2012 පෙබරවාරි 18 : මේ දිනවල ලංකාවේ බලවත්ම පුද්ගලයා කවුද ?


පහුගිය දවස්වල වෙච්චි සිදුවීම් දිහා බැලුවාම මට හරි ප්‍රශ්නයක් ආවා…

මේ දිනවල  ලංකාවෙ බලවත්ම පුද්ගලයා කවුද කියලා… මට හරියට උත්තරයක් හොයාගන්න බැරි නිසා මම ලැයිස්තුවක් පළ කරනවා…. ඔබේ ඡන්දය ලබා දී ලංකාවේ බලවත්ම පුද්ගලයා කවුදැයි සොයා ගැනීමට උදවු වී ඉරාණයෙන් ආනයනය කළ ඉස්තරම්ම ලාම්පුතෙල් බෝතලයක් තෑගි වශයෙන් ලබා ගන්න.

  • ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
  • ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ
  • හිටපු හමුදාපති සරත් ෆොන්සේකා
  • විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ
  • කරු ජයසූරිය
  • සජිත් ප්‍රේමදාස
  • බැසිල් රාජපක්‍ෂ
  • නාමල් රාජපක්‍ෂ
  • විදුලිබල ඇමති චම්පික රණවක
  • විමල් වීරවංශ
  • හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
  • මහාචාර්ය නලින් සිල්වා
  • දෙමළ ජාතික සංධානයේ ආර් සම්බන්දන්
  • ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස
  • තේ-රීම් කමිටු සභාපති අසන්තා ද මෙල්
  • මහ බැංකු අධිපති අජිත් කබ්රාල්
  • ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා
  • අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන
  • උසස් අධ්‍යාපන ඇමති ඇස් බී දිසානායක
  • ලාල් කාන්ත
  • පෞද්ගලික බස් සංගමයේ බස් ගැමුණු විජේරත්න

ලැයිස්තුවෙ අගට යනකල්ම කියවන්න….කියවලා හරි උත්තරේ යටින් ලියන්න…. තමන්ගෙ උත්තරේ සාධාරණ කරන්න හේතුවත් ලිවුවොත් අගෙයි….

Advertisements

Posted on පෙබරවාරි 17, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 19.

  1. පෞද්ගලික බස් සංගමයේ බස් ගැමුණු විජේරත්න

  2. හේතුව ලියන්න අමතක උනානේ… එයා බලවත් උන නිසා තමයි අර ඊයේ පෙරෙදා දවසක එයා බස් වර්ජනයක් )කෙරෙව්වේ…. (ඔන්න ලාම්පුතෙල් බෝතලේ මට )

  3. පෞද්ගලික බස් සංගමයේ බස් ගැමුණු විජේරත්න

    විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ට අවුරුද්දක් විතර තිස්සේ කරගන්න බැරිවුණ වැඩේ එක වරුවකින් කරලා පෙන්නුව නිසා

  4. පෞද්ගලික බස් සංගමයේ බස් ගැමුණු විජේරත්න 17% iluwama 20% denna tharam anduwath baya una ne 😛

  5. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ – ලබාගත්ත ජනප්‍රියත්වය රැක ගන්නට බැරිය
    ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ – ලැබුනු ගෞරවය රැක ගැනීමට බැරිය
    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා – කට පරිස්සම් කරගන්නට බැරිය
    විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ – ඡන්ද දිනන්නට බැරිය
    කරු ජයසූරිය – පබා තරම් ඡන්ද ගන්නට බැරිය
    සජිත් ප්‍රේමදාස – නායකත්වය ගන්නට බැරිය
    බැසිල් රාජපක්‍ෂ – රටටම චාටර් නොවී කරගන්න දෙයක් කරගන්නට බැරිය
    නාමල් රාජපක්‍ෂ – ගොන් කම ප්‍රදර්ශනය නොකර සිටීමට නොහැකිය
    විදුලිබල ඇමති චම්පික රණවක – කිච නොවී සිටිය නොහැකිය
    විමල් වීරවංශ – බොරුවට කැ ගහනවා හැර වෙනත් මොකුත් බැරිය
    හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි – කරගත්ත දෙයක් නැතිය
    මහාචාර්ය නලින් සිල්වා – කැම්පස් එකේ පට්ටම රැකගන්නටවත් බැරි ය
    දෙමළ ජාතික සංධානයේ ආර් සම්බන්දන් – 13+ තියා 13 වත් ගන්නට බැරිය
    ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස -?
    තේ-රීම් කමිටු සභාපති අසන්තා ද මෙල් – ?
    මහ බැංකු අධිපති අජිත් කබ්රාල් – ආර්ථික විද්‍යාව බැරිය
    ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා – මොකුත්ම බැරිය
    අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන – විභාගයේ ලකුණු ටික දීගන්නට බැරිය
    උසස් අධ්‍යාපන ඇමති ඇස් බී දිසානායක – පෞද්ගලික විශ්ව විද්‍යාල පනත ගේන්නට බැරි වුනාය
    ලාල් කාන්ත – කට විතරය වැඩ බැරිය

    පෞද්ගලික බස් සංගමයේ බස් ගැමුණු විජේරත්න – ඉල්ලුව දේ පැය 24න් ලබාගත්තේය

    So winner is බස් ගැමුණු විජේරත්න

  6. බස් ගැමුණු නම් නෙමෙයි. හේතුව තෙල් මිල වැඩි කරන්න ප්ලෑන් කරන කොටම බස්ගාස්තු වැඩි කරන්නත් ප්ලෑන් ගහපු නිසා.

    ඕනෑම මොහොතක ඕනෑම තැනක ඕනෑම මිනිහෙක්ගෙ ඔලුව හිල් කරන්න පුලුවන් එකා තමයි බලවතා.

  7. බලවත්ම පුද්ගලයා ඡන්ද දායකයා.. මේ ගොං බූරුවන්ට ඒක තේරෙන තාක් කල් අපේ රටට හරියන්නෙ නැ..

  8. Innocent Citizens of Sri Lanka – They have all the power. – They have not used it!

  9. මම හිතන්නේ බස් අජිත් ඒ කියනේ අජිත් මුතුකුමාරණ. බස් සංගමයේ සභාපතිටත් වඩ බස් වලදි මෙයා බලවත්.

  10. ගැමුණු විජේරත්න; වෙන කවුද?

    මුළු රටක් අද දවසේ වැඩ කරනවද නැද්ද කියල තීරණය කරන්න පුළුවන් වෙන මොන ජගතටද? මට මතකයි එක පාරක් විභාගෙට යන ළමයි ගෙනියන්න බැහැ කියල ලොකු ගෝරනාඩුවක් කරා. තව පාරක් ඉස්කෝලේ විභාග තියන දවස් වල වර්ජනේ කරා. අමු මස් වැද්දෙක් වගේ වැඩ කරත් ආණ්ඩුව නැට්ට පස්ස පැත්තේ ගහගත්තු බල්ලෙක් වගේ සද්දයක් නැතුව ඉන්නවා.

    ඒ වගේම තමා, පාරේ බස් වල යන අපිට කොයි තරම් වසලයෙක් උනත්, තමන්ගේ අරමුණ දිනවන්න මේ තරම් කැපවෙච්ච මනුස්සයෙකුට අපි ගරු කරන්නත් වටිනවා. ආදර්ශමත් මනුස්සයෙක්.

  11. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ

    මෙච්චර කාලයක් විපක්ෂ නායක වෙලා ඉදලා රටටම කෙලෝපු එකට

  12. මෙතනින් දිනන කෙනාගේ භාර්යාව තමයි වඩා බලවත්

  13. ගමුණු කාරය තමෙ සෑර්! 😦

  1. පින්ග්කිරීම: 2012 පෙබරවාරි 20: ලංකාවේ කිරුළු නොපලන් රජු…. අති උත්තම ගැමුණු විජේසිංහ උතුමාණන් සැරදේවා…… « ඇල

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: