2011 පෙබරවාරි 12 : නිවේදනයයි…. කාමුක බව නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් දෑ කිරීම – බැලීම – කතා කිරීම හෝ සිතීම තහනම් වේ……
කාමුකබව – Sexy
sex·y
[sek-see] Show IPA
adjective, sex·i·er, sex·i·est.
1. concerned predominantly or excessively with sex; risqué: a sexy novel.
2. sexually interesting or exciting; radiating sexuality: the sexiest professor on campus.
3. excitingly appealing; glamorous: a sexy new car.
sexy
මේ අනුව ලිංගික ආසාව ඇති කරන දේ කාමුක දේ ගණයට අයත් වේ. එනම් ඇසූ විට, බැලූවිට හෝ කියැවූ විට ලිංගික ආසාවක් පහළ වීම.. ලිංගික තෘප්තියක් ලබා ගැනීමට ඇති ආසාව වැඩි කරන දෑ මෙම කාමුක ගණයට අයත් වේ…
මේ ලිපිය ලියන්නට හේතු වූයේ පසු ගිය ලිපියටම අදාලව සහ සමහරක් සිංහල බෞද්ධ යැයි කියාගන්නා බ්ලොග් අඩවි වල ගයාන් පෙරේරාගේ ගීතයට කාමුක දර්ශනයක් ඇතුලත් කර ඇති බවට පුන පුනා පැවසීම සහ ඒ පිළිබඳ වාරණයක් ලබා ගැනීමට පොලීසියට පැමිණිලි කිරීම නිසාය. ගයාන් පෙරේරා මගේ කවුරුවත් නොවන අතර මම කාටවත් කඩේ නොයන බවත් මුලින්ම පැවසිය යුතුය…. මම ලියන්නේ මට හැඟෙන පරිදි ඇත්තය…
මේ කාමුක දර්ශන ඇතැයි කියූ නිසාම මේ සිංදුව අඩංගු වීඩියෝව මම හොඳින් නැරඹුවා… (අපිත් ඉතිං රහත් වෙලා නෑනෙ මෙයාලා) ඔන්න ඉතිං සිංදුව යන අතරවාරෙ භවතු සබ්බ මංගලම් ගාථාවෙ කොටසක් කියැවෙන්න ගත්තා… ඒ අතරේ ගයාන් පෙරේරා ගිහින් අර ගෑණු ළමයා තුරුල් කරගත්තානේ… අම්මපා ප්‍රසිද්ධියේ කරන්න වටින වැඩක්ද ? මමත් බලං හිටියා දැන් ගලවයි දැන් ගලවයි කියලා… කොහෙද…. ගැලෙවුවෙ නෑනෙ… අපරාදෙ..
ඉතින් මම බැලුව වීඩියෝව මේ….
අනේ මීට වඩා කාමුක දර්ශන ඕන තරම් වෙන සිංදු වල තියෙනවා නේ. ඉතිං කාමුක දර්ශන තියෙන සිංදු ටිකක් හොයාගෙන මම අන්තර් ජාලයේ සැරිසැරුවා.. කාමුක දර්ශන කොහොම වෙතත් මෙන්න මේ වගේ දර්ශන තියෙන සිංදුත් ඕන තරම් තියෙනවා… මේවා තියෙන්නෙ නම් කැරෝකේ අඩංගු වීඩියෝ වල… රූපවාහිනියෙ පෙන්වන්නෙ නැතුව ඇති…
ඉතින් මෙන්න මේ සිංදුවත් බලන්න…
ගයාන්ගෙ මේ ටිකින් ටික සිංදුව නිසාම සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් කාමුක දේවල් අඩංගු ලැයිස්තුවක් ප්‍රකාශ කර තිබෙනවා… මේ නිසා මේ ලැයිස්තුවේ අඩංගු දේ කිරීම හිතටත් ගතටත් අනතුරුදායක වන්න පුළුවන්.
- පිරිමින් ගැවසෙන ස්ථාන වන පාරේ ටැප් එක අසල කාන්තාවන් දිය රෙදි ඇඳන් නෑම
- ප්‍රසිද්ධ ස්ථානවල (ජලාශ – මුහුදු වෙරළවල්)ටී-ශර්ට් ආදිය ඇඳගෙන කාන්තාවන් ස්නානය කිරීම.
- ගමේ ලිංවල පිරිමින් නාන අවස්ථාවලදී කාන්තාවන් ස්නානයට යාම.
- පිරිමින් අමුඩ ගසාගෙන නෑම හෝ වැඩපලවල යෙදීම
- කාන්තා යට ඇඳුම් සෝදා (හෝ නොසෝදා) පිරිමින්ට පේනනට වැලවල්වල වැනීම.
- පියයුරු පෙනෙන අයුරින් කර පලල් හැට්ට ඇඳීම
- තද ඩෙනිම් ඇඳීම
- බුරිය පෙනෙන්නට සාරිය ඇඳීම
- අත් නැති ඇඳුම් ඇඳීම
- දණ හිසින් ඉහළට නිරාවරණය වන සායවල් ඇඳීම
- බඩ පෙනෙන ඇඳුම් ඇඳීම
- ස්කිනි / බිකිණි, කොට සායවල් කොට කලිසම් ඇඳීම
- පිහිණුම් තරඟ වලදී ශරීරය නිරාවරණය වන ඇඳුම් ඇඳීම
- ටෙලි නාට්‍ය වල රාත්‍රී ඇඳුමින් සිටින (හුචක්කු ඇඳගෙන) කාන්තාවන් පෙන්වීම – මෙහිදී මත්පැන් පෙන්වන විට මෙන් අදාල ස්ථානවලට කොටු දැමිය හැක
- රූපවාහිනී රියැලිටි වැඩසටහන්වල කාන්තාවන් ශරීරය නිරාවරණය වන ඇඳුම් ඇඳීම
- චන්න- උපුලී වර්ගයේ නැටුම්
- මිස් ශ්‍රී ලංකා වැනි තරඟවලදී නාන ඇඳුම් භාවිතාව හෝ එවැනි දර්ශන පෙන්වීම
- රූපවාහිනී ටෙලි නාට්‍යවල දර්ශන වල පිරිමියෙකු සහ ගැහැණියක කිසිම විටක එක කාමරයේ සිටීම පෙන්වීම
- සහ වයසක මිනිස්සුන්ගේ දර්ශන කාමය අවුස්සන ඕනෑම දෙයක්
මේ ලැයිස්තුවට ඔබට හැඟෙන ඕනෑම කාමය අවුස්සන දෙයක් ඇතුලත් කිරීමේ නිදහස ඇත… අප රටේ සංස්කෘතික අභිවෘද්ධිය වෙනුවෙන් ඔබේ කැපවීම අත්‍යවශ්‍ය මේ මොහොතේ එයට නොපමාව දායක වන්න…… කාමය අවුස්සන දෙයක් පෙනේ නම් එයින් වහාම ඈත් වී පිළිකුල් භාවනාව වඩන්න…
Posted on පෙබරවාරි 11, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged කාමය ඇවිස්සීම, කාමුක බව, ටිකින් ටික. Bookmark the permalink. ප්‍රතිචාර 23.
දෙවෙනි සින්දු ඇහුවෙත් අදමයි…. හිහි…
තලේබාන් රටක ද මම ඉන්නේ.
කැමතියිකැමතියි
සොඳුරු තලේබාන් උනේ කවද ඉඳලද ??
කැමතියිකැමතියි
අර දෙවනි සින්දුව පට්ට ක්‍රියේටිවු නේ… කියල වැඩක නෑ විෂුවල් එක… 😀 😀 අදම කැරොකෙ සීඩී ටිකක ගන්න ඕනෙ… අහන්න නෙවෙයි බලන්න
කැමතියිකැමතියි
දාන්න පහක් !
කැමතියිකැමතියි
මෙව්වා ගැන කතා කරනවාට වඩා කට බිම උලා ගැන්ම අගනේය!
කැමතියිකැමතියි
මේ ලිස්ට් එකේ පලවෙනි 1 තැනට දාන්න ඕනම එක එනම් 1. සීගිරියේ අප්සරාවන්ගේ බිතු සිතුවම් නැරබීම තහනම් කිරීම සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හිතාමතාම පැහැර
හැරියේ මං හිතන්නේ ලංකාවේ සංස්කෘතියට කෙළවෙන හින්දාදෝ මන්දා
කැමතියිකැමතියි
ඔය video එක පැත්තකින් තියමු, සිංදුවකට ගාථාවක් දමා ගැනීම හරිද? ඉරාජ් ගේ සින්දුවක් තහනම් කලා නේද ඉස්ලාම් ආගමේ pray කරන කැල්ලක් තිබිල ? දැන් ඔය ගාථාව, හෙට පන්සිල් පද පහ rap කරත් අල්කමියට අඋලක් නැද්ද ?
කැමතියිකැමතියි
මේ සින්දුවෙ රැප් එක කොතනද කිව්වොත් බුල්ටෝ එකක් තෑගි දෙනව
කැමතියිකැමතියි
මේ සින්දුවේ rap තියනවා කියල නෙවි ගොනෝ මම කිව්වේ, පන්සිල් පද පහ rap කරයි හෙට මුන් ටික කියල . අපි නොදන්නා rap
කැමතියිකැමතියි
මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ගීතය ගැන. කාලෙකින් අහන්න ලැබෙන වෙනස් ආරක ගීයක්.
කාටහරි මේ ගැන ප්‍රශ්නයක් තියෙනවනම් කරන්න තියෙන්නේ භාවතුසබ්බ මංගලම් ගාථාවේ නිර්මාතෘවරයා හොයාගෙන බුද්ධිමය දේපල අනවසරයෙන් යොදාගැනීමට විරුද්ධව නඩුවක් දාන එක. ඒ හැර වෙනත් ආගමික අපහාසයක් මේ තුල නැහැ යන්න බෞද්ධයෙක් වශයෙන් මට කියන්න පුළුවනි. කවුරු හරි මෝඩයෙක් දෙයක් විවේචනය කලාම ඒක පිටිපස්සෙම යන්න කලින් හිතල බලන්න කියල ඉල්ලනවා.
කැමතියිකැමතියි
ගාථා වලට කොහෙද බන් නිර්මත්රුල හොයන්නේ. ආගමයි, සන්ගීතයි කලවම් කර ගත්ත ගොනෙක්
කැමතියිකැමතියි
මළ කෙළියන සර්! අමුඩෙත් තහනංද? :O
සින්දුවේ ගාථාව තිබීම ගැනනං මගෙ ප්‍රසාදයක් නෑ. හැබැයි මේ කතා කරන ජාතියේ නීතිරීති නං හද්ද ම ගොංපාට්!
කැමතියිකැමතියි
අමුඩෙ ඇන්දාම ගෑණු අඳින තොං වගේ පේනව කියලා නේ ඇමතිවරු කියන්නෙ…. ඒක නිසා කාමය ඇවිස්සෙනවලු…
කැමතියිකැමතියි
අඩේ අර දෙවෙනි සිංදුව තැපැලෙන් ගෙන්නවාගන්නත් පුළුවන් ලු… 😀
කැමතියිකැමතියි
හෙහ්.. අම්මප කිව්වත් වගේ ඇත්ත නේන්නං. මුං කරොත් කරන්නෙ විලිසංගෙ නැති වැඩනෙව. කමෝන් “සමහරක්” සිංහල බෞද්ධයා. එල. කීප් ඉට් අප්. දන්නෙම නෑ නැවත් එක්ක අපි ගිලෙනනං. එතකං ඔහොම චූං එකේ ඉමු. ඒ අතරෙ ගයාන්ව උලතියමු ! හික් !!
කැමතියිකැමතියි
මම සෑහෙන වෙලාවක් හිතුවා, දාන්න දේවල් ගොඩාක් හිතට ආවත් නොදා යනවා ගිහින් මගේ අත්දෙකයි කටයි බිම උලා ගන්නවා.
මේ ගැන පොලිසියට පැමිණිල්ලක් දැම්මා කියලා ආරංචියි, අනේ මෙහෙමත් (සම)හරක්.
හැබැයි තව ටිකක් කල් යද්දි පිංවත් කම වෑහෙන ධර්මද්වීපේ ඉන්න, සිංහල ගෑනුන්ටත් මුලු ඇගම වැහෙන්න අදින්න වෙයි. එතකොට තලේබාන් සිංහලයන්ට ජය වේවා !!!! කියලා පෝස්ට් එකක් දාමූ.
කැමතියිකැමතියි
uba hari machan.mehema ratakata nithi dala hadanna ba.visheshayen me wage nithi.samaharak nithi thadata ona me ratata.eka man piligannawa.eth me wage bolada nithi boruwakma thamay.mehema nithi dala mewa nawaththanna ba.ehenam apita diyunu wennath bari wey.mokada diyunu una kisima ratakata bari una…mewata nithi dala hada ganna.sex walata dala theyena nithi tika dakkama matanam hina thamay.lol
කැමතියිකැමතියි
බබා කොච්චර ඇඬුවත් ප්‍රසිද්ධ ස්තාන වලදී අම්මලා බබාලාට කුක්කු දීම තහනම් කළ යුතුයි.
කැමතියිකැමතියි
හැබෑටම කුක්කු අමතක වුනා නේ….
කැමතියිකැමතියි
hikzzz 😛
කැමතියිකැමතියි
ඇල්කෙමියාගේ ලිපියෙන් පැහැදිලිවන එකම දෙය වෙන්නේ ගීතයකට බෞද්ධ ගාථාවක් යොදා ගැනීම ගැන ඇල්කෙමියාට ප්‍රශ්ණයක් නැති බවයි……..ඒකනෙ ඒකට විරැද්ධ වුන අයව මේ තරමි නෝන්ඩි කරන්නේ……හැබැයි ඇල් ඇත්තම නෝන්ඩිය ඔයාටයි……කවද හරි රැප් කරපු පිරිත් අහගෙන කාරෙක එලවගෙන චූන් එකේ යන්නෙත් ඔයා වගේ අය තමයි…..!
කැමතියිකැමතියි
ඔවු… ගීතයකට බෞද්ධ ගාථාවක් යොදා ගැනීම වැරදි නැහැ.
එහෙනම් මොහිදින් බෙග් ගේ බුද්ධං සරණං ගච්ඡාමි ගීතයත් තහනම් කරන්න ඕන…
මෙතන තියෙන ප්රශ්නය ගාථාව රැප් කළා කියන එක… මෙතැන කොහොද රැප් කිරීමක් වෙන්නෙ ?
ඉලඟ ප්රශ්නය කාමුක දර්ශනයක් එතැනට අන්තර්ගතයි කියන එක…
මිනිහෙක් තමන්ගෙ බිරිඳගෙ නළල සිප ගැනීම කාමුක දර්ශනයක් වෙන්නෙ කොහොමද දෙයියනේ ? එහෙනම් පන්සල් වල කසාද බඳින එකත් තහනම් කරන්න එපායෑ…
මම කියන්නෙ නෑ ගාථා රැප් කළ යුතුයි කියලා… නමුත් මෙතැන එහෙම දෙයක් වෙලා නෑ….
කැමතියිකැමතියි
ඇල්කෙමි අයියා, ඔයා වගෙ කෙනෙක් බුද්ධං සරණං ගචිඡාමී ගීතයයි මේ ගීතයයි සමාන කරල, එහෙම නැතිනමි එකතැන තියල විග්රහ කරන එක ගැන නමි මට ගොඩක් කණගාටුයි……බෙග්ගෙ ගීතය ඇතැමි අවස්ථා වල බොදු බැති ගීයක් ලෙස පවා යොදා ගන්නා ගීතයක්. බෞද්ධයින්ගේ සම්භාවනාවට පාත්‍ර වුනු එකක්….ඒක නිර්මාණය කරපු අයගෙ අරමුණ බුද්ධාලමිබන ප්‍රිතිය ඇතිකිරීම බව හොදටම පැහැදිලියි…..ඒ වගේ තේමාවක්, අරමුණක් තියන ගීතයකට ගාථා එකක් නෙමෙයි කිහිපයක් තිබුණත් කමක් නැහැ….. ඒ වගේ ගීතයකින් ඒකට යොදාගත්තු බෞද්ධ ගාථාවලට හිමිවිය යුතු නිසි තැන හා ගෞරවය ලැබෙනවා (ගයාන්ගෙ සිංදුවත් එක්කම ඒ සිංදුවත් දං ගෙඩියට දක්කන්න කියලද කියන්නෙ?) ඒත් ගයාන්ගෙ සිංදුවෙ එවැනි අරමුණක් තියෙනවද? එය හුදෙක් ශෘංගාරාත්මක තේමාවක් තියෙන ගීතයක් විතරයි. (ඒකෙ ඔය සමහරැ කියන විදියේ කාමුක දර්ශන වත් රැප් එකක් වත් මම දකින්නෙ නැහැ.) බෞද්ධ ගාථාවට ලැබිය යුතු නිසි තැන ඒ ගීතයෙන් ලැබෙනවද? අපි විරැද්ධ වෙන්න ඕන මෙන්න මේ පදනම මත පිහිටලයි….එහෙම නැතිවුනොත් ඕන රස්තියාදුකාරයෙක් තමන්ට ඕන ඕන විදියට පිරිත් උනත් රැප් කරල පවා තමන්ගෙ ගීතවලට යොදා ගන්න පටන් ගනියි…..
මම නමි හිතන්නෙ දේශප්‍රෙමය (=රට+ජාතිය+ආගම) ගැන ගොඩක් ලොකුවට කතා තරන අය මේ වගේ දේවල් ගැන සංවේදී වියයුතුයි…(කැක්කුමක් තිබිය යුතුයි) එහෙම නැතිනම් ඒ පෙන්වන
දේශප්‍රේමය පුස්සක් වෙනවා……..
කැමතියිකැමතියි