2011 අගෝස්තු 02 : ඉස්සර හැමදාම රෑට රෑට මට කොටපු මිනිහා දැන් වෙන එකකට කොටනවා ද ?


ඉස්සර නං ගෙදර එනකල් සිහියක් නෑ… සමහර වෙලාවට ලැබ් එකේදිම කොටන්න ගන්නවා… තැනක් තොතැනක් නෑ…. යාළුවෙක්ගේ ගෙදර ගියත් හැමෝම ඉස්සරහ කොටන්න ගන්නවා… සමහර වෙලවෙට කට්ටිය ඇහුවත් මොකද මේ ප්‍රසිද්ධියෙම කොටන්නෙ කියලා, පුරුද්ද අතාරින්න බෑ කියලා දාගෙන කොටනවා…

ඒත් දැන් දැන් ටික ටික මාව එපා වෙලා… මේ පුරුද්ද අඩු වුනේ අර මැයි මාසෙ ලුයිසියානා-ටෙක්සාස් ගිහින් හිටපු කාලෙ වගෙයි මට නම් තේරුණේ…. දැන් කොටන්නෙ ඉඳලා හිටලා.. ඒකත් ඕනවට එපාවට වගේ.. කිසිම රසයක් නෑ…… ඔහේ දඩි බිඩි ගාලා කොටලා දාලා පැත්තකට වෙලා එක්කෝ ටී වී බලනවා නැත්තං අනිත් එකට කොටනවා… ඉස්සර වගේ නෙවෙයි දැන් වැඩිය කට්ටිය මාව බලන්න එන්නෙත් නෑ… දැන් නම් මේ ජීවිතේ එපා වෙලා….. ඉස්සර හැමදාම කොටපු මිනිහා දැන් ඇහැක් ඇරලාවත් මගේ දිහා බලන්නෙ නැති ගානයි…

ඉස්සර නං තියෙන ඇඳුම ගලවලා දාලා අළුතෙන් ඇඳමකුත් අන්දවනවා.. දැන් ඒකත් නෑ.. කාළයක් තිස්සේ පරණ ඇඳුමමයි…

මේක හරියන්නෙ නෑ.. දැන් නම් වෙන අතක් බලාගන්නයි වෙලා තියෙන්නෙ… හැබැයි මම දන්නවා… වෙන කෙනෙක් කොටන්න ගත්තත් මේ තරම් හොඳට කොටන එකක් නෑ කියලා… එක් වෙලාවකට හිතෙනවා මේක තාවකාලික ද කියලා.. බලාගෙන ගියාම මේ මිනිහට හරියට වැඩ.. උදේ පාන්දරම දැන් නැගිටලා අනිත් එකට කොටනවා… ඊට පස්සේ ඔන්න ගෙදර වැඩ ටික කරලා කොළු පැටියව උදෙන්ම ඉස්කෝලෙ අරගෙන යනවා.. ඊට පස්සේ දෙන්න එක්කම වැඩට යනවා… එතනත් හරි වැඩ… දවස තිස්සෙම වැඩ.. ඉස්සර නං දවසට දෙතුන් පාරක් මම ගැන බලනවා.. දැන් ඒකත් නෑ.. ඒ තරම් වැඩ… සමහර විට වැඩ වැඩි නිසාද දන්නෙ නෑ මගේ ගැන බලන්න වෙලාවක් නැත්තේ… පොඩ්ඩක් ඉවසලා බලන්න ඕන.. මොකද මේ වෙලා තියෙන්නේ කියලා…

මේ මිනිහා එන්න ඉස්සර මේක දාන්න ඕන.. නැත්තං මේක මකලා දායි…

වැඩිය කලබල වෙන්න එපා… මිනිහා මේ දවස්වල අර නලින් සිල්වාගෙ ආසනික් ප්‍රශ්නෙ ගැන ලියනවා… ඒකයි මට කොටන්න වෙලාවක් නැත්තේ… පණ දාගෙන විස්තර හොයනවා.. දැනටමත් මේ ගැන ලියවිච්ච ලිපි 20 ක් විතර කියවලයි තියෙන්නේ.. මට ඇහුනා ඇල්කෙමිච්චිට කියනවා ලිපිය ලියලා ඉවරයි අද පත්තරේකට යවන්න ඕන කියලා…

මට හැමදාම කෙටුවෙ නැති වුනත් වැදගත් ලිපියක් පත්තරේක යනවා නම් මටත් ආඩම්බරයි… ඉතින් ආයෙම දවසක් ඇර දවසක් හරි මටත් කොටන්නෙ නැතැයි…

මෙයට,

ඇල්කෙමියාගේ දිනපොත.

Advertisements

Posted on අගෝස්තු 2, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 17.

  1. හික් හික් කුනුහබ්බයක් වගෙ මුල් ටික

  2. හපොයි! මුල් ටික කියවද්දිනං මටත් හිතුනෙ වෙන කතාවක් 🙂

  3. ලිපිය පත්තරේට යැවුවත් කොපියක් මේකෙත් කොටංඩ ඕං…

  4. 🙂 ‍එකපාර දෙකකට කොටනව කියන එක එපා වෙන වැඩක් කියල මටත් තේ‍රුනේ පහු වෙලානෙ…

  5. මමත් එකකට කොට කොටා හිටිය. දැන් තුනක්. ළඟදිම මේ කෙටිල්ල නවත්තන්න වෙනව.

  6. දිනපොතේ ඇඳුමුත් මාරු කරනවද?…..:-)

  7. මගේ කෙටිල්ලත් ඔහොම තමයි. හැබැයි මට තාම එපා වුනේ නැහැ. කොටන්න කොටන්න කොටන්නමයි හිත.

  8. ඔය කෙටිල්ල නම් නවත්තන්න එපා. මල වින්නැහියක් වෙනවා එහෙම වුනොත්.

  9. ඔන්න මමත් ගොඩ වැදුනා…
    එහෙම කෙටිල්ල නතර කොරන්න එපා බොලේ..
    අපි එනවනේ කියවන්න.පත්තරේට දාපු ලිපියත් දෙයියනේ කියලා මේ කෙත් කොටලා දැම්මනං.

  10. මටත් හිතුන වෙන එකකට කොටන්න, ඔක්කෝම වැඩත් ලෑස්ති කරල පස්සෙ හිතුන පටන්ගත්තු අළුතම තවත් ඒවට කොටන්න ගිහින් හොට ඇනගනීද කියල, ඒක නිසා දැනට මේකටම කොටනව. බලමුකො පහු වෙලා….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: