අද ජනවාරි පළමු වෙනිදා. රෑ තිස්සේ පාටි දාලා ඇහැ ඇරෙනකොට උදේ 10 යි. ඇල්කෙමිච්චි හදපු කිරිබත් දහවල් බුද්ධ පූජාවට තියලා, ඒකෙන්ම සප්පායම් වෙලා වොෂිංටන් බෞද්ධ විහාරයට ගියේ අවුරුද්දේ මුල ආගමික වතාවත් වලින් පටන් ගන්න. බණට යන්න පරක්කුයි වේග සීමාව පසු කරලා ගියා නම් බණ පටන්ගන්න වෙලාවටවත් යන්න තිබුණා. අපි පන්සලට යනකොට බණ ඉවරයි. ඒත් දුකක් නෑ… පස්සේ හාමුදුරුවෝ හමුවෙලා හොඳ බණ ටිකක් සාකච්ඡා කළා…..
ඒ අතරමඟ කතාවුනේ මිනිස්සු සංසාරේ යන ගමන ගැන… ඒකත් හරියට පාරේ වාහන එළවනවා වගේ…..
පාරේ මිනිස්සු වාහන එළවන විදිය දැක්කාම මට හිතුනේ කොහෙද මේ මිනිස්සු මෙච්චර කළබලේ යන්නේ කියලා. පාරේ වේග සීමාව පැයට සැතපුම් 65 ක් වුනත් සමහරු යන්නේ 85-90 ට පමණ…. ඒ සමහරු පොලීසියේ රේඩාර් එකටත් අහුවෙලා තිබුණා… විනාඩි ගාණක ඉතිරියට, එකසිය ගානට දඩ… ඒ විතරක් නෙවෙයි, පොඩ්ඩක් වැරදුනොත් කෙළවර වෙන්නේ එක්කෝ මරණයෙන්, නැත්නම් බරපතළ තුවාලවලින් සහ සෑහෙන අලාභයකින්….. තවත් සමහරු වීරයෝ වෙන්න ගිහින් විහින් නහිනවා… තවත් සමහරු මඳ පමණට සුරාව රාගෙන ඉස්කාගාරයක් තරමට වෙරි වෙලා වාහන පදවනවා. මේ අයගේ වීරකම් වලින් මිය යන්නේ ඔවුන් පමණක් නොවෙයි. අහළ පහළ අයත් අමාරුවේ වැටෙනවා…
ගිය අවුරුද්දේ ජනවාරි පළමු වෙනිදා අපේ නගරයේ ලොකු වාහන අනතුරක් වුනා. අනතුරට භාජනය වුනේ ගැහැණු ළමුන් දෙදෙනෙක්. එක් අයෙක් අපේ විශ්ව විද්‍යාලයේ අති දක්ෂ සිසුවියක් ලු. අනෙකා අධික ලෙස බීමත්ව රිය පදවා රියදුරු බලපත්‍රය පවා අහිමි කරගත් තැනැත්තියක්… ඒ අනතුරට හේතු වුනේ ඒ බීමත් ඉතිහාසයක් ඇති තැනැත්තියයි. ඒ අවස්ථාවෙදිත් ඇය බීමත්වයි ඉඳ ඇත්තේ…. කෙසේ හෝ මියගියේ ඇය නොවෙයි… අර සමාජයට වැඩක් කළ හැකිව තුබූ දක්ෂ තරුණියයි. මේ අවස්ථාවේ එතැනට පැමිණි පොළිස් නිළධාරියෙක් පවසා ඇත්තේ මියගොස් තිබෙන්නේ ජිවත්ව සිටිය යුතු තැනැත්තිය මිය යාමත්, මිය යා යුතුව තිබූ තැනැත්තිය ජීවත් වීමත් අවාසනාවට කරුණක් බවයි.
ලංකාවේ වසරකට වාහන අනතුරු වලින් මිය යන සංඛ්‍යාව 10,000 ක්… මෙය මහා ලොකුවට හැමෝම කෑ ගසන ඩෙංගු, H1N1, ආදී සියළුම රෝගවලින් මිය යන ප්‍රමාණයට වඩා වැඩියි… මේවායින් බොහොමයක් වැලැක්විය හැකි අනතුරු…..
අපි අද පටන් හිතමු… අප යන්නේ කොහේද ? කෙසේ යා යුතුද කියා….
මිනිසා යනු සමාජයීය සත්ත්වයෙක්. අපේ ජීවිත තනිව ගොඩ නැඟී නැහැ. අපි හැමදෙනාම – හැමට සම්බන්ධයි… ඒ සම්බන්ධයට ගරු කළ යුතුයි… අප ජීවිතය ගැන තනි අයිතියක් අපට නැහැ. ඒ නිසා ක්ෂණික තීරණ ගන්න නිසා, වගකීම් රහිත තීරණ නිසා අමාරුවේ වැටෙන්නේ ඔබ පමණක් නොවෙයි..ඒ නිසා අපි වගකීම් සහිත පුරවැසියන් වෙමු.
පොඩ්ඩක් හෙමින් ගියා කියලා වාහනේ ගෙවෙන්නෙ වත්, යා යුතු තැනට පැය ගණනක් පරක්කු වෙලාවත් යැවෙන එකක් නැහැ.. එහෙම පරක්කු වෙනවා කියලා සිතෙනවා නම් වේලාසනින් යන්න… හදිසිය මත අනතුරුදායක ලෙස ගිහින් අමාරුවේ වැටෙනවාට වඩා හෙමින් ගමන හැමදාම හොඳයි…
හාවගෙයි ඉබ්බගෙයි රේස් එකෙනුත් දිනුවේ ස්ථාවරව හෙමින් ගිය ඉබ්බා…..
මොලේ ඇති ඉබ්බෙක් වෙන්න…. මෝඩ හාවෙක් වෙලා අකාලයේ මිය යනවාට වඩා ඒක ඵලදායකයි…..
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...
ආශ්රිත ලිපි
About Alchemist
ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි.
හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්වයක් දී ඇත.
ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි.
රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි.
මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.
Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation.
Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years.
Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained.
Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony.
Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market.
Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.
ඇල්කෙමියාගේ දිනපොත අද උදෙන්ම කියෙව්වා….මට කියවන ගමන් මතක් උනේ රසායන විද්‍යවේ එන ලෙ චැටලියර් මූලධර්මය.. මටත් වඩා හොදට ඇල්කෙමියා දන්නා පරිදී රසායනික පද්දතියක සමතුලිතතාවයේ යම් වෙනසක් ඇතිකලවිට පද්දතිය එයට ප්රතිරොදීතාවයක් දක්වා පසුව ක්‍රම ක්‍රමයෙන් එයට හැඩ ගැසෙයි.පරිසරයේ ඇති කරන හෝ අතිවන වෙනස්කම් කෙරෙහි මිනිසුන් ප්රතිරොධත්මක වශයෙන් චර්යාවන් පෙන්වන අතර ක්‍රම ක්‍රමයෙන් ඒ වෙනසට උචිතවන පරිදී තම චර්යාවන් හැඩ ගස්වා ගන්නවා… සමාජීය පාලන ක්‍රම සහ වෙනස් වීම් වලට මිනිසා මුහුන දෙනු ලබන්නේ එකග වීම, පරාජය වීම, නවීකරණය කිරීම , විප්ලවකාරීවීම හෝ වන්දනා කිරීම මගින් විය හැකියි.. මට හිතෙන හැටියට අපි සැවොම අඩු වැඩි වශයෙන් ඒ සනාථන මූලධර්මයෙහී ගිලී පවතිනව..හොදම උදාහරනය ලන්කාවට මෝටර් බයිසිකල් ආ මුල් දවස්වල ජාතික රෝහලේ හදිසි අනතුරු අන්ශයේ තිබුන හොන්ඩා වාට්ටුව…
කැමතියිකැමතියි
සත්‍ය වශයෙන්ම එකඟයි… ඒ වගේමයි, පද්ධතියේ වෙනසක කළොත්, පද්ධතිය ඉක්මනින්ම ප්‍රතිචාරත් දක්වනවා…. කතා කරන්න දේ බොහොමයි… අපි ටික ටික මේ ගැන කතා කරමු… Revolution of Attitude එහෙමත් නැත්නම් ගතිප්රභා ලක්ෂණ විප්ලවයක් එක දවසින් කරන්න අමාරුයි… එක් අයෙක් හිතන විදිය හරි පැත්තට වෙනස් කරන්න පුළුවන් නම්… ඒකත් ලොකු ජයක්…
ප්‍රතිචාරයට බොහෝම ස්තුතියි…
දිගටම අදහස් දක්වන්න… ඒක මට බොහොම වැදගත්.
කැමතියිකැමතියි
Washington pansalata late wela giyata OK but you need to superfast your Sansara Gamana. Otherwise you will be the last one to end Sansara Gamana….
Unfortunately I couldn’t go to the temple but definitely I will keep the lead.
කැමතියිකැමතියි
සංසාර ගමනේ ඉස්සෙල්ලා ගියත් අන්තිමට ගියත් ප්‍රතිඵලය එකයි… හරියටම වෛද්‍ය විද්‍යාලයෙන් පළමු වෙනියට සමත් වුනත්, අන්තිමයට සමත් වුනත් දොස්තරට කියන්නේ දොස්තර කියලා වගේ… සංසාර ගමන Superfast කරන්න අපට බෑ…… ඒකත් වෙන්නේ අපි පෙර කරපු සහ දැන් කරන කර්ම අනුව….. දැන් කරන්න තියෙන්නේ හොඳ දේ කරන එක.. Super fast කරන්න තියෙන එකම විදිය එච්චරයි.
කැමතියිකැමතියි