2012 පෙබරවාරි 10 : ආගමික අන්තවාදීන්ට වචනයක්….. “බලන් කඩතුරා හැර දෑසේ……….”


මේ සම්බන්ධව මේ දිනවල අනන්තවත් ලිපි ලියැවුනා.. මම මේ ලිපිය කෙටුම්පත් කරලා බොහෝ දිනක් ගත වුනත් වැඩ අධික වීම නිසාම නිම කිරීම අතපසු වුනා… කොහොම වුනත් මේ ලිපියත් පළ කරන්න හිතුවේ අනිත් අයගෙ අදහස් එක්ක මගේ අදහස් සැසැඳෙන්නෙ කෙසේද යන්න බලන්නත් එක්කයි.

කතාවෙ නිමිත්ත දැන් හැමෝම කතා වෙන ගීතයක් වන ගයාන් පෙරේරා ගායනා කරන ගීතය.

ප්‍රශ්නෙ තියෙන්නේ භවතු සබ්බ මංගලම් ගාථාව ගීතයකට යොදා ගැනීම… ඒක දැකපු කට්ටියට රාගය ඇවිස්සීම… අන්‍යාගමිකයෙක් සිංදුව කීම. ඒ වගේම ඉරාජ්ගෙ මුස්ලිම් ආගමට අපහාස වෙනවයි කියපු සිංදුව තහනම් කළ නිසා සමානාත්මතාවය අගයන්න (වෙන්න ඇති) මේකත් තහනම් කරන්න ඕන….

මීට ඉස්සර සිංදු වලට ගාථා යොදාගෙන නැද්ද ?

තියෙනවා..

පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයානෝ ගීතයේ මුල් පද ටික වන්නෙ නමස්කාරය.. නමුත් ගායනා කරන්නේ අමරදේව ශූරීන්… ඒක නිසා කමක් නැද්ද ? මට නම් කමක් නෑ..

බුද්ධං සරණං ගච්ඡාමි ගීතය සකල සතම බොදු බැතියෙන් ගීතය ගායනා කරන්නෙ අල්හාජ් මොහිදීන් බෙග්… ඒකත් කමක් නෑ… මොකද කියනවා නම් ඒවා බුදුගුණ ගීනෙ… අන්‍යාගමිකයෙක් ගායනා කළත්… ඒක ගැන මගෙත් කිසිම විරුද්ධත්වයක් නෑ…

සුනිල් එදිරිසිංහ මහතා දළදා හාමුදුරුවන්ගෙන් ආල සිතක් ලැබෙන්න පතන්නෙ පන්සල් ගිහින් සිල් ගන්න වෙන්න ඇති….

මේ වගේ අනන්තවත් ගීත තියෙනවා… ඒ වගේම පන්සල් වල ලවු කරන සින්දුත් තියෙනවා… මට මතක් වෙන්නෙ නෑ…

ඊලඟට සිද්ධ වෙන හොඳම සෙල්ලම තමයි පන්සල් වල සිදු වන විවාහ… මේ විවාහ වුනාට පස්සෙ මනාල යුවල යන්නෙ සිල් ගන්න නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ…

මේ වගේ දේවල් වුනත් සුනිල් පෙරේරාගෙ පුතා කියපු සිංදුව නිසා රාගය ඇවිස්සෙනවා…

එතකොට ගවුම් උස්සන් නටන ගංජා ගහන්න එන්න කියලා කියන… ගේම් දීලා වැලිකඩින් ආවා කියන සිංදු.. ඊලඟට පන්සල් වල ලවු කරන ටෙලි නාට්‍ය… ඒවා හොඳයි…

මේ සියල්ලම කියන්නෙ බුද්ධාගම බාගෙට දන්න යතුරු පුවරු වීරයො… සිංදුවකට ආගම යොදා ගැනීම වැරැද්දක් නම්, සුනිල් එදිරිසංහ මහතා කියපු ඉහත ගීතයත් වැරැද්දක්… තව ගීත රාශියක් ඇති… පන්සල් වල විවාහ වෙන එකත් වැරදියි…

පන්සල්වල වැඩ වාසය කරන හාමුදුරුවරුත්  නියමිත පරිදි විනයානුකූලව හැසිරෙන්න ඕන… ඒවා ගැන කවුරුවත් කතා වෙන්නෙ නෑ…

මේ කියන මමත් බෞද්ධයෙක්.. මම ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව අගය කරනවා.. මම හතර පෝයට පන්සල් නොගියට සිල් නොගත්තට මගේ ප්‍රතිපත්ති අනුව බුද්ධාගම දර්ශනයක් විදියට අගය කරනවා.. පිළිපදිනවා.. නමුත් මම හැම ගහටම ගලටම වඳින්න යන්නෙවත්, කවුරුවත් කිවුවට යම් දෙයක් පිළිගන්නෙවත් නෑ… මගේ හිතට එකඟව දන්නා පමණින් හරි යැයි හිතෙනවා නම් පිළිගන්නවා… දන්නෙ නැතිනම් දන්න කෙනෙක්ගෙන් අහගන්නවා…

මට හිතෙන විදියට අපේ කට්ටිය වලිගෙ පාගාගෙන..  බුද්ධාගමේ කට්ටිය වගේම මුස්ලිම් ආගමේ කට්ටිය…. කලා නිර්මාණයක් කියන්නෙ ආගම් ජාති කුල වර්ණ භේද යන සීමා මායිම් වලින් නදහස් වෙච්ච දෙයක්.. එහෙම වුනා කියලා කුණුහරුප කියන්න නිදහස තියෙන්න ඕන කියලා මම කියන්නෙත් නෑ….

Da vinci Code  චිත්‍රපටිය ලංකාවට ආපු කාලෙ වතිකානුවට නැති අමාරුවක් අපේ කතෝලික කට්ටියට තිබුණා. අන්තිමට චිත්‍රපටිය බලන්න හිටිය ගාන වගේ දෙගුණයක් චිත්‍රපටිය බැලුවෙ මේ මොකක්ද කියලා බලන්න.. ඇති මගුලක් නෑ.. අන්තිමට වුනේ චිත්‍රපටිය ජනප්‍රිය වුන එක විතරයි.. දැන් මේ සිංදුවට වෙලා තියෙන්නෙත් ඒකමයි.. මම මුලින් සිංදුව අහත්දි මෙහෙම දෙයක් තියෙනවා කියලා වත් මට තේරුණේ නැහැ.. සිංදු වල තේරුම සෙවීම මගේ විනෝදාංශය වුනත් මේ සිංදුවේ අමුත්තක් පෙනුනෙ නැහැ.. නමුත් කවුරු හරි වැඩක් නැතුව ඉන්න කාඩ්බෝඩ්  වීරයෙකුට ජනප්‍රිය වෙන්න  හිතිලා ෆේස් බුක් එකෙයි බ්ලොග් අවකාශයෙයි මේ මතය පතුරවන්න ගත්තා… අපේ මෝඩයොත් හිටු කියලා මේක බෙදා ගත්තා හිතන්නෙ නැතිව.. අර හරියට දම්වැල් ලියුම් (Chain mail) යවනවා වගේ.. ඉස්සරම Amy Bruce කියලා ලමයෙකුගේ පිළිකාවක් හොඳකරගන්න කියලා E-mail එකක් ගියේ… අපේ කට්ටියත් හිටු කියලා වටේටම බෙදා ගත්තේ.. අන්න ඒ වගේ…

මේ විදියට රට ගියොත් අපිත් ලගදිම ඇෆ්ගනිස්ථානයක් වෙන එක නවත්වන්න බැහැ.. හැම පිස්සුවටම වඩා භයානකයි ආගම් පිස්සුව…

දැන් ඉතින් පස් පවු වලින් වැලකිච්ච, කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැති, සුරා සූදුවෙන් මස් මාංශ වලින් තොර සුපිරිසිදු පෝස්ටර් බෞද්ධයො ඇවිත් මට ගල් ගහපල්ලා….

ඉතින් මේ විදියට ගියොත් අපේ රාජ්‍ය නායකයොන්ට අපහාස වන නිසා මෙන්න මේ සිංදුවත් අපි තහනම් කරමු…

ඒ සිංදුවට මෙතැනින් යන්න…

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on පෙබරවාරි 9, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , . Bookmark the permalink. ප්‍රතිචාර 23.

  1. මටත් නම් හොද හොද දේවල් ලියන්න තියෙනවා මේ වීරයෝ ගැන ඒත ඉතින් අපි මොකටද කොහෙවත යන මල් වට්ටි වලට අත ගහන්නේ. ඒක නිසා මම නම් මේ දේවල් ගැන වචනයක් දන්නේ නෑ. මේකේ හොදම ජෝක් එක වෙන්නේ මේවා පතුරණ උන් කියන්නේ උන් බෞද්ධ සවිධාන, රට බේරගන්න් උන් කියලනේ. අනේ මන්දා ඇලෝ පිස්සු ඩබල් වෙනවා.
    හොදම හරිය වෙන්නේ මේක ශෙයා කරලා කිසිම දෙයක් හොයන්නෙ බලන්නේ නැතිව කඩේ යන උනුත් ඉන්න එකයි.
    ලංකාව ඇෆ්ගනිස්තාන් වෙලා ඉවරද මන්දා?

    කැමතියි

  2. මටනම් ඒ සින්දුව කාමුකත් නෑ, වෙන වරදක් පේන්නෙත් නෑ…හැබැයි ලස්සනත් නෑ. සුනිල් පෙරේරගෙ පරණ් කොපි සින්දු (දැන්නෙ දන්නෙ කොපි කියලා..ඒ කාලෙ දන්නෙ නෑනෙ )මීට වඩා ගොඩාක් ලස්සනයි, නිර්මාණශීලියි.

    කැමතියි

  3. http://emailkavikaari.blogspot.com/2011/11/blog-post_16.html

    මම නං මේ ලැබෙන ප්‍රසිද්දියට කැමතියි. සිංදුවෙ දායකත්වයට මගෙ පුතාගෙ නම තිබෙන නිසා.

    කැමතියි

  4. මුං ඔක්කෝටම බාගෙට පිස්සු….අන්තවාදය කියන එකේ කෙළවරටම ගිහිල්ලයි තියෙන්නෙ…බුද්ධ ධර්මයේම උගන්වන උපේක්ෂාව, එතකොට සම්මා සති….එව්ව මොනවද කියලවත් දන්නෙ නැතුව ඇති…..පිස්සුවෙ හොඳම එක….අපිත් පිස්සො කරන්නයි මෙයාල මේ හදන්නෙ….

    කැමතියි

  5. අගය නිම කරන්න බැරි සටහනක්.

    නිතර බ්ලොග් අස්සේ නොරැදුනත් කියවපු සටහන් දහයෙන් හතරක් විතරම වුනේ මේ ගයාන්ගේ සින්දුව.
    සින්දුව ගැන යමක් නොදැන හිටියත් ඒ සටහන් වල තිබ්බ ගොන් පාට් වලට හිනා වෙලා විතරක් අපොයි කියන්න මටත් නොහැකියාවක් තිබ්බා.
    ආගමික අන්තවාදය කියන්නේ මහ භයානක ලෙඩක්. racism හා සමානයි කියලා මට හිතෙන්නේ. අපි එකම පැත්තක් විතරක් හිතද්දි අපිට ඉන් එහාට කිසිම දෙයක් පේන්නේ නෑ නේ. ලංකාව වගේ නොදියුනු හෝ දියුණු වෙමින් පවතින රටවල ලොකුම ප්‍රශ්නේ මෙන්න මේ වර්ගවාදි භව කියලයි මට හිතෙන්නේ.
    ආගම ගැන ඔය තරම් කැක්කුමක් තියෙනවා නම් ඇයි අපිට බැරි අර ආගමේ නියොජිතයෝ ගාවට ගිහින් ඒ අයටත් හරි දේ කියලා දෙන්න කරන්න කියලා බල කරන්න. මම නම් දැක්කේ ලංකාවේ ආගමික ස්තාන හෝ එය විකුනාගන්නේ ඔය චීවර දාරින්මයි කියලා. සල්ලි සල්ලි විතරමයි. අර දුප්පත් කන්න නැති මිනිහා ගෙනියන දානෙවත් භාරගන්න සමහර අය කැමති නෑලු. ඕක කතෝලික පල්ලියේ කියලත් මහ ලොකු වෙනසක් නෑ. ඒත් මෙහෙම අන්තවාදි වෙලා ගහ මරා ගන්න එකයි කෙනෙක්ගේ නිර්මාණයක් අපහාසයට ලක් කරන එකයි නම් දෙකක්.

    කැමතියි

  6. Mama mekata sahenna liwwa fb eke oya kiyanawa wage oken siduune nikan Gayan janpriya veema vithari, buddhagama rap sinduwakin vinaswenne naha kiya pahadili kala eth uppanna sahathiketa buddhgama kiyana aya wenawadak naha kohen hari agam,kaallak hari demala. muslim bedyak allagena liyanawa medawaswela mulim warunta viruddawa liyanawa oyage lipiya harima wadagath mekath mama share karanawa Mage Fb wall eke. . ow thawa tikadawasakin thalebanwaru wei me minissu. pissu ratak wenna yanne.

    කැමතියි

  7. ම්…….. ලොකු කේස් එකක්!

    මම නං අැත්ත කියන්නං සර්! මම කිසිම අාගමකට නෑ. නමුත් මම සමහර බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරනව. බුදු දහමේ එන සමහර කරුණු පිලිබඳවත් සපුරාම එකඟයි. අැත්තම තියනවනං මම රසායන විද්‍යා අායතනයට යන්න කලින් දා පන්සලට ගිහිල්ල පන්සිල් නෙවෙයි …ආජීව අෂ්ඨමක ශීලය අරගෙන අාවෙ! මොකද එ්වයෙ තියන ප්‍රායෝගික වටිනාකම නිසා.

    බුදුදහමේ එන පුනර්භවය වගේ දේවල් ගැන මට විනිශ්චයක් නෑ.

    කොහොමහරි මම කියන්න තටමන්නෙ මම කිසිම අාගමකට නෑ කියනඑක……

    ඔය තත්ව යටතේ උනත් මම මේ සින්දුව ගැනනං කියන්නෙ අාශිර්වාද ගාථාව මියුසික් එක්කම සින්දුවට දාල තියන විදිය මට දැනෙන පරිදි නම් නුසුදුසුයි කියල.

    හබැයි මේකෙ තියන අනිත් පැත්ත තමයි ඉහත පරිදි කියල ඔය කීබෝඩ් වීරයංව නලවන්න ගියොත් අන්තිමට වෙනස් අදහස් ප්‍රකාශ කරන අයට සොක්‍රටීස් ට බෘනෝට රසල්ට වෙච්ච දේ වෙන කාලයක් ලබන්නත් බැරි නෑ

    ස්තූතියි!

    කැමතියි

  8. http://sinhalabuddhist.com/2012/02/complain/

    බුදු දහමට අපහාස කළ ගයාන් පෙරේරාගේ ගීතයට එරෙහිව මිරිහාන පොලීසියේ පැමිණිලි කෙරේ

    Read more: http://sinhalabuddhist.com/2012/02/complain/#ixzz1ly94cpRb
    Under Creative Commons License: Attribution

    කැමතියි

  9. බුදුන් දෙසනාකළ දර්සනය අනුගමනය කරනා හෝ හදුනන කිසිවකුට මේ කිසිදෙයකින් සැලෙන්නේ නැහැ. ප්‍රශ්නය තියෙන්නේ ලේබල් බොඋද්ධයන්ටත් ආගම ජීවිකාව කරගෙන සිටින වෙලෙදුන්ටත් පමණයි.කිසිම කෙනෙකුට මෙහි අයිතියක් පවරා නැහැ.අතිඋතුම් ගොඋතම බුදුරජාණන් වහන්සේ විසින් මෙම දර්සනය ලොවට දෙසනාකර ඇත්තේ කැමැත්තෝ අවබෝද කරගෙන යාහැකි මාර්ගයක් ලෙසිනි.මේ අනුව ලංකාව තරම් බුද්දදර්සනය කෙලෙසන රටක් ලොව තවත් මා දැක නැත.

    කැමතියි

  10. කියලා වැඩක් නෑ! එක්කෙනෙක් ඇවිලුවම ඇති ගිනි ගන්න! ඕන එකටයි එපා එකටයි ඔක්කොටම දැන් ෆේස් බුක් තියනවනේ!

    කැමතියි

    • අපි දැන් පරණ ප්‍රස්ථා පිරුළු අයින් කරමු…
      “හොඳට නරකට දෙකට බුකියය“
      කියලා ලියමු…
      මම හිතන්නෙ මේ පිළිබඳ මම ලිපියක් ලියාවි ඉදිරියෙදි…

      සාබිත්ගෙ අදහස මොකක්ද ඉරාජ්ගෙ ගීතය තහනම් කරපු එක ගැන… මම අහන්නෙ ඔබේ ආගමේ දැක්ම සහ ඔබේ පෞද්ගලික අදහස… කතා කරන්න නොහැකි නම් පිළිතුරු නොදුන්නට කමක් නෑ,.. මට තේරුම් ගන්න පුළුවන් වෙයි…

      කැමතියි

  11. සීරී පාදෙ වන්දවන්න හිස ඔලියල් බැඳලා
    සිරිමා බෝ සාමිනෙ මම පිරිමි පුතෙක් පැතුවා

    මේ කතාවෙ කතාව ඔය බුක් කාරයන්ට නොතේරුනු වෙලාවට.

    මේ සින්දුව ගැන සහ ආගමික බුකි කාරයො ගැන මට හිතෙන්නෙ මේ පරන කතාව.

    “ඔවුන් ආගම වෙනුවෙන් මරාගනිති, ජීවිතය පුදති, සියල්ල කරති. නොකරන එකම දෙය නම් එය පිළිපැදීම පමණි!”

    කැමතියි

  12. kiyala wadak na aiya oyage kate masuran danna oney me kiyala thiyena kathawata.. madyasthawa idagena hoda kathawak kiyala thiyenne.. Nodannawanam api wage ae gana mokut nokara inna oney danna ayata karanna deela.. ape aiyalata ehema karala kohomada nodana natum natanna gihin hamadaama passa bima anagannawa.. anthimata mulu lankawama nattam bauddagama halluwata path wenawa.. ane manda mewa kawada hariyaida kiyala.. huga kalekin wadakata athi deyak kiyewwa.. ekata pin.. 🙂

    කැමතියි

ඉන්දික උපශාන්ත වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න