2011 මැයි 20 : මේ…… ජාතික ස්වයංවින්දන මාසයයි…. (සමාවෙන්න….ලංකාවෙ නොවෙයි… ඇමරිකාවෙ )


අවවාදයයි ! මෙහි ඇති සමහර කරුණු, පිරිසිදු යැයි ඔබම කියාගන්නා ඔබගේ මනසට ගෝචර නොවනු ඇත…. කියවන්න අකමැති අය කියවන්න එපා….කියවලා මට බනින්නත් එපා….



අද උදේ නැගිටලා ඇල්කෙමියාගේ රසායනාගාරයට මානව ලිංගිකත්‍වය (ඉදිරියේදි බලාගන්න ලැබෙයි) ගැන ලිපියක් කෙටුම්පත් කරන වෙලාවේ කියවපු ලිපියක තිබිලා දැනගන්නට ලැබුණ කරුණක් නම් මැයි මාසය ඇමරිකාවේ ජාතික ස්වයං වින්දන මාසය කියලා නම් කරලා තියෙන බවයි. ඇත්තෙන්ම මෙම නම් කිරීම පිටුපස බොහොම වටිනා විස්තරයක් තියෙනවා.

මෙය ඇත්තටම පටන් ගත්තේ 1995 දී ඇමෙරිකාවේ පළමු කළු ජාතික ප්‍රධාන වෛද්‍යවරිය (Surgeon General) වූ ජැකලයින් එල්ඩර්ස් සේවයෙන් පහකිරීමට විරෝධතාවය දැක්වීමක් ලෙසින්. සිද්ධිය මෙසේයි. 1994 දි ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවති දේශනයක් අවසානයේ සභාවේ සිටි අයෙක් විසින් අසන ලද ලිංගික කටයුතුවලට ස්වයං වින්දනයෙන් සිදු වන අහිතකර බලපෑම සම්බන්ධයෙන් ඇය දුන් පිළිතුර මත ඇයව ඉල්ලා අස් වීමට යොමු කළා. ඇය පැවසුවේ ඈ සිතන පරිදි ස්වයංවින්දනය යනු මානව ලිංගිකත්‍වයේ කොටසක් බවත් එය සමහරවිට ඉගැන්විය යුතු දෙයක් බවත් ය. මේ පිළිතුර නිසා අපහසුතාවයට පත් ඇමරිකානු රජය ඇයට ඉල්ලා අස්වන්නට බල කළා… එයින්ම ඇමරිකාවේ පළමු කළු ජාතික ප්‍රධාන වෛද්‍යවරියගේ සේවාව අවසන් වුනා. මෙයට ප්‍රතිචාර දැක්වීමට සැන් ෆ්‍රැන්සිස්කෝ හි ලිංගික උපකරණ සමාගමක් වන Good Vibrations විසින් මැයි මාසය ස්වයං වින්දන මාසය බවට නම් කෙරුවා.. මේ අනුව ඔවුන් ස්වයං වින්දනය පිළිබඳ ජනතාව දැනුවත් කළ අතර විවිධ මාධ්‍ය මගින් එය අධ්‍යාපනිකව පවා ඉදිරියට ගෙන ගියා. ඔවුන් පවසන්නේ 99% ක් ස්වයං වින්දනය ලබන බවත් ඉතිරි 2% බොරුකාරයන් බවත්ය….

ස්වයංවින්දනය සඳහා හේතු 7 ක් ලිපි ලේඛණවල දක්වා තිබෙනවා.

  1. ශරීරයත් මනසත් අමන්දානන්දයට පත් කරන සුරාන්තයක් කරා ඔබ රැගෙන යාම. මෙහිදී වෑහෙන හෝමොන සහ රසායන ද්‍රව්‍ය මගින් ශරීරයට නැවුම් ගතියක් දැනෙන බවත් තමන්ගේ ලිංගිකත්‍වය සහ තමන් කෙරෙහි බැඳීම ඇතිවන බවත් ඉන් පැවසෙනවා.නින්ද නොයාම ඉන් සමනය කරන බවත් පැවසෙනවා.
  2. ආතතිය නැති කිරීමට – ලිංගික හැඟීම් ශරීරයේ මාංශ පේෂීන්ගේ ආතතියක් ඇති කරන අතර සුරාන්තයක් මගින් ඒ සියල්ල ලිහිල් කෙරේ. යෝග ව්‍යායාම, සම්බාහනය, ශරීරය ලිහිල් කිරීමේ ව්‍යායාම වගේම මත්පැන් වලින් ලැබෙන ලිහිල් බව මින් ලැබෙන බව පැවසෙනවා.
  3. ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනීම – සුරාන්තයේදී පිටවන ඔක්සිටොසීන් නම් හෝමෝනය ශරීරයේ විවිධ ආගන්තුක දේ සමග සටන් කරන රුධිරයේ සුදු රුධිරාණු වලට අමතර ශක්තියක් ලබා දෙනවා.  ශරීරයේ වැඩි ඔක්සිටොසීන් ප්‍රමාණයක් ඇති කාන්තාවන් රෝගී වන්නේ අඩුවෙන් බව පර්යේෂණ වාර්තාවල සඳහන් වෙනවා.
  4. කැලරි දහනයට. – ලිංගික ක්‍රියාවලියකදී මෙන්ම ස්වයං වින්දනයේදීත් අධික ලෙස කැලරි ප්‍රමාණයක් දහනය වෙනවා ලු. මෙමගින් ව්‍යායාම කිරීමකට සමාන කැලරි ප්‍රමාණයක් දහනය නොවුනත් සැලකිය යුතු දහනයක් වෙනවාලු…
  5. තමන් තමන් පිළිබඳ හරිහැටි නොදැන නිසි ලිංගික දැනුමක් ලබාගත නොහැකි බවයි පැවසෙන්නේ. ස්වයං වින්දනය නොලැබූ කිසිවෙක් සාර්ථක ලිංගික ජීවිතයකට හිමිකම් නොකියන බවයි වාර්තා වන්නේ.
  6. වඩාත්ම ආරක්‍ෂාකාරී සහ අරපරෙස්සම් සහගත ලිංගික ක්‍රියාවලිය වන්නේ ස්වයං වින්දනයයි. දරුවන් පිළිසිඳ ගැනීමේ අවදානමක් හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළඳීමේ අවදානමක් නොමැති එකම ක්‍රමය එයයි. එසේම වගකීම් දරන්නට නොහැකි සහ මානව සබඳතා වලට කුලෑටි කමක් දක්වන සියල්ලන්ට ලිංගිකව සතුටු වීම සඳහා මෙය හොඳ පිළිතුරක්.
  7. විවිධ දුබලතා නිසා ලිංගිකව එක්වීමට අපහසු සමහර අයට කළ හැකි එකම දෙයත් මෙයයි…

මේ  කරුණු සහ තවත් වෙනත් කරුණු රාශියක් මෙයට අදාලයි… ඕනම දෙයක් ඔනවට වඩා ඕන නෑ වගේ මෙයත් වැඩි වැඩියෙන් පුරුදු වුනොත් ටිකක් අනතුරු දායක් වෙන්නටත් පුළුවනි…

අද ඉතිං මේ කරුණ අපේ රසායනාගාරයේ ඉන්න කොල්ලන්ට ගිහින් කිවුවාම එකෙක් කිවුවේ ඇයි මාසෙන් බාගයක් ගියාම කිවුවේ කියලා… දැන් ඉතින් පහුගිය දවස් 20 මගහැරුණ දින අල්ලන්න ඕන කියලත් කියනවා ඇහුනා… ඇත්තටම නොවුනත් ඉතිං විහිළුවට හරි අපි හරිම විවෘතයි….

ඉතිං මම මේ කරුණු කිවුවේ ඔබගේ දැනගැනීම පිණිසයි….

බොරුවට අපි උපාසක උදවිය මාව මරන් කන්න හදන්නේ නැතිව පොඩ්ඩක් හිතලා බලන්න… පොඩි එවුන් මේවා කියවලා අත්හදා බලන්න ගිහින් අතපය කඩාගෙන නෝන්ඩ් වෙනව එහෙම නොවෙයි ඕං…. ඇමරිකාවේ මේවා තරමක් විවෘත දේවල් වුනාට ලංකාවෙ සංස්කෘතික පොලීසියට අනුව මේවා සහගහන අපරාධ…..

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on මැයි 20, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 26.

  1. ඇත්තෙන්ම හොඳ ලිපියක් ඒත් අපේ රටේ කඩතුරාවකින් (ආගම, සංස්කෘතිය, සදාචාරය ) මූන වහගෙන ජීවත් වෙන අය කොයි විදිහකින් ජීර්ණය කර ගනීද දන්නේ නෑ.

    මොනව වුනත් හොඳ ලිපියක්. ලොකු පොඩි හැමෝම කියවිය යුතු ලිපියක්

    කැමතියි

  2. හිත ඇත්නම් අත කුඩාද කියලා කතාවකුත් තියනවනෙ බොස්….

    කැමතියි

  3. විවෘතව කතාකල යුතු එහෙත් අවාසනාවට අපේ සමාජයේ තවමත් තහනම් මාතෘකාවක්.ඔබේ නිර්භය අදහස් දැක්වීමට ස්තූතියි ඇල්කෙමියා.

    කැමතියි

  4. මොකක් ලංකාවෙ අපරාද?? 😛 😛 පොලිසියෙං අල්ලනවා??..අඩෙ මොනාහරි ගෙමක් දිලා වෙන රටකට පනින්න වෙනවා..අහු උනොත් අවුරුදු 200කට විතර හිරේ දායි :O :O

    කැමතියි

  5. ඕන එකෙක් මරාගන්න ආපුවාවේ කියලා ඕන් මම මගේ මූනු පොතෙත් මේ ලිපිය ශෙයා කොලා

    කැමතියි

  6. කැලරි සීන් එක පට්ටපල් බොරු.. මගෙ බර අඩුවෙන්නෙම නෑ බං!

    හැබැයි මට වැඩිය හෙම්බිරිස්සාව හැදෙන්නෙත් නැහැ. 😀

    කැමතියි

  7. ගමකට කාලා ඕව කළාට බර අඩු වෙන්නේ නෑ…
    he he he . .. meka niyama reply eka . . . he he he

    කැමතියි

  8. මේ පිළිබදව ලංකාවේ මීට වඩා විවෘතව කතා කරන්න ඕන 🙂

    කැමතියි

  9. ලංකාවේ මේවා තවම තහනම් මාතෘකා වෙලා නිසාම රට ඇතුලේ කොයිතරම් ලිංගික අසහනයක් සහ කුහකත්වයක් වෙලාගෙන පවතිනවද කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. ඒ වගේ අවස්ථාවක මේ ලිපිය දකින්න ලැබීමත් සතුටට කරුණක්…. ඔබේ ඉදිරි ලිපි පෙලටත් සුබ පතනවා….

    කැමතියි

  10. කැලරි අඩු වෙනවා නම් මං මෙතන ඉන්නවද බොලව් ? 😀

    කැමතියි

  11. හ්ම් …….. ඇමරිකාවේ සංස්කෘතිය මෙහාට ගෙනත් රට විනාශ කරන්න එපා. හිහි

    හොරෙන් කරන දේවල් එළි පිට නොකිය ඉන්නත්, දේව රහස් සේ ඒවා සුරකින්නත් , දේව රහස් එකිනෙකාගෙන් නොඅසන්නත් , ඇසූ විට අමුතු සුරංගනා උත්තර දෙන්නත් , කුඩා කළ සිට අප හුරු කර ඇත.

    පසු කාලීනව මේ හැම දේම හරියටම දැන ගන්නා අය ද , ඒවා තව තවත් සුරකිව ඉදිරියට ගෙන යන්නේ හෙලිවිම මහා පාපයක් නිසා වෙන්න ඇති…

    මේවා වෙනස් කරන්න ලේසි නැහැ ඇල්කේමි….. පොළව තුළටම කිදා බැහැපු බර සාර මුල් … උදුරන්න ගිය කෙනා තමයි අමාරුවේ…

    කොහොම වුනත් ඇමරිකාව නම් අමුතුම රටක්……..

    කැමතියි

  12. මේ වගේ දේවල් හංගගෙන ඉන්න ගියාම තමා ප්‍රශ්න වැඩි වෙන්නේ..

    ෂික්.. මමත් අදනේ දන්නේ මේ මාසේ ජාතික ස්වයංවින්දන මාසේ කියලා.. දන්නවානම්……….

    කැමතියි

  13. මල හත්තිලව්වයි.. මෙහෙමත් දින දාගෙන නේද.. අපේ රටේ මෙහෙම එකක් වුනොත් මාරාන්තික උපවාස කීයක් තියාවිද දන්නේ නෑ..

    😛

    කැමතියි

  14. මෙය හොඳ ලිපියක්, මේවගේ තව ලිපියක් නෙට් එකේ තිබුනා මෙන්න බලන්න
    අසේල

    Masturbation: Myths and Facts
    Dr Ruwan M Jayatunge M.D.
    Masturbation is a controversial topic which is diminutively discussed in the society following religious and moral issues. There are many myths associated with masturbation. Some myths are nonscientific, irrational and unnecessarily inducing fear. Often parents become confused and stressed when they come to know their teen age children engage in masturbation. Even for the teenagers it becomes an overly anxious self-indulging act that filled with guilt.
    What is masturbation? Can it cause health hazards? Is it good or bad? These are the puzzling questions asked by many people. Masturbation can be defined as an act of handling one’s own sexual organs in order to evoke sexual pleasure or orgasm. Masturbation is one of the most universal ways of obtaining sexual pleasure.
    In one recently published study, ninety-five percent of men and eighty-seven percent of women have practiced masturbation occasionally. The famous American sex educationist Alfred Kinsey interviewed thousands of men in the 1940’s, and concluded that 95 percent masturbated. In 1960’s, William Masters and Virginia Johnson who did extensive research on sex therapy raised that figure to 99 percent. These studies further indicated those men usually experience an orgasm when they masturbate and learn how to masturbate before engaging in any sexual intercourse.
    Ways of masturbating common to members of both sexes include pressing or rubbing the genital area, either with the fingers or against an object. Both male and females experience sexual fantasies while masturbating.
    Over the centuries, masturbation has been associated with many myths and taboos. Throughout certain periods of history, masturbation was deemed a sinful perversion. Although it is a common sexual activity, myth ridden and misconceived ideas that were backed up by medical fallacies caused the masturbation topic to remain quite taboo for many years. During the 1700s and 1800s some prominent physicians, scientists, philosophers, and religious leaders believed that illnesses such as insanity, vision and hearing problems, epilepsy, mental retardation, and general health problems were caused by self-stimulation.
    But recent studies concur masturbation is a non-pathological behavior also studies further indicate masturbation can be observed among animals. In the animal kingdom masturbation has been observed in many mammalian species, both in the wild and in captivity. Therefore masturbation is now viewed as a primitive and biologically based physical urge.
    Masturbation is quite common in young children. Normally, masturbation begins in childhood (at or around 3-6 years of age) during a period described as the “phallic phase” by Sigmund Freud. Freud used to affirm that the masturbation act can be classified as the first addiction on a person’s life or the “primal addiction”. Masturbation tends to peak when children are between the ages of three and five. It then declines in frequency until puberty. Masturbation generally causes no physical harm. In most cases, problems result only when adults overreact.
    Some phobias regarding masturbation can be resilient in adult life. Even if these fears are only subconscious, they may generate a certain degree of anxiety sufficient to handicap life and cause detriment to sexual performance. Alex McKay, research coordinator for the Sex Information and Education Council of Canada commented that many people currently feel guilty about masturbation.
    Some experts argue that masturbation improves sexual health by increasing an individual’s understanding of his or her own body and of what is erotically pleasing, building self-confidence and fostering self-acceptance. It is held in many mental health circles that masturbation can relieve depression and lead to a higher sense of self-worth (Hurlbert & Whittaker, 1991). Many specialists do not view masturbation as an abnormal or perverse act.
    Some Clinicians have recommended masturbation in various types of anxiety conditions. In the early 19th Century hysteria patients were encouraged to engage in self-stimulation. Padmal De Silva- Consultant Clinical Psychologist of the Kings College London had described using masturbation as an effective mode of intervention in eating disorders.
    A team in Australia led by Graham Giles of The Cancer Council Victoria in Melbourne asked 1079 men with prostate cancer to fill in a questionnaire detailing their sexual habits, and compared their responses with those of 1259 healthy men of the same age. The team concludes that the more men ejaculate between the ages of 20 and 50, the less likely they are to develop prostate cancer. In other words frequent masturbation by males may help prevent the development of prostate cancer.
    Masturbation can cause anxiety and stress if a person practices self-stimulation excessively. This condition is called compulsive masturbation which is more similar to an obsessive compulsive behavior. Also application of extreme force, using trumatogenic instruments can cause tissue damage, hemorrhages, sometimes leading to hospitalization.
    One of the outstanding expressions made by a Psychiatrist called Thomas Szasz about masturbation. He called masturbation “the primary sexual activity of mankind”, once observed that “in the 19th century it was a disease; in the 20th, it’s a cure.”

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න