2012 පෙබරවාරි 10 : ආගමික අන්තවාදීන්ට වචනයක්….. “බලන් කඩතුරා හැර දෑසේ……….”
මේ සම්බන්ධව මේ දිනවල අනන්තවත් ලිපි ලියැවුනා.. මම මේ ලිපිය කෙටුම්පත් කරලා බොහෝ දිනක් ගත වුනත් වැඩ අධික වීම නිසාම නිම කිරීම අතපසු වුනා… කොහොම වුනත් මේ ලිපියත් පළ කරන්න හිතුවේ අනිත් අයගෙ අදහස් එක්ක මගේ අදහස් සැසැඳෙන්නෙ කෙසේද යන්න බලන්නත් එක්කයි.
කතාවෙ නිමිත්ත දැන් හැමෝම කතා වෙන ගීතයක් වන ගයාන් පෙරේරා ගායනා කරන ගීතය.
ප්‍රශ්නෙ තියෙන්නේ භවතු සබ්බ මංගලම් ගාථාව ගීතයකට යොදා ගැනීම… ඒක දැකපු කට්ටියට රාගය ඇවිස්සීම… අන්යාගමිකයෙක් සිංදුව කීම. ඒ වගේම ඉරාජ්ගෙ මුස්ලිම් ආගමට අපහාස වෙනවයි කියපු සිංදුව තහනම් කළ නිසා සමානාත්මතාවය අගයන්න (වෙන්න ඇති) මේකත් තහනම් කරන්න ඕන….
මීට ඉස්සර සිංදු වලට ගාථා යොදාගෙන නැද්ද ?
තියෙනවා..
පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයානෝ ගීතයේ මුල් පද ටික වන්නෙ නමස්කාරය.. නමුත් ගායනා කරන්නේ අමරදේව ශූරීන්… ඒක නිසා කමක් නැද්ද ? මට නම් කමක් නෑ..
බුද්ධං සරණං ගච්ඡාමි ගීතය සකල සතම බොදු බැතියෙන් ගීතය ගායනා කරන්නෙ අල්හාජ් මොහිදීන් බෙග්… ඒකත් කමක් නෑ… මොකද කියනවා නම් ඒවා බුදුගුණ ගීනෙ… අන්යාගමිකයෙක් ගායනා කළත්… ඒක ගැන මගෙත් කිසිම විරුද්ධත්වයක් නෑ…
සුනිල් එදිරිසිංහ මහතා දළදා හාමුදුරුවන්ගෙන් ආල සිතක් ලැබෙන්න පතන්නෙ පන්සල් ගිහින් සිල් ගන්න වෙන්න ඇති….
මේ වගේ අනන්තවත් ගීත තියෙනවා… ඒ වගේම පන්සල් වල ලවු කරන සින්දුත් තියෙනවා… මට මතක් වෙන්නෙ නෑ…
ඊලඟට සිද්ධ වෙන හොඳම සෙල්ලම තමයි පන්සල් වල සිදු වන විවාහ… මේ විවාහ වුනාට පස්සෙ මනාල යුවල යන්නෙ සිල් ගන්න නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ…
මේ වගේ දේවල් වුනත් සුනිල් පෙරේරාගෙ පුතා කියපු සිංදුව නිසා රාගය ඇවිස්සෙනවා…
එතකොට ගවුම් උස්සන් නටන ගංජා ගහන්න එන්න කියලා කියන… ගේම් දීලා වැලිකඩින් ආවා කියන සිංදු.. ඊලඟට පන්සල් වල ලවු කරන ටෙලි නාට්‍ය… ඒවා හොඳයි…
මේ සියල්ලම කියන්නෙ බුද්ධාගම බාගෙට දන්න යතුරු පුවරු වීරයො… සිංදුවකට ආගම යොදා ගැනීම වැරැද්දක් නම්, සුනිල් එදිරිසංහ මහතා කියපු ඉහත ගීතයත් වැරැද්දක්… තව ගීත රාශියක් ඇති… පන්සල් වල විවාහ වෙන එකත් වැරදියි…
පන්සල්වල වැඩ වාසය කරන හාමුදුරුවරුත් නියමිත පරිදි විනයානුකූලව හැසිරෙන්න ඕන… ඒවා ගැන කවුරුවත් කතා වෙන්නෙ නෑ…
මේ කියන මමත් බෞද්ධයෙක්.. මම ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව අගය කරනවා.. මම හතර පෝයට පන්සල් නොගියට සිල් නොගත්තට මගේ ප්‍රතිපත්ති අනුව බුද්ධාගම දර්ශනයක් විදියට අගය කරනවා.. පිළිපදිනවා.. නමුත් මම හැම ගහටම ගලටම වඳින්න යන්නෙවත්, කවුරුවත් කිවුවට යම් දෙයක් පිළිගන්නෙවත් නෑ… මගේ හිතට එකඟව දන්නා පමණින් හරි යැයි හිතෙනවා නම් පිළිගන්නවා… දන්නෙ නැතිනම් දන්න කෙනෙක්ගෙන් අහගන්නවා…
මට හිතෙන විදියට අපේ කට්ටිය වලිගෙ පාගාගෙන.. බුද්ධාගමේ කට්ටිය වගේම මුස්ලිම් ආගමේ කට්ටිය…. කලා නිර්මාණයක් කියන්නෙ ආගම් ජාති කුල වර්ණ භේද යන සීමා මායිම් වලින් නදහස් වෙච්ච දෙයක්.. එහෙම වුනා කියලා කුණුහරුප කියන්න නිදහස තියෙන්න ඕන කියලා මම කියන්නෙත් නෑ….
Da vinci Code චිත්‍රපටිය ලංකාවට ආපු කාලෙ වතිකානුවට නැති අමාරුවක් අපේ කතෝලික කට්ටියට තිබුණා. අන්තිමට චිත්‍රපටිය බලන්න හිටිය ගාන වගේ දෙගුණයක් චිත්‍රපටිය බැලුවෙ මේ මොකක්ද කියලා බලන්න.. ඇති මගුලක් නෑ.. අන්තිමට වුනේ චිත්‍රපටිය ජනප්‍රිය වුන එක විතරයි.. දැන් මේ සිංදුවට වෙලා තියෙන්නෙත් ඒකමයි.. මම මුලින් සිංදුව අහත්දි මෙහෙම දෙයක් තියෙනවා කියලා වත් මට තේරුණේ නැහැ.. සිංදු වල තේරුම සෙවීම මගේ විනෝදාංශය වුනත් මේ සිංදුවේ අමුත්තක් පෙනුනෙ නැහැ.. නමුත් කවුරු හරි වැඩක් නැතුව ඉන්න කාඩ්බෝඩ් වීරයෙකුට ජනප්‍රිය වෙන්න හිතිලා ෆේස් බුක් එකෙයි බ්ලොග් අවකාශයෙයි මේ මතය පතුරවන්න ගත්තා… අපේ මෝඩයොත් හිටු කියලා මේක බෙදා ගත්තා හිතන්නෙ නැතිව.. අර හරියට දම්වැල් ලියුම් (Chain mail) යවනවා වගේ.. ඉස්සරම Amy Bruce කියලා ලමයෙකුගේ පිළිකාවක් හොඳකරගන්න කියලා E-mail එකක් ගියේ… අපේ කට්ටියත් හිටු කියලා වටේටම බෙදා ගත්තේ.. අන්න ඒ වගේ…
මේ විදියට රට ගියොත් අපිත් ලගදිම ඇෆ්ගනිස්ථානයක් වෙන එක නවත්වන්න බැහැ.. හැම පිස්සුවටම වඩා භයානකයි ආගම් පිස්සුව…
දැන් ඉතින් පස් පවු වලින් වැලකිච්ච, කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැති, සුරා සූදුවෙන් මස් මාංශ වලින් තොර සුපිරිසිදු පෝස්ටර් බෞද්ධයො ඇවිත් මට ගල් ගහපල්ලා….
ඉතින් මේ විදියට ගියොත් අපේ රාජ්‍ය නායකයොන්ට අපහාස වන නිසා මෙන්න මේ සිංදුවත් අපි තහනම් කරමු…
Posted on පෙබරවාරි 9, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged ගයාන් පෙරේරා, ටිකින් ටික, පෝස්ටර් බෞද්ධයෝ. Bookmark the permalink. ප්‍රතිචාර 23.
මටත් නම් හොද හොද දේවල් ලියන්න තියෙනවා මේ වීරයෝ ගැන ඒත ඉතින් අපි මොකටද කොහෙවත යන මල් වට්ටි වලට අත ගහන්නේ. ඒක නිසා මම නම් මේ දේවල් ගැන වචනයක් දන්නේ නෑ. මේකේ හොදම ජෝක් එක වෙන්නේ මේවා පතුරණ උන් කියන්නේ උන් බෞද්ධ සවිධාන, රට බේරගන්න් උන් කියලනේ. අනේ මන්දා ඇලෝ පිස්සු ඩබල් වෙනවා.
හොදම හරිය වෙන්නේ මේක ශෙයා කරලා කිසිම දෙයක් හොයන්නෙ බලන්නේ නැතිව කඩේ යන උනුත් ඉන්න එකයි.
ලංකාව ඇෆ්ගනිස්තාන් වෙලා ඉවරද මන්දා?
කැමතියිකැමතියි
වට් ෆෝ ද ටෙලිං කිවුවලු….. අපි කොරන්න ගියාම හැමදේම අන්තෙටම කොරනවා නේ…
මුන්ට මොලේ අළුතෙන් හදවන්න ඕන…
කැමතියිකැමතියි
මටනම් ඒ සින්දුව කාමුකත් නෑ, වෙන වරදක් පේන්නෙත් නෑ…හැබැයි ලස්සනත් නෑ. සුනිල් පෙරේරගෙ පරණ් කොපි සින්දු (දැන්නෙ දන්නෙ කොපි කියලා..ඒ කාලෙ දන්නෙ නෑනෙ )මීට වඩා ගොඩාක් ලස්සනයි, නිර්මාණශීලියි.
කැමතියිකැමතියි
මිනිහෙක් තමන්ගෙ ගෑණිගෙ නළල ඉඹින්නෙ නැතිව අල්ලපු ගෙදර ගෑණි ඉඹින්නද ?
මුලින්ම කාමුක කියන වචනෙ කියලා දෙන්න ඕන මේ පොන්සියොන්ට…
කැමතියිකැමතියි
http://emailkavikaari.blogspot.com/2011/11/blog-post_16.html
මම නං මේ ලැබෙන ප්‍රසිද්දියට කැමතියි. සිංදුවෙ දායකත්වයට මගෙ පුතාගෙ නම තිබෙන නිසා.
කැමතියිකැමතියි
අනේ මන්දා… මට නම් මේ සිංදුවෙ කිසි වැරැද්දක් පේන්න නෑ…..
කැමතියිකැමතියි
මුං ඔක්කෝටම බාගෙට පිස්සු….අන්තවාදය කියන එකේ කෙළවරටම ගිහිල්ලයි තියෙන්නෙ…බුද්ධ ධර්මයේම උගන්වන උපේක්ෂාව, එතකොට සම්මා සති….එව්ව මොනවද කියලවත් දන්නෙ නැතුව ඇති…..පිස්සුවෙ හොඳම එක….අපිත් පිස්සො කරන්නයි මෙයාල මේ හදන්නෙ….
කැමතියිකැමතියි
දැන් ආගමත් බිස්නස් එකක් වෙලානෙ…
ඔක්කොම විකුණං කන්න හදන්නෙ…
තව ටික දවසකින් අම්ම-තාත්තත් විකුණන්න තියේවි
කැමතියිකැමතියි
අගය නිම කරන්න බැරි සටහනක්.
නිතර බ්ලොග් අස්සේ නොරැදුනත් කියවපු සටහන් දහයෙන් හතරක් විතරම වුනේ මේ ගයාන්ගේ සින්දුව.
සින්දුව ගැන යමක් නොදැන හිටියත් ඒ සටහන් වල තිබ්බ ගොන් පාට් වලට හිනා වෙලා විතරක් අපොයි කියන්න මටත් නොහැකියාවක් තිබ්බා.
ආගමික අන්තවාදය කියන්නේ මහ භයානක ලෙඩක්. racism හා සමානයි කියලා මට හිතෙන්නේ. අපි එකම පැත්තක් විතරක් හිතද්දි අපිට ඉන් එහාට කිසිම දෙයක් පේන්නේ නෑ නේ. ලංකාව වගේ නොදියුනු හෝ දියුණු වෙමින් පවතින රටවල ලොකුම ප්‍රශ්නේ මෙන්න මේ වර්ගවාදි භව කියලයි මට හිතෙන්නේ.
ආගම ගැන ඔය තරම් කැක්කුමක් තියෙනවා නම් ඇයි අපිට බැරි අර ආගමේ නියොජිතයෝ ගාවට ගිහින් ඒ අයටත් හරි දේ කියලා දෙන්න කරන්න කියලා බල කරන්න. මම නම් දැක්කේ ලංකාවේ ආගමික ස්තාන හෝ එය විකුනාගන්නේ ඔය චීවර දාරින්මයි කියලා. සල්ලි සල්ලි විතරමයි. අර දුප්පත් කන්න නැති මිනිහා ගෙනියන දානෙවත් භාරගන්න සමහර අය කැමති නෑලු. ඕක කතෝලික පල්ලියේ කියලත් මහ ලොකු වෙනසක් නෑ. ඒත් මෙහෙම අන්තවාදි වෙලා ගහ මරා ගන්න එකයි කෙනෙක්ගේ නිර්මාණයක් අපහාසයට ලක් කරන එකයි නම් දෙකක්.
කැමතියිකැමතියි
බොහොම ස්තූතියි…
බුදු හාමුදුරුවෙ වදාලෙ බුද්ධාගම නැසෙන්සෙ බුද්ධාගම ඇතුලෙන්මයි කියලා..
දැන් ඒක තමයි මේ වෙන්නෙ…
හරි හැටි තේරුම් නොගත්තාම ඕනම සරළ දෙයක් සංකීර්ණ වෙනවා…
කැමතියිකැමතියි
ඒක ඇත්ත සහෝ.. බුද්ධාගම නැසෙන්නේ බුද්ධාගම ඇතුලෙන්මයි. ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ..
කැමතියිකැමතියි
Mama mekata sahenna liwwa fb eke oya kiyanawa wage oken siduune nikan Gayan janpriya veema vithari, buddhagama rap sinduwakin vinaswenne naha kiya pahadili kala eth uppanna sahathiketa buddhgama kiyana aya wenawadak naha kohen hari agam,kaallak hari demala. muslim bedyak allagena liyanawa medawaswela mulim warunta viruddawa liyanawa oyage lipiya harima wadagath mekath mama share karanawa Mage Fb wall eke. . ow thawa tikadawasakin thalebanwaru wei me minissu. pissu ratak wenna yanne.
කැමතියිකැමතියි
බොහොම ස්තූතියි…
එක වරකට එක මනසක් වෙනස් කරන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්…
කැමතියිකැමතියි
ම්…….. ලොකු කේස් එකක්!
මම නං අැත්ත කියන්නං සර්! මම කිසිම අාගමකට නෑ. නමුත් මම සමහර බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරනව. බුදු දහමේ එන සමහර කරුණු පිලිබඳවත් සපුරාම එකඟයි. අැත්තම තියනවනං මම රසායන විද්‍යා අායතනයට යන්න කලින් දා පන්සලට ගිහිල්ල පන්සිල් නෙවෙයි …ආජීව අෂ්ඨමක ශීලය අරගෙන අාවෙ! මොකද එ්වයෙ තියන ප්‍රායෝගික වටිනාකම නිසා.
බුදුදහමේ එන පුනර්භවය වගේ දේවල් ගැන මට විනිශ්චයක් නෑ.
කොහොමහරි මම කියන්න තටමන්නෙ මම කිසිම අාගමකට නෑ කියනඑක……
ඔය තත්ව යටතේ උනත් මම මේ සින්දුව ගැනනං කියන්නෙ අාශිර්වාද ගාථාව මියුසික් එක්කම සින්දුවට දාල තියන විදිය මට දැනෙන පරිදි නම් නුසුදුසුයි කියල.
හබැයි මේකෙ තියන අනිත් පැත්ත තමයි ඉහත පරිදි කියල ඔය කීබෝඩ් වීරයංව නලවන්න ගියොත් අන්තිමට වෙනස් අදහස් ප්‍රකාශ කරන අයට සොක්රටීස් ට බෘනෝට රසල්ට වෙච්ච දේ වෙන කාලයක් ලබන්නත් බැරි නෑ
ස්තූතියි!
කැමතියිකැමතියි
විවෘතව බැලුවාම මේ හැම දේම පෙනෙනවා..
තමන් එල්බගත් මතය හරියි කියලා පූර්ව නිගමනයකට ඇවිත් තර්ක කරනවිට අපි නොදැනීම අපේ මතයට ගැති වෙනවා…
කොහොමත් දැන් ලංකාවෙ බුද්ධිමතුන් කට පියාගෙන ඉන්නෙ..
මෝඩයොනෙ රජකරන්නෙ…
කැමතියිකැමතියි
http://sinhalabuddhist.com/2012/02/complain/
බුදු දහමට අපහාස කළ ගයාන් පෙරේරාගේ ගීතයට එරෙහිව මිරිහාන පොලීසියේ පැමිණිලි කෙරේ
Read more: http://sinhalabuddhist.com/2012/02/complain/#ixzz1ly94cpRb
Under Creative Commons License: Attribution
කැමතියිකැමතියි
බුදුන් දෙසනාකළ දර්සනය අනුගමනය කරනා හෝ හදුනන කිසිවකුට මේ කිසිදෙයකින් සැලෙන්නේ නැහැ. ප්රශ්නය තියෙන්නේ ලේබල් බොඋද්ධයන්ටත් ආගම ජීවිකාව කරගෙන සිටින වෙලෙදුන්ටත් පමණයි.කිසිම කෙනෙකුට මෙහි අයිතියක් පවරා නැහැ.අතිඋතුම් ගොඋතම බුදුරජාණන් වහන්සේ විසින් මෙම දර්සනය ලොවට දෙසනාකර ඇත්තේ කැමැත්තෝ අවබෝද කරගෙන යාහැකි මාර්ගයක් ලෙසිනි.මේ අනුව ලංකාව තරම් බුද්දදර්සනය කෙලෙසන රටක් ලොව තවත් මා දැක නැත.
කැමතියිකැමතියි
සහතික ඇත්ත
කැමතියිකැමතියි
කියලා වැඩක් නෑ! එක්කෙනෙක් ඇවිලුවම ඇති ගිනි ගන්න! ඕන එකටයි එපා එකටයි ඔක්කොටම දැන් ෆේස් බුක් තියනවනේ!
කැමතියිකැමතියි
අපි දැන් පරණ ප්රස්ථා පිරුළු අයින් කරමු…
“හොඳට නරකට දෙකට බුකියය“
කියලා ලියමු…
මම හිතන්නෙ මේ පිළිබඳ මම ලිපියක් ලියාවි ඉදිරියෙදි…
සාබිත්ගෙ අදහස මොකක්ද ඉරාජ්ගෙ ගීතය තහනම් කරපු එක ගැන… මම අහන්නෙ ඔබේ ආගමේ දැක්ම සහ ඔබේ පෞද්ගලික අදහස… කතා කරන්න නොහැකි නම් පිළිතුරු නොදුන්නට කමක් නෑ,.. මට තේරුම් ගන්න පුළුවන් වෙයි…
කැමතියිකැමතියි
Excellent ………..
කැමතියිකැමතියි
සීරී පාදෙ වන්දවන්න හිස ඔලියල් බැඳලා
සිරිමා බෝ සාමිනෙ මම පිරිමි පුතෙක් පැතුවා
මේ කතාවෙ කතාව ඔය බුක් කාරයන්ට නොතේරුනු වෙලාවට.
මේ සින්දුව ගැන සහ ආගමික බුකි කාරයො ගැන මට හිතෙන්නෙ මේ පරන කතාව.
“ඔවුන් ආගම වෙනුවෙන් මරාගනිති, ජීවිතය පුදති, සියල්ල කරති. නොකරන එකම දෙය නම් එය පිළිපැදීම පමණි!”
කැමතියිකැමතියි
kiyala wadak na aiya oyage kate masuran danna oney me kiyala thiyena kathawata.. madyasthawa idagena hoda kathawak kiyala thiyenne.. Nodannawanam api wage ae gana mokut nokara inna oney danna ayata karanna deela.. ape aiyalata ehema karala kohomada nodana natum natanna gihin hamadaama passa bima anagannawa.. anthimata mulu lankawama nattam bauddagama halluwata path wenawa.. ane manda mewa kawada hariyaida kiyala.. huga kalekin wadakata athi deyak kiyewwa.. ekata pin.. 🙂
කැමතියිකැමතියි