2011 ජුලි 17 : බලාපොරොත්තු සහ කඩවීම්… ඇතුවත් බැරි නැතුවත් බැරි ජලය….


ඇල්කෙමියාගේ දිනපොත කාලෙකින් කුරුටු ගාන්න බැරි වුනේ අහසටත් උසට වැඩ හිරවෙලා තිබුණ නිසා. මගේ පර්යේෂණය එහි  වැදගත් සන්ධිස්ථානයකට ඇවිත්. ඒ සියල්ල මත රසායනාගාරයේ වෙනත් දේත් නිසා කිසිම දෙයක් ලියන්නට වෙලාවක් නැති වුනා.

මගේ පර්යේෂණයට වැදගත්ම සංයෝගයක ස්ඵටික දැලිස් ව්‍යුහය ලබා ගන්නයි මම මේ දිනවල දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ. අවසානයේ ඒ ස්ඵටිකයක් ලබා ගත්තා. දැලිස් ව්‍යුහය  විවරණය කරලා බලන විට එය මගේ සංයෝගයට සමාන වෙනත් සංයෝගයක්. සිදු වී ඇත්තේ ස්ඵටිකය සඳහා ද්‍රාවණය සැකසීමේදී ඒ ද්‍රාවණයේ ඇති ජල අණුවක් විසින් මගේ සංයෝගයේ ඇති මෙතිල් කාණ්ඩයක් ඉවත් කර කාබන් ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කර කාබනේටයක් සැදීමයි.

හෙට ඒ සඳහා යොදා ගන්නා ද්‍රාවණය දෙතුන් පාරක් ආසවනය කර ජලය බිඳක් වත් එකතු නොවන්නට සකසාගත යුතුයි. මේ ද්‍රාවණ වායුගෝලයට විවෘත කරනවාත් සමගම වායුගෝලයේ ඇති ජලවාෂ්ප අල්ලාගන්නවා.

ඉතින් මේ දවස්වල බලාපොරොත්තු කඩ වුනත්, හෙට සිට අළුත් ඇරඹුමක්….. බලාපොරොත්තු බිඳවැටුනාම ඒ ගැන පසුතැවිලි නොවී ඒකට හේතු සොයාගෙන ඉදිරියට යායුතුයි…

අපි බලමු මේ සතියේ මොකද වෙන්නේ කියලා…

පසුව හමුවෙමු…

Advertisements

Posted on ජූලි 17, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 4.

  1. “බලාපොරොත්තු බිඳවැටුනාම ඒ ගැන පසුතැවිලි නොවී ඒකට හේතු සොයාගෙන ඉදිරියට යායුතුයි…”

    අනිවාර්යෙන්ම…. මේ පාර වැඩේ හරියයි…

  2. වැඩේ සාර්ථක කරගන්න හදවතින්ම සුභපැතුම් ඔබතුමාට. කොහොමත් ඉතිං ඕනම රිසර්ච් එකක් එක පාර හරියන්නෙ නෑ නොවැ! 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: