2011 දෙසැම්බර් 19 : හොරු සමඟ හෙළුවෙන්… ලාංකීය දේශපාලනයේ පැහැබර අනාගතය
මේ ලිපිය සතියක් පුරා කෙටුම්පතක් සේ හිර වී තිබුණ ලිපියක්… පසුගිය සතියේ කාර්ය බහුල වීම නිසාත්, පෞද්ගලික අවශ්‍යතාවයන් නිසාත් ඇල්කෙමියාගේ දිනපොත අකුරු කරන්නට නොහැකි වුනා… මෙය එතරම් පරිපූර්ණ ලිපියක් නොවන්නේත් ඒකමයි….
ලාංකීය දේශපාලකයා යනු කිසි විටක විශ්වාස කළ නොහැකි, වංක, මුග්ධ, නිර්ලජ්ජී, දාමරික, පටු අදහස් ඇති, ආත්මාර්ථකාමී, බලකාමී, සතෙකු බවට රටේ බොහෝ දෙනා විසින් පිළිගනු ලබන තත්ත්වයකට ඔවුන් විසින්ම පත් කරගෙන ඇත. මේ සඳහා ඔවුන් සූදානම් වන්නේ තමන් ගමේ ප්‍රාදේශීය සභාවට තරඟ කරන කාළයේ දී හෝ ඉහළ තනතුරක වැජඹෙන කාලයේ ලොකු ලොක්කන්ගේ පශ්චාත් භාගය කසන කාලයේදී හෝ ලොකු ලොක්කන් ගේ පුද්ගලික ලේකම්, කාර්ය මණ්ඩලයේ හෝ වෙනත් කාර්යාලයක සේවය කරන අවස්ථාවේ වැනි ස්ථානයක සිටය. සිය ලොකු ලොක්කන්ගේ මුග්ධ ක්‍රියා කලාපය සහ සාර්ථකත්වය දකින පුහුදුන් සේවකයා හෝ ආධාරකයා තමන්ටද මෙසේ දියුණු විය හැකි බව සිතා සිය ස්වාමියාගේ ආධාරයෙන් ජනතාව රැවටීමේ කර්තව්‍යයට වීදි බසී…
මේ අයුරින් විවිධාකාරයෙන් මේ පිරිස දේශපාලනඥයන් වී, ඇති හැකි අය දියවන්නා මඩ වගුරටත්, නැති බැරි අය ප්‍රාදේශීයවත් තවත් අය පලාත්බදවත් අපව පාලනය කිරීමට පත් වෙති. මින් කී දෙනෙකු නිසි සුදුසුකම් සපුරා ඇත්දැයි දන්නේ ඉතිං නාථ දෙයියන්ම පමණි. මෙසේ පත් වෙන ” සම-හරක් ” අය තමන් ලේ වලින් අත්සන් කළ දිවුරුම් ප්‍රකාශ ඉරා දමමින් පැති මාරු කරති, එසේ කරන්නේ තමන්ගේ උවමනාව පිණිස නොව ජනතාවට සේවයක් කිරීමට බව ඔවුන් අපට කිවුවත්, වෙන්නේ මොකක් ද කියා දැන් හැමෝම දනිති… 17 ක් රැගෙන ආණ්ඩුවට ගිය කරු ජයසූරිය, මහාචාර්ය ජී ඇල් පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා, මාධ්‍යවේදී – මා මිතුරු මනුෂ, ටෙලි නාට්‍ය නිලි පබා, මගේ භෞතික විද්‍යා ගුරු ග්‍රේරු මහතා වැනි ජාතික මට්ටටමේ අයද, ඉන් අනතුරුව පිල් පැන්න අනෙක් අයද මේ පිල් මාරු කළේ හුදෙක්ම ජනතාවට සේවය කිරීමේ පරම පවිත්‍ර චේතනාව නිසා මිසක් විනා තමන්ගේ ලාභ ප්‍රයෝජනය තකා නම් නොවන බව මෙතැනදී නොකියාම බැරිය.
මෙසේ පිල් මාරු කළ ගාමිණී ලොකුගේ මහතා තිලංග සුමතිපාල මහතා සමග අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ උපනායක දෙපල වන අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා යන දෙපල වෙත අපූරු චෝදනාවක් එල්ල කර ඇත. එනම් ඔවුන් ඇමරිකානු ඩෙලර් 15000 කට ක්‍රිකට් තරඟ පාවා දීමක් කල බවය. මෙසේ චෝදනා කිරීම මෙන්ම අනෙක් දේශපාලනඥයින් අනුන්ට දූෂණ චෝදනා නැගීම “කේතලය තේකලයට කළු යැයි පැවසීම” (Kettle calling the pot black) වැනි උත්ප්රාසය දනවන සිදුවීමකි. ගාමිණී ලොකුගේ මහතා මෙන්ම තිලංග සුමතිපාල මහත්වරුන්ගේ ද පැටිකිරිය සැවොම දනිති. මොන තරඟ පාවාදීමක් කළද, අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා නොවන්නට ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලාංකිකයන්ට තවමත් හීනයක් බව ඔවුනට අමතක වී ඇත. තරඟ පාවාදීමක් කළ හැකිව තිබුණි නම් එය කළ හැකිව තිබුණේ ලෝක කුසලාන අවසාන තරඟයේදීය… එය එතරම්ම ශ්‍රී ලංකාවට වාසි තරඟයක් වූ බැවිනි.. අනෙක් පැත්තට ඔට්ටු ඇල්ලූ කෙනෙකු ක්ෂණිකව කෝටිපතියකු කරන්නට එම තරඟ පාවාදීමකට ඉඩ තිබූ නිසාය..
අළුත්ම නාටකය වන්නේ එජාපයේ නායකකම බෙදා ගැනීමේ තරඟයයි…. කුමන හෝ සිදුවීමක් නිසා නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයට පත් වී ඇත… ඒ සෙල්ලම ද දැන් තව අවුරුදු කිහිපයකට හෝ අවම වශයෙන් අවුරුද්දකට හෝ කල්ගොස් ඇත… දේශපාලනයත් පාතාලයත් එකක් බව දුමින්ද සිල්වා – භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර නාටකය හැමටම මැනවින් කියා පෑවේ පසුගිය මාසයේ දීය…ද්‍රවිඩ ජාතික සංධානයද මෙතුවක් කල් වසාගෙන සිටි මුඛයත් අධෝමුඛයත් දෙකම හැරගෙන ශයිලොක් ගේ චරිතය රඟපාමින් සිටිති….
තමන්ගේ ගොඩ වඩා ගැනීම වෙනුවට තමන්ගේ රට හදා ගැනීම කවදා මේ “මහත්හොරුන්ට” තේරේවිද ?
අපේ දේශපාලනයේ අනාගතය කෙසේ වේද ? කිම් ඉල් සුං – කිම් ජොං ඉල් – කිම් ජෝං උන්… වගේ පරම්පරාගත අනාගතයක් අපේ දේශපාලනයටත් හිමි වේවිද ? නැතිනම් ප්‍රබල විපක්ෂයක් කවදා ඒවිද ? මේ ප්‍රශ්න සියල්ල දරාගෙන අපි දේශපාලනඥයො පිස්සු කෙළිනව බලාගෙන 2012 ටත් පා නගනවා… ලබන ඡන්දෙදිත් අපි මේ ගොල්ලොම තෝරලා යවමු… මොක වුනත් ඉතිං අපට කරන්න ඉන්න අයනේ… ඒ අයට කියලම අපි කරව ගම්මු….
Posted on දෙසැම්බර් 19, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 6.
ප්‍රජාත්‍රන්තවාදයේ මූලිකාංග වන බුද්ධිමත් ජනතාවක් අපට නැත. ශක්තිමත් විපක්ෂයක් බේතකටවත් සොයා ගත නොහැක. එවැනි වටපිටාවක ප්‍රජාත්‍රන්තවාදය අබ්බගාතය.
කැමතියිකැමතියි
අපි කුමක් කරම් ද තමයි අහන්න තියෙන්නේ….
කැමතියිකැමතියි
බුද්ධික මහත්තය කියල තියන දේම තමයි මාත් කියන්නේ
කැමතියිකැමතියි
අපි කොච්චර මේ ගැන එකඟ වුනත් උන් පිස්සු කෙළින එක නවත්වන්නෙ නැහැ….
කැමතියිකැමතියි
“මොන තරඟ පාවාදීමක් කළද, අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා නොවන්නට ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලාංකිකයන්ට තවමත් හීනයක්….”
In that logic, whatever Mahinda, Gota and SF do or did is justifiable because they are the pillars of the war victory that had been a dream of most of the Sri Lankans.
කැමතියිකැමතියි
Look at the big picture,… just don’t single out one sentence and kill the messenger,….
කැමතියිකැමතියි