟට දැනෙන එකක්යැ ???? ඉතින් ඔන්න ඔය වෙලාවේ තමයි ඇතින්න හෙවනට මුවාවෙලා හිටපු කොස් ගහෙන් අලි කොස් ගෙඩියක් ඇතින්නගේ ඔලුවට කඩන් වැටුනේ !!!! කොච්චර අලි සතා උනත් ඇතින්නට උහ් !!!! ගෑවුනේ ඔන්න ඔය වෙලාවේ තමයි !!!! ඒ සද්දෙට තමයි අපේ කොස් ඇට මී මනමාලයාගේ හඳුන් පොත්ත කීන් ගෑවේ තමන්ගේ ක්‍රියාකාර කමට ඒ දැරිවිට රිදෙන්න ඇතිය කියල හිතල !!!! ඒ වෙලාවේ තමයි ඇතින්නගේ කොඳු නාරටිය දිගේ කන ගාවට දුවගෙන ඇවිත් මගේ වස්තුවට රිදුනද මගේ අම්මා කියල තොදොල් වෙවී ඇහැවුවේ !!!!’

  3. පාඩු පිට දිව්ව සෙලින්කො ෆිනෑන්ස් එක මේ පුද්ගලයා මිළයට අරන් තියෙනවා. කොහෙන්ද මෙයාට මෙච්චර සල්ලි. මුන් නිසා අපේ කොල්ලො කෙල්ලො කී දෙනෙක් ටයර් සෑයට ගියාද ? අපි මේ බ්ලොග් වල ලියන ඒව එකක්වත් මුන් කියවන්නෙ නැත්නම් අපි මේ කරන්නෙත් ඔය වඳුරා කරන වැඩේම නේද ?

  4. Rathu sahodarayo okawa kunu baldiyata damme oka nisathamai. Ai mata wedi thibbe kiyala parlimenthuwe anduwe, sigiriyewath giye naha keewa kottoruwekne. dan penawane okata wedi thibbe nathi eka kochchara hondaida kiya.

  5. කොච්චර බැන්නත් අපේ මිනිස්සු ගිහින් කතිරෙ ගහල එනවනෙ.

  6. Oya booruwansayage katha ahanna yana ayata monawa hari daduwamak denna ona. Miniha giriya puppagana oya kathawa kiyapu eka mama ahauwwa, appiriyawe baha.

  7. හරකෙක් තප්පුලන එක ගැන කතා කිරීම වර්ජනය කළොත් අපට කාලය ඉතුරුකරගන්න පුළුවන් වෙයි.

    (ඒත් අපි සංකේතාත්මකව යමි කිසි රටකට විරෝධය පෑම සඳහා ඒ රටේ හදන බඩු වර්ජනය කරනවනම් ඒක වෙනම සිද්ධියක්. එතනදි පළමුවැනි පියවර විය යුත්තේ වර්ජනය ගැන කතාකිරීම නෙවෙයි. ඉස්සෙල්ලම යම් රටකට විරුද්ධ වෙන්න ඕනැනම්, ඒ ගැන මහජනතාවට කරුණු පැහැදිළි කරල පොදු මතයක් ඇති කරන්න ඕනැ. ඒ වගේ වර්ජනයක්, කළු කොඩි දැමීමකට සමානයි.)

  8. ලබන පාරත් බැනබැන ඉමු නේද සර්! මුන්ට කතිරෙ නොගැහුව කියල වෙන කාට ගහන්නද?

  9. මුන් ගැන කතා කරන එක ටයිම් වේස්ට් කේස් එකක්! ගිරිය පුප්ප පුප්ප වැඩර් වෙන්න කියවන්න කියවන්න වෙන්නේ මිනිහගේ නූගත් බව වැඩි වැඩියෙන් එලියට එන එක! ඔය ටෝක් ලංකාවේ සෝමපාලලට දයාවතී ලට දුන්නට එහෙන් ආධාර කිය කිය වැඳ වැටෙන ඒවා/රුපියල පා කරන ඒවා දන්නෝ දන්නවා!

  10. මම නම් දෙයියන්ට වැඳ වැඳ ඉන්නේ. අනේ මේ උත්තමයාගේ කතාවල් ඇමෙරිකාවට ඇහෙන්න එපා කිය කියා…

    මොකද මේක අරන්චිවෙලා වැඩ පොලෙන් මට විතරක් නීතියක් දැම්මොත් “තෝ මීට පස්සේ ගූ ගල් එක පැත්තේ ගිහින් තිබ්බොත් අල්ලලා ගහනවා පොලවේ” කියල, බඩ රස්සාව කරලා හමාරයි.
    අනේ විමලසිරි මල්ලියෝ; අපිවත් බලාගන්න ඕනේ හොඳේ…

  11. වඳුර ඇතින්නව සෙට් කරගත්ත කියන්නෙ මෙහෙමයි. දවසක් ඇතින්න කැලේ ඇවිදමින් යනකොට කකුලේ කතුවක් ඇනුනලු. ඒක ගලවල දෙන්න ඉදිරිපත් වෙච්ච වඳුරගේ කොන්දේසියක් උනේ මේ වැඩේට අවස්ථාවක් දෙන්න කියලලු…. 😉

    විමල්, මර්වින්, චම්පික .. මේ සියලු දෙනා එකම නාටකයක සුළු චරිත වලට පණ පොවන්නන්ය.

  12. කොහොම උනත් මට නම් sure විමල් කිව්වොත් ඇල්කෙමියාට ඇමරිකාව විරොදී සංගමයට බැදිලා ලංකාවට එන්න කියලා. ඇල්කෙමියා එනවා නේ? ඇල්කෙමියාගේ ඒ කාලේ හොදම යාලුවනේ විමල්. 😛

  13. නිහඬව සිටින තාක් මෝඩයාද බුද්ධිමතෙකි. මේ බව අපේ දේශපාලනය කරන අය නොදැනීම ඔවුන්ගේත් අපේත් අවාසනාවකි…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: