2011 ජුනි 07 : සැතපුම් 3741 ක් ගොස් සිතෙන් කොටසක් ඈ ලඟ තබා ආ ගමන : දෙවන කොටස


 

ඉරිදා උදෙන් ඇහැ ඇරිලා ජයනි නගා හදලා දුන්න කිරිබතත් ගිල දාලා උදේ 7.00 ට විතර ස්ටාර්ක්විල් වලින් පිට වුනේ අපේ ගමනේ අරමුණ වූ ලින්ඩා මහත්මිය දැකබලාගෙන ඔවුන් සමග පැයක් දෙකක් ගත කරලා හූස්ටන් බලා පිටත් වන්නට. මේ පලාතේ වේග සීමාව පැයට සැතපුම් 70 ක් වුනත්, අස්ප වේගෙන් යන නහර කාරයෝ ඉන්න නිසා පොලීසිය තැන තැන හැංගිලා ඉන්නවා. හැංගිලා ඉන්නේ නිකම් නෙවෙයි රේඩාර් තුවක්කු එල්ල කරගෙනයි. අතර මගදි එහෙම කෙනෙක් දැක්කොත්, අනෙත් රියදුරෝ වාහනයේ සංඥා එළි දල්වලා අනතුරු අඟවනවා. නමුත් ස්ටාරක්විල් වල ඉඳලා හැතැක්ම 80 ක් විතර යනතුරු පාර හරිම පාළුයි. ඒ නිසාම මේගය වැඩි නොකර ගානකට ගියා. ඉන්පසු ඇතුළු වුනේ මිසිසිපි හි මාර්ග අංක 55 මාර්ගයට. එහි වාහන බොහොමයක් තිබුණ අතර අපට පෙර ගමන් කළ වාහනය පැයට හැතැක්ම 80 -85 වේගයකින් ගමන් කළා. ඔවුනට යාර 100 ක විතර දුරකින් අපිත් ඒ වේගයෙන්ම ගමන් කළේ පොලීසිය හිටියත් අපට පෙර ඔවුන් හසු වන නිසා… අනුන්ගේ පානෙන් එළිය බලාගෙන අපිත් ගියා. එතැනින් අපි ගියේ වික්ස්බර්ග් හි පිහිටි සංචාරකයින් පිළිගැනීමේ කේන්ද්‍රයටයි. එතැන එක පැත්තකින් මිසිසිපි ප්‍රාන්තයත්, අනෙක් පැත්තෙන් මිසිසිපි ගඟත් තිබෙනවා. එයින් එහාට ඇත්තේ ලුයිසියානා ප්‍රාන්තයයි. එතැන අපට බොහොම හුරු පුරුදු තැනක්. මොන්රෝ හිටිය කාළේ අපි නිතරම මිසිසිපි ප්‍රාන්තය පැත්තේ ආවාම මෙතැන අනිවාර්යයෙන්ම නතර වෙලා යන්නේ. ඒ පුරුද්දට අදත් අපි නතර වෙලා පැටියා එක්කලා පින්තූරයක් ගත්න අමතක කළේ නැහැ.

එල්ලෙන පාසි

එතැනින් අප පිටත් වූයේ ලුයිසියානා හි මොන්රෝ නගරය බලා. එතැන තමයි අපේ ජීවිතයේ ඇරඹුම. මේ පලාත හරිම තැන්තලා පලාතක්, පේන තෙක් මානයක කන්දක් නැහැ. හරියට කතරගම යනවා වගේ තමයි දැනෙන්නේ. එතරමි වියලි කටුක ප්‍රදේශයක්. නමුත් වගුරුබිම් වැහි වැහැලා. එසේම හැම ගහකම වගේ පාසි හැදිලා. මේවාට කියන්නේ hanging moss කියලායි. එක අතකට මේ පාසි සුන්දර වුනත් සමහර විට ගස් වලට නම් කරදර ඇති. ඒ වගේම සමහර ගස්වල පරපෝෂිත නොවූ වැල් වර්ගයක් හැදී තියෙනවා. ඒවා චීනයෙන් පැමිණි වැල් වර්ගයක් කියලායි ඇමරිකානුවන් කියන්නේ. මේ වැල් නිසා නම් ගස්වල හැදීම බාල වනවා ලු… ඒවා ගස් වටා එතීම නිසා සූර්යාලෝකයට නිරාවරණය වීම වැලකෙනවාලු. ඉතින් මේ දේවල් බලාගෙන අපි මොන්රෝ වලට සේන්දු වුනා… අපි එනකල් අපේ ඇමරිකානු දෙමව්පියෝ මග බලාගෙන හිටියේ. ඔවුනට හරිම සන්තෝසයි අපි දැකලා. ඊටත් වඩා අපේ පැටියව දැකලා.. ඉතින් අපි ඔවුනට ගෙන ගිය තෑගිත් දීලා පැයක් විතර මොන්රෝ වල ගත කළා…. ඒ නිවස පිහිටා තියෙන්නේ බායු (Bayou) නැත්නම් ගඟක් අසළමයි. නිවසේ සිට ගඟට යන්න Deck එකක් පවා හදලයි තියෙන්නේ ගඟ ලඟම හිටියත් ලඟට බහින්නේ නම් නැහැ. ඒ එතරම් ඒ ජලය ශරීරයට හිතකර නැති නිසා.

එතැන පැයක් පමණ කල් ගත කරලා අපි හූස්ටන් යන්න පිටත් වුනා. ඔවුන්ට ගොඩක් සන්තෝසයි අපි නැවත දැකගන්නට පුළුවන් වුන එක ගැන… ආගිය තොරතුරු ගොඩක් කතා කළා ඒ චුට්ට වෙලාවේ… හූස්ටන් ගමන පැය 6 ක් නැත්නම් සැතපුම් 340 ක්…  සාමාන්‍ය වේගය පැයට සැතපුම් 70 යි. නමුත් යන්නේ 80-85 අතර… මේ වේගයෙන් යන අතරේ ඔන්න දන්නෙම නැතුව එක පාරටම පොලිස් කාර් එකක් ආවා ලයිට් දාගෙන අපි පිටුපසින්… ගිය වේගයේ හැටියට ලොකු දඩයක් වදින්නයි තිබුණේ.. මමත් ඇඟේ ලේ වතුර වෙලා වේගය අඩු කරගත්තා… එතකොටම ඒ පොලිස් කාර් එක අප පසුකර වේගයෙන් ඇදිලා ගියේ අපට ලොකු සැනසුමක් ගෙන දෙමින්… නමුත් තවත් සැතපුම් දෙකක් පමණ යනවිටයි අප දුටුවේ ඒ වාහනය ගොස් ඇත්තේ අනතුරකට පත් වූ තවත් පිකප් ට්‍රක් රථයකට උදවු වීමට බව…

මේ සියල්ල දැක බලාගෙන අපි හූස්ටන් හි අපේ මිතුරු යුවලගේ නිවසට යනවිට රෑ 9.00 යි… එදා රෑ නම් මහන්සියටම නින්ද ගියා…

ඊලඟ දවසේ ගැල්වෙස්ටන් මුහුදු වෙරලේ ගතකළ දිනය සහ හූස්ටන් හි කෞතුකාගාර පිළිබඳ විස්තර ගෙන එන්නම්.

 

Advertisements

Posted on ජූනි 7, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. එක් ප්‍රතිචාරයක්.

  1. නියමයි ආයෙ එනකන් බලාගෙන උන්නෙ විතර අහගන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: