Daily Archives: ඔක්තෝබර් 17, 2011

2011 ඔක්තෝබර් 17 : මට මහළු වයසේ…. බැරිය වෙණ ගායනා පෙර සේ….. කිව්වලු


පහුගිය සති කිහිපයේම ව්‍යායාම් කොරාන්ඩ යන්න බැරි වුනා නෙවැ…. ඇඟටත් හිතටත් (ඇස් වලටත් – අහන්න එපා ඇයි කියලා – හිතා ගන්න) බොහොම අමාරුයි ජිම් එකට යන්න බැරි වීම ගැන…. ඔන්න ඉතිං සෙනසුරාදා හවස ඉඩක් ලැබුණ වෙලේ මමත් මගේ රසායනාගාරයේ ඉන්න චීන කෙල්ලත් ජිම් එකට ගියා බැඩ්මින්ටන් ගහන්න… පැය බාගයක් සෙල්ලම් කරනකොටම ජිම් එක වහන්න යනවා කියලා නිවේදනයක් ආවා… ඒ සෙල්ලමත් ඉවරයි…

බුෂාට ගහන්න පුළුවන් නං මට බැරි මොකෝ ?

ඉරිදා අපේ ක්‍රිකට් කණ්ඩායමේ 20/20 තරඟයක් තිබුණා. මමත් ඒකට ක්‍රීඩා කරන්න ගියා… ඉතින් බැරි බැරි ගානේ කොහොම හරි ක්‍රීඩා කළා… අනෙක් කණ්ඩායමේ තුන් දෙනෙක් ම දුවත්දී දැවී යාමට හසු කරගන්නට මේ නාකියට පුළුවන් වුනා… තාමත් අත පය පණ තියෙනවා… ඔන්න ඉතිං බැට් කරන්නත් අවස්ථාව යන්තම් උදා වුනේ මුල් පෙල පිතිකරුවො තුන් දෙනෙක්ම ඉක්මනින් දැවී ගිය නිසා… කාලෙකින් බැට් කළ නිසා ටිකක් වෙලා ගියා ඇහැ හදාගන්නට.. කොහොම වුනත් බෝල 16 ක් ක්‍රීඩා කළා අවසානයේ එක ලකුණක් ගන්නයි තිබුණේ දිනන්න… මම දැන් පන්දුවට මුහුණ දෙන්න සූදානම්.. අනෙක් පිලේ කට්ටිය කියනවා හයේ එකක් ගහලම ඉවර කරන්න කියලා.. මේ මාව දවා ගන්න…  ඉතින් ඔන්න එක්කෙනෙක් දුවගෙන ඇවිත් පන්දුව දැම්මා… කෙළින්ම ආ පන්දුව පෙර පාදයේ අරක්‍ෂාකාරී පහරක් ගසා ක්‍රීඩා කළා… අනේ මෙන්න දෙවන පන්දුව එනවා පා ඉන්න දෙසින් ගහන්න ගහන්න කිය කියා.. මමත් ඉතිං ඇඟේම වෙර යොදලා ස්ක්‍වෙයාර් ලෙග් කලාපය හරහා මනරම් දැවැන්ත හයේ පහරකින් තරඟය නිමා කළා…. අපි දැන් අර්ධ අවසාන තරඟයට සුදුසුකම් ලබලායි ඉන්නේ… ඒ තරඟය පැවැත්වෙන්නේ ලබන සෙනසුරාදා සවස 2.00 ටයි…

මෙහෙමත් ඒවා තියෙනවා මෙහේ ජිම් වල නං......

ඒත් දැන් ප්‍රශ්නෙ තියෙන්නේ ඒක නෙවෙයි… ඇවිදගන්න, හිනාවෙන්න, කහින්න, කිවිසුම් අරින්න ආදී මෙකී නොකී බොහොමයක් දේවල් කරගන්න අමාරුයි.. ඇඟපත රිදෙනවා හරියට දුමින්ද සිල්වගේ ආරක්‍ෂකයොන්ගෙන් ගුටි කාලා වගේ…. දැන් ඉතින් අපි වයසයි නේ.. බැරි වැඩ කරන්න ගියාම ඔහොම තමයි… ඉස්සර වගේ දුවලා පැනලා ඇවිදින්න අමාරුයි වගේම ඇඟ නැවත යථා තත්ත්‍වයට පත් වෙන්නත් බොහොම කල් යනවා.. ඒ විතරක් නෙවෙයි ඇඟට ව්‍යායාම නැතිව ඉඳලා ඉඳලා මෙහෙම කළාම ඇඟ වද දෙනවා… ආයෙ නම් මෙහෙම වෙන්න ඉඩ තියන්නෙ නෑ… හෙට ඉඳලම ආයෙම ජිම් එකට යනවා… ඇඟට පතට විතරක් නෙවෙයි ඇස් වලටත් හොඳ දසුන් තියෙනවා නේ එතන….. ඔන්න වලත්ත විදියට නම් හිතන්න එපා… මම කියන්නේ ජිම් එකේ හයි කරපු ටීවී ගැන…