2012 ඔක්තෝබර් 08 : ලිපි 300 ක්, ප්‍රතිචාර 2000 ක්, සමඟ ඉදිරියටත් ඔබ අතරට


ඇල්කෙමියාගේ රසායනාගාරය මුලින්ම ආරම්භ කළේ ඔබ අතරට සාමාන්‍යයෙන් නොඑන විද්‍යාත්මක පසුබිමක් ඇති පුවත්, ලිපි රැගෙන ඒමේ අභිලාශයෙන්.. ඉතින් නිතරම නොවුනත් එය ඒ විදියටම සිදු වුනා… ඒ වගේම ඇල්කෙමියාගේ දිනපොත පටන් ගත්තෙ එදිනෙදා දේ මෙන්ම කිසියම් දැනුමක් ඔබ කරා ගෙන එන්න… පසු කාලීනව වැඩ වැඩි වෙද්දි ඇල්කෙමියාගේ රසායනාගාරයට අවධානය ටික ටික අඩු වෙලා දිගටම දිනපොත ලියැවෙන්න ගත්තා… ඉතින් ඒ දිනපොතේ තුන්සිය වන ලිපිය ඊයෙ ලියැවුනා….

අවුරුදු එකහමාරක් පමණ වයසැති මේ දිනපොතෙන් ලිපි 300 ක් ලියැවුනා කිවුවාමත් පුදුමයි… ඒත් ඇත්තයි…

මේ ලිපි 300 න් 10% ක් පමණ වැදගත් ලිපි ලියැවුනත් සමහරක් නම් නිකම්ම නිකං දේශපාලන ප්‍රලාප…. ඒ ගැන සමාව අයැදිනවා…

ඉතින් ආයෙම හෙට දිනයෙත් මතු දිනවලත් දිගටම ලිපි ගෙන ඒවි.. ඉඳලා හිටලා දේශපාලන ප්‍රලාපයක් ලියැවුනත් වැඩි වැඩියෙන් අධ්‍යාපනික වටිනාකමක් ඇති දේ ගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා. සමහරවිට ඇල්කෙමියාගේ රසායනාගාරයේ තිබූ ලිපි නැවතත් මේ අඩවියේ පළවේවි දැනුම බෙදා ගැනීම උදෙසාම…

ඉතින් මෙතෙක් කළක් මා සමඟ හිටි ඔබ සැමටත්, මගේ ලිපි වලට ප්‍රතිචාර පළ කරමින් මා දිරිමත් කරවන මගේ මිතුරන්ටත්, මට හොඳම පර්යේෂණාත්මක සහ ගවේෂණාත්මක බ්ලොග් අඩවියට හිමි සම්මානය දුන් බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙලේ සංවිධායක මඬුල්ලටත් මගේ අවංක ආදර ස්තුතිය පිරිණමනවා…

හෙට ආයෙම හමුවෙමු…..

Advertisements

Posted on ඔක්තෝබර් 8, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 16.

  1. මගේ සුබ පැතුම් 300 ට. මම බ්ලොග් ලියන්න පටන් ගත්තෙ විනෝදෙට. මට ගොඩක් විනෝදාංශ තිබුන. මම වැඩි කලක් එකම විනෝදාංශයක් කරන්නෙ නෑ. ඒක මගෙ දුර්වල කමක්ද මන්ද? කෙසේ වෙතත් මම අළුත් බ්ලොග් එකක් ඇරිය. Flash4Fun…… මේකයි ලින්ක් එක. nihalg1958.blog.com
    මට අමතක උනා. ඔබේ ජයග්‍රහණයටත් මගෙන් සුබ පැතුම්.

  2. සුබ පැතුම් ඇල්කෙමියා !! ජයෙන් ජය!! යමු ඉදිරියට

  3. සුභ පැතුම් ලොක්කා..300ක් කියන්නේ ලේසි නැහැ… විශේෂයෙන්ම වැඩ කරන ගමන්… රටවල් හරහා එහෙ මෙහෙ මාරු වෙන අස්සෙත් ලියනවා මං දැක්කා… ඒ කියන්නේ බ්ලොග් රෝගය තදින්ම වැළඳීලා කියන එක නෙව… නිතර කමෙන්ට් නොකලට පුළුවන් වෙලාවට කියවන්න අමතක කරන්නේ නැහැ…. ඔහොම යං…

  4. මගේ සුභ පැතුම්…. සිරා මේ පැත්තට අදමයි ඔන්න ගොඩ බැස්සෙ….

  5. ඇල්කෙමියා මම මේකට ඉස්සෙල්ලම දාපු කමෙන්ට් එක දැන් නෑ. නිහාල්ට දාපු එක නෙවෙයි.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

  6. සුබ පැතුම් ! ඇල්කෙමි මල්ලී. ජයම වේවා! කියා සෙනෙහසින් පතනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: